IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මැතිවරණය සාමකාමී බව නිරීක්ෂකයෝ කියති

 

(ඩයනා උදයංගනී)

මහ මැතිවරණ ඡන්ද විමසීම සාමකාමී අයුරින් පැවැත්වුණු බව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන පවසයි.

බරපතල ගණයේ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් මෙවර මහ මැතිවරණයේ දී වාර්තා නොවූ බව එම නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය නොහොත් පැෆරල් සංවිධානය මෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා වූ ජනතා ව්‍යාපාරය නොහොත් කැෆේ සංවිධානය ද පවසයි.  

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස සාමකාමී වුවත් ඡන්ද විමසීම සිදුකෙරුණු අද (5) පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා කාලයේ දී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ද 147 ක් ලැබී ඇති බවයි.

මින් පැමිණිලි 101 ක් සත්‍ය ඒවා බවට තහවුරු කරගෙන ඇති අතර 46ක් මෙතෙක් තහවුරු කර නැතැයි ද රෝහණ හෙට්ටිආරච්චි මහතා කීවේය.

තහවුරු කළ පැමිණිලි අතුරින් පැමිණිලි 6ක් බරපතල මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන් යටතට ගැනෙන පැමිණිලි වන අතර පැමිණිලි 95ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙනි.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 60කි. එයින් ද පැමිණිලි 47ක් තහවුරු කරගෙන ඇති බව පැෆරල් සංවිධානයේ විධායක  අධ්‍යක්‍ෂවරයා කීවේය.

එමෙන්ම ඡන්ද දායකයන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 33ක් ලැබී ඇති අතර ඉන් 21ක් තහවුරු කර තිබේ. බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවන් ලෙස ගිනි අවි භාවිතා කර තර්ජනය කිරීමේ සිද්ධියක්, නිශ්චල දේපල හානි කිරීමේ සිද්ධියක්, චංචල දේපල හානි කිරීමේ සිද්ධියක්, තර්ජනය කර බියවැද්දීමේ සිද්ධි දෙකක් හා දේශපාලන පක්‍ෂ කාර්යාල හානි කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇතැයි ද ඔහු කීවේය.

සමස්ත මැතිවරණ කාලය තුළදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් පිළිබඳ පැමිණිලි 2,300 ක් පමණ ලැබුණු බව කී ඒ මහතා නිහඬ කාලයේදී ද පැමිණිලි 200ක් පමණ ලැබුණු බව කීවේය.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා ද පැවසුවේ මැතිවරණය සමස්තයක් ලෙස සාමාකාමී බවයි.

මහමැතිවරණ ඡන්ද විමසීම පැවති කාලයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 117 ක් ලැබී ඇති බව ද ඔහු කීවේය.

මේ අතරින් වැඩිම ප්‍රමාණය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබදව බව වන අතර එම දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අක්කරපත්තු,



අදහස් (1)

මැතිවරණය සාමකාමී බව නිරීක්ෂකයෝ කියති

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 06 August 2020 03:05 AM

ඕනෑම නරක දෙයක හොඳ පැත්තකුත් ඇත යනුවෙන් කියමනක් ඇත. කොරෝනා නරක වුණත්, ඒ වෙනුවෙන් බොහෝ නීතිරීති සම්පාදනය වුණා. මෙය මැතිවරණයටත් රටේ ජනතාවටත් පුදුමාකාර විදිහට බලපෑම් ඇතිකළ බව හැමෝම දන්නා කරුණක්. කොරෝනා නොවන්නට මේ රටේ මිනිසුන් ඡන්දයක් අවසානයේදී ගහ මරා ගන්නා හැටි අප දන්නවානේ. මේ පාර මේ කොරෝනා තත්ත්වය නිසා නීති රීති දැඩි වුණා. ඒ නිසා මේ තරමින් වැඩේ බේරුණා.

:       1       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 306 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2127 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site