ශ්‍රී ලංකාවේ විදුලි හා විද්‍යුත් ක්ෂේත්රය නව මානයක් වෙත රැගෙන යමින් විදුලි සම්පේ‍්‍රෂණයට අත්‍යවශ්‍ය විදුලි රැහැන් වෙනුවට රැහැන් රහිත විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතියක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.
උපාංග අන්තර්ජාලකරණයේදී මෙම විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය මගින් කාර්යක්ෂම විදුලි සම්පේ‍්‍රෂණයක් සඳහා එහි ඇති අනුනාද සංඛ්‍යාතයට ස්වයංක්‍රීයව සුසරවීමට මෙම පද්ධතියට හැකියාව ඇත. අන්තර්ජාලකරණය හා සම්බන්ධ වන උපාංගවලට උදාහරණ ලෙස හෘදස්පන්දන වේගය මනින උපකරණ, තෙතමනය මැනීමේ, උෂ්ණත්වය මැනීම වැනි උපකරණ දැක්විය හැකිය.
විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අතුල කුමාර, සදීප් බටේවෙල සහ දේශිකා ධර්මසේන යන සිසුහු මෙම රැහැන් රහිත විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය නිර්මාණය කළහ. ඒ වෙනුවෙන් ආචාර්ය ජනක විජයකුලසූරිය සහ ආචාර්ය හිමාල් සුරවීර යන මහත්වරු ඔවුනට මඟ පෙන්වූහ.
‘අනාගතයේදී ලෝකයේ බිහිවෙන සූර්ය බලශක්ති මං මාවත්, රැහැන් රහිත විදුලි දුම්රිය මෙන්ම නිවෙස් තුළ භාවිත වන බොහෝ උපකරණවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙම නිර්මාණය ඉතා වැදගත් වෙනවා. මෙම පද්ධතියේ සුවිශේෂීතාව වන්නේ වඩා කාර්යක්ෂම සම්පේ‍්‍රෂණයක් සඳහා ස්වංයක්රීයව සම්බන්ධවීමට ඇති හැකියාවයි. එමෙන්ම විදුලි සම්පේ‍්‍රෂණයේදී සිදුවන ශක්ති හානිය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගැනීමටත් මෙමගින් හැකිවෙනවා.
උදාහරණයක් ලෙස විදුලි මෝටර් රථයක බැටරිය රැහැන් රහිතව ආරෝපණයේදී වාහනයේ ඇති ආරෝපණ පරිපථයේ විවිධත්වය මෙන්ම පරිසර තත්ත්වයේ විචලනයවලට අනුව එය වෙනස් වෙනවා. එම නිසා විදුලි සම්පේ‍්‍රෂණයේ කාර්යක්ෂමතාව අඩු විය හැකියි. එහෙත් මෙම පරිපථය මගින් ඉතා කෙටි කාලයකදී එය වෙනසට භාජනය වී ඇතිදැයි හඳුනාගෙන එම සංඛ්‍යාතවලට අනුව පරිපථය තරංගවලට සුසර කළ හැකිවෙනවා.
අද වැඩියෙන් කතා බහට ලක් කෙරෙන විද්‍යුත් උපාංග අන්තර්ජාලකරණයේදී නිවෙස්, රෝහල්, පන්ති කාමර සහ කාර්යාල ආදිය එකිනෙකට ජාලගත කරමින් විශාල පෙරැළියක් සිදු කෙරෙනවා. එහිදී පැන නඟින ප්‍රධානම ගැටලූව වන්නේ උපාංග ක්‍රියාකරවීමට අවශ්‍ය බලය දිගින් දිගටම පවත්වා ගැනීමට නොහැකිවීමයි. මෙම නිර්මාණය එම ගැටලූවට නිසි පිළිතුරක් ලබාදෙනවා.
