බෞද්ධ විනයානුකූල චාරිත්‍ර්‍රයට ගරු කරමින් උපසපන් භික්‍ෂූන් වහන්සේලා ඇසළ පොහොයෙන් ආරම්භ කළ වස් සමාදන් වීම තුන් මාසයක් පුරාවට බෝධි පූජා පවත්වමින් වස් සමාදන් වුණු භික්‍ෂූන්වහන්සේලාට සිවු පසයෙන් ඇප උපස්ථාන කරමින් බෞද්ධ පින්වතුන් අටමහා කුසල් රැස්කර ගන්නට කඨින චීවර පූජාවන් සිදුකරන පින්බර මාසයයි මේ. ඒ අනුව නාපෝලි ශ්‍රී ගෞතම විහාරයේ කඨින පූජෝත්සවය 28 වැනි ඉරු දින දවස පුරාම ඉමහත් ගෞරවයෙන් ඉතාමත් අලංකාරව සිදු කර ඇත.
නාගොල්ලාගොඩ රාහුල ස්වාමීන්වහන්සේ සහ හාල්පන්විල පාලිත ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ නාපෝලි ශ්‍රී ගෞතම විහාරාධිපති කරවිටගාරේ ධම්මකිත්ති ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් මෙම උතුම් පින්කම පැවැත්වූහ. ශ්‍රී ලංකාවේ සිට වැඩම කරන ලද වඩත්තේ සෝමානන්ද ස්වාමීන්වහන්සේ ඇතුළු ඉතාලියේ නගර කිහිපයකින් වැඩම කරන ලද ගරුතර මහා සංඝරත්නය අටනමක් මෙම කඨින මහෝත්සවය සඳහා සහභාගී වී තිබුණි.
මෙම පිංකම ඉතාමත් අලංකාරව සිදුකරගන්නට ශ්‍රී ගෞතම විහාරයේ දායක පින්වතුන් ඉතාමත් කැපවීමෙන් වෙහෙස මහන්සියෙන් කටයුතු කළ බවත් එම පින්වතුන් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර ආශිර්වාද කරමින් පින් ලබා දුන් බව ශ්‍රී ගෞතම විහාරාධිපති ස්වාමීන්වහන්සේ පැවැසූහ.
මේ දැක්වෙන්නේ එහි ඡායාරූප කිහිපයකි.
ප්‍රේමා කංකානම්ගේ
රෝමය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නාපෝලි ශ්‍රී ගෞතම විහාරයේ කඨින පූෙජා්ත්සවය