ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 75ක් වන සිංහලයන් ඉපැරැණි නැගෙනහිර ඉන්දියාවෙන් පැවතෙන්නන් බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි.
සිංහලයන් ඉන්දියාවේ ඔඩිසා හා ඛෙංගාලි කලාපයෙන් පැවැතෙන්නද යන්න පිළිබඳ සෙවීමට මීට වසර තුනකට පෙර ශ්‍රී ලාංකික නියෝජිතයකු ඉන්දියාවේ සහාය ඉල්ලීමත් සමඟ කරන ලද පර්යේෂණවලින් මෙම කරුණු අනාවරණය වී ඇත.
සිංහල ජනතාවගේ මූලාරම්භය පිළිබඳ ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ ප්‍රධානතම ලිඛිත වාර්තාව වන ‘මහාවංශය‘ යේද වැදගත් කොටසක් ඇතැයි ද එය වත්මන් සොයාගැනීම් හා සැසෙඳන බව ද මෙහිදි අනාවරණය වී ඇත.
පුරාණෝක්තිවලට අනුව සිංහල ජනතාවගේ පැවත එන්නේ විජය රජුගෙනි. කි‍්‍රස්තු පූර්ව 543 දී වයඹ දිග ඉන්දියාවේ සිට › ලංකාව වෙත ගමන් කරන විජය ඇතුළු පිරිස පළමු සිංහල නගරය තම්බපණ්‚ යනුවෙන් නම් කරන ලදි.
ඉන්දියාවේ කුප්‍රකට අජන්තා ලෙන් ගුහාවල ඇති සිතුවමක ද විජය රජු සිංහල නගරයකට යන අයුරු දැක්වෙන බව පර්යේෂණ වාර්තාවලින් අනාවරණය වී ඇත.
විජය රජු යනු ගුජරාටයේ සිහපුර පාලකයා වූ සිංහබාහුගේ පුත්‍රයාය. සිංහබාහුගේ මව නැගෙනහිර ඉන්දියාවේ රජු වූ කාලිංග රජුගේ දුවය. සිංහයකු ඇය පැහැරගත් බව පුරාවෘත්තවල සඳහන් වෙයි.
කෙසේ නමුත් පවතින පුරාණෝක්ති එසේත් නැතිනම් ඉතහාස කතා නිශ්චිත සිද්ධාන්තයකින් හෝ සාක්ෂිවලින් සත්‍ය හෝ අසත්‍ය බවට ඔප්පු කර නැත.
විජය රජුගේ පරම්පරාව පිළිබඳ තොරතුරු වාර්තා වුවද ඒවා සත්‍ය හෝ අසත්‍ය හෝ බවට සනාථ කළ හැකි කිසවක් තවමත් සොයාගෙන නැත. එසේ නමුත් වත්මන් ඛෙංගාලි හා ඔඩිෂා ජනකොටස් හා සිංහල ප්‍රජා අතර සමනතා දක්නට ඇතැයි එම වාර්තා සඳහන් කරයි.
සිංහල සම්ප්රදාය තුළ සිංහයාට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත. සිංහ සංකේතය බොහෝ ස්ථානවලදී භාවිත වී ඇත. සිංහල ප්‍රජාව අතර මෙන්ම ඔඩිසා හා ඛෙංගාල ප්‍රදේශවල ජනතාව අතරද සිංහයාට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇති බවත් සංකේතයක් ලෙස භාවිත වන සංජිව් සන්යාල් රචිත ‘ ඕෂන් චර්න් : හව් ද ඉන්දියන් ඕෂන් ෂේප්ඩ් හියුමන් හිස්ටි්ර‘ කෘතියේ සඳහන් වේ.
ඔඩිසා හි ජනතාව නරසිම්හා (අඩ මනුෂ්‍ය හා අඩ සිංහ විෂ්ණු දෙවියන්) වන්දනාමාන කරන අතර ඛෙංගාලි වැසියෝ සිංහයකු මත නැග සිටින දුර්ගා දෙවියන්ට වන්දනාමාන කරති. › ලංකා ජාතික ධජයේ සිංහයා සිටීමත් ඔඩිෂා හා ඛෙංගාල ප්‍රදේශවල ආගමික සංකේතයක් ලෙස සිංහයා භාවිත වීමටත් ඇත්තේ එකම සංස්කෘතික මූලාරම්භයක් යැයි ද සංජීව් සන්යාල් තම කෘතියෙන් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් පුරාණ කතාවලට වැඩි යමක් මේ සබඳතාවලදී සොයාගත හැකිව තිබේ. සිංහල ජනගහනයෙන් සියයට 25.41කට ඛෙංගාල දායකත්වය තිඛෙන බව ශ්‍රී ලංකා ජනහනයේ ජානමය සබඳතා (‘ජෙනටික් ඇෆිනිටීස් ඔෆ් ශ්‍රී ලන්කන් පොපියුලේෂන්ස්‘, ගෞතම් කුමර් ක්ෂාතී්රය) නැමැති සංජීව්ගේ අධ්‍යනයේදී අනාවරණය වී ඇත. භාෂාමය වශයෙන්ද සබඳතා තිඛෙන ඉතිහාසඥයන් විසින් මෙම පර්යේෂණවලදී අනාවරණය කරගෙන ඇති අතර සිංහල භාෂාව කතා කිරීමේ ඉන්දු ආර්ය මූලආරම්භ සම්බන්ධයෙන් ද එම පර්යේෂණවලදී කරුණු අනාවරණය වී ඇත.
