
මේ දුරුතු මාසයයි. දුරුතු මස හය වැනිදාට ජේසු බිළිඳුන් උපත ලබා දින දොළසකි. බයිබලයේ සඳහන් ප්‍රකාර පෙරදිග සිට රජවරුන් තිදෙනෙකු (මොවුන් රජවරුන් නොව ප්‍රභූවරුන් විය හැකි යැයි ද මතයක් අද ඇත) පඬුරු ද රැගෙන බිළිඳු ජේසු බැහැදකින්නට පැමිණියේ මෙදිනය. මෙම සිද්ධිය රජ තුන්කට්ටුවේ මංගල්‍ය ලෙස කතෝලික සභාව විසින් මහත් හරසරින් සමරනු ලබයි. වතිකානයේ මේ වෙනුවෙන් මහා පෙරහරක් ද පැවැත්වේ.
වතිකානුයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ වාර්ෂිකව ඉදිවෙන නත්තල් මහා ගවලෙන වෙත එන මෙම පෙරහර, අපට සිහිගන්වන්නේ ශ්‍රී ලංකාවේ මහනුවර ඇසළ පෙරහර ය. වතිකාන පෙරහරේ ද නැට්ටුවෝ ද බෙරකාරයෝ ද කසකාරයෝ ද ප්‍රභූවරු ද හේවායෝ ද වෙති. මේ සියල්ලෝම මධ්‍යතනික යුගයේ ඇඳුමින් සැරසී සිටීම විශේෂත්වයකි. මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන් වෙනුවට මෙහි ගමන් ගන්නේ අශ්වයින් සහ ඔටුවන්ය.
බටකොළ ආච්චි බවට පත්වූවේ පෙරදිග සිට ජේසු බිළිඳුන් බැහැදැකීමට පැමිණි රජ තුන්කට්ටුවට, බිළිඳා උපත ලබා සිටි ගවලෙන වෙත යාමට නිවැරදි පාර කියා නොදුන් මැහැල්ලක්ය යන ජනප්‍රවාදය මත පිහිටා, විරූපී මැහැල්ලන් ලෙස වෙස් ගත් තරුණියෝ බටකොළ ආච්චි විසින් කරන ලද වරදට ජේසු බිළිඳුන්ගෙන් සමාව ඉල්ලීම සංඛේතවත් කරමින් කුඩා ළමුන්ට සීනිබෝල බෙදා දෙමින් මෙම පෙරහරේ ගමන් කරති.
සෑම වසරකම ජනවාරි මස හය වැනිදා මෙම මධ්‍යතන යුගයේ චමත්කාරජනක පෙරහර නැරඹීම සඳහා ලක්ෂ ගණනින් සංචාරකයෝ රෝමයට පැමිණෙති. ඡායාරූපයන්ගෙන් පෙනෙන්නේ මෙවර පැවැත්වුණු පෙරහරේ දර්ශන කීපයකි.



ගැස්කොන් ලාසරස් - රෝමය, ඉතාලිය.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජේසු බිළිඳුන්ට පඬුරු රැගෙන එන වතිකානයේ දුරුතු මහ පෙරහර