විශ්ව විද්‍යාල රාශියක නිර්මාණ අතුරින් ලංකා ඉංජිනේරු ආයතනය මගින් පිරිනැමූ හොඳම විදුලි ඉංජිනේරු ව්‍යාපෘතිය 2016 සඳහා වූ ඊ.ඩබ්ලිව් කරුණාරත්න සම්මානයෙන් පිදුම් ලැබීමට අපට හැකිවුණා. එමගින් ලැබූ ජවයත් සමඟ මෙම නිර්මාණය වඩාත් ප්‍රයෝජනවත් අයුරින් දියුණු කිරීමට අපට හැකිවුණා‘ යැයි ආචාර්ය ජනක විජයකුලසූරිය මහතා පැවැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මීට සතියකට පෙර සිතුවා විදුලි රැහැන් නොමැතිව වයිෆයි ක්‍රමයට වගේ විදුලිය ලබාදෙන්න පුළුවන්නම් හොදයි කියලා. නමුත් කොහොමද කරන්නේ කියලා හිතුවේ නෑ. එහෙම දැනුමකුත් නෑ ඒ නිසා මේ ක්‍රියාව කිරීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. (අ)
ඇත්තටම අපේ රට ගැන සතුටුයි (අ)
සේනක, රැහැන් රහිත විදුලිය අලුත් දෙයක් නොවුණාට අනුනාද සංඛ්‍යාතයට ස්වයංක්‍රීයව සුසර වෙන එක අලුත් දෙයක්. (නි)
පේරාදෙණි දරුවන්ට අපේ සුභ පැතුම්. අපට දුක මේවාට මාධ්‍ය වලින් ප්‍රචාරයක් නොදීම ගැනයි.(ම)
සුභ පැතුම්, නව දිශාවක ට ගමන් කරන ඔබට මගේ ආසිරිවාදය....(බ)
ජය වේවා ලංකාවෙත් නියම වැඩකරුවන් ඉන්නවා (ම)
ඉතා හොඳයි ඔහොම් යමු . ජය ජය !!!! (ම)
මෙය පරිසරයට ඉතාම වැදගත් වෙයි. විශේෂයෙන් විදුලි රැහැන් ඇදීමට ගස් කපන එකට මෙයින් තිත තැබිය හැකිය. එමෙන්ම මෙයින් බල ශක්ති අරපිරිමැස්ම ඉතා හොඳින් සිදුවෙයි. මෙය තව වැඩිදියුණු කිරීමට ධෛර්ය ගන්න. මෙයින් අපට ලොව ජය ගත හැකියි. බලධාරීන්ගේ අවධානය මෙයට යොමු වේවා. ඔබ තිදෙනාට ජාතියේ ප්‍රණාමය! (නි)
අතිවිශිෂ්ටයි. (නි)
අපේ රට ඉක්මනින් දියුනු කිරීමට අවශ්‍ය බුද්ධිමත් පිරිසක් අපිට ඉන්නවා නමුත් සමහර මෝඩ උද්ද්ච්ච කුහකයෝ පිරිසක් අපේ රට විනාශ කරන්න බලන් ඉන්නවා, සමහරු තමන් ඉගෙන ගත්තේ රෝයල් කියල උදම් අනනවා තවත් සමහරු අපි දකුණේ ය කියල පිම්බෙනවා සමහරෙක් අපි දොස්තරලා කියල ඉදිමිලා ඉන්නවා මෙන්න මේක නැති වුණු දාට සිංහලයා ලෝකෙන්ම දියුනු ජාතිය වෙයි (බ)
සුබ පැතුම්... ඉදිරියටම යන්න.. ජය නියතයි. (ර)
අපේ රටේ සුපිරි මොළ තියනවා. ඒවගෙන් වැඩ ගන්න මේ වෙනකම් කිසිම රජයක් වැඩපිළිවෙලක් සකස් කරලා නෑ. ඉතින් ලංකාව හැමදාම දියුණු වෙමින් පවතීවි. (බ)
සුබ පැතුම්! හරිම ආඩම්බරයි ඔබ තුන් දෙනා ගැන (නි)
සුබ පැතුම්! (නි)
විදුලි බිල වැඩි වේවිද මන්දා (බ)
පාලකයිනි..... මේ දරුවන් පිටරට කට යද්දී බලාගෙන ඉන්නෙ නැතිව, මොවුන්ව ආරක්ෂා කරගෙන රටෙහි දියුණුවට යොදවන්න. (ර)
සේනක ප්‍රනාන්දුගේ අදහස ඇත්තක්. පරීක්ෂණාගාර වල භාවිතා කරන ආරෝපණ බැටරි සහිත පිපෙට්ටු වැනි, ප්‍රධාන විදුලියට සම්බන්ද කොටස ( චාර්ජරය ) මත තබා රැහැන් නොමැතිව ආරෝපණය කල හැකි උපකරණ 1990 ගණන් වල සිට වෙළඳ පලේ තියෙනවා. නමුත් මෙම නව ක්‍රමයේදී වඩාත් දුරකට විදුලිය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් බව පෙනේ. එය තවත් පැහැදිලි කලොත් හොඳයි. (ර)
ජයවේවා, ඔබ සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය. (ර)
ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතියි. ජයතු පැවසූ ආකාරයට මෙවන් උපකරණ වෙළඳ පොළේ භාවිතා වනවා. එපමණක් නොව, අද වනවිට එංගලන්තය වැනි රටවල විදුලි බස් රථ ධාවනය සඳහා මෙම ක්‍රමය සාර්ථකව අත්හදා බලමින් පවතිනවා. මෙහිදී සිදුවන ශක්ති හානිය ඉතා ඉහළ අතර එය අවම කරගැනීම සඳහා විවිධ ක්‍රම ගැන පර්යේෂණ සිදුකරනු ලබනවා. අනුනාද සංඛ්‍යාතයට පරිපථ සුසර කිරීම ඉතා සාර්ථකම ක්‍රමයක්. නමුත් විවිධ පරිසර තත්ත්ව සහ පරිපථ තත්ත්ව යටතේ මෙම අනුනාද සංඛ්‍යාතය වෙනස් වියහැකියි. අප සිදුකළේ එම වෙනස්කම් වලට වඩාත් සංවේදී ක්‍රමයක් අත්හදා බැලීමයි. දැනට අප බලාපොරොත්තු වන්නේ එය වාහන ආරෝපණ පරිපථ සඳහා යොදාගැනීමටයි. එය වැඩිදියුණු කිරීම ( ශක්ති හානිය අවම කිරීම සහ යොදාගන්නා සංඛ්‍යාත මිනිස් සිරුරට අහිතකර නොවන පරාසයක පවත්වා ගැනීම ) තුළින් විදුලි රැහැන් යුගයට තිතතබන දිනය යතාර්ථයක් කර ගතහැකියි. ඒ සඳහා වචනයකින් හෝ අප ධෛර්යමත් කළ සහ සාධනීය විවේචන ඉදිරිපත් කළ ඔබ සියලු දෙනාටම අපගේ ප්‍රණාමය හිමිවන අතර ඔබ සියළු දෙනාද එහි සාර්ථකත්වයේ කොටස්කරුවන්. (නි)
මාධ්‍ය සංදර්ශන නවතා අන්තර්ජාතික පිළිගැනීමට ලක්වෙන දෙයක් කරන්න ..අද අඩු මිල ජංගම දුරකථනවලත් වයර්ලස් චාජින් තියන බව සිහි තබාගන්න...(බ)
ආචාර්ය ජනක විජයකුලසූරිය මහතාණෙනි, ඔබගේ පැහැදිලි කිරීම ඉතා අගය කරමි. ඔබලාට ජයවේවා. (හේ)
අසංක මහතාණනි, ඔබ ලිපිය හා ජනක මහතාගේ අදහස හොඳින් කියෙවුවා නම් එලෙස අදහස් දක්වන්නේ නැහැ. මුලින් ලිපිය හා අදහස් හොඳින් කියවන්න (නි)
ඔව් අසංක, අද අඩු මිල ජංගම දුරකථන වලත් වයර්ලස් චාජින් තියන බව ගැන අප දැනුවත්. නමුත්, වෙළඳපොළේ මොරිස් මයිනර් කාර් තිබෙනවාය කියා එදා ඉංජිනේරුවන් එය වැඩිදියුණු නොකළා නම් අදත් අප යන්නේ ලීටරයට සැතපුම් 8 ක් පමණ යන කාර් වල. අනෙක් දේ තමයි, අපේ දරුවන් මේ දේවල් කරන්නේ රටේ ජනතාවගේ බදු මුදල් වලින්. ඉතින් මේක මාධ්‍ය සංදර්ශනයකට වඩා ඒ දරුවන්ගේ ප්රයත්නයේ එක් සන්ධිස්ථානයක සතුට ඒ ජනතාව සමඟ බෙදා ගැනීමට කළ උත්සාහයක් විදියටයි මා නම් දකින්නේ. ඒ නිසා බොහෝවිට සෘණාත්මක දේ පමණක් ඇසෙන සමාජ වපසරියක මෙවැනි ධනාත්මක දේ සමාජගත කිරීමට ලංකාදීපය ගන්නා උත්සාහය අප අගය කළ යුතුයි. (නි)
අපි එදා ඉඳලම කළේ අනෙකුත් රටවල නිමැවුම් අගය කළා මිසක අපේ නිමැවුමක් ගැන කල්පනා නොකර කටයුතු කිරීමයි. ඒ අතින් අපි මේ නිර්මාණ අගයකොට මේ දරුවන් හට තව තවත් නිර්මාණ කිරීමට දිරිය දෙමු. ජනක මහතාගේ ප්‍රතිචාරය ඉතා ඉහළයි. (නි)
ඉදිරියටම යන්න... සුබ පැතුම්! (ර)
බොහොම හොඳයි මීට පෙර ජපානයේ ඉංජිනේරුවන් කිහිපදෙනෙක් මෙය අත්හදා බැලුවා. එය දැන් පරීක්ෂණ මට්ටමේ තිබේ (භ)
පේරාදෙණිය කොල්ලෝ කවදත් කොතැනත් දක්ෂයෝ (නි)
දැන් දැන් නිර්මාණ ගොඩක් එලියට එනවා. රජයෙන් පුළුවන් තරම් සහයෝගය දිය යුතුයි. (බ)
ඔබ සියලු දෙනාටම අපගේ සුබ පැතුම් (බ)
ලාංකික තරුණ සිසුන් දක්ෂකම් අතින් ඉහළ මට්ටමක ඉන්න බවට හොඳ උදාහරණයක්.