ඛෙංගාල භාෂාවේ සංවර්ධනය සම්බන්දයෙන් සිංහල කතනයේ ඉන්දු ආර්යය අන්තර්ගතය පිළිබඳව සුනිති කුමාර් චැතර්ජි දක්වා ඇත්තේ මෙවන් අදහසකි.
‘ඉන්දු ආර්ය භාෂාව සිලෝන් වෙත රැනෙ යන්නට ඇත්තේ බටහිර ඉන්දීය වෙරළ තීරයේ සිටින පිරිස්ය. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ සිට සිලෝන දේශය හා මගධය අතර සබඳකම් පැවැතු‚. එම සබඳතා පැවැතියේ ඛෙංගාලය ඔස්සේය. ඛෙංගාලය හා සිලෝන් අතර පැවැති සබඳතා සම්බන්ධයෙන් ඛෙංගාල සාහිත්‍යයේ සඳහන් වේ. ‘
එපමණක් නොව ඔඩිෂා, ඛෙංගාලය හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම් ද සිදු වී ඇත. › ලංකාව කාලිංග දේශයෙන් අලින් ආනයනය කරන විට ඔවුන් මෙරටින් මුතු හා රිදී ආනයනය කර ඇත. වාර්තාවලට අනුව කි‍්‍රස්තු පූර්ව පස්වැනි සියවස වනට මෙම කලාප දෙක අතර ශක්තිමත් ආර්ථීක සබඳතා පැවැති බවට අනාවරණය වන අතර එම වෙළෙඳ හා වා‚ජ සබඳතා කලාප දෙකේ සමාජ, සංස්කෘතික හා දේශපාලන කටයුතුවලට ද බලපෑමක් සිදු කර ඇත.
ශ්‍රී ලංකාවේ ජනාවාසවලට ජනගහනයට විවිධ ජාතීන්වල බලපෑම් සිදුව ඇත. පෘතුගි්රසි, ලන්දේසි හා බි්රතාන්ය ආක්‍රමණය කිරීම්ද ශ්‍රී ලංකාවේ ජනගහනයට බලපෑ ඇත. දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමි‚ දෙමළ ජාතිකයන් ද ශ්‍රී ලංකාවේ වත්මන් සිංහල ජානමය සංයුතියට බලපෑ ඇතැයි කරන අධ්‍යයන වාර්තා සඳහන් කරයි.
කෙසේ නමුත් සිංහල ජනතාව ඛෙංගාලි හා ඔඩිෂා කලාපවල ජීවත්වන පිරිස් සමඟ සංස්කෘතික, ජානමය හා භාෂාමය සබඳතා සමානකම් හා සබඳතා ඛෙදා ගන්නා බව කරන පර්යේෂණවලින් අනාවරණය වූ නමුත් එම කරුණු බොහෝ පිරිස් ප්‍රතික්ෂේප කරත
නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනෙවි, විජය ආවේ 700 සමඟලු. එහෙනම් ටයිටැනික් වගේ නැවකින් එන්න ඇති නේද? (නි)
බොදුබල සෙබල බමුණුසිංහ මහතා ලංකා ඉතිහාසය හොඳින් දන්නා බව මම සිතමි. එතුමාට අනුව ලංකාවේ අවේනික හෙළයන් වන උඩරට නිළමේලා ටික සිංහලයේ අන්තිම රජතුමාව ඉංග්‍රීසින්ට පවා දෙන්නට ඇත්තේ උස,පැහැපත්,මහා සිංහලයන් නිසාද යන්න මට නම් තේරුම් ගත නොහැකිය.මිනිසුන් සැබෑ මිනිසුන් ලෙස ජීවත්වීමට නොසිතා වංශ කබල් ගාන්න යන බමුණන් තවමත් අප අතර සිටීම කණගාටුවට නොව ලජ්ජාවට කරුණකි. ඉහතින් ඔර්ජිනල් සිංහයන් වීමට දඟලන අපේ ඇත්තන්ට විදේශ වහල් සේවය සහ විදේශ ණය නැති නම් මොනසිංහයන් වන්නේදැයි සිතාගත නොහැකිය. රටක් වශයෙන්, ජනතාවක් වශයෙන් හැඟීමක් සහ හඬක් කවදා පැමිණේවිද? (අ)
සිංහලයට පර සිංහලය කියල තමයි අනික් ජාතිය අපිට බනින්නේ මොනවද? අපිට උත්තර කියල දෙන්න තිබෙන්නේ . (අ)
මේකේ ඉන්නේ වැඩි හරියක් බංගලියන් (අ)
කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ රට ඉතින් බල්ලට ගිහිල්ල ,බල්ලොත් දැන් රට ගිහිල්ල . (අ)
ඔය තරමටම අපි ඉන්දියාවට නෑකම් කියනවනම් තෑග්ගක් විදියට එහෙ පුරවැසිකමත් අපි හැමෝටම දෙන්න කියමු . (ර)
