ෆෙඞ්රික් එංගල්ස් 1895 අගෝස්තු මස 5 වැනිදා ලන්ඩනයේදී මිය ගියේය. 1883 දී මිය ගිය, සිය මිතුරා වූ කාල් මාක්ස්ගෙන් පසුව සමස්ත ශිෂ්ට ලෝකයේම, නූතන නිර්ධන පංතියේ අනගිතම වියතා හා ගුරුවරයා එංගල්ස් විය. දෛවය විසින් කාල්මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් එකට එකතු කිරීමෙන් පසුව මිතුරෝ දෙදෙනා සිය ජීවිතයේ මෙහෙය පොදු ව්‍යාපාරයක් සඳහා කැප කළහ.
කම්කරු පංතිය මෙන්ම කම්කරු පංතියේ ඉල්ලීම් ද වර්තමාන ආර්ථික ක්‍රමයේ අනිවාර්ය ප්‍රතිඵලයක් බවත්, වත්මන් ආර්ථික ක්‍රමය ධනේෂ්වර පංතියත් සමග එකතුව නිරායාසයෙන්ම නිර්ධන පංතිය නිර්මාණය කරන හා සංවිධානය කරන බවත් පළමුවෙන් පෙන්වා දෙන ලද්දේ මාක්ස් හා එංගල්ස් විසිනි. අද මානව සංහතිය පීඩාවට පත්කරන්නා වූ උවදුරුවලින් ඔවුන් මුදවාගෙන ඔවුන්ට විමුක්තිය ලබාදෙන්නේ සංවිධිත නිර්ධන පංතියේ පංති අරගලය මගින් මිස යහපත් චේතනා පෙරදැරි කරගත් පුද්ගලයන්ගේ සත්ගුණවත් පරිශ්‍රමයන් මගින් නොවන බව ඔවුහු පෙන්වා දුන්හ. සමාජවාදය වූ කලී සිහින දකින්නන්ගේ මනෝරාජ්‍යයක් නොව නූතන සමාජයේ නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයේ අනිවාර්ය ප්‍රතිඵලයක් බව සිය විද්‍යාත්මක කෘතීන් මගින් ප්‍රථමයෙන්ම පැහැදිලි කර දුන්නේ මාක්ස් සහ එංගල්ස්ය. මේ දක්වා වූ සමස්ත ලේඛනගත ඉතිහාසයම පංති අරගලයේ ඉතිහාසයකි. සෙසු සමාජ පංති අබිබවමින් ඇතැම් සමාජ පංති පාලන බලය නතුකර ගැනීම හා ජයග්‍රහණය කිරීම පිළිබඳ ඉතිහාසයකි. එසේම, පංති අරගලයේ හා පංති ආධිපත්‍යයේ පදනම වූ පෞද්ගලික දේපල ක්‍රමය හා අරාජික සමාජ නිෂ්පාදනය, අතුරුදන් වී යන තුරුම මෙය දිගටම පවතිනු ඇත. නිර්ධන පංතියේ සුබ සිද්ධිය සලසනු වස් ඒ පදනම විනාශ කළ යුතුය. එම නිසා සංවිධිත කම්කරු පංතියේ සවිඥානක පංති සටන ඊට එරෙහිව එල්ල කළ යුතුය. එසේම සෑම පංති සටනක්ම දේශපාලන සටනකි.
