IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


ආපදා අවස්ථා කළමනාකරණයේ ප්‍රධාන හවුල්කරුවා මහජනතාවයි

 

පසුගිය දිනවල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදේශ කීපයකට බලපෑ ගංවතුර හා නායයෑම් හේතුවෙන් සිදුවූ ජීවිත හා දේපොල හානි ද මෑතක ප‍්‍රදේශ කීපයකට බලපෑ දැඩි නියඟය ද නිවැරදි ආපදා කළමනාකරණය පිළිබඳ කතිකාවතකට යළි මඟ පාදා ඇත. අදාළ විවිධ පාර්ශ්වයන් තම ගැලවීම සඳහා වෙනත් පාර්ශ්වයන් වෙත ඇඟිල්ල දිගුකරමින් සිටිති. ආපදාව යනු කුමක්ද, එය කළමනාකරණ වගකීම කා සතුද යන්න නිවැරදිව තේරුම් ගන්නා තුරු මේ ප‍්‍රශ්නයට පිළිතුරු සොයාගැනීම අපහසු වෙනු ඇත.   


රටක සංවර්ධනය පිළිබඳව කතාකිරීමේදී තිරසාර සංවර්ධනය අමතක කළ නොහැකිය. තිරසාර සංවර්ධනය යනු ඉදිරි පරම්පරාවලට අවදානමක් ඉතිරි නොවෙන ආකාරයෙන් මෙන්ම එම පරම්පරාවලට සාර්ථකව භුක්තිවිඳීමට හැකි වෙන අයුරින් අද රට සංවර්ධනය කිරීම ය. සැමටම හිසට සෙවනක් යටතේ අද ගස් ටික කපා නිවාස ව්‍යාපෘතියක් සාර්ථකව නිමා කළ හැකිය. එහෙත් ගස් ටික කපා දැමීමේ ආදීනව දැනෙන්නේ ඉදිරි පරම්පරාවට නම් එය සාර්ථක සංවර්ධනයක් ලෙස ගැනිය නොහැකිය. මෙලෙස සංවර්ධනයේ නාමයෙන් මෙතෙක් ශ‍්‍රී ලංකාවේ කෙරී ඇති අදූරදර්ශී ලෙස සැලසුම් කළ ව්‍යාපෘති ස්වභාවික ආපදා ප‍්‍රතිඵල ඛේදනීය කිරීමට සමත්වී ඇත.   


ඉතාම සරලව නිර්වචනය කළහොත් ජීවිත හානි හා දේපොළ විනාශ කරනු ලබන ආපදා දෙවැදෑරුම් ය. ඒ මිනිසා මැදහත්වීමෙන් සිදුවෙන ආපදා හා මිනිසාට පාලනය කිරීමට නොහැකි ස්වභාව ධර්මය විසින් සිදුකරනු ලබන ආපදා ය. මිනිසා විසින් සංවර්ධනයේ හෝ වෙනත් නාමයකින් කැඳවාගනු ලබන ආපදා (විනාශයන්) නීති රීති පනවා මිනිසා මගින්ම පාලනය කරවාගත හැකි වුවද, ඇතැම් අවස්ථාවල ආපදා සිදුකරන ස්වභාව ධර්මය මිනිසාට පාලනය කළ නොහැකිය. මෙහිදී අපට කළ හැකි වෙන්නේ, ස්වභාවික ආපදාවලින් සිදුවෙන විනාශය අවම කරගත හැකි වෙන පරිදි සංවර්ධනය මෙන්ම ජන ජීවන රටාව ද එක්තරා පාලනයක් යටතට පත්කර ගැනීම ය.   
සංවර්ධනය යනු ජනතාවට පහසුකම් සැලසීම වුවද, සංවර්ධනය තවත් ආකාරයකින් ජන ජීවිතයේ ආරක්ෂාවට තර්ජන නිර්මාණය කෙරේ නම් එය නිවැරදි සංවර්ධනය ලෙස තක්සේරු කළ නොහැකි ය. සංවර්ධනය මගින් ජනතාව පහසුකම් අපේක්ෂා කරන අතරම තම ආරක්ෂාව පිළිබඳ වගකීම ද අමතක නොකළ යුතුය.   