ඉන්දියාවේ කේරලයට ගිහින් ට්‍රයි කරන්ඩ, දවස් දෙකෙන් මලයාලම් වචන 50% කියවගන්ඩ පුළුවන් වේවි , ඒ මොකද මලයාලම් අකුරු හා අපේ සිංහල අකුරු ඉතාම සමාන ගැලපීම් තිබෙන නිසා. මම හිතන්නේ ලංකාවේ මිනිස්සු එහෙට ගිහින් හෝ එහෙ අය මෙහෙට ඇවිත් හරි. (ර)
සිංහලයන් ඇතුළු සියලු වර්තමාන ශ්‍රී ලාංකිකයන් ආදී වාසීන්, නැගෙනහිර ඉන්දීය,බටහිර ඉන්දීය,දකුණ ඉංදීය, බටහිර ආසියානු ,ඉන්දු චීන,යුරෝපීය ආදී ජන කොටස්වල සම්මිශ්‍රණයකින් සෑදී ඇති බව මෙයිනුත් තහවුරු වෙයි.එක අමුතු දෙයක් නොවේ. අද ඉන්දියාව ඇතුළු ඕනෑම රටක් අරගෙන බලන්න. අමිශ්‍ර කවුරුත් නැහැ. ඉන්න ප්‍රදේශය අනුව අනන්‍යතාව හදා ගෙන ඉන්නවා. (ර)
හරියට බැලුවොත් අපි කෙළින්ම අප්‍රිකාවෙන් පැවතෙනවා. අපේ මුල්ම අාදිවාසින්ගේ ජාන සමානකම් ඇති අය ඕස්ට්‍රේලියා වල ජීවත්වන ඇබොරිජීන්වරුන්ට සමානයි. මින්පසුව මේ ලංකාවේ මුල් පුරවැසියන් ඉන්දියාව ඇතුළු විවිධ ජාති සමඟ මිශ්රවෙලා තියෙනවා (නි)
ඉසුරන්දි, මොළය හොඳින් පරීක්ෂා කරගත්තොත් හොඳයි (නි)
දැන් ඔය කියන්න හදන්නේ ලංකාවට ඉන්දියාවේ අයිතියක් තියෙනවා කියලා නේද? (නි)
මම දැනට වසර 35 කට පමණ පෙර මැද පෙරදිග සේවය කරා. මාස කිහිපයක් ඇතුලත ඉන්දියන් කාරයින්ටත් හිතාගන්ට බැරි විදියට හින්දි භාෂාව උගත්තා. ඒ වගේම මලයාලම් බස කියවීමට හැකි උනේ අපේ සිංහල අක්ෂර වල ඇති සමානත්වය නිසා. පරණවිතාන ශූරීන් කියල තියෙනවා සිංහල භාෂාව පැවතෙන්නේ හිමාලය ගෙමුල ඇති "සකා" ගෝත්‍රිකයන් ගෙන් බව.
කොහෙන් ආවත් දැන් සිංහලයන්ට තියෙන්නේ මේ රට විතරයි (නි)
සෙනෙවි, ඉන්දියාවෙ දේශපාලනමය යටි අරමුණට වැඩිය ද්‍රවිඩ ඩයස්පෝරාවේ යටි අරමුණ බලවත්. අපේ අයත් කරලා තිබෙන්නේ හොරාගේ අම්මගෙන් පේන අහන එක. (නි)
ඔව් ඔව් නැතුව නැතුව. ඉන්මණටම එට්කා අත්සන් කරමු (නි)
අනේ හැබෑටම මෙහෙමත් දේවල්! (නි)
පුදුමාකාර සොයාගැනීම්නේ මේවා (නි)
ජාතීන් අතර ජාන මිශ්රවීම හිතන්න පුළුවන් .නමුත් විජය එනකොටත් ලංකාවෙ මිනිස්සු හිටියනෙ .විජයත් එක්ක ආපු සුළු පිරිසකට මුළු රට පුරාම දරුවන් හදන්න පුළුවන්ද ?එතකොට බලංගොඩ මානවයා ආවෙ කොහෙන්ද ?මේ කතාව ඇතුළත ඉන්දියාවෙ දේශපාලනමය යටි අරමුණක් තිබිය හැකියි . (අ)
අජන්තා සිතුවම් කුප්‍රකට අපකීර්තිමත් වුනේ කොහොමද?ලංකා ඉතිහසෙය හරිහැටි නොදන්න අයට හොඳයි මේ ලිපිය.රාජ් සෝමදේව මහත්තය ලංකාවෙ ඉතිහාසය හෙලිකරන කරැනු කාරනා බොරැද? (බ)
හැගීම් බර නොවී කියවන්න, සාක්ෂර වලින්, වචන වලින් බොහෝ සමාන කම් සිංහල හා ඉන්දියාවේ බොහෝ භාෂාවන් අතර පැහැදිලිව දැක ගන්නට තිබෙනවා. බෙන්ගාලි හා ඔරිස්ස වචනත්, කේරලයේ මලයාලම් අකුරුත් ඉතාම ආසන්නයි අපේ සිංහලට. ඒ මොකද මේ හැම භාෂාවකම මුල් ආරම්භය සංස්කෘත භාෂාව. අපිට අපේම කියල භාෂාවක් තිබුනේ නෑ. ඉන්දියාවෙන් අාපු භාෂා පදනම තමයි කලින් කලට දියුණු වෙලා අපිටම ගැලපෙන වචන හා ශබ්ද රටාවක් හැදුනේ. (බ)
සිංහලයින් පැවතෙන්නේ "මැරෑටි " ජාතිකයින්ගෙන් ..එකයි මෙතරම් මැරෑටි වැඩ අපේ රටේ කෙරෙන්නේ. (අ)
