IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


චීනය මත් රකුසාට බිලි දුන් අධිරාජ්‍යවාදීන්ගේ අබින් යුද්ධය

 

ජනාධිපතිතුමා කෙළින්ම සටනට අවතීර්ණව සිටී. ඔහු අසිපත එල්ල කරන්නේ ප්‍රතිවාදියාගේ ගෙලටමය. මේ අයුරින් කටයුතු කරගෙන ගියහොත් යම් පමණකට හෝ ප්‍රතිවාදියා මර්දනය කර ගත හැකි බව සත්‍යයකි. මෙහි ප්‍රතිවාදියා යනුවෙන් මා අදහස් කළේ සමස්ත දේශයම විනාශ කරමින් රටේ සම්පත වන ඉදිරියේදී මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුර විනාශ මුඛයට ඇදගෙන යමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරමය. මෙම ව්‍යසනය කෙතරම් දුර දිග ගොස් ඇතිදැයි කියතොත් දැන් මත්කුඩු අසුවන ප්‍රමාණවල වටිනාකම ගණනය වෙන්නේ රුපියල් කෝටි සිය ගණනින්ය. 


කිලෝ සීයටත් එහා ගිය තොග ගණනින්ය. එක් පුද්ගලයෙකු වරක භාවිත කරනුයේ ගිනිකූරු හිසකින් මැනගත් ප්‍රමාණය යැයි අපි අසා ඇත්තෙමු. එසේ නම් කිලෝ සිය ගණනින් ගෙන්වන මෙම මත්කුඩුවලින් සිදුවන්නේ කුමක්ද? ආහාරය සඳහා රොටී පිළිස්සීමද? නොඑසේ නම් බේකරිවල පාන් නිපදවීමටද? මේසා විශාල කුඩු මාෆියාවක් ක්‍රියාත්මක වෙද්දී මෙම මත්කුඩු ජාතියේ තරුණ පරපුරේ හදවත්, පෙණහලු සහ මොළ විනාශ කෙරේ නම් කිසිම රාජ්‍ය නායකයෙකුට නිහඬව බලා සිටිය නොහැකිය. මෙම අපරාධකාරයන්ට මරණීය දණ්ඩනය පැනවීම ගැන සාධාරණව සිතන කිසිවෙකුගේ විරුද්ධත්වය පළ නොවනු නිසැකය. දැනටමත් පමා වූ සෙයකි. මත් උවදුර මෙතෙක් දුරට ඔඩු දිවීමට හේතුව එම පමාව යයි කියන්නෝද වෙති. 


