IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


පේරු රාජ්‍යයේ පරිසර හිතකාමී මාර්ටින් විස්කාරා

ලෝකයේ සියලු රාජ්‍ය නායකයන් නූතන තාක්ෂණය ඔස්සේ සංවර්ධනයේ හිනිපෙත්ත කරා පියමන් කරනාවිට ලෝක කාලගුණ විපර්යාස වෙනුවෙන් ඇහුම්කන් දෙන හෝ ඒ වෙනුවෙන් කැපවෙන රාජ්‍ය නායකයින් සිටින්නේ ඉතාම අතළොස්සකි. ඒ අතලොස්ස අතරින් දකුණු ඇමෙරිකා මහාද්වීපයේ පිහිටි පේරු රාජ්‍යයේ ජනාධිපතිවරයා ඉදිරියෙන්ම සිටින නායකයෙකි. අද දියත වෙන්වන්නේ පේරු ජනාධිපති මාර්ටින් විස්කාරා වෙනුවෙනි.


දකුණු ඇමරිකා මහාද්වීපයේ බටහිරින් වන්නට පිහිටි පේරු රාජ්‍යය, උතුරින් ඉක්වදෝරය හා කොලොම්බියා, නැගෙනහිරින් බ්‍රසීලය, ගිනිකොණින් බොලිවියා, දකුණින් චිලී සහ බටහිරින් පැසිපික් සාගරයට මායිම්ව පවතී. පේරු රාජ්‍යය නෝටේ චිකො ශිෂ්ඨාචාරයට නෑකම් කියයි. එය ලෝකයේ ඇති පැරණිතම ශිෂ්ඨාචාරයද වේ. පසුව කොලොම්බියාව දකුණු ඇමරිකා තුළ ඇති විශාලතම අධිරාජ්‍යය බවට පත්වුනි. 16 වන ශතවර්ෂයේ දී ස්පාඤ්ඤ අධිරාජ්‍ය එම ප්‍රදේශය යටත් කරගත් අතර එහි ප්‍රතිරාජ පදවියක් ගොඩ නගන ලදී. එහි දකුණු ඇමරිකා ජනපද බොහොමයක් ඇතුළත් විය. 


1821 නිදහසෙන් පසු පේරු රාජ්‍ය දේශපාලන අස්ථාරභාවය, ෆිස්කල් අර්බුද හා ස්ථාවරත්ව කාලපරිච්ඡේද හා ආර්ථික වර්ධනයන් ද වේ. භුගෝලාත්මකව බැලූ කල පේරු පැසිෆික් වෙරළතීරයේ නිසරු බිම්, ඇන්ඞ්ස් කඳු මුදුන් හා ඇමේසන්හි නිවර්තන වනාන්තරවලට විවිධත්වයක් දක්වයි. එය උසස් මානව සංවර්ධිත දර්ශකයක් හා දිළිඳු ජනගහනය සියයට 36 කි. එහි මූලික ආර්ථිකයක් වන්නේ කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, පතල්, රෙදිපිළි නිෂ්පාදකයන්ය. එහි ජනගහණය මිලියන 29 හා බහුවාර්ගික රටකි. එහි ඇමරින්ඩියන්ස්, යුරෝපීයන්, අප්‍රිකානු සහ ආසියානුවන් ඇතුළත් වේ. රාජ්‍ය  භාෂාව වන්නේ ස්පාඤ්ඤ භාෂාවයි. සැළකිය යුතු ප්‍රමාණයක් ක්වෙච්චුවා සහ අනෙකුත් භාෂාවන් කථා කරනු ලබයි. මෙම සංස්කෘතික මිශ්‍රණය තුල කලාව, සාහිත්‍යය හා සංගීතය අඩංගුවන මේ රාජ්‍යය වර්තමානයේ විවිධ අර්බුද ගණාවකින් පීඩා විඳින්නේය.


කලින් කලට මතුවන දේශපාලන අස්ථාවරත්වය, දරිද්‍රතාවය, මත් උවදුරු ජාවාරම්, එකී මෙකී නොකී සියලු කාරණා හමුවේ මාර්ටින් විස්කාරා පේරු දේශපාලනය තුළ මතුවන්නේ 20018 මාර්තු 23 වැනිදාය. ඊට පෙර ඔහු ආණ්ඩුකාරවරයෙකු ලෙසත්, එරට ප්‍රවාහන හා සන්නිවේදන අමාත්‍යවරයා ලෙස ද, කැනඩාවේ පේරු තානාපතිවරයා ලෙස සේවය කළේ සිය සූක්ෂම බුද්ධිය උපයෝගී කරගෙනය.


1963 මාර්තු 22 වැනිදා උපන් මාර්ටින් ඇල්බර්ටෝ විස්කරා කොර්නෙජෝ වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. ලීමා නුවර හැදී වැඩුණු විස්කාරාගේ පියා හිටපු නගරාධිපතිවරයෙකු සේම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයෙකු වේ. විස්කාරා උපත ලබද්දී ජීවිතයත්, මරණයත් අතර මාරාන්තික සටනකින් පීඩා විඳි බව ඔහුගේ පියා වරෙක එරට මාධ්‍යවලට ප්‍රකාශ කර ඇත. අවසානයේ පියාගේ විශ්මිත කැප කිරීම හමුවේ විස්කාරා මෙලොව ජීවත්වීමට වරම් ලද්දේය. පේරුහී ලීමා අගනුවර පිහිටි එරට ජාතික ඉංජිනේරු විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් හිමිකර ගත් විස්කාරා ඉන්පසුව කළමනාකරණ පරිපාලනය පිළිබඳ උපාධිධරයෙක්ද වේ.
එලෙස ඉංජිනේරුවේදය පිළිබඳ විශේෂඥයෙකු වූ විස්කාරා පේරු රාජ්‍යයේ දේශපාලනයට එළැඹෙන්නේ 2006 වසරේදී මොක්ගුවා ප්‍රාන්ත ආණ්ඩුකාර ධූරයට ඉදිරිපත් වෙමිනි. “ඒප්රා” නැමැති පක්ෂය යටතේ දේශපාලන සටනට එළැඹෙන ඔහු එරට පතල් කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් වැඩි වැඩියෙන් පෙනී සිටින, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරනා පුද්ගලයෙක් ලෙස එරට ජනප්‍රියත්වයට පත් වුයේය.