. එහෙනම් අපි ඉන්දියාවෙන් කොටසක් ඉල්ලන ඕන අපේ නිජ බිම් අයිතිය (අ)
වින්සන්ට්, ලංකාවේ අවේණික හෙළයන් වන උඩරට නිළමෙලා සිංහලයේ අන්තිම රජතුමාව ඉංග්‍රීසින්ට පාවාදෙන්නට ඇත්තේ සිංහලයේ අන්තිම රජතුමා සිංහලයෙක් නොවන නිසා. ඕකයි දෙන්න පුළුවන් කෙටිම පිළිතුර. එයා සිංහලයේ අන්තිම රජතුමා වුණාට බිසවුන් ගෙනාවේ ඉන්දියාවෙන්. එම ඉතිහාසයට සිංහල මිනිසුන් නම් කැමති නැත. ඔබට කැමතිවීමට පුළුවන. මම නම් එයා අපේ රජෙක් හැටියට පිළිගන්න සුදානම් නැත. (නි)
අපි ඉදියාවෙන් තම ඇවිත් ඉන්නේ ... අපේ රටේ සමහර අදම මිනිස්සු එක පිළිගන්න කැමති නෑ මොකද මදි කමක් හින්ද.. සිංහල භාෂාව දෙමල බෙන්ගාලි ඔය සේරම භාෂා වල වචන සමානයි.. එකෙන් පෙන්වා අපි සේරම එකම පළාතක බව (බ)
අපේ ඉතිහාසය මෙහෙම වෙනස් කරන්න හදන්න හොඳ නැහැ. සිංහල තියෙන එකම රට අපේ මේ පොඩි රට. අපි ඉන්දියාවෙන් අාවා නම් ඇයි ඉන්දියාවේ සිංහල නැත්තේ? සිංහල අය එහෙන් අාවා නම් එහෙ අයගෙ සිංහල භාෂාව තාම තියෙන්න ඕනෑ නේද? කොහෙද වරද? ඇයි පර්යේෂකයන්ට එහෙම හිතුනේ නැත්තේ (නි)
අපේ ඉතිහාසය වෙනස් කරන්න දඟලන උත්සාහයක කොටසක් කියලයි මට නම් හිතෙන්නෙ. දැන් අපේ ඉතිහාසය පාසල් වලිනුත් අයින් කරන එකේ අනාගතයේදි මොනවා කිව්වත් ඒක අපේ ඉතිහාසය කියලා පිළිගන්න කට්ටියක් ඇතිවෙයි. දැනටමත් ඉන්න ළමයි අපේ ඉතිහසය දන්නෙ නැහැනේ. තවත් අවුරුදු 20ක් යනකොට සිංහල කියලා ජාතියක් නැහැ කියන තැනට වැඩ කෙරෙන්නෙ. (නි)
ඒ ගමන මේ මොනාවද කියන්නේ? (නි)
ඕකට එච්චර කලබල වෙන්න ඕනෑ නෑ. ඉන්දියාවටත් මිනිස්සු යන්න ඇතතේ මුල් ජනාවාස ඇතිවුනු තැනකින්නේ (ම)
කේරළයේ පවත්වන "ඔනම්" නමැති උත්සවයේ සියලුම ක්‍රීඩා අපේ අලුත් අවරුදු ක්‍රීඩා. මේක වුණේ කොහොමද කියන්න
ඇත්ත කතාකරනකොට හිතට දුකයි තමයි (නි)
හෙළයන් රාවණා රජුගෙන් පැවතඑන කරුණ වසන් කිරීමට හා සිංහලයාගේ ඉතිහාසය වෙනස් කිරීමට කුමන්ත්‍රණ සිදුවෙමින් පවතී. (නි)
වින්සන්ට්, අපේ ණය වීම මොකක්ද, ඇමෙරිකාවත් චීනෙට ට්‍රිලියන 4 වැඩිය ණයයි. (නි)
මේකේ ඉන්නේ වැඩි හරියක් බන්ගලියන්ලු? (නි)
දැන් හරි නේද? ලංකාවේ සිංහලයන් ඔක්කොම ඇවිල්ලා ඉන්නේ ඉන්දියාවෙන්. ඒ කියන්නේ සිංහලයන්ගේ නිජබිම ලංකාව නොව ඉන්දියාවයි. සිංහල ජාතිය බිහිවෙලා තියෙන්නේ ඉන්දියාවේ. එහෙනම් ලංකාවේ නියම උරුමක්කරුවන් කවුද? (නි)
මොනවා වුනත් ලංකාවේ සිංහල අයනම් මනුෂකම හොදින් දන්නා පිරිසක්. හොද බුද්ධිමත් පිරිසක්-. (හේ)
මොනවා වුනත් ලංකාවේ සිංහල අයනම් මනුෂකම හොදින් දන්නා පිරිසක්. හොද බුද්ධිමත් පිරිසක්-. බුද්ධාගම අදහන්නෙත් බුද්ධිමත් නිසා. වෙනත් රටවල බොහෝ ජාතින් ලෝකේ මැව්වේ දෙවියෙක් කියල තාම විශ්වාස කරනවා. තෘෂ්ණාවෙන් බයෙන් යැද යැද ඉන්නවා පේනකොට අපි සිංහල බෞද්ධයන් වීම මොන තරම් ආඩම්බරයක්ද. (හේ)
ඉස්සර ලංකාවේ එහෙනම් වාසය කරලා තියෙන්නේ යක්ෂ,කුම්බාණ්ඩයෝ සතුටුයි ද දැන් ? (බ)
අරන්,ඔයා ඔය කියාගන්න හදන්නේ තමුන් හරිම බුද්ධිමතෙක් බවත් අනිත් පාඨකයන් මෝඩයන් බවත් නේද ?