ජනාධිපතිතුමා සාධනීය පියවර ගණනාවක් ගෙන තිබේ. මෙම උවදුරේ විපාක ගැන ශිෂ්‍ය හා තරුණ ප්‍රජාව දැනුම්වත් කිරීම දැනටමත් අරඹා ඇත. උතුරේ මුලතිව්හි පවා මෙම කටයුතු සිදු වූ බව මාධ්‍ය වාර්තා කළේ මේ නොබෝදාය, පිලිපීනය යනු මත් උවදුරෙන් දැඩි ලෙස බැටකන රාජ්‍යයකි. ස්පාක්‍ද්ක්‍ද සංස්කෘතියට අනුව හැඩගැසුණු එරට තරුණ තරුණියෝ බොහෝ සෙයින් කුඩු ඉරීමට පුරුදුව සිටිති. මෑතකදී පත්වූ එරට ජනාධිපති රොඞ්රිගු ඩුකාර්ටේ මෙම තත්ත්වය මනාව හඳුනාගත්තෙකි. එනිසාම ඔහු උග්‍ර මත් විරෝධියෙකි. සෑම මත්කුඩුකරුවෙක්ම මරා දැමීය යුතුයැයි කියන නායකයෙකි. අපේ ජනාධිපති නොබෝදා ඔහු හමුවී අත්දැකීම් බෙදා හදා ගත්තේ ක්‍රියාකාරීවම තම රටේද මත් විරෝධී සටන දියත් කිරීමටය. සිංගප්පූරුවද කලින් එවැනි ව්‍යසනයකට මුහුණ දුන් රටකි. එය යම් පමණකට සාර්ථක කර ගැනීමට අගමැති ලී ක්වාන් යූගේ පාලනය යටතේ හැකිවිය. ජනාධිපතිතුමා නොබෝදා එරටටද ගියේය. එරටද තම අත්දැකීම් උපයෝගී කර ගනිමින් අපේ ගැටලුවෙන් මිදීමට නොමසුරුව උදව් කරනු ඇත. 
රටවල් විනාශ කිරීම සඳහා මත්ද්‍රව්‍ය යොදා ගැනීම පිළිබඳ කතාන්දරයට දිගු ඉතිහාසයක් තිබේ. අපේ රටටද එවැනි කටුක අත්දැකීම් තිබේ. කන්ද උඩරට රාජ්‍යය අල්ලා ගැනීමට බි්‍රතාන්‍යයෝ නොයෙකුත් උපාය උපක්‍රම යොදමින් සිටියහ. කන්නසාමි කුමාරයා නමින් ප්‍රකටව සිට පසුව රජකමට පත් වූ ශ්‍රී වික්‍රම රාජසිංහ තරුණ රජු ජනතාව අතර අප්‍රසාදයට ලක්වූවෙක් නොවීය. ජනතා සහයෝගය ඔහුට නොඅඩුව තිබුණි. එහෙත් ලංකාව බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට ඈඳාගැනීමේ ඒකායන අපේක්‍ෂාවෙන් සිටි රොබට් බ්‍රවුන්රිග් සහ ඔහුගේ උපදේශක ජෝන් ඬේව් චරපුරුෂයන් ලවා රජුට මත්පැන් පානය පුරුදු කළ බව ඉතිහාසයේ සඳහන් වේ. මත් භාවයෙන් විකෘති වූ මනසෙන් යුතු රජු නොයෙකුත් අපරාධ සිදු කරන්නට වූයෙන් ජනතා අප්‍රසාදයට ලක්ව අවසානයේ කිරුළද අහිමිව සතුරන් අතට පත්වීමට සිදුව ලංකා රාජ්‍යයද බි්‍රතාන්‍යයන් සතු විය. මේ එකක් පමණි.
අද වන විට ඇමෙරිකා එක්සත් ජනපද රජය අකර්මණ්‍යව ඇත. එයට හේතු වී ඇත්තේද මෙයට සමාන සිදුවීමකි. ඇමෙරිකාවට යාබද රාජ්‍යය වන්නේ මැක්සිකෝවයි. එය මත්ද්‍රව්‍ය, අපරාධ, දූෂණ ආදියට නම් දැරූ රටකි. එහෙයින් එරටින් ඇමරිකාවට හෙරොයින්, කොකේන්, මරිජුවානා ආදී මත්ද්‍රව්‍ය මෙන්ම නීති විරෝධී ගිනි අවි ආදිය ද ගලාගෙන එනු ලබයි. එය ඇමෙරිකාවටද විසඳිය නොහැකි ගැටලුවක් බවට පත් විය. නව ජනාධිපති ට්‍රම්ප් මෙයට යෝජනා කළ විසඳුම වූවේ මැක්සිකෝ රට හා ඇමරිකාව වෙන් වන දේශසීමාව දිගටම තාප්පයක් ඉදිකිරීමය. එයට වැය වෙන සුවිශාල ධනස්කන්ධය ගැන සැලකූ ඇමෙරිකානු කොන්ග්‍රස් සභාව එම යෝජනාව ප්‍රතික්‍ෂේප කළ අතර අයවැය සම්මත කර ගැනීමක් සිදු නොවී සමස්ත රාජ්‍ය තන්ත්‍රයම අඩපණව ගොසිනි. බලවත් ඇමෙරිකාවට මත් උවදුර බලපාන්නේ එසේ නම් ලෝකයේ අබ ඇටයක් තරම්වන ශ්‍රී ලංකාව ගැන කියනුම කවරේද?
වර්තමානයේ පමණක් නොව ශතවර්ෂාධික කාලයකට පෙරදී ද රටවල්වලට මත්ද්‍රව්‍ය පුරුදු කර ඒවා තමන්ගේ යටතට පත්කරගැනීමට යටත්විජිතවාදීහු කටයුතු කළහ. කුඩා රටවල් පමණක් නොව ලොව විශාලම රාජ්‍යය වූ මහා චීන දේශය ද එම ඉරණමට ගොදුරු විය. වසර කීපයකට පෙර ඇති වූ මහා ලෝක ආර්ථික අර්බුදයේදී ඇමෙරිකාව ආර්ථික වශයෙන් බිඳවැටීගෙන එද්දී පණ රැකගත්තේ චීනයෙන් ලබාදුන් ඩොලර් බිලියන විශාල ගණනක ණය මුදල් නිසාය. ඒ සා දියුණු තත්ත්වයකට පැමිණීමට චීනයට හැකි වූ මුල්ම සාධකය වන්නේ අධිරාජ්‍යවාදීන් විසින් බෝ කරන ලද මත් උවදුර පරාජය කිරීම බව සඳහන් කළ යුතුය. මේ චීනය මත් උවදුරට ගොදුරු කළ සිද්ධියේ කතා පුවතයි. 
ලෝකයේ එදත් අදත් කවදත් ඉතාමත්ම ලාභ උපදවිය හැකි මගක් වනුයේ මත්ද්‍රව්‍ය ජාවාරමයි. ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් නියෝජනය කරන බෙංගාල ප්‍රාන්තය පුරා වැවෙන ශාක විශේෂයකින් ලබා ගන්නා කිරි වර්ගයකින් ‘අබින්’ නම් වූ මත්ද්‍රව්‍යය බහුල වශයෙන් නිෂ්පාදනය කරනු ලැබීය. මෙයින් ඉතා සුළු කොටසක් ඖෂධ සඳහා භාවිතයට ගන්නා ලද අතර විශාල ප්‍රතිශතයක් මත්ද්‍රව්‍ය වශයෙන් ප්‍රයෝජනයට ගනු ලැබීය. මෙකල ඉන්දියානු මහා රාජ්‍යය බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ ප්‍රධානම යටත් විජිතය වශයෙන් පැවතියේය. බි්‍රතාන්‍ය පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමේ අසීමිත බලපෑම යටතේ පාලනය වූ ඉන්දියාව නිපදවන අබින්වලට හොඳ වෙළඳපොළක් ලබා ගැනීමත් ලාභය අධික කර ගැනීමත් ඔවුන්ගේ ඒකායන අපේක්‍ෂාව විය. යාබද චීනයද තම අධිරාජ්‍යය යටතට පත් කර ගතහොත් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමේ අවකාශය සැලසෙන බව මේ වන විටත් බි්‍රතාන්‍යයෝ වටහා ගෙන සිටියහ.