ස්වකීය විමුක්තිය උදෙසා සටන් කරන සියලුම නිර්ධනීහු මාක්ස් සහ එංගල්ස්ගේ මේ මතය පිළිගෙන සිටිති. එහෙත්, එක්දහස් අටසිය හතළිස් ගණන්වලදී මේ මිතුරන් දෙදෙනා තත්කාලීන සමාජවාදී සාහිත්‍ය කටයුතුවල, සමාජමය සංවිධාන කටයුතුවල යෙදී සිටි අවධියේදී එම මත සම්පූර්ණයෙන්ම අලුත් දේ විය. එකල දේශපාලන නිදහස සඳහා අරගලයේ, රජුන්ගේ පොලිසියේ හා පූජකයින්ගේ ඒකාධිපතිත්වයට එරෙහිව අරගලයේ නියැළුනා වූ බුද්ධිමත් හා බුද්ධිමත් නොවූ අවංක හා වංක බොහෝ ජනයා සිටි නමුදු ඔවුහු ධනේෂ්වර පංතියේ වුවමනාවන් සහ නිර්ධන පංතියේ වුවමනාවන් අතර ප්‍රතිවිරෝධය වටහා ගැනීමට අසමත් වූහ. මේ පුද්ගලයෝ කම්කරුවන් ස්වාධීන සමාජ බලවේගයක් වශයෙන් ක්‍රියාකළ යුතුය යන අදහස පවා පිළිනොගත්හ. අනෙක් අතින් මනස්කාරවාදීන් රැසක් ද වූහ. ඔවුන්ගෙන් සමහරු අති දක්ෂයෝ වූ අතර කළයුතු එකම දෙය පාලකයිනට හා පාලක පංතිවලට සමකාලීන සමාජ පර්යායේ අසාධාරණත්වය ඒත්තු ගැන්වීම පමණකැයි ද එවිට මිහිතලය මත සාමය හා පොදු සුබසෙත ස්ථාපිත කිරීම පහසු වනු ඇතැයි ද මොවුහු සිතූහ. ඔවුහු අරගලයෙන් තොර සමාජවාදයක් ගැන සිහින දුටුවෝය. අවසාන වශයෙන්, එකල විසූ සමාජවාදීන් සහ කම්කරු පංතියේ මිතුරන් සියලු දෙනාම පාහේ නිර්ධන පංතිය පොදුවේ ‘පිළිකාවක්’ වශයෙන් පමණක් සැලකූ අතර කර්මාන්තයේ වර්ධනයත් සමග නිර්ධන පංතිය ද වැඩෙන ආකාරය ඔවුහු ඉමහත් භීතියෙන් යුතුව බලා සිටියහ. එම නිසා ඔවුන් සියලු දෙනාම සෙව්වේ කර්මාන්තයේ සංවර්ධනය සහ නිර්ධන පංතියේ වර්ධනය නවතා දැමීමට ‘ඉතිහාසයේ රියසක’ නවතා දැමීමට මාර්ගයකි. මාක්ස් සහ එංගල්ස් නිර්ධන පංතියේ වර්ධනය පිළිබඳ පොදු භීතිය නොපිළිගත්තා පමණක් නොව, එහි අනවරත වර්ධනය මත තමන්ගේ සියලු බලාපොරොත්තු තැබූහ. නිර්ධනීන් සංඛ්‍යාවෙන් වඩාත් වැඩිවත්ම විප්ලවීය පංතියක් වශයෙන් ඔවුන්ගේ ශක්තිය වඩාත් වැඩිවේ. එවිට සමාජවාදය වඩාත් ආසන්න හා වඩාත් පහසු දෙයක් වේ. මාක්ස් සහ එංගල්ස් විසින් කම්කරු පංතියට කළ සේවාව වචන කීපයකින් මෙසේ සම්පිණ්ඩනය කොට දැක්විය හැකිය.
ඔවුහු කම්කරු පංතියට තමන් කවුදැයි යන්න අවබෝධ කර ගැනීමටත් තම පංතිය ගැන සවිඥානක වීමටත් උගැන් වූ අතර විද්‍යාව මගින් මනස්ගාත ආදේශ කළහ.
එංගල්ස්ගේ නාමය හා ජීවිතය ගැන සෑම කම්කරුවකු විසින්ම දත යුත්තේ එම නිසාය.
