චිම්පන්සියා මානව පරිනාමයේ දී වානරයන් අතරින් මිනිසාගේ ළගම ඥාතියකු යැයි පැවසුව ද මිනිසා සහ චිම්පන්සියා අතර පෙනුමෙන් විශාල වෙනස්කම් ඇතිවීම ගැටළු සහගත බව විද්‍යාඥයෝ කියති.
මේ මතය ඔස්සේ පර්යේෂණ සිදුකළ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් මිනිසුන්ගේ හා චිම්පන්සින්ගේ ව්‍යුහාත්මක වෙනස්කම් හා ජාන පසුබිම් විශ්ලේෂණය කරමින් එකම පූර්වජයකුගෙන් පැවත ආ මේ දෙකොටස මෙතරම් වෙනස්කම් දැක්වීමට හේතු අධ්‍යයනය කරමින් සිටියි.
පර්යේෂකයන් පවසන්නේ මුහුණේ සංවර්ධනය හා මානව මුහුණේ විවිධත්වය සම්බන්ධ ජාන නියාමනය කරන ආකාරයේ දී චිම්පන්සියා හා මිනිසා අතර පෙනුමේ විශේෂිත වෙනස්කම් ඇතිවී තිබෙන බවයි. චිම්පන්සින්ට හා මිනිසුන්ට හකු හා නාසය සම්බන්ධය හා සමේ පැල්ලම් ඇතුළු මුහුණේ වෙනස්කම් පාලනය කිරීමට අවශ්‍ය විවිධ ප්‍රෝටීන සංඝටක හේතුවන බව ද ඔවුහු පවසති.
“ පරිනාමයේ දී අපට විශාල මොළයක් ලැබී තිබෙනවා. එමෙන්ම සංකීර්ණ කතාව සදහා අපේ ස්වරාලය පහසුවෙන් භාවිතා කිරීමට අපට හැකියාව ලැබීමත් මේ පෙනුම වෙනස් වීමට හේතුවක් වන්නට ඇති. හිසේ හැඩය, ඇස් පිහිටි ස්ථානය ඇතුළු මුහුණේ ව්‍යුහය තුළ අනුවර්ථන ගණනාවක් සිදුව තිබෙනවා. “
පර්යේෂකයන් පවසන්නේ පරිනාමයේ දී මිනිසා සිය හැගීම් ප්‍රකාශ කිරීමට මුහුණේ සෛල හා පේෂි භාවිතයට හුරු වීම හේතුවෙන් සිය ඥාති වානරයන්ට වඩා වෙනස් මුහුණක් මිනිසුන්ට ලැබී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවේණිය ඉතාම හොඳ උදාහරණයක් (නි)
මාලුවකුගෙන් සියලු සතුන් උපදින බව පෙන්වා දුන්නාට බටහිර නොවන නිසා කට පියාගෙන සිටි ධර්මපාල (බ)
මමත් අරවින්ද කියන මතයට 100% පක්ෂයි. (බ)
ජීව විද්‍යාව තුළ ඉගෙන්වෙන සත්ව රාජධානිය කොටස ඉගෙනගෙන තිබෙනවානම් මෙම කරුණු වටහා ගැනීමට එතරම් අපහසුවක් නැත. ඒ නමුත් ආගමික කුණු කන්දල් ඔලුවෙන් අයින් කරගත්තොත් තමයි. (බ)
වානරයාගෙන් මිනිසා බිහි නොවෙයි (බ)
පරිණමය කියන්නේ වාදයක් එක නියමයක් නෙමෙයි,එනිසා එක පිළිගන්න ඕනෑම කියල කියන්න බෑ ,නියමයක් වුණත් නව සොයා ගැනීම් එක්ක කලෙකදී වෙනස් වෙන්න පුළුවන්,(ම)
වඩාත් හොද වෙයි වානරයාගේ හැසිරීමත් ඉක්මවා යන තරමට මිනිසාගේ හැසිරීම බොහොම පහත් තත්වයකට පත්වෙන්ට හේතුව මොකක්දැයි කියල හොයල බැලුවොත්. (බ)