 


දියුණු රටවල ආපදා කළමනාකරණයේ ලොකුම කොටස්කරුවා වෙන්නේ මහජනතාව ය. මෙම රටවල මෙම සංකල්පය මුලදී නීති රීති මගින් ඉදිරිපත් වුවද පසුව මේ සංකල්පය සම්ප‍්‍රදායක් බවට පත්වී ඇත. හදිසි ආපදා යනු ගංවතුර උවදුර හෝ භූමිකම්පා හෝ සුළි සුළං හෝ නියගය පමණක් නොවෙන බව දියුණු රටවලින් උගතමනා ය.   


මහමග සිදුවෙන වාහන අණතුරක් වුවද හදිසි ආපදාවකි. පිටවීමේ දොරටු අවම අධිවේගී මාර්ගයක් අවහිර කරමින් සිදුවෙන රිය අනතුරකදී වාහන තුළ සිරකරුවන් බවට පත්වෙන අනතුරට සම්බන්ධ නොවූවන්ට පහසුකම් සැලසීම ද ආපදා කළමනාකරණයේ එක්තරා වගකීමකි. මහමඟ සිදුවෙන හදිසි අනතුරකදී අනතුරට පත්වූවන් හට මුල්ම ආධාර සැපයීමෙන් මගහැර යන්නෝ දියුණු රටවල නීතිය ඉදිරියේ වගකිවයුත්තෝ වෙති. මාර්ග අනතුරුවලදී වාහන තුළ සිරකරුවන් බවට පත්වෙන අනෙකුත් ජනතාවට අවශ්‍ය පහසුකම් මෙන්ම පානීය ජලය බෙදාහැරීම ද දියුණු රටවල විනාඩි කීපයක් තුළ ක‍්‍රියාත්මක වෙන ආපදා කළමනාකරණ යාන්ත‍්‍රණයේ කොටසකි. දියුණු රටවල අධිවේගී මාර්ග, නගර හා ජනාවාස මගහැර ඉදිකර ඇති අතර, වගුරු බිම් ඇත්නම් ඒවා ගොඩකර නොව ඒ මත පාලම් තනා මෙම මාර්ග නිර්මාණය කර ඇත.   


මහමග ලෙස්සා වැටීම කෙනෙකුට සිදුවිය හැකි ආපදාවකි. දැඩි හිම පතනය සිදුවෙන රටවල තම නිවස ඉදිරිපිට පදික මංතීරුවේ කෙනෙකුන් ලිස්සා වැටීමේ වගකීම, එම මංතීරුවට සමාන්තර ආසන්නම ඉඩමේ හිමියා දැරිය යුතුය. මෙම මංතීරුවේ සිදුවෙන අනතුරක වන්දිය එතැන හිම ඉවත්කිරීමෙන් වැළකී සිටි සමාන්තර ඉඩමේ හිමිකරුගේ ගිණුමට බැරවේ. ආපදාව සිදුවීමට පෙරම හිම ඉවත්කර එය කළමනාකරණය කිරීමට මේ අයුරින් ඒ රටවල ජනතාව පොළඹවා ඇත.   


ගිනිකඳු පුපුරා යාමේ අවදානම ඇති දියුණු රටවල නගර නිර්මාණයේදී හා නගර සංවර්ධනයේදී ද හදිසි ආපදාවකදී ජනතාව වහාම ප‍්‍රදේශයෙන් ඉවත් කිරීම පහසු වෙන ආකාරයෙන් එම ව්‍යාපෘති සැලසුම් කිරීම සම්ප‍්‍රදායකි. උදාහරණ ලෙස ගිනිකඳු අවදානම ඇති ඉතාලියේ විසුවියස් හා එට්නා ගිනිකඳු ආශ‍්‍රිත ප‍්‍රදේශවල ජනාවාස නිර්මාණයේදී හා සංවර්ධනයේදී ද හදිසි අවස්ථාවකදී ජනතාව ප‍්‍රදේශයෙන් විනාඩි කීපයක් තුළ ඉවත් කිරීම සඳහා සියලුම සැලසුම් නිතරම සූදානම් පමණක් නොව, ඒ අවස්ථාවලදී ක‍්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව ද අනතුරට පෙරම ජනතාව දැනුම්වත් කර ඇත. මෙම ප‍්‍රදේශවල හදිසි ආපදාවකදී අනතුරුදායක ප‍්‍රදේශයෙන් ජනතාව ඉවත්වීම සඳහා යා යුතු මාර්ග පමණක් නොව ඒ මොහොතේදී අනුගමනය කළ යුතු නීති රීති මොනවාද යන්න ද නීතිගත කර, ඒ පිළිබඳව ජනතාවට නිසි අවබෝධය ලබාදී ඇත. මෙම නීති සුළුවෙන් හෝ කඩකිරීමේදී අනතුරට භාජනයවන අනෙකුත් මිනිස් ජීවිත වෙනුවෙන් වැරදිකරුවෝ වගකිව යුතු වෙනු ඇත.   


