වකුගඩු රෝගයේ සුලමුල සොයාගැනීම සඳහා ජාන සහ ප්රවේණි උපයෝගී කරගත් නව පර්යේෂණයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය සහ සත්ව විද්‍යා අධ්‍යනාංශයෙන් සිදු කරයි.
තවමත් වකුගඩු රෝගය ඇතිවීමට නිසි හේතුකාරකයක් සොයාගෙන නොමැති අතර මෙම පර්යේෂණයේ අරමුණ වනුයේ එහි යම් හෝඩුවාවක් සොයාගැනීමයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෞම්‍යා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදු කරයි. මේ සඳහා මුල්‍ය දායකත්වය සපයනු ලබනුයේ ජාතික පර්යේෂණ සභාව මගිනි.
‘‘දැනට ලංකාවේ විවිධ ප්‍රදේශවල විශාල වකුගඩු රෝගීන් ප්‍රමාණයක් සිටිනවා. එහෙත් මෙම රෝගයට හේතුව තවම හොයාගෙන නැහැ. පාරිසරික හේතු මත බොහෝ පර්යේෂණ කෙරුණත් වකුගඩු රෝගයට බලපාන ජාන සහ ප්රවේණි විද්‍යාත්මක අංශය ගැන පර්යේෂණ සිදුවෙලා තියෙන්නේ අඩුවෙන්. මා සිතන පරිදි මෙම රෝගයට පරිසරය සහ ජාන අතර අන්තර් සබඳතාවක් තියෙනවා. අපි මෙම පර්යේෂණය තුළින් වකුගඩු රෝගයට බලපාන මෙම අන්තර් සම්බන්ධතාවය ගැන පර්යේෂණ සිදු කරනවා. එහිදී අපට ආවේණික හේතුකාරකයක් සොයාගැනීමට හැකිවෙනු ඇතැයි විශ්වාස කරනවා.
වකුගඩු රෝගීන් සම්බන්ධව පර්යේෂණ සිදුකරන අපේ විශේෂිත පර්යේෂණ කණ්ඩායමක් ඉන්නවා. ඒ අනුව ගිරාඳුරුකෝට්ටේ ගින්නෝරුව ප්‍රදේශයෙන් එම සාම්පල් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම පර්යේෂණය හරහා රෝගීන්ගේ සක්‍රීයව ප්රකාශනය වන ජාන මෙන්ම පරිසරයේ ජල ප්රභවවල සිටින ක්ෂුද්‍ර ජීවීන්ගේ ඩී.එන්.ඒ පිටපත්වල තොරතුරු විශ්ලේෂණය කිරීමටත් සැලසුම් සකස්කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ඩේවිස් සහ නවසීලන්තයේ මැසී යන විශ්ව විද්‍යාලවල සහාය ලබාගැනීමටත් බලාපොරොත්තු වෙනවා.
මෙම පර්යේෂණය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත්, මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිශාන්ත නානායක්කාර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ප්‍රදීපා ගුණතිලක සහ වෛද්‍ය සම්පත් ලොකු ගලප්පත්ති යන මහත්ම මහත්මීන් මෙයට සහයෝගය ලබාදෙනවා.’’ යැයි සෞම්‍යා වික්‍රමසිංහ මහත්මිය පැවැසුවාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් හිතන්නේ වකුගඩු අමාරුවට හේතුව මේ මාන කියන වල්පලැටිය වෙන්න ඕනේ. (ර)
.දර්ශන මොනව කියවනවද මන්ද මොනවා උනත් මේ උත්සාහයට මම සුබපතනවා වගේම නාථ දෙවියන්ගේ පිහිටත් ලැබේවා කියල පතනවා !(රේ).