මිනිසා වානරයාගෙන් පැවත එන බව මට උදේට කන්නාඩිය ඉදිරියේදී පෙනුනා, නමුත් වානරයන්ට තිබෙන සමහර හොඳ ගති ගුණ අපේ මිනිසුන් අතර නැහැ. (ර)
පරිනාමයේදී කාලය සමග පියවරින් පියවර යාමේදි එක්වරම විශාල වෙනසක් ඇතිවීම එනම් මොලයේ විශාල වැඩීමක් ඇතිවීම විස්තර කල නොහැකි දෙයක් විය. එය මියුටේෂන් එකක් මගින් සිදුවූ දෙයක් යැයි විශ්වාශ කෙරේ. (ර)
වටින ලිපියක් ගොඩක් අදහස් ලියවිලා තියෙනවා සතුටුයි. මිනිසා බිහිඋනේ කොහොමද හොයන එක ගොඩක් වැදගත්! අපි කවුරුත් පිළිගන්න දේ මේ ලෝකේ දියුණුම සතා මිනිසා කියනඑක. නමුත් මට තියෙන ප්රශ්නය අද ලෝකේ විද්‍යාව තාක්ෂණය කොච්චර දියුණු වුනත් සොයාගැනීම් කළත් මිනිසුන් කොච්චර උගත් වුණත් මනුස්සකම හොදටම පිරිහිලා නේද කියන එක. ඇයි අපට මනුස්සයෝ වගේ හිතන්න ක්‍රියා කරන්න බැරිවෙලා තියෙන්නේ කියල කවුරුත් හොයල බැලුවොත් මිනිසාගේ බිහිවීම ගැන හොයනවා වගේම වටිනවා කියල මට හිතෙනවා. මේලෝකේ දියුණුම සතා අද මුළුමනින්ම මුදලට යටවෙලා? අම්ම තාත්ත සහෝදරයා සහෝදරියත් අමතකයි. මුදලට සියල්ල තීරණය වෙන ලෝකේ මනුස්සකමත් මුදලට යටවෙලා? මේලෝකේ දියුණුම සතා කියන මිනිසාට සරල හෝදනරකවත් තේරුම් ගන්න බැරිවෙලා (ඇත්තම කියනවනම් සීමාවක් නැතිව ආත්මාර්ථකාමී වෙලා ) කණගාටුයි මනුස්සයට වෙලතියෙන දේට? අපි කවුරුත් මේගැනත් හිතල බලමු නේද. (අ)
කිසිදෙයක් සදාකාලික නැත. කාලය විය නොහැකි දේ විය හැකි දේ නොකරයි (බ)
මේ කතාව කියෙව්වේ අදයි. මම වැඩියෙන්ම එකඟ වෙන්නේ නිශාර්ඩ් ප්රීනාගේ කමෙන්ට් එකටයි. මම ඒකට තවත් එකතු කරනවා බොහෝ වානරයින් මිනිසුන්ට වඩා වැදගත් බවත්. ඔවුන්ට කතා කරන්න පුළුවන් නම් කියාවි මිනිස් වර්ගයාට ඔවුන්ගේ සබඳකම් අවශ්‍ය නැති බව. වානරයන් කුඩු බිස්නස් එකේවත් කුලියට මිනීමරන බිස්නස් එකේවත් දේශපාලනයේවත් යෙදෙන බවට ආරංචි නැත. ඔවුන් මිනිසාට වඩා වැදගත්ය. (බ)
මිනිසාත් වනරයත් අතර කිසි සම්බන්ධයක් නැත ,ඩාවින්චි ගේ පරිණාම වාදය පුස්සක් හුනන්ගෙන් කිඹුලන්වත් වදුරන්ගෙන් මිනිසුන්වත් බිහිවන්නේ නැත. මේ ලෝකය කිසියම් කෙනෙක්ගේ නිර්මාණයක් විය හැක .නිර්මාණයක් නොවේනම් කුකුලාද බිත්තරයද ඇතිි විය නොහැක (බ)