සුබ පැතුම් එක්කරමි (නි)
ඉංජිනේරු ශිෂ්‍යයෝ රටට වගේම ලෝකෙටම ප්‍රයෝජනවත් දේවල් කරනවා. දරුවනි, ඔබ රටට සම්පතක්. (නි)
අපගේ උණුසුම් සුබපැතුම් (අ)
සුබපැතුම් පිළිගන්න ඔබ සැමට දෙවි පිහිටයි (බ)
නියමයි ....... ඔහොම යමු...... (බ)
ඉතාමත් විශිෂ්ටයි.මෙම ක්‍රමය මඟින් සම්ප්‍රේෂණය කරන විදුලිබලය අසීමිතව ග්‍රහණයක් කල හැකිනම්(රේඩියෝ තරංග මෙන්) නව පෙරලියක් වනවා නිසැකයෙන්ම. නිකොලා ටෙස්ලා මෙම ක්රමයද හඳුන්වා දුන්නේ? (අ)
ඔය දරුවන්ගේ උත්සහය හරිම හොදයි. ඔබලාට සුභ පතනවා. මෙය ලංකාවේ දියුණු කරන්න. ඔබේ දැනුම රටේ දියුණුවට යොදන්න. අපිත් උදව් කරන්නම්. තෙරුවන් සරණයි. (අ)
මගේ හිතේ පුංචි කාලේම ඉදලා මේ දේ කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණා. ඒත් කාටහරි කීවාම හිනා වෙනවා. අද ඒක කරන්න පුළුවන් කියලා මටත් කලින් ලෝකෙට පෙන්නපු ඔයාලා ගැන ගොඩාක් ආඩම්බරයි! අපේ රටේම නංගිලා මල්ලිලා ටිකක් ඒ දේ කරපු එක ගැන ඊටත් වඩා සන්තෝසයි.!! ඔබලාට මගේ උණුසුම් සුභපැතම්. (අ)
මේ ළමයි ටික වෙන රටකින් උස්සනකල් අපේ රටේ මොකෙක්වත් දන්න එකක් නෑ (බ)
අපේ උණුසුම් සුබ පැතුම්! ජයවේවා! (නි)
ඔතන මිලියන ගණන් ගසාකෑමට ක්‍රමයක් නැති නිසා රටේ ලොකු ලොක්කන්ට ඔය ක්‍රමය නොතේරෙනවා ෂුවර් එකටම. දු පුතුණි, ඔබේ දැනුම රටේ දියුණුවට යොදන්න දුප්පත්කමින් රට ගොඩගන්න සහය වන්න. ඔබලාට මගේ උණුසුම් සුභ පැතුම්!
දේශපාලකයන්ගෙන් ප්‍රවේශම් වෙන්න (නි)
මෙය මා කුඩා කල සිට දුටු එක සිහිනයකි. නමුත් මා සිතුවේ විදුලි ප්‍රභවයේ සිට තරංග ආකාරයේ ශක්ති ප්‍රභවයක් නිකුත්කර එය නිවසේ සිට ග්‍රාහකයක් මඟින් ලබාගෙන නැවත විදුලිය බවට පරිවර්තනය කිරීමක්.(හරියට ගුවන්විදුලිය වගේ )මෙයින් විදුලි රැහැන් නඩත්තුවට පමනක් නොවේ අලින් ආදී සතුන්ට වන හානියද අඩුවනු ඇත.