චීනය මේ වන විට මැං චූ රාජ වංශය යටතේ පාලනය වෙමින් තිබුණි. එය වැඩවසම් සමාජයක් වූවත් සෑහෙන දුරට ස්වයංපෝෂිත වූවක්ව පැවති බවද කියනු ලැබේ. එකල චීනයේ ප්‍රධාන නැව්තොට කැන්ටනය වූ අතර එහි නැව් ඇතුළු කිරීම විදේශිකයනට බොහෝ සෙයින් සීමා කර තිබුණි. යුරෝපයේ සිදුවූ කාර්මික විප්ලවය නිසා යන්ත්‍රසූත්‍ර මගින් නොයෙක් දේ නිෂ්පාදනය කිරීමට ඔවුහු සමත් වූහ. මේ නිසා එම වාසිය බි්‍රතාන්‍යයන්ටද අත්විය. එසේ පුළුල් අන්දමින් සිදුවූ භාණ්ඩ නිෂ්පාදනයට සමගාමීව වෙළෙඳපොළවල් සොයාගැනීමට ඔවුහු උනන්දු වූහ. මේ ගැන සාකච්ඡා කිරීමට බි්‍රතාන්‍යයෝ කීපවරක්ම නියෝජිත පිරිස් චීනයට එවූහ. එම ඉල්ලීම් නිර්දය ලෙස ප්‍රතික්‍ෂේප කරන ලදී. එහෙත් කැන්ටන් නගරය මුල්කරගෙන සුළු භාණ්ඩ තොගයක් අපනයනය කරමින් සිටි බි්‍රතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම චීනයට අබින් ආනයනය කිරීමට පටන් ගත්තේය. බෙහෙත් සඳහා කවදත් අබින් කුඩා පරිමාණයෙන් ගෙන් වූ නමුදු මේ අවස්ථාවේදී එය විශාල වශයෙන් වැඩි කරන ලදහ. 1750දී පමණ ආනයනය කළ ප්‍රමාණය පෙට්ටි හාරසියයක් පමණ වූ නමුදු 1821 වන විට එය පෙට්ටි පන් දහසක් වූ අතර 1839 වන විට පෙට්ටි 40,000 ක් සේ වර්ධනය වූ බව කියනු ලැබේ. මෙයින් සිදුවූ ප්‍රතිඵලය වූවේ ලක්‍ෂ සංඛ්‍යාත චීන ජනතාවක් අබින්වලට ඇබ්බැහි කරවීමයි. සුද්දන්ගේ අභිප්‍රාය වූවේ චීන ජනතාව සම්පූර්ණයෙන් පාහේ මෙම උවදුරට ගොදුරු කරවීමය. එය පියවරෙන් පියවර සාර්ථක වෙමින් අබින් වෙළෙඳාම පැතිරී ගියේය. 1830 වන විට රාජ්‍ය සේවය මුළුමනින්ම අබින්වලට ඇබ්බැහිව සිටි බව කියනු ලැබේ. අධිකරණයේ විනිශ්චයකාරවරුද කාර්යමණ්ඩලද මේ අතර මුල්තැන ගත්හ. එනිසා අධිරාජයා අබින් වෙළෙඳාම තහනම් කළද එම නියෝග ක්‍රියාත්මක නොවීය. මෙයට අදාළව නොයෙක් සිදුවීම් මතින් කාලය ගෙවී ගියේය. අබින් භාවිතය දිගටම පැවත ආවේය.