1820 වසරේ, ප්රුසියානු රාජධානියේ රයින් පෙදෙසේ බාර්මන් නගරයෙහිදී එංගල්ස් උපත ලැබීය. ඔහුගේ පියා කර්මාන්ත හිමියෙක් විය. උසස් පාසලෙහි අධ්‍යාපනය අවසන් කිරීමටත් පෙර 1838 දී බි්‍රමෙන්හි එක්තරා වාණිජ සමාගමක ලිපිකරුවකු වශයෙන් රැකියාවක් ලබාගැනීමට සිය පවුලේ තත්ත්වයන් විසින් එංගල්ස්ට බල කෙරිණ. එහෙත් වාණිජ කටයුතු නිසා එංගල්ස් විද්‍යාව හා දේශපාලනය හැදෑරීම නවතාලූයේ නැත. හෙතෙම ඒකාධිපත්‍යය හා නිලධාරි තන්ත්‍රයේ ප්‍රජා පීඩනය පිළිකුල් කිරීමට පටන් ගත්තේ විද්‍යාලයීය සිසුවකුව සිටි කාලයේදීමය. දර්ශනය උගෙනීමෙන් ඔහු මේ මාවතෙහි තවත් දුර ගියේය. එකල හේගල්ගේ උගැන්වීම් ජර්මන් දර්ශනවාදයේ ආධිපත්‍ය ඉසුලූ අතර, එංගල්ස් ඔහුගේ අනුගාමිකයෙක් විය. හේගල්ම පවා, ඒකාධිපති ප්රුසියානු රාජ්‍යය අගයන්නෙකු වුවද එම රජයේ සේවකයෙකු වශයෙන් හේ බර්ලින් සරසවියේ මහාචාර්ය ධූරයක් ඉසිලුව ද හේගල්ගේ උගැන්වීම් විප්ලවවාදී විය. මානව හේතු ධර්මය හා එහි අයිතිවාසිකම් කෙරෙහි හේගල්ගේ විශ්වාසය සහ විශ්වය අනවරත පරිවර්තන හා සංවර්ධන ක්‍රියාදාමයකට භාජනය වෙමින් පවත්නේය යන හේගල්වාදී දර්ශනයෙහි ප්‍රවාදය හේතු කොට ගෙන, මේ බර්ලින් දර්ශනවාදියාගේ ඇතැම් අනුගාමිකයින්, එනම් පවත්නා ක්‍රමය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ පිරිස, මෙම තත්ත්වයට එරෙහිව අරගලය එනම් පවත්නා වැරදි ක්‍රමයට සහ පවත්නා උවදුරට එරෙහිව අරගලය ද සනාථන වර්ධනයේ විශ්වීය නියාමයට සම්බන්ධ වූ එහි ආවේණික ලක්ෂණයක්ය යන නිගමනයට අවතීර්ණ වූහ. සියලු දේම වර්ධනය වේ නම්, ඇතැම් සංස්ථාවන් වැනසී ඒ වෙනුවට වෙනත් සංස්ථාවන් බිහිවේ නම්, ප්රුසියානු රජුගේ හෝ රුසියානු සාර්ගේ හෝ ඒකාධිපත්‍යය හෝ අතිවිශාල බහුතරයක් දුකට පත්කරමින් ඉතා අල්ප සුළුතරයක් පොහොසත් වීම පමණක්, නැතිනම් ධනේෂ්වර පංතිය විසින් ජනතාව යටපත් කරගෙන සිටීම පමණක් සදාකල්හි එසේම පැවතිය යුත්තේ මන්ද? හේගල්ගේ දර්ශනය කථා කළේ සිතෙහි සහ අදහස්වල වර්ධනය ගැනය. එය විඥානවාදි විය. එය සිතෙහි වර්ධනය අනුව ස්වභාව ධර්මයේ සහ මිනිසාගේ වර්ධනය ද මානව සහ සමාජ සම්බන්ධතාවල වර්ධනය ද නිගමනය කළේය. අනවරත වර්ධනයේ ක්‍රියාදාමය පිළිබදව හේගල්ගේ අදහස පිළිගත් මාක්ස් සහ එංගල්ස් පූර්ව කාල්පනික විඥානවාදී මතය ප්‍රතික්ෂේප කළහ. ජීවිතයේ සත්‍ය සිද්ධීන් දෙස නෙත් යොමු කළ ඔවුහු, සිතෙහි වර්ධනය අනුව ස්වභාවධර්මයේ වර්ධනය තේරුම් කළ නොහැකි බවත්, ඊට ප්‍රතිපක්ෂව සිත තේරුම් කිරීමේ මූලාරම්භය සෙවිය හැකි වන්නේ ස්වභාව