දූෂිත දේශපාලකයන් ඉන්න තාක්කල් කිසිදු රටක් පෙරට යන්නේ නැත. රටක විනය පිරිහෙන්නේ එවිටය. ඔවුන්ගේ අවිධිමත් ක්‍රියාවලිය තුළින් රටක් පරිහානියට පත්වනවා මිස අන් කිසිදු යහපතක් රටේ ජනතාවට සිදුවන්නේ නැත. ලොව දියුණු වන්නේ නිපුණතාව සහ කුසලතාවට මුල් තැන දෙන රටවල්ය. එවැන්නක් කිසිදු මානයක නොපෙනෙන වැඩි රාජ්‍යය ද ගිලෙන නැවක් බවට පත්ව ඇත්තේ දූෂණයට මුල් තැන දෙන පාලකයෙක් සිටින නිසාවෙනි. අද දියත වෙන් වන්නේ චැඞ් ජනාධිපති ඉද්රිස් ඉබි වෙනුවෙනි.
අප්‍රිකාවේ උතුරු මැද රාජ්‍යයක් වන චැඞ් රාජ්‍යය, මිලියන 13කට අධික පිරිසකගේ නිජ බිමයි. දේශපාලන අරගල නිරන්තරයෙන්ම පවත්නා රාජ්‍යයක් හැටියට එය ප්‍රකට ය. එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයට අනුව, දරිද්‍රතාව අතින් ලොව හත් වැනි තැන ඇත්තේ චැඞ් රාජ්‍යයයි. 1987 වසර වනතුරුම චැඞ් රාජ්‍යය සතුව පැවැතියේ ප්‍රධාන පෙළේ රෝහල් හතරක් සහ කුඩා ප්‍රමාණයේ සෞඛ්‍ය මධ්‍යස්ථාන 44ක් පමණි. නව රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන කිහිපයක් අද වනවිට ඊට එකතු වී තිබුණත්, එහි වෙසෙන පුද්ගලයන් ලක්ෂයකට සිටින්නේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකි.
“අප්‍රිකාවේ මියගිය හදවත” නමින් හඳුන්වන මේ චැඞ් රාජ්‍යය පුරා ඇත්තේ දරිද්‍රතාවයයි. ලොව හත්වැනි දුප්පත්ම රට ද වන චැඞ් රාජ්‍යය විදෙස් මාධ්‍ය පවසන පරිදි කාබාසිනියා කළ බලලෝභී දේශපාලක වන්නේ ඉද්රිස් ඩෙබීය. ඔහු පුරා වසර 29ක් අඛණ්ඩව එරට ජනාධිපති ලෙස කටයුතු මොහු නිසා යැයි පැවසේ. එරට පැවැත්වෙන් සෑම මැතිවරණයකදී ලියාපදිංචි දේශපාලන පක්ෂ 78ක් රටේ බලය ලබා ගැනීමට උත්සාහ කළ ද ඉද්රිස් ඩෙබී ඉන්නා තුරු ඒ කිසිදු පක්ෂයකට දේශපාලනයේ සිටීමට වරම් නොලැබී ඇත.
චැඞ් රාජ්‍යයේ හයවැනි ජනපතිවරයා වන ඉද්රිස් පළමු වෙන්ම ජනාධිපති ධූරයට තේරී පත් වන්නේ එවකට බලයට පැමිණියේ එවකට බලයේ සිටි හිස්නේ හිබි්‍ර ධූරයෙන් නෙරපා දමමිනි. එසේ බලයට පැමිණි ඔහු 1996 දීත්, 2001 වසරේදීත් පැවති ජනාධිපතිවරණයන්ට ඉදිරිපත්ව ජයග්‍රහණය කළේය. එසේම ඔහු 2011 සහ 2016 වසරවල දී තම අභිමතය පරිදි ආණ්ඩුකාරවම ව්‍යවස්ථාව සංශෝධනය කර ගත්තේය. මේ අනුව ජීවිතාන්තය තෙක් ජනපති තනතුරේ රැඳී සිටීමට ඔහු මාර්ගය පාදා ගත්තේය.
1952 ජුනි 18 වැනිදා අන්ත දූගි දෙමාපිය යුවළකට දාව උපන් ඉද්රිස් සිය ළමා කාලයේ ගෙවන්නේ සුව පහසු කාලයක් නොවේ. විද්‍යා උපාධිධාරියෙකු වන ඉද්රිස් පසු කළෙක ගුවන් නියමු පුහුණු සහතිකයක් ලබා ගත්තේය. පසු කාලීනව චැඞ් රාජ්‍යයේ හමුදා සේවයට එක්වූ ඉද්රිස් පසුකලෙක එරට ජනාධිපති වූ හිස්නේ හිබි්‍රගේ හිතෛෂීවන්තයෙකු වන්නේ දෛවෝපගත ලෙසිනි. ඔහුගේ රජයේ ප්‍රධාන ආරක්ෂක උපදේශක තනතුර ද ඉද්රිස් ලබා ගත්තේය.1990 වසරේදී චැඩි රාජ්‍යයේ 6 වැනි ජනාධිපති ලෙස පත්වන්නේ ඔහුව නෙරපමිනි.
