මෙතෙක් සොයාගැනුණු බිලිකොකු අතරින් ලොව පැරණිම බිලිකොකු ද්විත්වයක් ජපානයේ ඔකිනාවා හි ගල් ගුහාවක තිබී හමුවූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒවා වසර 23000කට වඩා පැරණි බව පුරාවිද්‍යා බලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත. එම බිලීකොක් සකසා ඇත්තේ සිප්පිකටුවලිනි.
ඒ සමගම ඔකිනාවා දුපතේ වසර 30000කට පෙර සිට මානව ශිෂ්ටාචාරයන් පැවතෙන්නට ඇතැයි මත පල වී තිබේ. එම දුපතේ පුළුල් ධිවර ක්රමෝපායක් තිබෙන්නට ඇතැයි විචාරකයෝ පවසති.මීට පෙර ටිමෝර් හි සහ පැපුවා නිව් ජිනියා හි ද වසර 16000ත් 18000ත් අතර පැරණි බිලි කටු හමු වී තිබේ. බිලිකොකු සමග තවත් ආම්පන්න කිහිපයක් ද සොයාගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලපරිච්චේදය නීර්ණය කරන මැසිම ටිකක් පරීක්ෂා කරලා බලමුද ..? (හේ)
රුපවති නෝනා. ඉපැරණි වස්තුන් වල කාලය මැනීමට යොදා ගන්නේ "විකිරණශීලී කාබන් කාලනිර්ණය" ක්‍රමයයි.ප්රාග් යුගයන්හි කාල නිවැරදිව මැනීමට මෙම උපක්‍රමය භාවිතා කරනවා.එයට ෆොසිලයන් හෝ යම් යම් ආදර්ශකයන් උපයෝගී කරගන්නවා.(හේ)
කොහෙද ඉතින් අපේ රුපවති අක්කා ඕව ගැන දන්නා එකක් යෑ? කාලපරිච්ඡේදය නීර්ණය කරන මැසිමක් ගැන අහන්නේ , ඔන්න අහන්නකො අල්ලපු ගෙදර අද රැට මොනවද කන්න උයන්නේ කියල, දාපු ලුණු ගෙඩියේ ඉදන්ම විස්තර කියයි, (බ)
ඒ කියන්නේ ඒ කාලෙත් ඇම ගිලින මාළු ඉඳල තියෙනවා....? (බ)
රූපවති ඉතින් හැඳි මිටේ දිග තමයි... අනිල් මහතා කරුණු විස්තර කළාට ස්තුතියි (නි)
බිලී කොක්කේ ෆොටෝ ටිකක් දාන්නකෝ අපිටත් බලාගන්න.(අ)
අදාල ජයාරූප පලකරනවා නම් ගොඩක්ම හොදයි. (fya)
නොසිතා ලියූ ඒ සුළු අනුවණකමට... මල්ලියේ එසේ නොලියන් රූපාවතිට... තියෙන දෙයත් දෙන්නේ ඇය නැති අයට... පිරුණු කළේ දිය නොසැළේ කී කුමට... (නි)