මේ අදහස් ඔක්කොම බලනකොට, අපේ ජනතාව හා සමාන මේ පාඨකයින්ගේ බුද්ධිය මැන ගන්ට පුළුවන්. මිනිස් ජාතිය වෙනුවෙන් යමක් අලුතින් හොයා ගත් එකෙක් වෙනුවෙන් වචනයක් පිට නොකරන සහ අපේ ජාතිය වෙනුවෙන් සහ බුදුදහම වෙනුවෙන් තම ජීවිතය කැප කරපු අනගාරික ධර්මපාල තුමා යනු කවරෙක්දැයි කියාවත් නොදන්නා උදවිය ජාතිකත්වය ගැන කතා කරන්නේ ජාතිය බ්රෂ්ඨ කරමින් බව ඔවුන්ම නොදන්නවා යයි මට හිතෙනවා. (අ)
ඔක්කොටම වැඩිය මට හිනායන්නේ මෙතන තියන සමහර අදහස් වලට
මොහොමඩ්, අම්මේ මොහොමඩ් සතුටින් පිනා ගිහින් වගේ.මේ ලිපිය කවුරු ලිව්වත් සිංහල ජාතිය පැවතෙන්නේ විජයටත් කලින් සිට කියල දැන ගත්තොත් හොදා! (බ)
කට්ටියගේ අදහස් වලට හිනා යනවා. මෝඩකමට බෙහෙහෙත් නැහැ. කට්ටිය හොඳට මතක තියාගන්න විජය යනු ඉන්දියාවෙන් පිටුවහල් කළ කෙනෙක් වග. විජය ලංකාවට එනවිට කුවේණි නමැති දියුණු කාන්තාව කපු කටිමින් හිටියේ. ඒ විතරක් නොවෙයි 700 ක් සෙනඟ කාටවත් නොපෙනෙන්නට වසන් කරලා තිබ්බා. කොහොමද හෙළ සිංහලයාගේ වැඩ? දැන් ඉන්න අයට ඉදිකට්ටකින් ඇඳුමක්වත් මහන්න බැහැ. (නි)
වින්සන්ට්, උඩරැටියන් ගිවිසුම් ගසනවිට මුහුදුකරේ සිංහලයින්ට සුද්දන් සමඟ සටන් නොකළේ ඇයි? නමුත් ඔවුන්ටද අවශ්‍ය දේ සිදුවූ නිසා අකමැත්තෙන් මෙන් ඉතා සතුටින් සුද්දන්ගේ භාෂාව සහ සංස්කෘතිය වැළඳගත්හ. ආගම වෙනස් කිරීමට අවශ්‍ය නොවූයේ වසර 291 තිස්සේ කතෝලිකයින් වූ නිසාය. (නි)
ඉන්දියාව දැන් ද ඕවා කියන්නේ ..අවුරුදු 30 ක් අපි යුද්ද කරද්දිනම් කවුරුවත් අපිට නෑගම් කීවේ නැහැ ..? එතකොට කීවේ මේ රට ඉන්දියාවේ කොටසක්ලු ..?පාලමකුත් තිබුනාලු..? මොන බොරුද මහත්තයෝ..? (බ)
ඇයි මේ දඟලන්නේ..කවුරුත් කිවුව පලියට ඒක ඇත්ත වෙන්නේ නෑ..විජය ඉන්දියාවෙන් එනකොට මෙහෙ මිනිස්සු හිටියා..ඒත් සිංහල තමයි..පැරනි සිංහල සෙල්ලිපි තියෙනවා අවුරුදු 5000 වැඩිය පැරණි. ඉන්දියාවේ ඉන්න ලබ්බො කියපු ගමන් උඩදාගෙන පිලිගන්න ඕන නෑ. ඉන්දියාවෙන් ඇහුවොත් කියයි..අගහරු ලෝකේ හැදුවෙත් ඒ අය කියලා..දැන් සිංහල ආවේ ඉන්දියාවෙන් නම්..කෝ ඉන්දියාවේ සිංහල අය..භාෂාව..යකෝ මාර වැඩක් නේ..උලපතේ ජලය නෑ..වටේ තියෙනවා. (අ)
දැන් හරි නේද ? (හේ)
දැනට ලංකාවේ ජීවත් වන පුද්ගලයන් බොහොමයකගේ සිරුරේ ඇත්තේ සිංහ ලේ පමණක් නොව, පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි, දෙමළ, මැලේ, බර්ගර්, මුස්ලිම් යන කලවම් ලේ වර්ග ද ඇති බව මතක තබාගත යුතුය. (හේ)
ලංකාවේ ආවේනික හෙළයන් වන්නේ උඩරට, උස, පැහැපත් මිනිසුන්ය. කළු කොට සහ අනිකුත් සිංහල සියල්ල පැමිණියේ බෙන්ගාලයෙන් හෙවත් බන්ගලිදේශයෙන්. මෙවන් හැඩ රුව ඇති සිංහලයන් සහ බංගලියන් වෙන්කර හඳුනා ගැනීමට අපහසුය.(හේ)
