
(රංජිත් රාජපක්ෂ)
තමන් සලකුණු කළ ජන්දය තම ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කළ තරුණයෙකු අද (05) අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි.
නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු නාවලපිටිය මධ්‍යම මහ විද්‍යාලයේ ශාලා අංක 51 දි ඡන්දය සලකුණු කර එය තම ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කරන අවස්ථාවේ ශාලාධිපති විසින් සැකකරු සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගන්නා ලදී. පසුව මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත සැකකරු භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අවු 32 හැවිරිදි අයෙකි.
සැකකරු රම්බොඩ හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමනේ ඔය බිස්නස් එක සිදුවෙන්නේ.. හොර, දූෂිත, මෝඩ, නූගත්, අසික්කිත, මිනීමරු දේශපාලුවන් මේ හාදයාට කියනවා "නුඹ, ඡන්දෙ මට දැම්මා කියලා ප්රූෆ් ඕනෑ. ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ එකක් ගෙනැල්ලා මගේ ලේකම්ට පෙන්නපුවාම රුපියල් 1000 ක් ගන්න පුළුවන්. තව අරක්කු වීදුරුවක් නොමිලේ දෙනවා. උදේම ගිහින් ඡන්දෙ දාලා ෆොටෝ එකක් ගහගෙන ඇවිත් සල්ලි අරගෙන, යමක් බීලා යන්න. ප්‍රතිඵල ආපුවම අපි දිනලා නම් පෙලෙපාලියේ ගිහින් අනිත් පැත්තේ අයගේ ගෙවල් කුඩු කරන්න, ගිනිතියන්න අපිත් එක්ක ආවොත් ඒවාට "වෙනම ගෙවනවා" ඒ අතරේ ඒ ගෙවල්වලින් කොල්ලකන රත්තරන් වලින් බාගයක් මට ඕනෑ. පොලිසියෙන් නුඹලාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කවුරු හරි පොලිස් කාරයෙක් නුඹලාට මොනවා හරි කළොත් එයාගේ නම අපිට කියපන්.. අපි එයාව ට්‍රාන්ස්ෆර් කරනවා..."අනේ ඉතින් අරයාව විශ්වාස කරලා ඕන දහ ජරා වැඩක් කරනවා...
පුරාවස්තු විනාශ කළ අය නිදැල්ලේ... තමන්ගේ ඡන්ද පත්‍රිකාවේ පින්තූරයක් ගහපු කෙනා අත්අඩංගුවේ. පුදුම රටක්නේ මේක.