දැන් වෙන දේවල්වල හැටියට දෙගොල්ලගෙ කිසිම වෙනසක්වෙලා නැහැ (අ)
වානරයාගෙන් මිනිසා වෙනස් වූ හැටි සොයන එක නෙවේ දැන් කළ යුත්තේ මේ ලෝකේ ජීවත් වන උසස් බුද්ධියක් ඇතැයි සලකන මිනිසා මෑතක සිට වානරයාගේ තත්වයට පත්වූවේ කෙසේද කියා සොයා බලන එකයි (බ)
නිපුන කියනදේ හරි. අද මෙතරම් විශාල ජීවී වර්ග ඉන්නේ අවුරුදු බිලියන ගණනාවක් සිදුවුන පරිණාමය නිසා. ගොඩක් සත්තු මීට අවුරුදු ලක්ෂ ගණනකට ඉස්සර වඳවෙලා. (බ)
අපි ගැන හොයනවනම් මීට වඩා හොද යි (බ)
මේවා විශ්ලේෂණය කල යුතු කරුණු. (ර)
ඇත්තටම වානරයෝ, වානරයින්ගේ ඉතිහාසය, පරිණාමය හා වානරයින්ට ආවේණික ගති ලක්ෂණ ගැන බොහෝ දේ දන්නා නමුත්, මිනිසුන්, වානරයින් සම්බන්ධයෙන් තිබෙන දැනුම අල්ප බව මට වැටහුනා. (නි)
හොඳ ලිපියක් (නි)
නව සොයාගැනීම් මතයි ලෝකයේ දියුණුව රඳාපවතින්නේ (නි)
අහඹු සිදුවීම් වලට විද්‍යාව සම්බන්ධ කළනොහැකි බව මගේ හැඟීමයි. (නි)
මිනිසාගේ ආරම්භය වානරයාගෙන් කියා ඔප්පු කරන්න බැහැ.එසේනම් මිනිසාගේන් වානරයාගේ ආරම්භය විස්වාස කළ හැක (ම)
ඩාවින්ගේ පරිනාම වාදය වරදවා ගෙන නිකම් එයට හෝ ඔහුට අපහාස කරන්න එපා. මිනිසා වඳුරාගෙන් පැවත එන බවක් ඩාර්වින් කිසි තැනක කියා නැහැ. මිනිසාත් වඳුරාත් එකම පොදු පූර්වජයෙකුගෙන් පරිනාමය වන්නට ඇති යන්නයි ඩාවින් යෝජනා කරලා තියෙන්නේ. (බ)
කිසිදු වෙනසක් වී නැත. තවමත් අපි ඔක්කොම එක වාගේමය (නි)
විද්‍යාව තර්ක කළ යුත්තේ ආගමික දෘෂ්ටි කෝණයකින් නොවෙි. (බ)
නිපුන තාම පරිණාමය වෙලා නැහැ වගෙයි.ඔය තාම ගල් යුගයේද? (නි)
"වානරයාගෙන් මිනිසා වෙනස් වූ හැටි සොයයි" නමුත් එයට පිළිතුර සොයා ගැනීමට නොහැකිය. එයට හේතුවද. ඩාවින් ඉදිරිපත් කල නියමය වැරදි නිසාය. වානරයන් මිනිසාගේ ඥාති නොවේ. (නදී)
කුංකුමගේ ප්‍රතිචාරයට ඌණපුර්ණයක් එක්කරමි. විද්‍යාවට හෝ විද්‍යාඥයන්ට ස්ථිර ලෙසම බැහැ, ස්ථිරසාර නොවෙනස්වෙන සුළු කිසිම දෙයක් ඉදිරිපත් කරන්න හෝ සොයාගන්න. ඒකාන්ත වශයෙන්ම බැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද ඒ හේතුව? අප ජීවත්වන ලෝකයේ සියලුම දේවල් මෙන්න මේ න්‍යායට යටයි. හටගන්නවා පෙනෙනවා ,වෙනස්වෙමින් පවතිනවා,නැතිවෙනවා. මෙන්න මේ න්‍යායට කියනවා ලෝක ධර්මතාවය කියලා. මේක වෙනස් කරන්න පුළුවන් කෙරුමෙක් තුන් ලෝකයේ කොහෙවත් නැහැ.