IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


බන්ධනාගාරයෙන් පැමිණි ශ්‍රී ලාංකිකයා රෝමයේදී කාන්තාවක දූෂණය කරයි

මිනීමැරීමේ චෝදනාවට වරදකරු වී බන්ධනාගාරගතව සිට යහපත් හැසිරීම වරප්‍රසාදය යටතේ වසර දොළසකට පසුව නිදහස ලබා පැමිණි ශ්‍රී ලාංකිකයකු, ඊට දින හතකට පසුව රෝමයේදී ශ්‍රී ලාංකික කාන්තාවක දූෂණය කිරීමේ වරදට යළි පොලිස් අත්අඩංගුවට පත් බව රෝම පොලිස් මූලස්ථානය වාර්තා කරයි. 


පනස් දෙහැවිරිදි උක්ත ශ්‍රී ලාංකිකයා ඉතාලියේදී මිනීමැරීමේ චෝදනාවකට වරදකරු වී බන්ධනාගාරගතව සිට, යහපත් හැසිරීම වරප්‍රසාදය යටතේ නිදහස ලබා ඇත්තේ ඔක්තෝබර් මස පස්වැනිදා ය. ඉන්පසු රෝමයට පැමිණ ඇති ඔහු නේවාසිකාගාරයක කාමරයක් කුලියට ගෙන එහි රැඳී සිට ඇත. ඔක්තෝබර් මස දොළොස්වැනිදා අලුයම එම නේවාසිකාගාරයේ ම වෙනත් කාමරයක දොර කඩා ඇතුළුව, එහි නිදා සිටි වයස අවුරුදු තිස්පහක ශ්‍රී ලාංකික කාන්තාවක පිහියක් පෙන්වා මරණීය තර්ජන කරමින් දූෂණය කර පළාගොස් ඇත. දූෂකයා සමඟ පොරබැදීමේදී බරපතළ තුවාල ලද කාන්තාව රෝහල්ගත වී ඇති අතර, ඇය බලහත්කාරයෙන් ලිංගික අපචාරයකට ලක්කර ඇති බව වෛද්‍ය වාර්තාව වැඩිදුරටත් සහතික කරයි. 


දූෂණයට ලක්වූ කාන්තාව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, සැකකරු පළායමින් සිටියදී රෝමයට කි.මී. දෙසීයක් පමණ ඈතින් පිහිටි බොලොඤ්ඤා නගරයේ මධ්‍යම දුම්රියපොළ ආසන්නයේදී එදිනම රාත්‍රී දොළහට පමණ අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරෙනතුරු විශේෂ නියෝගයක් මත දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බව පොලිස් වාර්තාව වැඩිදුරටත් කියයි. 


ගැස්කොන් ලාසරස් - රෝමය, ඉතාලිය. 



අදහස් (0)

බන්ධනාගාරයෙන් පැමිණි ශ්‍රී ලාංකිකයා රෝමයේදී කාන්තාවක දූෂණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1391 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 514 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 596 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site