IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිලානෝ කිතුණු සංඝය රිදී ජුබිලිය සමරති

 

පළමුවරට 1992 දෙසැම්බර් 26 වැනි දින අමරා ප්‍රනාන්දු මහත්මියගේ අදහසක් අනුව ඉතාලියේ මිලානෝ නගරයේ ජීවත්වෙන ශ්‍රී ලාංකික කිතුණු ජනතාව වෙනුවෙන් දිව්‍ය පූජාවක් සාන්ත අන්ද්‍රෙයා (santa adrea) දෙව් මැඳුරේදී සංවිධානය කරන ලදී. 1995 වසරේ සිට ගරු බෙනඩික් ජෝසප් පියතුමාගේ අධ්‍යාත්මික එඬේරිකත්වය මිලානෝ කිතුණු ජනතාවට ලැබුණු අතර ගරු Giovanni Meneghetti ඉතාලි ජාතික පියතුමාගේ අදහසක් අනුව ශ්‍රී ලංකා අප ස්වාමිදූගේ මංගල්‍යය මහත් හරසරින් 1995/02 මස පළමු ඉරු දින ගරු විලියම් ඉටාන්ස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.   


1998 වසරේ සිට ගරු නෙවිල් ජෝ පෙරේරා පියතුමා මෙහි අධ්‍යාත්මික එඬේරා ලෙස කටයුතු කළ අතර, එතුමාගේ මඟපෙන්වීම තුළ 2000 වසරේ සිට කොළඹ පදවියෙන් පියතුමන්ලා ගෙන්වා ගැනීමට මිලානෝ කිතුණු සංඝයේ ජනතාවට ඉඩ ලැබී ඇත. එදා මෙදාතුර වසර 25 ක් තුළ ආ දිගු ගමනේ, නිහාල් අයිවන්, වික්ටර් ජයමාන්න, නිමල් විදානආරච්චි, මැල්කම් පෙරේරා, ක්ලෝඩ් වනසිංහ, සංජීව පෙරේරා යන ගරු පියතුමන්ලාගේ අධ්‍යාත්මික මඟපෙන්වීම ලැබී ඇත. අද වන විට ගරු ප්‍රින්ති රෝසන් පියතුමා මෙහි අධ්‍යාත්මික එඬේරා ලෙසත් ගරු දේශාන් පෙරේරා සහයක උපාධ්‍යය පියතුමා ලෙසත් සංඝය මෙහෙයවනු ලබයි.   

 


මේ එහි රිදී ජුබිලිය සැමරූ අවස්ථාවේ මතකයන් කිහිපයකි.   
(​තොරතුරු ලබාදුන් ගරු නෙවිල් ජෝ පෙරේරා හිමිපාණන්ට ස්තූතිය)   
කාන්ති රතුගම - කතානියා.   



අදහස් (0)

මිලානෝ කිතුණු සංඝය රිදී ජුබිලිය සමරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site