සුබ පැතුම්! (නි)
අද කාලේ විශ්ව විද්‍යාල වල තියෙන උද්ෙඝෝෂණ බලද්දී මේ දරුවන් තුන් දෙනා ගුරුවරුන්ගේ සහයෝගයෙන් මොනතරම් වටිනා නිර්මාණයක් බිහි කර ඇද්ද. සමස්ත විශ්ව විද්‍යාල දරුවන්ට මහඟු ආදර්ශයක්. (නි)
ලෝකයේ විශ්ව විද්‍යාල ඉහළ මට්ටමකට ගෙනයනු ලබන්නේ මෙවැනි පරීක්ෂණ මඟිනි. අපේ රටේ විශ්ව විද්‍යාලත් ලෝකයේ ඉහළ ප්‍රමිතියකට ඉතා ඉක්මනින්ම පත්වනවා නොඅනුමානය. (නි)
අපගේ සුබ පැතුම් ! පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වැඩ රටට පෙන්නපු ලංකාදීපයටත් ගොඩාක් ස්තුතියි!!! (නි)
ආත්මාර්ථකාමීකමට පාරවල් දිගේ උද්ඝෝෂණ කරන අයටයි තමන්ගේ වාසියට වැඩ වර්ජන කරන අයටයි වඩා මෙයාලා රටට වගේම ලෝකෙටම සම්පතක් (නි)
ජනක, මටත් මතක්වුණෙත් නිකොලා ටෙස්ලා තමයි. එ්ත් එයාගෙ අදහස වුණේ ඔහුගෙ සොයාගැනිම් විකිණීම නොව ජනතාවට නිකම්ම ලබාදීමයි. එ්කයි එයාලා වගේ මිනිස්සු ගැන පෙළ පොත්වල නැතුව එඩිසන් වගේ මිනිස්සු ගැන ලියලා තියෙන්නෙ (නි)
මේ වගේ අලුත් සොයාගැනිම්වලට අතහිත දීල විශාල ව්‍යපෘති බවට පත්කරන්න ඕනේ . හැටහුටහමාරක් ඇමතිලා හිටියට එහෙම වෙන බවක් පෙන්න නැ. මෙයට කලිනුත් ඉතාම හොද නිපැයුම් බිහිවුණා. කෝ ඒ කිසිම දෙයක් වෙළද පොළට ආවේ නෑ (බ)
සුබ පැතුම් ! මගේ හදවතින්ම සුබ පතනවා (බ)
නව සොයාගැනීමත් සමග ඔබ සියලු දෙනාට මගේ සුබපැතුම් (බ)
හරිම සතුටුයි සුබ අනාගතයක් වේවා (බ)
නියම වැඩක්. මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
සුබ පැතුම් ඔය දරුවන් තුන්දෙනාටත්, ඒ ආචාර්යවරුන්ටත්. තව අවුරුදු 25 ක් 30 විතර යනකොට ඉදිරි අනාගතයේදී විදුලි රැහැන් නොමැතිවම විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ලෝකයටම ලැබේවි. මේ පිළිබඳව විද්‍යාඥයන් අතර ලොකු බියක් තිබුනා. මොකද අධි සංඛ්‍යාත තරංග භාවිතා කිරීමෙන් මිනිස් ජිවිත වලට හා සතුන්ට නොයෙකුත් ලෙඩරෝග හා හානි ඇතිවෙයි කියා. නමුත් දැනට වසර 3 කට කලින් විද්‍යාඥයෙක් සොයාගත්තා හර්ට්ස් 200 වැනි ඉතාමත්ම අඩු සංඛ්‍යාත භාවිතයෙනුත් විදුලිය එක තැනක සිට තව තැනකට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් කියා. (නි)
තෙරුවන් සරණයි!!
මේ ළමයි ඉතා දක්ෂ බව පේනවා. එත් මේක පේරාදෙණියෙන් හොයා ගත්ත එකක් නෙවෙයි. මේ ක්‍රමය 1990 ගණන් වල ඉඳන් සොයා ගෙන දියුණු කරගෙන යන තාක්ෂණයක්. (අ)
ජාතික සම්පතක් ලෙස සලකා මේ දූටත්ද ,පුතුන්ටත් අත හිත දී රැක ගැනීම වගේම මොවුන්ගේ නව සොයා ගැනුමෙන් රටේ විදුලිය පද්ධතිය ශක්‍රිය කර ගැනීමට පාලකයන්ට ප්‍රඥාව පහල වේවායි පතමු.! (ර)