බටහිර රාජ්‍යයන් විසින් චෝදනා කර සිටින්නේ වසර 29ක් තිස්සේ ඉද්රිස් ගෙන යන්නේ පවුල් පාලනයක් බවය. බිරියන් කීපදෙනකු සමඟ විවාහ වී ඇති ඔහුට සිටින ළමයින් සංඛ්‍යාව 12ක් යැයි පැවසේ. බිරියන් ළමයින් හා ඥාතීන් රජයේ ඉහළම තනතුරුවලට පත් කරගෙන ඔහු දූෂිත පාලනයක නිරත වන බව චෝදනා එල්ල වේ. ඉතා දිළිඳු පවුලක උපත ලබා හමුදා ජෙනරාල්වරයකු බවට පත් වී ඒ මාර්ගයෙන් රටේ ජනපති තනතුර ලබා ගත් ඔහුට එරෙහිව එල්ල වන දූෂණ චෝදනාවලට ප්‍රබලව බලපා ඇත්තේ ඔහුගේ පවුල්වාදයයි. ඔහුගේ එක් භාර්යාවක වූ හින්ඩා අමාත්‍ය මණ්ඩලයේ ඉහළම ඇමති තනතුරක් හොබවන්නීය. ඇය ජනපති ප්‍රධාන උපදේශිකාවයි. ඇමතිවරුන්ට නියෝග නිකුත් කරනුයේ ඇය බව බටහිර මාධ්‍ය වාර්තා කර සිටී. මේ ජනපති බිරිය රජයේ සම්පත් අවභාවිත කරමින් රාජ්‍ය දේපොළ විදේශ සමාගම්වලට විකුණමින් රට අරාජික තත්ත්වයට පත් කළ බව ද විපක්ෂ දේශපාලන පක්ෂ චෝදනා කරති.
ඉන්ධන නිපදවීම අතින් අප්‍රිකා මහාද්වීපයේ මුල් තැනක් හිමි වී ඇති චැඞ් දේශය අද අන්ත දුගී රටක් බවට පත් වී ඇත්තේ ජනපති ඉද්රිස් ප්‍රමුඛ දේශපාලකයන්ගේ වංචා සහ සොරකම් නිසාය. ජනපති ඉද්රිස් සිදු කරනුයේ ජනතාවට සුබසාධන ක්‍රියා ලබා දෙනවාට වඩා උපයා ගත් තෙල් සල්ලිවලින් අවි ආයුධ මිලට ගැනීම සහ හමුදාව තර කිරීමය. තෙල් පිරිපහදුව සඳහා චීනය සමඟ ගිවිසුමක් ඇති කරගෙන ඉන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.
චැඞ් රාජ්‍යයේ සිට කැමරුන් රාජ්‍යය දක්වා සැතපුම් 640ක් දිග පොළව යටින් පයිප්ප බට ඔස්සේ ඉන්ධන පොම්ප කිරීමේ ව්‍යාපෘතිය ඇරඹීමට කටයුතු යෙදීම තුළින් සිදු වූ මහා පරිමාණයේ දූෂණ සම්බන්ධයෙන් ද ජනපති ඉද්රිස්ට හා ඔහුගේ ඥාතීන් සම්බන්ධ බව ඇමිනස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රමුඛ විවිධ රාජ්‍ය නොවන සංවිධාන අනාවරණය කළේය. ජනපති ඉද්රිස් මහජන අරමුදල් ගසා කෑම කෙතරම් ද කිවහොත් වරෙක ලෝක ප්‍රසිද්ධ ෆෝර්බ්ස් සඟරාව චැඞ් දේශයේ දේශපාලකයන්ගේ දූෂණ ක්‍රියා පිළිබඳ විශේෂ වාර්තාවක් පළ කරමින් කියා සිටියේ ජනපති ඉද්රිස් තම රටේ අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා ජනතාව රැවටීමට ඔපරේෂන් කෝබ්‍රා (ධචැර්එසදබ ක්‍දඉර්) නමින් දූෂණ විරෝධී ව්‍යාපාරයක් ඇරඹූ බවත්, වැඩි දූෂණ සිදුවී ඇත්තේ එම ව්‍යාපෘතිය නාමයෙන් බව ද සඳහන් කළේය.
ජනපති ඉද්රිස්ගේ විසිහත් වැනි වියේ පසුවන වැඩිමහල් පුත්‍රයා වන බ්‍රාහිම් (ඊර්යසප) ය. රටේ ආදායම් උපයන මර්මස්ථාන රාශියක් පාලනය කරන්නේය. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ආයුධ ගනුදෙනු, රාජ්‍ය දේපොළ කුණු කොල්ලයට විකිණීම ආදී චෝදනා රාශියක් ඔහුට එරෙහිව එල්ල වී ඇත. එසේ දූෂණ වංචා සිදු කළ ජනපති පුත්‍රයා ප්‍රංශයේ පැරිස් නුවර ගරාජයක් තුළ තිබී ඔහුගේ මළ සිරුර පසුගිය දා සොයා ගනු ලැබීය. චැඞ් රාජ්‍යය වඩාත් අරාජික වූයේ ජනපති ද චීනය සමඟ රට වනසන ව්‍යාපෘති ඇරඹීමට පෙළඹුණ නිසා යැයි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර නායකයෝ කියා සිටිති.
චැඞ් රාජ්‍යය
තිළිණි ද සිල්වා
ඡායාරූපය අන්තර්ජාලයෙනි
මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත
මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්
එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ
එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ
කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට
රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
චැඞ් රාජ්‍ය වළපල්ලට ඇඳගෙන යන දූෂිත ජනාධිපති ඉද්රිස් ඉබි