බිහිවෙන්නෙත් නැහැ. විද්‍යාවට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. මොකක්ද මිනිස්සු මෙතෙක් නොදන්නා වෙනස්වෙමින් පවතින දෙයක් සමාජයට ඉදිරිපත් කරන්න පුළුවන් නව ප්‍රකාශයක් හෝ සොයාගැනීමක් ලෙස. (නි)
අපිට හිතන්න බැරිද මිනිසා කියන්නේ පිටසක්වල දියුණු ජීවීන් කොට්ඨාශයක පර්යේෂණයක ප්‍රතිඵලයක් කියලා. සමහරවිට අපි දෙවියන් වහන්සේ කියලා වන්දනා කරන්නේ ඒ දියුණු ජීවීන් වෙන්නත් පුළුවන්. වානරයා යොදාගෙන කරපු ජාන වෙනසකින් හෝමෝ සේපියන්ස් බිහිවුණාද දන්නේ නැහැ (නි)
පරිණාමයට පත් වු දෙයක් නැවත පෙර අවස්ථාවට පත් වනිනේ නෑ .වානරයා මිනිසා වුණානම් අද වානරයා සිටීමට බැහැ,දවිචි ගේ පරිණාමවාදය බොරුවකි තර්ක අනුකුලව සිත බල්නින .(අ)
වඩා උතුම් වන්නේ තමා කවුරුන්දැයි සොයාගැනීමය (නි)
අප වෙනුවෙන් කරන මේ පර්යේෂණ වලට චිම්පන්සියන් කී දෙනෙක් යොදාගන්න ඇද්ද? ඒකෙන්ම තේරෙනවා නේද චිම්පන්සියාගෙයි අපෙයි ඇති සමානකම. (නි)
ඇයි පරිනාමයට අනුව පියාම්බින කිඹුල්ලු හැදිලා නැත්තේ? ඒවගේම ඇයි මේ බත් කුරා තාම ඒ විදියටම ඉන්නේ වෙනස් වෙන්නේ නැතිව? (ම)
විශ්වයේ තියෙන සියලු මැවිලි වලට වඩා මිනිස් මැවිල්ල උතුම්ය.ශානිල් ඔබගේ අදහස නිවැරදියි. (ම)
හොඳ ප්‍රවෘත්තියක් (නි)
ශානිල්ගේ තර්කය දිනන්නේ මෙතුවක්කල් එක් වානරයෙක් පමණක් සිටියා නම් පමණි (නි)
මෙතැන ඉන්න අයගේ නුගත් තර්ක දිහා බැලුවම මට ලංකාවගැන දුක හිතෙනවා."වානරයා මිනිසා වුණානම් අද වානරයා සිටීමට බැහැ,ඩාවින්චි ගේ පරිණාමවාදය බොරුවකි තර්ක අනුකුලව සිතා බලන්න". ශානිල් අට පාස්ද? පුදුමයක් නැ දියුණු රටවල් ඉවතලන කුණු ආගම මෙහෙ ඉන්නන මෝඩයෝ වලදාගැනීම. (බ)
ශානිල් , මෙහි මිනිසා නුතන වානරයාගෙන් පැවත එනබවක් සඳහන් වන්නේ නැහැ. මිනිසා සහ නුතන වානරයා, එකම වානර පුර්වජයෙකුගෙන් පැවත එනබවයි මෙහි සඳහන් වන්නේ. (නි)
මිනිසා වානරයාගෙන් පැවත එන්නේ ද යැ යි ද අප නොදනිමු ,එහෙත් මිනිසා වානරයා බවට පත් වන හැටිනම් දනිමු . මානෙන මක්කතෝ හොති යැ යි සර්වඥ යන් වහන්සේ පැවසූ සේක . (අ)