පසුන් අබින් මත් ද්‍රව්‍යයට චීන ජනතාව වැඩියෙන් විරුද්ධවූවේ සෞඛ්‍ය හා සාදාචාරත්මක පිරිහීම ගැන නොවේ. මේ සඳහා බි්‍රතාන්‍ය සමාගම් අතට ඇදී යන රිදී ප්‍රමාණ ගැනය. එහෙත් රටේ බහුතරය මෙම අපචාරයට ගොදුරුව සිටි නිසා එය තහනම් කළ නොහැකි වූවේය. 1821 දී තවෝ කුවාං කුමාරයා රජු බවට පත් විය. ඔහු වහාම අබින් භාවිතය තහනම් කර නියෝග නිකුත් කළේය. එහෙත් එය ලියවිල්ලකට පමණක් සීමා විය. එහෙත් රජු තදින් සිටියේය. බි්‍රතාන්‍ය සමාගම සතුව තිබූ සියලුම අබින් තොග පවරා දෙන ලෙස නියෝග කළේය. රජු කටයුතු කරන්නේ වචනයට පමණක් සීමාවී නොවන බව තේරුම්ගත් වෙළෙඳ සමාගම් අබින් පෙට්ටි විසි දාහක් රජුට භාර දුන්නේය. මෙම අතිවිශාල අබින් තොගය විශාල වළකට ගොඩ ගසා පිළිස්සූ හුනු, ලුණු සහ ජලය මුසුකර සාගරයට ගලා යාමට සැලැස් වූහ. මෙම ක්‍රියාව අවසන්වීමට දින විසිතුනක් ගත වූ බව කියනු ලැබේ. ඒසා විශාල අබින් තොගයක් විනාශ කිරීම සිදු වුණි.


