පුද්ගලයන් බොහෝ අපහසුතාවට පත්කරන හිසරදය පාලනය කිරීම සඳහා භෞතික විද්‍යනුකූල මූලධර්ම උපයෝගී කරගෙන නවීකරණය කරන ලද නව තාක්ෂණික ක්‍රමවේදයක් සහ වේදනාව සහ අපහසුතාව මැනීම සඳහා කාර්යක්ෂම මිණුම් දණ්ඩක් හඳුන්වාදීමට වරලත් භෞත චිකිත්සක සංගමයේ ආචාර්ය සුජීව වීරසිංහ සහ ආචාර්ය කුමාර පතිරණ යන මහත්වරු සමත්වී සිටිති.
බෙල්ල හා පිට ආශ්රිත මාංශ පේෂීන් තදවීම නිසා පේෂීන් අස්ථිවලට බද්ධවන ස්ථානවලදී ඇතිවන වේදනාව මගින් මාංශපේෂීන් අතරින් හිසට ගමන් කරන රුධිර නාලවලට ඇතිවන පීඩනය නිසා හිස් කබලේ හා මුහුණේ මාංශ පේෂීවලට සිදුව ඇති රුධිරය සම්පාදනයේ අඩුවීම වෙනස්කිරීම සහ පේෂී තන්තු පටක තරලය නිසා ඇලී ඇති බැවින් ඒවාද නිදහස් කිරීම මෙම නව ක්‍රමවේදයෙන් සිදුකෙරේ. ඒ අනුව ප්‍රතිකාර කිරීමේදී වේදනාව සහ අපහසුතාව මැනීම සිදුකළ යුතු අතර ඒ වෙනුවෙන්ද නව මිණුම් දණ්ඩක්ද ඔවුන් විසින් හඳුනාවාදී තිබේ.
හිසේ වේදනාව, බරගතිය, අපහසුතාව මෙන්ම හිස්කබල, බෙල්ල සහ මුහුණ ප්‍රදේශවල වේදනාව යන අපහසුතාවලින් එකක්, කීපයක් හෝ සියල්ලම හිසරදය ලෙස හඳුන්වාදිය හැකිය. ලොවපුරා කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී පිරිමින්ට වඩා කාන්තාවන් මෙම තත්ත්වයෙන් පීඩා විඳින බව සොයාගන ඇත. නව තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳව ආචාර්ය සුජීව වීරසිංහ මහතා අදහස් දැක්වූයේ මෙසේය.
‘මොළයට සංවේදන ගමන් කරනු ලබන ස්නායු මාර්ග එකිනෙක මත යාම හා සංඥා කළවම්වී වේදනාව සඳහා සංවේදීවීමත්, මාංශපේෂීවල සමහර ස්ථාන අධි සංවේදී ලෙස තදවීමත්, හිස්කබලට, බෙල්ලේ සහ මුහුණේ කුඩා මාංශපේශීවලට රුධිරය අඩුවීම නිසාත්, සමහර පෙනීම් අපහසුතා නිසා ආතති මෙන්ම ඉරුවාරදයේ ප්‍රභේද සහිත හිසරදය ඇතිවේ.
අප නවීකරණය කරන ලද ක්‍රමවේදයෙන් සිදුකෙරෙන්නේ සූක්ෂම ලෙස භෞතික විද්‍යාවේ මූලධර්මවලට අයත් ශ්‍රේණි 5 කින් සමන්විත සන්ධි චලන මගින් හිසරදය පාලනය කිරීමයි. භෞත චිකිත්සාවේ විද්‍යාණුකූලව සිදුකරන ක්‍රියාවලියක් වන ඵැඑක්බා ඔැජයබසුමැ නැමැති ක්‍රමවේදය අප විසින් දියුණු කර බෙල්ලේ සියුම් සන්ධි චලනය ක්රමාණුකූලව ශ්‍රේණි අංක 0 සිට 5 දක්වා සිදුකිරීම තුළින් හිසරදය පාලනය කිරීමට හැකිවෙනවා. එය ඉතා පළපුරුදුව සහ ඉතා පරීක්ෂාකාරීව සිදුකළ යුතුවෙනවා.