අනේ දිලාන්, අඩුමගානේ පරිණාමය සරලව පැහැදිලි කරන්නවත් නොහැකිව මොන කතාද? පරිණාමවාදය යනු නුතන විද්‍යාවේ වඩාත් සාක්ෂිසහිතව ඔප්පුවුණ නියමයක්. (නි)
ගුණසිරි, නිපුන, ඔයාලා හරි. තවත් දෙයක් එකතු කරන්න කැමතියි. ආගම් වෙනස් වන්නේ නැහැ. ආගම් නිර්මාණයේදී කී දේවල් මත පමණක්ම එල්බගෙන සිටිනවා. කොහොම වුණත් මානවයාගේ දියුණුවත් සමඟම ඇතිවන සංකීර්ණ තත්වයන් ආගම් වලින් විස්තර කර නැති අතර එවැනි තත්වයන්ට මුහුණ දෙන විදිය හෝ ඒවා ග්‍රහණය කරගන්නා විදිය ආගම් වලින් පහදා දෙන්න තවදුරටත් බැහැ. ඒ නිසා ආගම්වල අදාළත්වය ටික ටික අතුරුදහන් වෙනවා. විද්‍යාව එහෙම නෙමෙයි.එය වෙනස් වෙනවා.එල්බගෙන සිටීමක් නැහැ. එයට අභියෝග කරන්න පුළුවන්. ඒ නිසා එය ප්‍රතිනිර්මාණය කෙරෙනවා. ඒ නිසා එය හැමදාටම අදාළයි. මේ ලිපියෙන් කියන්නෙත් ඒකම තමයි. කලක් හරියි කියලා හිතාගෙන හිටපු දේවල් දැන් අභියෝගයට ලක්වෙලා. විද්‍යාඥයෝ ඊළඟ පියවර ගැන සොයමින් සිටිනවා. මේක කවදාකවත් ඉවරවෙන දෙයක් නෙමෙයි. ඉදිරියටම යන දෙයක්. (නි)
බෞද්ධ දර්ශනය වැනි දර්ශනවාදයන් ලොවට පෙන්වා දී ඇත්තේ සදාතනික පරම සත්යයන්ය. මා දන්නා පමණින් බෞද්ධ දර්ශනය තුළ සාකඡාවට බඳුන් නොවුන කිසිම විෂයයක් මේ විශ්වයේ නොමැත. නවීන විද්‍යාවෙන් කෙරෙන්නේ ඒ සත්‍යයන් පංචේන්ද්‍රයන්ට ග්‍රහණය කර ගැනීමට පර්යේෂණ වලට ලක් කිරීමයි. ඉතින් පංචේන්ද්‍රයන්ට ග්‍රහණය නොවීම නවීන විද්‍යාවේ ප්‍රශ්නයක් මිස ඒ දර්ශනවාදවල ප්‍රශ්නයක් නොවේ. (ම)
ගුණසිරි කියන මම මගේ පුද්ගලික සොයාගැනීමක් ඉදරිපත් කළා නොවෙයි. මේ බුදුන්වහන්සේ කියාදුන් ධර්මයේ අරටුව, විශ්ලේෂණ ක්‍රමය ,සිංහ නාදය බුදුන් වහන්සේ ප්‍රකාශ කළා ,මාන්නය යුත් මිනිස්සු ගුණදහම් පිරිහීම නිසා මරණයෙන් මතු වදුරෝ වෙනවා ,අති මාන්නයෙන් යුත් මිනිස්සු මරණයෙන් මතු බල්ලෝ වෙනවා . මානෙන මක්කටෝ හොති අති මානෙන කුක්කුරෝ , කියල මිනිසා වදුරාගෙන් පැවතීම,පරිණාමය හිස් කතා , මීටත් වඩා ගැබුරු දේ මම දනිමි (බ)
නිපුන අද ලෝකයේ සමහර සොයා ගැනීම් මත වාද නිශ්ප්‍රබා වෙලා තියනවා, මනුෂ්‍ය වර්ගය මානව වර්ගයකි .එය විශ්වයේ ඇති එකම බුදිමත් නිර්මාණශීලි සත්ව කොටසයකි,නමුත් මිනිසා ඩාවින්ගේ න්‍යාය අනුව මිනිසා වදුරගෙන් පරිණාමයක් නොවේ .ඩාවින්ගේ න්‍යාය තවම ඔපුවී නැ.එය වදයක් පමණි,එය හරි හෝ වැරදි විය හැක .බුදු දර්ශනය අනුව මිනිසා විශ්වයේ බිහිවී ඇති දියුණුම සත්වයාය .කතෝලික ධර්මය අනුව දෙවිහන් වහන්සේගේ උතුම්ම මැවිල්ල මිනිසාය. මුස්ලිම් ධර්මය අනුව ද විශ්වයේ උතුම්ම මැවිල්ල මිනිසාය.එකයි ඇත්ත . (අ)