දැන් අපිට අපි කොහෙන් ආවයි කිව්වත් පිළිගන්න තැනට වැඩ සිද්ද කරලා ඉවරයි; රටක ඉතිහාසය දරුවන්ගේ පාසලෙන් අයින් කරනවා කියන්නේ මතු පරපුරට ඉතිහාසයක් නැහැ කියන එක නෙමෙයිද?ඒවා කලේ ඉන්දියාවෙන් ආපු අයද නැහැ අපේම පලකයෝනේ.. අනික විජය එනකොට මෙහේ දියුණු මිනිස් කොට්ටාශ හිටියා. කුවේණි හිටියෙත් කපු ඇදුම් මසමින්. එහෙම නම් අපිට වෙනම භාෂාවක් හැදුනේ කොහොමද ඉන්දියාවේ භාෂාවක් නැතිව? ඕකට තමයි කියන්නේ කියන්න කෙසේ කිව්වත් අසන්නා සිහි බුධියෙන් ඇසිය යුතුයි කියලා. (හේ)
මේ සැබෑ ඉතිහාසය නොව හුදු විස්වාස පමණි එම සැබෑ ඉතිහාසය මිට වඩා බෙහෙවින් වෙනස් බව දන්නෝ දනිති (ම)
මම හිතන විදිහට ලංකාවේ නියම උරුමක්කාරයෝ තමයි යක්ෂ, දේව, නාග මිනිස්සු (නි)
එහෙනම් අයිතිය ඉල්ලන්න කාලය හරි. ඔය මූලාශ්‍ර හොයපු අය රාවණා රජු ගැන හොයන්නේ නැත්තේ ඇයි. (නි)
තව ඉස්සරහට තව මොන මොනවා වෙනස් වෙයිද දන්නෙ නැහැ (නි)
සිංහ සහ හෙළයන් එකතුවීමෙන් සිංහල ජාතිය බිහිවූ බව මේ සියලු දේවල් වලින් පැහැදිලි වෙනවා. සිංහ විජය රජුගෙන්ද, හෙළයන් රාවණා රජුගෙන්ද පැවතෙන බැවින් සිංහල මේ දේ අතර එකතුවීමක් ලෙස දැකිවිය හැක. (නි)
ලංකාවේ ආවේනික හෙළයන් වන්නේ උඩරට, උස, පැහැපත් මිනිසුන්ය. (බ)
කොහෙන් ආවත්,නාවත් අපිට මේ ලෝකයේ අනෙකුත් සෑම දුපත්වාසීන්ටම වඩා දීර්ඝ සහ ශ්‍රේෂ්ඨ ලිඛිත ඉතිහාසයක් තිබෙනවා. නැගෙනහිර, දකුණු සහ බටහිර ආසියාවේ ශිෂ්ඨාචාර වල ආභාෂය සංස්කෘතිය නිසා ඔපවත්වුණ උසස් ජාතියක් අපි. ඒක නිසා අපි ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා. (නි)
පුරාණෝක්තිවලට අනුව සිංහල ජනතාවගේ පැවත එන්නේ විජය රජුගෙනි. ක්‍රිස්තු පූර්ව 543 දී වයඹ දිග ඉන්දියාවේ සිට › ලංකාව වෙත ගමන් කරන විජය ඇතුළු පිරිස පළමු සිංහල නගරය තම්බපණි‚ යනුවෙන් නම් කරන ලදි.විජය එනකොට ලංකාවේ හිටියේ කවුද??? අපි කොහොන්වත් ආව ජාතියක් නෙවෙයි ඒකයි ලොකයේ අනිත් ජාතීන්ට වඩා අපි වෙනස් (හේ)
කෙසේ හෝ වේවා අපේ රටේ අයිතිය කාටද යන්න තීරණය කරන්න ඉක්මන් වියයුතු නැත. එයට සාක්ෂි ලෙස ඕනෑතරම් ශිලා ලිපි සහ තවත් පුරාවස්තු දැනටම ලැබී තියෙනවා. (නි)
විජය රජු ලංකාවට එන්න පෙරත් මේ රටේ ජනතාව ජීවත්ව සිටියා. අනෙක විජය රජු එනවිට කුවේණිය කපු කටිමින් සිටියේ. මින් පැහැදිලිවන්නේ ඒ වනවිට රටේ දියුණු තාක්ෂණයක් තිබුණු බව. හෙළයන් රාවණා රජුගෙන් පැවත එන කරුණ වසන් කිරීමට හා සිංහලගේ ඉතිහාසය වෙනස් කිරීමට කුමන්ත්‍රණ සිදුවෙමින් පවතී. බැබිලෝනියාවේදී හමු වූ හෙළයන් ගැන සඳහන් සෙල් ලිපි වලින් හෙළයන්ගේ ඉතිහාසය ඉතා ඈතට දිවයනු ඇත (නි)