වසර දොළහක පමණ සිට අප කළ අධ්‍යයන සහ සායනික පළපුරුද්දක් ඇති අප හිසරදය සඳහා විවිධ ආකාරයේ ප්‍රතිකාර ලබාගත්, දීර්ඝ කාලීනව බෙල්ලේ වේදනාව සමඟ හිසරදය පවතින රෝගීන්, වේදනා නාශක භාවිත කරන, බෙල්ලට කොළරයක් පළඳින, යෝග අභ්‍යාසවල යෙදුණ, චීන කටු චිකිත්සාව, ආයුර්වේද ප්‍රතිකාර මෙන්ම වෙනත් ප්‍රතිකාර සඳහා මාස 6 කට වැඩි කාලයක් විවිධ ආකාරයෙන් පිහිටපැතූ රෝගීන් මෙම අධ්‍යයන සඳහා යොදාගත්තා.
එහිදී මෙම රෝගීන්ගේ අධ්‍යාපනය, ගෘහ ජීවිතය, මානසික සෞඛ්‍ය දැඩි ලෙස පිරිහීමට ලක්වී තිබුණි. ඒ අනුව අප ඉදිරිපත් කළ නව භෞත විද්‍යාත්මක මූලධර්ම ක්‍රමවේදය මගින් ඖෂධ හා වෙනත් අතුරු ආබාධ සහිත ප්රතිකාරවලින් තොරව ඉතා සතුටු දායක ලෙස ආතති හිසරදය මෙන්ම රුධිර සංසරණය අඩුවීම නිසා ඇතිවන ඉරුවාරද ප්‍රබේද ද පාලනය කිරීමට හැකිවුණා. එමගින් රෝගීන්ගේ භෞතික සහ මානසික සෞඛ්‍ය යහපත් කරන්නට අපට හැකිවීම අප ලද ජයග්‍රහණයක්. අවසන් ක්‍රියාවලියේදී රෝගියා පුනරුත්ථාපනයට පත්කර සම්පූර්ණයෙන්ම පාලනය කිරීමටත් හැකිවෙනවා. 2013 තායිවානයේ පැවැති ලෝක භෞත චිකිත්සක සම්මේලනයේදී මෙම ව්‍යාපෘති දෙකම ඉදිරිපත් කළා. එහිදී මෙම ව්‍යාපෘති දෙකම සම්මත වුණා.’’
ආචාර්ය සුජීව වීරසිංහ
ආචාර්ය කුමාර පතිරණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලිපිය පළකළ ලෙසම අපි ප්‍රතිකාර සඳහා යොමුවන විදියත් දැනුවත් කරන්නේ නම් ලොකු පිනක් (නි)
ශ්‍රි ලංකාවෙන් මේ වගෙ ආචාර්යවරුන් බිහි ව්ම ආඩම්බරයි. (බ)
කරුණාකර මේ මහත්වරුන් සම්බන්ධ කර ගත හැකි ආකාරය සඳහන් කරන්න. (ර)
බොහොම හොඳයි (නි)
මේක හොද ආරම්භයක් ,අපිත් නව නිපැයුම් කරලා හොද ව්‍යාපෘති කරලා දියුණු වෙන්න ඕනේ. විද්‍යාවේ සුපිරි වැඩක් .ජය ජය ජය වේවා . (ම)
නියමයි! (නි)
අපි නම් ඕකට හිසට දාන්නේ හොඳ පීනස් තෙලක් (නි)
පීනස කියන්නේ හිසරදයේ එක ප්‍රබෝදයක් පමණි. වෛද්‍යවරයෙක් හැටියට මම දන්නවා මේ කියන හිසරදයට ස්ථිර විසදුමක් නැති බව. ඒ නිසා ඒ මහත්වරුන්ගේ නව සොයා ගැනිම අවතක්සේරු කරන්න එපා .වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම කියවලා තේරුම් ගන්න.(ම)
මෙවැනි තවත් ප්‍රතිකාර කරන කරන ස්ථානයක් මාලඹේ ප්‍රදේශයේ තිබෙනවා. ප්‍රතිකාර සඳහා විශාල ජනතාවක් පැමිණෙනවා. (නි)
පෝලිම කිමී 10ක්වත් දික්වෙයි. එතකොට ලෙඩා මැරිලා (නි)