 

 


පේරු ජාතික පතල් කම්කරුවන්ගේ ගෙවීම්වල පවතින අසමානතාවයන් එරට කැබිනට් අමාත්‍ය මණ්ඩලය තෙක් ගෙනගොස් ඔවුන් සාධාරණය ඉටුකර දීමට මෙන්ම එම කම්කරුවන් සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් පවා සිදු කිරීමට ඔහු සමත් වුයේය. එය විස්කාරාගේ දේශපාලන ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වූයේය. අවසානයේ එම සටනේ අග්‍රඵලය ලෙස 2011 වසරේ සිට 2014 වසර දක්වා ඔහු මොක්ගුවා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා බවට පත් වූයේය. ඔහුගේ එම ධුර කාලය තුළ එම ප්‍රාන්තයේ සමාජ අසමානතාවය,  රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ ගැටලු අවම වූයේය. ආණ්ඩුකාර ධුරයෙන් අනතුරු දෙවසරක කාලයක් පුරා ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූයේය.
පේරු රාජ්‍යයේ ජනාධිපති ධූරය දක්වා පැනීමේ ගමන්මගේදී විස්කාරා පළමුවෙන්ම 2016 වසරේදී එරට පැවති මහ මැතිවරණයේදී උප ජනාධිපති අපේක්ෂක ලෙස තරග වැදුනේ  ජනාධිපති ධූර අපේක්ෂක පැබ්ලෝ කුක්සින්ස්කිගේ ජයග්‍රහණය උදෙසා ඇප කැප වෙමිනි. ඒ අනුව ජනාධිපති කුක්සින්ස්තිගේ දෙවැනි අනුප්‍රාප්තිකයා ලෙස විස්කාරා පත්වූයේ. ඒ අතරතුරේ ජනාධිපති කුක්සින්ස්කිට එරෙහිව ආ දෝෂාභියෝගය හේතුවෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඔහු පේරු රාජ්‍යයේ විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූයේ පේරු ජනතාවගේ බලාපොරොත්තු රැසක් ඉටුකරන බවට ශපථ කරමිනි.
ඉන් එක් පෙරොන්දුවක් වූයේ කාලගුණ විපර්යාස සඳහා වන නීති රැසක්ම රටේ ස්ථාපිත කිරීමයි. එම නීති සැකසීමත් හරහා කාලගුණ විපර්යාස වෙනුවෙන් නව නීති සැකසූ ප්‍රථම දකුණු ඇමෙරිකානු රාජ්‍යය වූයේ පේරුය.


ඇමසන් වනාන්තරය රැකගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවකට එක්වන ලෙස පේරු නායකයා සෙසු රටවල්වල ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලීමක්ද කළේය. බ්රොසීලයට හා බොලිවියාවට අයත් කලාපවල ඇමසන් වැසි වනාන්තරයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් එම වනාන්තරය දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. පේරු ජනාධිපති මාටින් විස්කාරා සහ කොලොම්බියා ජනාධිපති ඉවාන් මෙට් අතර හමුවක් පසුගියදා පැවැත්වූ අතර, ඇමසන් වනය රැක ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊට එක්වන ලෙස පේරු ජනාධිපතිවරයා සෙසු රටවල නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.
මේ අතරේ ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා එරට දේශපාලන අස්ථාවරත්වයක් හටගත්තේය. ඒ මාර්ටින් විස්කාරා ජනාධිපතිවරයා එරට වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමට පත් කළ විනිසුරුවරුන් ඉවත් කිරීමට එරට සෙනට් මණ්ඩලය කටයුතු කිරීමත් සමඟය. සෙනට් මණ්ඩලයේ සිටින ප්‍රතිවාදී පක්ෂ නියෝජිතයන්ගේ උවමනාවට අනුව සිදුවූ එම ක්‍රියාව විස්කාරා දේශපාලන වශයෙන් පැරදීමට ගත් උත්සාහයක් යැයි පැවසේ. සෙනට් මණ්ඩලයේ එම ක්‍රියාවට ප්‍රතික්‍රියා දක්වමින් විස්කාරා තමා සතු ජනාධිපති බලය යොදවමින් එම මණ්ඩලය විසුරුවා හැරියේය. රූපවාහිනිය ඔස්සේ සිට ජාතිය අමතමින් විස්කාරා කියා සිටියේ ඉක්මනින් මහමැතිවරණයක් පවත්වන බවත්, එය ජනවාරි 26 වැනිදා පවත්වන බව ප්‍රකාශයට පත්කර සිටියේය.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (1)

පේරු රාජ්‍යයේ පරිසර හිතකාමී මාර්ටින් විස්කාරා

ආරියපාල හේවගේ Saturday, 12 October 2019 12:17 PM

වෙනත් රටව් වල විස්තර මෙසේ ඉදිරිපත් කිරීම ඉතාමත්ම අගනේය. මෙවැනි ලිපි පත්තරයේ ඉඩ තිබෙන හැටියට වැඩි වැඩියෙන් පලකරන්නේ නම් එය පාඨකයන්ගේ දැණුම පුල්ල් කිරීමට ඉතාමත්ම වටින්නේය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 611 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 818 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 352 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site