මේක සිංහලයාගේ රට බව කව්රුත් මතක තියාගත්තොත් හොඳයි. පොල් වත්තක තුත්තිරි තිබුණා කියලා එ්ක තුත්තිරි වත්තක් වෙන්නේ නැහැනේ.ඒක පොල් වත්තම තමයි. (නි)
නොදන්නා දේ වලට ඕනෑ කෙනෙකුට ඕනෑදෙයක් කියන්න පුළුවන්. රට දැන් විකෘතිවෙලා. අනේ රටට ගිය කල! (නි)
කොහොම වුණත් ලැජ්ජා නැතුව අපි සිංහල කියලා කියන්න මට නම් බැහැ (නි)
මේ ගැන බොදුබල සේනාව මොනවද කියන්නේ? (නි)
මෙහෙම යනකොට තව ඉස්සරහට ඉතිහාසය කොහොම වෙනස් වෙයිද දන්නෙ නැහැ (නි)
පිටිගල හරියට හරි (අ)
මේ ගැන බොදුබල සේනාව මොනවද කියන්නේ? මමත් බොදුබල සේනාවට අයත් සෙබලෙක් අපි කියන්නේ මේගැන කියන පුවත් පත් මහජනයාට කියවන්න නොදී පුච්ච දමමු කියල. මොකද සිංහල ඕනෑම කුණුගොඩක් විමසන්නේ නැතිව බාර ගන්න ජාතියක් නිසා (බ)
කොහොමහරි අන්තිමට කියන්නන හදන්නේ අපේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලා තමයි. මේ රට සිංහලයන්ගේ කියලා කව්රුත් මතක තියාගත්තොත් හොඳයි (නි)
නිලූ, යක්ෂ හා නාග කියන්නෙ එවැනි සංකේතයක් භාවිත කළ ජන කොටසකටයි. දැන් අපි සිංහයා ගත්තා වගේ. විජය වගේම ඊටපසු විවිධ ජන කණ්ඩායම් මෙරටට පැමිණියා. ඔවුන් අපට මිශ්‍ර වුණා. නමුත් ඒ අය පැමිණීමට පෙර මෙරට දියුණු සංස්කෘතියකට අයත් මිනිසුන් සිටි බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා වැනි ඉතිහාසඥයෝ සාධක සහිතව ඔප්පු කරලා තියෙන්නෙ. ඒ නිසා මේ පොඩි පොඩි දේවල් වලින් සිංහල ජාතියේ සම්භවය වෙනස් කරන්න බැහැ (නි)
මෙහෙම ගියොත් සිංහල අපිට ඉන්නවත් රටක් නැතිවෙයි (නි)
අසෝකා එක්ක මාත් එකඟයි (නි)
කලින් කලට ආ විවිධ බලපෑම් එක්ක බලනකොට සමාජ සංස්කෘතික වෙනස්වීම් සිදුවෙන්න ඇති. ඒක මෑත කාලෙදිත් සිද්ධවුණා. විජයගේ පැමිණීමට කලින් ලංකාවේ දියුණු සමාජ මට්ටමකින් හෙබි දේශීය ප්‍රජාවක් සිටි බව ඉතිහාස ශාක්ෂි එක්කම ඔප්පු කරලා පෙන්නා දීලා තියෙනවා. පුදුමය කියන්නේ බොහෝ දෙනෙක් ඒවා නොදැන සිටීම සහ දැනගත්තත් බැහැර කිරීම. තමන්ට උරුම දේවල් වෙන වෙන ජාතීන්ට පටවන්න හදන මේ වගේ මිනිස්සු කොට්ඨාශයක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. (නි)
අපිත් අපේ මුල් නිජභූමිය කියලා ඉන්දියාවෙන් කොටසක් ඉල්ලමුද? (නි)
නිලූ, කොහොමටත් ලෝකෙම කලවම්වෙලා ඉවරයි දැන්. විජය කුමාරයා එන්න ඇත්තේ ඒ අයගේ කට්ටිය මෙහෙ ඉන්න බව දැනගෙනයි. (නි)
දැන් හරි නේද? ලංකාවේ සිංහලයන් ඔක්කොම ඇවිල්ලා ඉන්නේ ඉන්දියාවෙන්. ඒ කියන්නේ සිංහලයන්ගේ නිජබිම ලංකාව නොව ඉන්දියාවයි. ඉන්දියාව අයිති අපිට නිජබිමනේ . (හේ)