ඔලුවේ කැක්කුම් වලට බොහෝවිට වේදනානාශක පෙති ටිකක් බීලා තාවකාලිකව යටපත් කරගන්නවා මිස ස්ථිරසාර විසඳුමක් තිබුනේ නැහැනේ. බොහොම සතුටුයි අලුත් සොයාගැනීම් වලට. ලංකාදීපයට ස්තුති වේවා......! (නි)
කටාර් රටේ හිටිය මම දන්නවා මේ ගැන. ලංකාවේ ඉන්න අය දැනුවත් වෙනවා හරි දුර්වලයි (නි)
විශිෂ්ටයි! (නි)
මම සුභ පතමි තව ඉදිරියටමයන්න. (ර)
රජයේ අවධානය යොමුවේවා. මේ වගේ වැදගත් ප්‍රවෘත්තිවලට මුලිකත්වය දෙන්න . ලංකාදීපයට තුති (බ)
ගොඩක් හොද දෙයක්...ගොඩක් මිනිස්සු මේක හින්ද දුක් විදිනවා..ප්‍රතිකාර ගන්න පුළුවන් කොහොමද කියලාත් දැනුවත් කරනම් තමා හොද (ම)
ප්‍රතිකාර කර ජනතාව සුවපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා (බ)
මෙය හොඳ දෙයක්. සම්බන්ධ කරගන්න පුළුවන් අංකයක් දෙන්න පුළුවන් නම් හොඳයි (නි)
හොඳ සොයාගැනීමක්. (ර)
අදහසනම් හොදයි. (ර)
ඉතාම හොඳ සොයාගැනීමක්. සුබ පතමි. තව තවත් මෙවන් යහපත් දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
ලංකාවටම ලොකු දිනුමක් දොස්තරලා 30000 ක් ඉන්න රටේ එක බෙහෙතක්වත් තාම හොයාගන නෑ ජයවේවා (බ)
ආඩම්බරයි (අ)
පිරිමි පක්ෂයට වඩා කාන්තාවන් හිස කැක්කුම් වලින් පීඩාවිඳින බව නම් සත්‍යක්. ඉතා හොඳ දැනුවත් කිරීමක්. ලංකාදීපයට තුති! (නි)
මෙන්න දොස්තරලා. ඔබතුමන්ලා කවදාවත් "සංගමයක" හරි, "සභාවක" හරි අතකොලු නොවේවා! නිලතල, බලතල නොදරත්වා! ඔබ දෙපළට මෙන්ම ලංකාදීපයටත් පින්. (නි)
යුදහමුදාව රට බේරලා දුන්න වගේම අජන්ත මෙන්ඩිස්ලා දාල ක්‍රිකට් දිනෙව්ව . මේ දෙන්නත් යුදහමුදාවෙන් බිහිඋන දෙන්නෙක්. යුදහමුදාවට ආචාරය. ලංකාදීපයට තුති.අපි ලෝකෙටම පෙන්නමු ලංකාවේ අය ලෝකේ ජයගන්නවා කියල. (ස)
මෙයටත් වඩා අති සාර්ථක ක්‍රමයක් තම විපස්සනා භාවනාව කිසිම වියදමක් යන්නෙත් නැහැ. හිසරදයෙන් විතරක් නෙමෙයි හරියට ගියොත් සියලුම දුකෙන් ගැලවෙන්න පුළුවන්. මතකනේ අර හාමුදුරු කෙනෙක් මුළු ශරිරයම ගිනි ගනිද්දීත් නොසැලී හිටියේ? හැබැයි එ්ක හරියට කියල දෙන අය හොයාගන්න අමාරුයි. (බ)
ඉනෝකා බින්තැන්නට ගොහින් බලන්න හිස කැක්කුම් අඩු වෙවී.ගොඩාක් කාලයක් එංගලන්තයේ ඉන්න කට්ටියට ඔය අමාරුව තියෙනවා. (බ)
දේශපාලන හිසරදයට කොට්ටේ මාරුකරලා රටම අමාරුවේ වැටෙමින් ඉන්න මොහොතක හිසරදයට විසදුමක් ගැන අහන්න ලැබුනාම සතුටුයි. එයත් කොට්ටේ මාරුකිරීමක් නොවේවා ! (බ)
සමන්.ඔබටත් බින්තැන්නේ සිටින ආදරණීය ලක්වාසී සැමටත් දුකෙන් තොර නිදුක් නීරෝගිමත් වාසනාවෙන් පිරුණ නව වසරක් වේවායි සුබ පතමි....!(ම)
