ජාත්‍යන්තර පර්යේෂකයන් පිරිසක් විසින් මෑතකදී සිදුකරන ලද ජාන පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ඇබොරිජින්වරු ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාරයට අයත් වූවන් බවයි.
ඕස්ට්‍රේලියා ඇබොරිජින්වරු 83 දෙනක් හා පැපුවා නිව්ගිනියාවේ කඳුකර පැපුවානුවන් 25දෙනක් එකතු කළ ජානමය දත්ත විශ්ලේෂණය කිරීමෙන් ඔවුන් මෙම නිගමනයට පැමිණි බව නේචර් සඟරාවේ දක්වා ඇත.
ඒ අනුව ඕස්ට්‍රේලියා ඇබොරිජින් ශිෂ්ටාචාරය අවුරුදු 75000ක් පමණ පැරණි බවත් ඔවුන් ඕස්ට්‍රේලියා අර්ධද්වීපයට පැමිණ ඇත්තේ මෙයින් වසර 31000 කට පමණ පෙරදී බවත් නේචර් සඟරාව පවසයි.
ආසියාවේ සිට ඕස්ට්‍රේලියාවට මෙම කණ්ඩායම් සංක්‍රමණය වී ඇති අතර පැපුවා නිව්ගිනියාව ඕස්ට්‍රේලියා අර්ධද්වීපයෙන් වෙන්වී ඇත්තේ මෙයින් වසර 10000කට පමණ පෙරදීය.
මෙම පර්යේෂණ වාර්තාව සකස් කිරීමට ඕස්ට්‍රේලියා ආදිවාසි කණ්ඩායම්වල නායකයන් නව දෙනෙක් ද සම කතෘවරුන් ලෙස සහභාගී වීම විශේෂත්වයක් බව පර්යේෂණයට එක්වූ ග්රිකෆීත් විශ්ව විද්‍යාලයේ පරිණාමය පිළිබඳ ජීව විද්‍යාඥ ඩේවිඩ් ලැම්බර්ට් පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොහේ ඉඳලා ආවද , කොච්චර පැරණිද කියන එක නෙමෙයි වැදගත් වන්නේ, අපි මිනිසුන් විද්ියට සලකනවද නැත්නම් මගේ වාසිය විතරද බලන්නේ කියන එකයි.(හේ)
හොඳ ප්‍රවෘත්තියක්
අපේ බලන්ගොඩ මානවයාට වසර 1,20,000 පරණ ඉතිහාසයක් තියෙනවා. (නි)
මොක්කු කොහෙන් අාවත් මුස්ලිම අයනම් අපේ රටට අාවේ වෙළෙන්දෝ ලෙස අරාබිය පැත්තෙන් ,,,පකිස්තානෙත් බෞද්ධ පුරවරයක් ,,අැබෝර්ජින්ලා වාසනාවන්තයි (බ)
මානව විද්‍යාවේ ඔස්ට්රෝලොයිඩ් මානව වර්ගය ආදිවාසින් හා අපේ වැදී ජනතාවත් ඒ අයගෙන් පැවතෙන අදහසක් කපාල ධාරිතා මැනුම් අනුව එකල ප්‍රචාරය වුණා. එහෙත් අපගේ වැදී පරපුර බොහෝ දුරට සම්මිශ්‍රණය වීමෙන් දැන් එම ලක්ෂණ නොතිබෙන්නට පුළුවන්. (ම)
අබෝර්ජීන් වරු විනාශ උනේ අරක්කු වලට ඇබ්බැහි වීමෙන් කියල තමයි අපි අහල තියෙන්නේ. ඒකියන්නේ අපේ සිංහල බෞද්ධයෝන්ගෙන් තමයි ඔවුන් අරක්කු වලට ඇබ්බැහිවී,කුහක කම් කරමින් අනිත් අයට වල කපලා ඔවුන්වම විනාශ කරගෙන තියෙන්නේ. එහෙම බැලුවම ඒ සංක්‍රමණික ඉතිහාස කතාව ඇත්තයි. (ම)
ඕස්ට්‍රේලියා ඇබොරිජින් ශිෂ්ටාචාරය අවුරුදු 75,000ක් පමණ පැරණි බවත් ඔවුන් ඕස්ට්‍රේලියා අර්ධද්වීපයට පැමිණ ඇත්තේ මෙයින් වසර 31,000 කට පමණ පෙරදී බවත් නේචර් සඟරාව පවසයි. (බ)
හොඳ ලිපියක් (ම)
මෙහි අදහස් දක්වන බොහෝ පින්වත් මිතුරන්ගේ දැනුම අවුල් සහගතයි,ආරාධනයක් ලදහොත් සියලු අදහස්හි අඩු තැන් පුරවා ඔබව දැනුමින් පොහොසත් කරමි . (අ)
නොදන්නාකමටයි අහන්නේ. මිනිසා මැවුවේ දෙවියන් වහන්සේ නම් දෙවියන් වහන්සේ මැවුවේ කොහොමද?