සිතුවමක ද විජය රජු සිංහල නගරයකට යන අයුරු දැක්වෙන බව පර්යේෂණ වාර්තාවලින් අනාවරණය වී ඇත. එහෙනම් දෙවියනේ විජය කියන පුද්ගලයා එන්න කලින් සිංහල නගරය තිබිලා තියනවා. සිංහලයෝ ඉන්දියාවෙන් අවේ නැත විජය කියන පුද්ගලයා අාවේ සිංහලයින් ඉන්න රටටයි. විජය කියන පුද්ගලයා ලංකාවට සිංහල ගෙන අවේ නැහැනේ. එය පැමිණි විට හමුවුනේ කපු කටින ස්ත්‍රීයක් එ් කියන්නේ රෙදි වියාගෙන අදින්න තරම් දියුණු ජාතියක්. (හේ)
සිංහලයන් කියන්නේ ලෝකේ අනිත් හැම ජාතියක් වගේම මිශ්‍ර ජාතියක්. විජය එනකොටත් ලංකාවේ හිටි ජාතීන් , ද්‍රවිඩ ජාතින්, බෙන්ගාලි, ගුජරාටි. මේක ඉතින් අලුත් සොයාගැනීමක් නෙවෙයි. (බ)
වෙන්න පුළුවන්.(හේ)
පිටිගල කියූ දේ සාක්කි සහිතව ඉදිරිපත් කරන්න. අපේ දකුණේ උදවියත් ඔයාකාරයටම හිතාගෙන ඉන්නවා.කෙසේ වෙතත් මම හිතන්නේ සිංහල කතාකරන පුද්ගලයා සිංහලයා කියාය. සිංහලයෙකු වී ඉංග්‍රීසියෙන් හෝ වෙනත් කවර බසකින් ඔපවත්වී සමාජයේ පෙනී සිටියාට සිංහලයෝ රැකෙන්නේ නැත. (බ)
හොඳ වෙලාවට ප්රභාකරන් මැරුණට පස්සේ මේවා හොයාගත්තු එක නැතිනම් අපිට ඉන්දියාවට යනකම්ම ගහල මරයි එ්ත් විග්නේෂරම් අය්යා මොනව කියයිද දන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ ජිවත් වෙන ගෝත්‍රික මිනිස්සු. සිංහල කියනවා අපේ පැරදුන විමල් සහෝදරයට කියන්න තිබුන. මේ ප්රශ්නය. එයටත් අදායපනය මගදී නතර. කරන්න වෙලා (බ)
සිංහලයෝ ඉන්දියාවෙන් ආ බව අලුත් සොයා ගැනීමක් නෙවෙයිනේ. නමුත් මම මේ අහන්න යන්නේ අජන්තා සිතුවම් ගැන මේ විදිහට ලියුවේ ඇයි කියාය: "ඉන්දියාවේ කුප්‍රකට අජන්තා ලෙන් ගුහාවල ඇති සිතුවමක ද විජය රජු සිංහල නගරයකට යන අයුරු දැක්වෙන බව පර්යේෂණ වාර්තාවලින් අනාවරණය වී ඇත". (හේ)
නිලූ ඔබ හරි. අවුරුදු 30,000ක පමණ අතීතයේ පටන් විවිධ ජනාවාසකරණයන්ටත්, ආක්රමණයන්ටත්, යටත් විජිතකරණයටත් ලක් වුන මේ ශ්‍රී ලංකාවේ සුපිරිසිදු අමිශ්‍ර ස්වදේශික සිංහල ජාතියක් ඉන්න හැටියක් නැහැ. එමෙන්ම සුපිරිසිදු ද්‍රවිඩ, මුස්ලිම් හෝ වෙනත් ජාතිකයනුත් මෙහි නැහැ. ඒ නිසා අයිතියට ගහ මරා ගන්න එපා.(හේ)
ඉන්දියාවෙන් මෙරටට පැමිණිමට පෙර මෙහිත් සංස්කෘතියක් තිබ්බා.(හේ)
පිටිගල ඔබගේ කතාව සත්‍යක්.(හේ)
සිංහලයා ආර්යන්ගෙන් පැවත එනවා නම් ආර්යන් සංක්‍රමණය වෙන්නේ ඉන්දියාවෙන් නේද? විජය රජු ලංකාවට එන්න පෙර කුවේනියත් යක්ෂ කුලයට අයත් කෙනෙක් නිසා අපේ රටේ ඒ වකවානුවේ යක්ෂයෝ වැනි පිරිසක් නේද ජිවත් වෙලා ඉදලා තියෙන්නේ.බුදුපියාණෝ මහියංගනයට වැඩම කලෙත් යක්ෂයෝ ධමනය කරන්න නම් ඒ බව මනාවට තහහුරු වෙනවා නේද.එතකොට සිංහලයි කියන අපි කොහොමද එකපාරටම මතු වුනේ මෙහෙම කලියුගයක් තියෙද්දී.(හේ)
සමීර ඕව කීවට වැඩක් නැහැ මෝඩ කතා නොකිය විද්‍යාත්මකව ඔප්පු කළ දේ පිළිගන්න (බ)
බිල් ගෙවීමට හෝ මුදල් ගෙවීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමට ඔබට අවශ්‍යද?