ලංකාවේ කාන්තාවනට බහුලව පවතින මානසික ආතතිය ඇතිකරන හිසරදයට විසඳුමක් ලබාදීමට ශ්‍රීලංකාව තුලින්ම ලේබීම ගෙන ආඩම්බරයි ලංකාදීපයට තුති ප්‍රතිකාර ලබාගන්න ආකාරය ගෙන දැනුවත් කරන්න (බ)
මේක හරියට කියවල තේරුම් අරන් ලියන්න , විද්‍යාත්මකව ඔප්පු කරලා තියනවා ලස්සනට අපේ දේවල් අගය කරන්න පුරුදු වෙන්න. ඔබටත් ලංකදීපයටත් ජයවේව. තවත් අලුත් දේවල් හොයන්න උනන්දු වෙන්න (කෞ)
දොච්ටෝර් සුජීව සහ දොච්ටෝර් කුමාර් ඔබ දේපල අප රටට ආඩම්බරකි. පුංචි ලංකාව මුළු ලෝකයේම කතාබහට ලක්වෙන්නේ අද ඔයාල නිසයි. මම ඔයාලට ආචාර කරනවා.තව තවත් මේ සම්බන්ධව කටයුතු කරන්න ශක්තිය ලැබේවා (බ)
මේ නව සොයාගැනීම ලංකාවේ දෙදෙනෙකු විසින් කළ ජාත්‍යන්තර මට්ටමේ නව සොයාගැනීමක් බව අපි පිළිගන්න ඕනෑ. ඒවගේම අපේ පුංචි රටේ නම ලෝකෙට ගෙනියන මේ විද්වතුන් දෙපලට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. (නි)
මේ රටේ මිනිසුන්ට හැදෙන හිසරදයට මේ රටේ දේශපාලකයෝ තමයි වගකියන්න ඕනෑ. (නි)
ලොව ජයගත් අපේ නම තැබූ ඔබට සුබ පතනවා.මාධ්‍යවේදියෙක් විදියට මම ගයාන්ව අගය කරනවා මෙවන් පුවතක් ඉදිරිපත් කරන්න පෙරමුණ ගැනීම ගැන. ඔබේ පුවත ඒ ආකාරයෙන්ම විද්‍යුත් මාධ්‍යවලත් යන එක හොඳයි. (නි)
හිසරදය නිසා දුක්විඳින අයට පිහිට වෙන්න උදව් කරන්න. බෙහෙත් බිව්වොත් ගෑස් හැදෙනවා (නි)
හිසරදය හිසරදයක් වෙලා තියෙන්නේ ලංකාවේ අපට විතරක් නෙමෙයි. ලෝකේ මහා බලවතුන්ටත් ඔලුවේ කැක්කුම් හැදෙනවා විශේෂයෙන් කාන්තාවන්ට. අපිට පුලුවන් නම් ඒ උදවියට උදව් කරන්න, ක්‍රිකට් වලින් විතරක් නෙමෙයි ලංකාව ඉහළින් ඉන්නේ කියලා පෙන්වන්න හොඳ අවස්ථාවක්. ජයවේවා! (නි)
සමහර මිනිස්සු විද්‍යාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. හුදු බටහිර තාක්ෂණයට, විද්‍යාවේ දියුණුව කියලා රැවටිලා. එයාලා හිතා ඉන්නේ බටහිරින් අනුමත වෙන දෙය පමණයි විද්‍යාව කියන්නේ කියලා. මේක ඉතාමත් වැරදි මෝඩ අදහසක්. පෙරදිග විද්‍යාව පරම සත්‍ය දක්වා විනිවිද ගිහින් තිබෙනවා. එයට සාපේක්ෂව බටහිර විද්‍යාව තාමත් ප්‍රාථමිකයි. එහෙත් දැන් සියල්ල අවිද්‍යාවෙන් වැහිලා. ඒවා හාර අවුස්සලා පවතින ලෝකයට අවබෝධවෙන විදිහට ඉදිරිපත් කරන්න පුලුවන් නම් එය මනුෂ්‍යත්වයට කරන සේවයක්. මේ සඳහා ඇමෙරිකානු සරසවි කරන සේවය අගය කළයුතුයි. හැබැයි ලංකාවේ අයට වෙන්නේ තමන්ගේ මුතුන් මිත්තන්ගේ දැනුම ප්‍රතිශෝධනය වී බටහිරින්ම එනතෙක් බලා ඉන්නයි. (නි)
බොහොම හොඳයි (නි)