
(ක.ග.කරුණාරත්න)
මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරඟ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මනාප 1,11,038ක් ලබාගෙන තිබේ.
ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායක හිටපු මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා ලබාගෙන ඇත්තේ මනාප 90,615කි.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළ දේශපාලන පක්‍ෂ සහ ඒ අපේක්‍ෂකයින් මෙසේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර 04 යි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ලැබූ මනාප සංඛ්‍යාව 1,11,038 යි
රොෂාන් රණසිංහ මහතා ලැබූ මනාප සංඛ්‍යාව 90,615 යි.
සිරිපාල ගම්ලත් මහතා ලැබූ මනාප සංඛ්‍යාව 67,717 යි.
අමරකීර්ති අතුකෝරළ මහතා ලැබූ මනාප සංඛ්‍යාව 45,939 යි.
සමගි ජනබලවේගයට මන්ත්‍රී ධූර 01යි.
කින්ස් කුමාර් නෙල්සන් මහතා ලැබූ මනාප සංඛ්‍යාව 22,392 යි.
COMMENTS
මේ සැරේ පොල් පිත්තකටත් දිනන්න පුළුවන්.. ඔන්න සාක්ෂි...
අප්පච්චි කලේ පුලුවන් තරම් වෙන අය ලව්වා මඩ ගහලා පුලුවන් තරම් මෙයාගෙ ඡන්ද කඩපු එකයි. හැබැයි අප්පච්චි මෙයාට වචනයක්වත් නොකියන්න පරිස්සම් වුණා... මොකද තුනෙන් දෙක නොලැබුණොත් මෙයාගෙ සහායත් අවශ්‍ය වෙන නිසා...
මේක නම් කිසිම විදිහකට විශ්වාස කරන්න බැහැ. රාජපක්ෂලා බ්ලැක්මේල් කරලා පොහොට්ටුවෙන් ඉල්ලන්න පුළුවන් නම් පලවෙනි තැනට ඉන්න ඕනේ කියන එකත් ඒකෙම කොන්දේසියක් වෙන්න පුළුවන්. අහිංසක මිනිස්සු පන්සිය ගානක් මැරුණු තව හාරසිය ගාණකට තුවාලකළ පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ පුද්ගලයා යන්නේ ඕනේ හිර ගෙදර මිසක් පාර්ලිමේන්තුවට නෙමෙයි...
සත්‍ය පොලොන්නරු රාජ්‍ය සේවකයා...
ගෝඨාභය ජනපතිවරයා කුඩු අල්ලා, පාතාලය මට්ටු කර, කොරෝනා පාලනය කර, බන්ධනාගාර හොරමැරකම් කුඩු විකිණීම ආදිය අල්ලා මෙල්ල කළ නිසා මහජන මතය ශීඝ්‍රයෙන් එතුමා දෙසට පැමිණියා. ඒ නිසා මෛත්‍රිපාල මහතා ඡන්දයෙන් ජනපතිට පින් සිද්ධ වෙන්න පළමු ස්ථානයට පැමිණියා. ගෝඨාභය මහතා නොවන්නට මෙයා මෙහෙම ජය ලබන්නේ නෑ. ඒ වුණාට හිතන් ඉන්නවා ඇති තමන් තනියෙන්ම මේ ජය ලබා ගත්තා කියා. එහෙමම හිතාගත්තා වේ නේද? පව්නේ...