ඉතාම හොද අදහසක්. රජයෙන් නිසි ක්‍රම වේදයක් යටතේ යමක් නොකෙරෙන එකේ, මෙවැනි පර්යේෂණයක් කර මිනිසුන් දැනුවත් කිරීමෙන් දහස් ගණනක් ජිවිත බේරා දීමටත්, ඒ හේතුවෙන් දරු පරපුර අනාථ විමෙන් අපරාධකරුවන් බිහිවීම අවම කිරීමටත්, තවත් බොහෝ ප්‍රතිපල ලබාගන්න පුළුවන්. ඔබලාට ගොඩක් පින් මෙවැනි උතුම් කාර්යක් කිරීම ගැන. (බ)
ඕක තවම හෙව්වේ නැද්ද ? (හේ)
වකුගඩු ලෙඩේට බලපාන්නේ කෘෂි රසායන කියල හොයාගෙන ඉවරයි. එකට නොයෙක් ක්‍රියාමාර්ගත් අරගෙන ඉවරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් තහවුරු කරනවා මේකට හේතුව කෘෂි රසායන කියල. මේ කට්ටිය කියනව තවම හේතුවක් හොයාගෙන නෑ.... (ම)
සුරන්, ඔබ හරි. (නි)
අනේ දවසක කියාවි පොහොර රසායන මේ ලෙඩේට හේතු නෙවේ අපේ ජාන තමයි ගැටලුව කියල. ගෙදෙර එළවලු ගෙදෙර වවන්න. (රේ)
දේශපාලකයෝ විතරක් නෙමෙයි පොදු ජනතව ගොනාට අන්දවන්නේ. (ම)
සුරන්,ජයතු, හේතුව කෘෂිරසායන නම් මේ ලෙඩේ වැඩිපුරම තියෙන්න ඕනෑ නුවරඑළියේ මිනිසුන්ට (නි)
අනේ වාසනා, නුවරඑළිය තියෙන්නේ කඳුකරයේ. එම පළාත්වල කඳු සහිත පොළව සහ හොඳින් වැස්ස නිසා උල්පත් ජලයට කෘෂිරසායන මිශ්රවීම ඉතා අඩුයි. රජරට ගොවිමහතුන් වගා ළිං වලට අධික ප්‍රමාණයක් කෘෂිරසායන එකතුකර එම වතුර වගාබිම් වලට පොම්ප කරනවා. තැනිතලා බිම් නිසාත්, වැස්ස ඉතා අඩු නිසාත් පොළවේ තියෙන වතුර ඉතා අපිරිසිදුයි. රජරට විශ්ව විද්‍යාලය සහ කැලණිය විශ්ව විද්‍යාලය කළ පර්යේෂණ වල දේශන සහ ලිපි අන්තර්ජාලයේ තියෙනවා. බුද්ධිමත්ව කියවා බලන්න. (නි)
මගේ හිතවතෙක් වකුගඩු රෝගය හැදිලා ලේ පිරිසිදු කරගන්න ජාතික රෝහලට විටින් විට අරන් අවා. මම ඇහැව්වා කොළොඹ කට්ටියට මේක හැදුනේ කොහොමද කියල. ඒ අය දුන්න උත්තරය ඇහුවම මට පුදුම හිතුන එත් මම මේක මාධ්‍යට කියන්නේ මේවත් හිතේ තියාගෙන පරීක්ෂණය කරන්න කියල, ඒ වකුගඩු රෝගියාගේ නෑදෑයෙක් කිව්වේ මේකට හේතුව අයඩින් දාන ලුණු කන නිසා කියල. මේ එයාලගේ හැංගීම කෝකටත් මේවත් අවධානයට ගන්න.(රේ)
සුරන්, ඔයාට පෙන්නන්න පුලුවන්ද ලෝක සෞඛ්‍ය සංවිධානය මේක ඒ විදියට පිළිගෙන තියෙන්නේ කියලා? මේක තවමත් හරියට හේතුවක් සොයානොගත් ප්‍රශ්නයක්. ගොඩක් අය තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර ඉස්සරහට දමා විවිධ දේවල් කියනවා තමයි. නමුත් ඇත්ත තවම හොයාගෙන නැහැ. (නි)