සභානි, ඔබගේ පිළිතුර නිවැරදිය. මිනිසා විශ්වයේ බිහිවී ඇති දියුණුතම සත්වයාය. එයට හේතුව ප්‍රඥාව අවදි කළහැකි එකම සත්ව කොට්ඨාශය මනුෂ්‍යයන් වීමය. එය මනුෂ්‍යයෙකුගේ පරම කාර්යභාරය වන අතර එය ඉටුකර ඇත්තේ ඉතා සුළු පිරිසකි. මිනිසුන්ගෙන් වැඩිහරියක් වානරයන් මෙන් හැසිරෙන අතර සුළු කොටසක් මනුෂ්‍යයින් මෙන් හැසිරෙයි. (නි)
මිනිසා පැවත එන්නේ වානරයාගේ පරිණාමයෙන් කියන ඩාවින්ගේ පරිණාමවාදයේ එල්ලී සිටින අයටයි මේ කියන්නේ. ඩාවින් මතයක් ඉදිරිපත් කළ බව ඇත්ත. එහෙත් මතය ඇත්තක්ද යන්න තවම සනාථ වී නැහැ නේද? (නි)
පරිණාමවාදය, ගුරුත්වාකර්ෂණ බලය, සාපේක්ෂතාවාදය, කොමියුනිස්ට්වාදය වැනි දේ ඉතාම වැදගත් සන්ධිස්ථාන. ඒවා සොයාගත් මිනිස්සු නිකම්ම නිකන් අය නොවෙයි. එයාලා විද්‍යාඥයෝ. එයාලා සොයාගත් දේවල් මත පදනම් වෙලා තමයි මිනිසා මේ දියුණුව කරා යන්නේ. හැබැයි ඒ න්‍යායන් වැරදියි කියලා දැන් ඉන්න විද්‍යාඥයින්ට තේරුනොත්, එයාලා පසුබට වෙන්නේ නැහැ ඒක පෙන්නලා දෙන්න සහ හරිගස්සා ගන්න. මම නම් කියන්නේ විද්‍යාවට තවත් ඉදිරියට යන්න කියලා සහයෝගය දෙමු. විද්‍යාවෙන් කරන දේවල් ආගම් වලින් කරන්න බැහැ. (නි)
සොබාදහම සමග ගැටෙමින් ජීවන අරගලයක නිරත ජීවින් තුළ සිදුවන ජාන වෙනස්කම් අරගලයට නව ජවයක් ලබාදෙනවා නම් ඒ වෙනස දිගටම පැවැත්මට එනවා. ඩාවින් බොහෝ පර්යේෂණ කරලා ඉදිරිපත් කළේ එයයි.ආගම වල මොනවා කිවුවත් මේ මතය බිඳින්න පුළුවන් මතයක් තවම බිහිවෙලා නැහැ. (නි)
මිනිසා පැවත එන්නේ වානරයාගේ පරිණාමයෙන් කියන ඩාවින්ගේ පරිණාමවාදයේ එල්ලී සිටිම මඳක් බැහැරකර කල්පනා කරන්න. මිනිසා පරිණාමය වී හැදෙනකොට වඳුරා චිම්පන්සියා තවම ඉන්නවා. නමුත් අනිත් සතුන් පරිණාමය වී මුල් තත්ත්වයේ ජීවියා අද නැත. ඩාවින් මතයක් ඉදිරිපත් කළ බව ඇත්ත. එහෙත් මතය ඇත්තක්ද? (නි)
ගුණසිරි හරි මිනිසා වෙනම කොටසක් පුසා කොටිය වුණේ නැනේ (අ)
මමත් ඉන්නේ අරවින්දගේ අදහසේ තමයි. (අ)