ඒ කියන්නේ සිංහල බෞද්ධයෝ මීට වසර 31000 කට කලිනුත් ඕස්ට්‍රේලියාවට බෝට්ටු වලින් සංක්‍රමණය වෙලා තියනවා. අපේ මේ සියලු සම්පතින් ස්වයංපෝෂිත වූ රට හැර දාලා. (නි)
හොඳ ලිපියක්.(හේ)
අයියෝ, අපේ අවුරුදු 2500යේ ඉතිහාසයට මොකද වෙන්නේ එතකොට? (නි)
ඔන්න ගුණසිරි මහත්තයා දේශනාව පටන්ගත්තා
මිනිසා මැව්වේ දෙවියන් වහන්සේය. අහෝ දෙවියනි ඔබ වහන්සේගේ මැවීම භුක්තිවිඳිමින්ම ඔබ වහන්සේට අපහාස කරන ආකාරය.
බෞද්ද ධර්මය සහ බෞද සාහිත්‍යයේ තියන සත්‍ය මේ මගින් ඔප්පු වෙනවා. (අ)
අද ලංකාවේ අය කරන දේවල් දැක්කහම කුමාර්ගේ කතාව සහතික ඇත්ත. (නි)
ඔයගොල්ලෝ මේකටත් ආගම ගාවාගත්තා කියලා කියන්න එපා. සිංහලයින් බහුතරයක් නාමිකව අදහන බුදුදහම නම්වූ ලොව උත්තරීතර සදාතනික ධර්මතාවයන් අපට කියාදුන් අපගේ සර්වඥ රාජෝත්තමයෝ, ත්‍රිපිටකයේ දීඝ නිකායේ බ්‍රග්මජාල සුත්‍රය නම් සුත්‍රයකින් ලෝකයේ මිනිසුන්ගේ ආරම්භය කියා දෙනවා (නි)
ආදීවාසීන් කොහේ ඉඳලාවත් මෙහෙ ආවේ නැහැ. මෙහෙ ඉඳලා තමයි ආදිවාසින් එහාට ගිහිල්ලා තියෙන්නේ මම හිතන විදිහට. (නි)
සිල්වා මහතාගේ දැනුම පිළිබඳව කිසිම සැකයක් නැහැ. සිල්වා මහත්තයෝ, අපේ රටේ අවුරුදු 2500 ක් ගැන කියන්නේ බුදුදහමෙන් අපේ රට පෝෂණය වෙන්න පටන් ගත්තේ කොතන ඉඳලාද, අන්න ඒ කාල පරිච්ඡේදයයි. නැතුව මුලින්ම අපේ රටේ මානවයා ඉපදුන හෝ පැමිණි දවස නොවෙයි (නි)
හොඳ ප්‍රවෘත්තියක් (නි)
අපේ රටේ ආදිවාසින් කොහෙන්ද පැමිණියේ කියලා මේ ක්‍රමය මඟින් හොයාගන්න පුලුවන් වේවි. (නි)
ලංකාවේ මිනිසුන්ගෙන් 68% කට තිබෙන්නේ මේ අැබෝරිජනීස්ලාගේ තිබෙන ලේ ජාන බව කලකට පෙර කරනලද පරීක්ෂණ වලින් හොයාගෙන තිබෙනවා කියනවා නේද?
එයාලා අවුරුදු 31000 කලින් ආසියාවෙන් අාවා නම් ආසියාවේ ඊටත් වැඩිය පැරණි මානවයෝ ඉඳලා තියෙන්න ඕනෑනේ. (නි)