පීඩනයට හෝ අනතුරට පත්වෙන ජීවිත (සත්ව ජීවිත ද ඇතුළත්ව) සංඛ්‍යාව හෝ විනාශවී යන දේපොළ ප‍්‍රමාණය හෝ වටිනාකම ආපදා කළමනාකරණයට අදාළ නැත. ආපදාව ආපදාවමය. අපද්‍රව්‍ය ගලා යන බටයක් තුළ සිරවී සිටින බළලෙකු බේරාගැනීම සඳහා යෙදවෙන්නේ ද, භූමිකම්පාවකින් වැළලී ගිය ජීවිත බේරාගැනීම සඳහා ක‍්‍රියාත්මක කෙරෙන ආපදා කළමනාකරණ යාන්ත‍්‍රණයෙන් අවස්ථාවට සුදුසු ලෙස සැකසුනු කොටසක්ම බව ඔප්පු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාධක දියුණු රටවල හිඟ නැත.   


පසුව ජනතාව සිය කැමැත්තෙන්ම අනුගමනය කිරීමට පෙළඹී ඇති නමුදු, මුලදී ආපදා කළමනාකරණයේ මහාභාරකාරත්වය දියුණු රටවල ජනතාව වෙත පවරා දී ඇත්තේ දැඩි නීතිරීති මගිනි. අදාළ දෙපාර්තමේන්තු හෝ වගකිව යුතු නිලධාරීන් හෝ මැදිහත් වීමට පෙර විනාශය අවම කරගැනීම සඳහා ආපදාව ඉක්මනින් කළමනාකරණය කළ හැකි වෙන්නේ අවට සිටින්නන්ට ය. ඒ සඳහා කිසියම් මාර්ගයකින් ජනතාව ක‍්‍රමවත්ව සූදානම් කර තැබිය යුතුය. සෑම තත්පරයක ප‍්‍රමාදයක්ම ආපදාව සාර්ථකව කළමනාකරණය කරගැනීමේ සීමාව ඉක්මවා යන බව අමතක නොකළ යුතු ය.   


ගැස්කොන් ලාසරස්   
රෝමය, ඉතාලිය.   



අදහස් (0)

ආපදා අවස්ථා කළමනාකරණයේ ප්‍රධාන හවුල්කරුවා මහජනතාවයි

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

අසාද් යයි සිරියාව කාටද? ඊස්ශ්‍රාලයත් බොර දියේ මාළු බායි
2024 දෙසැම්බර් මස 16 106 0

සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ


ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
2024 නොවැම්බර් මස 27 1265 0

එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.


තමිල්නාඩු විජේගේ දේශපාලනයට සම්ප්‍රාප්තිය
2024 නොවැම්බර් මස 04 225 0

දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලු‍පුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික


ගාසාවෙන් ආරුගම්බේට පතිත වූ මිසිලය
2024 ඔක්තෝබර් මස 28 165 0

සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම


මියන්මාරයේ පිපිරීමට ආසන්න ථෙරවාදී බලකොටුව
2024 අගෝස්තු මස 21 467 0

මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා


හසීනා ගෙදර යවා යුනුස් ගෙනා අරගලය කෙන්යාවටත් පතිරිලාද? එංගලන්තයත් උදාහරණයට ගනී ද?
2024 අගෝස්තු මස 12 284 0

“ඇය යන්න ගියා මැකිලා’’ - අමරසිරි පීරිස්ගේ ජනප්‍රිය ගීතයක්. බංග්ලාදේශයේ මේ දිනවල ගැයෙන්නේ මෙවැනි ගීතයකි. හසීනා යන්නම ගියාය.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 289 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 570 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 315 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site