මෙය ඇසූ බි්‍රතාන්‍ය ජාතික වෙළෙන්දෝ මහත් කෝපයට පත්ව තම මව් රජයට ගතු කීහ. ඒ අනුව 1840 අප්‍රේල් මාසයේදී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව යුද වැය ශීර්ෂයක් සම්මත කර චීනය ආක්‍රමණය කිරීම සඳහා නාවික සේනාවක් එවීය. එම භට කණ්ඩායම කැන්ටන් තොටුපොළේ සිට උතුරට යාත්‍රාකරමින් චීන රාජාණ්ඩුවට බලවත් තර්ජනයක් එල්ල කරමින් කොන්දේසි තුනක් ඉදිරිපත් කළේය. පසුගිය වසරේ විනාශ කළ අබින් තොගයේ වටිනාකම ගෙවීමත් මෙම යුද්මය මැදිහත්වීමට වැය වන මුදල ලබාදීමත් බි්‍රතාන්‍යය සමග වෙළඳ හා තානාපති සබඳතා ගොඩනැංවීමට එරෙහිව චීනය විසින් පනවා තිබූ තහංචි ඉවත් කිරීමත් එම කොන්දේසි තුන විය. මේවා නොපිළිගැනීම නිසා යුද්ධයක් ඇති විය. මෙම ගැටුම ඉතිහාසයේ සඳහන් වන්නේ අබින් යුද්ධය වශයෙනි. මෙය චීනයට මහා පරාජයක් අත්කර දෙමින් නිමා වන විට බි්‍රතාන්‍යයන්ට චීනයේ බොහෝ අයිතිවාසිකම් හිමිව තිබුණි. හොංකොං දූපත බි්‍රතාන්‍යයට පවරා දීම තහවුරු විය. චීන රිදී ඩොලර් දෙකෝටි දස ලක්‍ෂයක යුද වන්දියක් ගෙවීමටද චීන නගරවල පදිංචි වීමට හා වෙළෙඳාම් කිරීමටද බි්‍රතාන්‍යයට ඉඩ ලැබුණේය. මෙම සම්මුතිය නැංකිං ගිවිසුම නම් වේ.


අබින් යුද්ධයේ අවසාන ප්‍රතිඵලය වූවේ චීනය තුළ බි්‍රතාන්‍ය අයිතිය තහවුරු වීමය. චීන රාජ්‍යයේ පැවති බලය විනාශකර එහි පාලනය සහ සම්පත් තමනට පවරා ගැනීමට බි්‍රතාන්‍යයන් යෙදූ උපක්‍රම සාර්ථක විය. චීනය බිඳ වැටුණි. ඒ අබින් මත්ද්‍රව්‍යයේ අනුහසිනි.


චීනයට එදා සිදු කළ එම අබින් ආක්‍රමණය අද වෙනත් මුහුණුවරින් ලෝකයේ වෙනත් රටවල සිදුවෙමින් පවතී. දේශපාලන ක්‍රියාදාමයක් නොවූවත් අපේ රටේ සිදුවන්නේත් ජාතිය විනාශ කිරීමකි. එය ජාත්‍යන්තර මාෆියාවක් විසින් මෙහෙයවන බව හොඳින්ම පැහැදිලිය. පකිස්ථානය, බංග්ලාදේශය ආදී රටවල ඒජන්තවරු මේ සඳහා ක්‍රියාත්මකව සිටිති. මෙයට හොඳම විසඳුම මරණීය දණ්ඩනය බව පිලිපීන ජනාධිපති රොඞ්රිගස් ඩුකාර්ටේ සිය ක්‍රියාමාර්ගයෙන් ඔප්පු කර ඇත. පමා වී හෝ ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ද එම පියවරට අනුගතවීම ජාතියේ පැත්තෙන් යහපත් තීරණයකැයි ජනයා පවසනු ඇසේ.

 

 


එස්. වික්‍රමසිංහ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

චීනය මත් රකුසාට බිලි දුන් අධිරාජ්‍යවාදීන්ගේ අබින් යුද්ධය

ඔබේ අදහස් එවන්න

 

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3113 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12807 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 862 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 804 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 434 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 678 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 358 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 832 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 310 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site