ධර්මයෙන් හා ද්‍රව්‍යයෙන් බව දුටහ. හේගල් සහ හේගල්වාදීන් මෙන් නොව, මාක්ස් සහ එංගල්ස් භෞතිකවාදීහු වූහ. ලෝකය හා මිනිස් සංහතිය දෙස භෞතිකවාදී ලෙස බැලූ ඔවුහු සියලු ස්වභාවික ප්‍රපංචයන්ගේ පදනම වශයෙන් ද්‍රව්‍යමය හේතූන් පවත්නා අයුරින්ම මනුෂ්‍ය සමාජයේ සංවර්ධනය ද ද්‍රව්‍යමය බලවේගවල, නිෂ්පාදන බලවේගවල සංවර්ධනය මත හැඩගැසෙන බව දුටුවෝය.
මනුෂ්‍ය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා අවශ්‍ය දේ නිෂ්පාදනයේදී මිනිසුන් එකිනෙකා සමග ඇතිකරගන්නා සබඳතාවන් රඳා පවතින්නේ නිෂ්පාදන බලවේගවල සංවර්ධනය මතය. එසේම සමාජ ජීවිතයේ සියලු ප්‍රපංචයන්. මානව අපේක්ෂාවන්, අදහස් සහ නීති පිළිබඳ පැහැදිලි කිරීම ඇත්තේ මේ සබඳතා තුළය. නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය පෞද්ගලික දේපළ මත පදනම් වූ සමාජ සම්බන්ධතා නිර්මාණය කරයි. එහෙත් නිෂ්පාදන බලවේගවල එම වර්ධනයම බහුතරයට ඔවුන්ගේ දේපළ අහිමි කර එය ඉතාමත්ම අල්ප සුළුතරයකගේ අතට පත් කරන බව අපට දැන් පෙනේ. මෙම වර්ධනය නූතන සමාජ ක්‍රමයේ පදනම වන දේපළ (අයිතිය) අහෝසි කරයි. සමාජවාදීන් විසින් තමන් සඳහා යොදා ගෙන ඇති එම ඉලක්කය දෙසට ගමන් කිරීමට එම වර්ධනයම පරිශ්‍රමයක යෙදෙයි. සමාජවාදීන් විසින් කළ යුතු එකම දෙය වන්නේ, කුමන සමාජ බලවේගයක් නූතන සමාජයේ ස්වකීය තත්ත්වය හේතුකොට ගෙන, සමාජවාදය ළඟා කර ගැනීමට උනන්දුවක් දක්වන්නේ ද යන්න අවබෝධ කරගෙන, මෙම බලවේගයට එහි වුවමනාවන් සහ එහි ඓතිහාසික කාර්යභාරය පිළිබඳ අවබෝධයක් ලබාදීමයි. මෙම බලවේගය නිර්ධන පංතියයි. එංගල්ස් එංගලන්තයේ නිර්ධන පංතිය දැන හැඳින ගත්තේ ඉංග්‍රීසි කර්මාන්ත මධ්‍යස්ථානයක් වූ මැන්චෙස්ටර් හිදීය.
මාතලේ - එම්. තාරික්
මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත
මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්
එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ
එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ
කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට
රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස
අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”
නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
“ෆෙඞ්රික් එංගල්ස්”
Ariyapala Hewage Wednesday, 18 October 2017 03:40 AM
ඉතාමත් හොද ලිපියක්
Pramod Tuesday, 27 March 2018 08:09 AM
මෙහි ලෙනින්ගේ චායාරූපයක් මාක්ස්ගේ බව සදහන් කර ඇත...