IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


මිලානෝ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලයේ නිලධාරීන්ට උපහාරයක්

එදා සඳුදා දවසක් වූ බැවින් කොන්සියුලර් කාර්යාලය වෙත ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් නන්දෙසින් පැමිණ සිටියහ. මා එහි ගියේ මාගේ විවාහයට පෙර හා පසු නමින් හැඳින්වෙන්නේ එකම පුද්ගලයා බව තහවුරු කර සහතික කරගැනීමටය. නමුත් මාගේ සියලුම ලියකියවිලි (දේශීය හා විදේශීය) විවාහයට පසු නමින් තිබූ බැවින් එය ඉතා අසීරු කාර්යයක් බව සඳහන් කළ යුතුමය.  


නමුත් එහි කාර්ය මණ්ඩලයේ තිබූ සිනහව, සුහද පිළිගැනීම, නිහතමානී කථාව සහ කාරුණික බව මා දිරිමත් කරන්නට විය. ඔවුන්ගේ අදහස වූයේ කෙසේ හෝ එම කාර්යය කිරීමය. ඔවුන් පත්ව ඇති අපහසුතාව තේරුම් ගත් මා කියා සිටියේ දිවුරුම් ප්‍රකාශයක් මගින් එය ඉදිරිපත් කරමු යන්නය. නමුත් මාගේ අවශ්‍යතාව එය නොවූ බැවින් කොන්සල් ජනරාල් ඩෙන්සිල් ෆොන්සේකා ගේ අධීක්ෂණය යටතේ අවැසි දේ අවැසි ආකාරයටම කරන්නට ඔවුහු විශාල මෙහෙවරක් කරන්නට වූහ.  


දිවා කාලය පැමිණියද ඔවුන්ට තම කුසගිනි බවක් හෝ විඩාවට පත්වූ බවක් නොවීය. එම නිසාම මාගේ නෙත් සහ සවන් හතර වටේටම යොමු විය. කුඩා දරුවන් මහල්ලන් සහ ගැබිනියන් දෙස ඔවුන්ගේ කරුණාව සෙනෙහස හද පත්ලෙන්ම එන්නක් බව එහි සිටි කිහිපදෙනෙකුගේම කථාවට ලක්විය.  


හවස 7.45 පමණ මාගේ ලියවිල්ල මාගේ අතට ලැබෙන විටත් උදෑසන 9.30 මා දුටු ඔවුන්ගේ සිනහව පහවගොස් නොතිබිණි. විඩාබර බවක්ද නොවීය. කොන්සියුලර් ඩෙන්සිල් ෆොන්සේකා මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට මාගේ හදබැති ස්තුතිය සහ සුභාසිංශනය මෙයින් පිරිනමමි.  

 


ඉංග්‍රිඩ් ප්‍රනාන්දුපුල්ලේ  
මිලානෝ - ඉතාලිය



අදහස් (0)

මිලානෝ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලයේ නිලධාරීන්ට උපහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 321 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 350 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1285 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site