හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සේවය කරන ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතා ලොව ප්‍රථම වරට වායුමය හයිඩ්රජන් යොදාගෙන ලෝහමය හයිඩ්රජන් නිපදවීමේ විද්‍යාත්මක පර්යේෂණය සඳහා දායක වී ඇති බව වාර්තා වේ. මෙම සාර්ථක පර්යේෂණය සිදු කිරීම සඳහා රංග ඩයස් සහ ඉසාක් සිල්වේරා යන මහාචාර්ය ද සහභාගී වී ඇති බව 'සයන්ස්' නම් විද්‍යාත්මක සඟරාවේ දක්වා ඇත.
ඉතා කුඩා හයිඩ්රජන් වායු කොටසක් දියමන්ති දෙකක් අතර අධි පීඩනයකට ලක් කිරීමෙන් හයිඩ්රජන් ලෝහය නිපදවීමට සමත් වූ බව මෙම විද්‍යාඥයෝ දෙදෙනා පවසති. ලොව පුරා විද්‍යාඥයින් වසර 80ක පමණ කාලයක සිට ලෝහමය හයිඩ්රජන් නිපදවීම සම්බන්ධව පර්යේෂණ සිදු කළත් ඒවා සාර්ථක වී තිබුණේ නැත.
කාමර උෂ්ණත්වයේදී ඉතා ඉහළ සන්නායක ගුණයක් දක්වන හයිඩ්රජන් ලෝහය අධික වේගයෙන් ගමන් කරන රොකට් යානා, විදුලි දුම්රිය සහ තවත් බොහෝ ඉලෙක්ට්‍රොනික් උපාංගවල කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා යොදාගත හැකි බොහෝ ප්‍රයෝජනවත් ලෝහයකි.
ශ්‍රී ලංකාවේ උපත ලැබූ රංග ඩයස් මහතා 2016 වර්ෂයේ දී සිය ප්‍රථම උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇති අතර පශ්චාද් උපාධිය ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්ත සරසවියෙන් ලබාගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනයේ ගුණාත්මක බව රැක ගන්න ඕන වෙන්නේ මෙවැනි මට්ටමක නියම උගතුන් බිහි කිරීමටයි. සයිටම් වැනි බාල උපාධි විකිනන ආයතන තුලින් කිසිදාක මෙවන් උගතුන් බිහිවේද? මිනිස් ජීවිත බිකි දීල බාල ලාභ හොයන රටක නොඉද වටිනාකම අගය කරන රටක වැඩක් කරන එක වාසනාවක්.(ම)
ලංකාව බුද්ධිමතුන්ගේ තෝතැන්නක් කරන්න රට පාලනය කරන අය හිතන්නේ නැහැ. එයාලගේ මඩිය තරකර ගැනීම මිසක් රට ගැන තැකීමක් නැහැ. කලකට පෙර හිටිය ආචාර්ය කුලරත්න සොයාගත් කොන්ක්‍රීට් තාක්ෂණයෙන් වැඩ ගත්තේ පිටරට උදවිය. මොනවා වුණත් මෙම තරුණ විද්වතාට තව තවත් නව සොයාගැනීම් වලට ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. (නි)
ගුණසිරි නම් බණ භාවනා කරමින් සිටින කෙනෙකු වගෙයි. ළඟදීම රහත් බව ලැබේවායි පතනවා. මේ විද්වතාට නෝබල් ත්‍යාගය ලැබේවායි පතනවා! (නි)
පිටරට ඉන්න මේ පුතා ගැන මට ඇතිවෙන්නේ ඉතාම දුකක්. මොකද මෙයාට කිසිම පෝයකට නිවාඩුවක් ලැබෙනවද? යන්තම් නත්තලට දවස් දෙකකකුයි, පාස්කු වලට දවසකුයි විතරයිනේ.
ගුණසිරි, බුද්ධාගම සහ මේ සොයාගැනීම අතර ඇති සම්බන්ධය මොකක්ද? හැමදෙයක්ම ලෞකික යැයි කියලා උඩ බලාගෙන හිටියොත් හරියාවිද? (නි)
ලංකාවේ කොයිතරම් ඉංජිනේරුවන් ඉන්නවාද. 99% ම ඉන්නේ කාර්යාල තුළ. බොරුවට මහා ආඩම්බරයෙන් ඉන්නවා. නමුත් වැඩ බැහැ. 1% පමණ ඉංජිනේරුවන් එළියට බැහැලා වැඩකරන අයත් සමඟ තම දැනුම බෙදාහදා ගන්නවා. ඒ නිසා තමයි එක එක රටවලින් ඉංජිනේරුවන් ගෙන්නා ගන්නේ මෙහෙ වැඩට. ඔය ඉන්න ඉංජිනේරුවන්ගේ දැනුම නැවත නැවතත් පරික්ෂා කළයුතුයි. (නි)
පින්වත් සිංහල බෞද්ධයිනි, උදම් වෙයල්ලා! නුඹලාට පෙරකළ පින නිසා හිමිවෙලා තියෙන්නේ මේ මිහිමත තිබෙන අග්‍රම දහම.
නොබෙල් තෑග්ග මොකක්ද රොකි? ඔබ අගය කරන භෞතික විද්‍යාඥයෝ මරණය ජයගන්නේ නැහැ (නි)
සුබ පැතුම්! (නි)
ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන් කරන්නේ පාරවල් වල උද්ඝෝෂණය කරමින් කාලය ගතකරන එක. ඊටපස්සේ රිමෝට් එකෙන් ක්‍රියා කරන සෙල්ලම් ගුවන් යානයක් වැනි දෙයක් හදලා පෙන්වාවි එ්ක තමන් හොයාගත්ත දෙයක් කියලා. ඔවුන් දන්නේ නැහැ ඔවුන් උද්ඝෝෂණ කර කර ඇවිදින පාරට පිටකොටුවේ එවැනි දෙයක් රුපියල් 2000 කට මිලදී ගන්න පුළුවන් කියලා. අලුත් දේවල් සොයාගත් ශ්‍රී ලාංකිකයෝ එම දස්කම් බොහෝවිට කරලා තිබෙන්නේ පිටරට වල සිට. මෙහෙ ශිෂ්‍යයෝ කරන්නේ ඉගෙනීම පසෙක දමා නවක වදය, උද්ඝෝෂණ වැනි විකාර කිරීම (නි)
චාන්දනී, සයිටම් උපාධිය බාලයි කියල තීරණය කළේ කවුද? මොන ප්‍රමිතියට අනුවද? කරුණාකර අපව දැනුවත් කරන්න. (බ)
අමල්, සයිටම් හොර කඩේ උපාධිය බාලයි කියලා තීරණය කළේ ශ්‍රී ලංකාවේ ගෞරවනිය විද්‍යා සභාවයි. ඕනෑම රටක වෛද්‍ය උපාධියේ තත්ත්ව නිර්ණය කරන්නේ ඒ රටේ වෛද්‍ය සභාවයි. ඕනෑම රටක වෛද්‍ය සභාවේ සිටින්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රමාණික දැනුමක් ඇති උගත් වෛද්‍යවරුන්. ඒ වටිනාකම ඒ විදියටම අපේ රටේ වෛද්‍ය සභාවටත් තියෙනවා. ඒ උගත් වැදගත් මහාචාර්යවරුන් සයිටම් සල්ලි වලට නම් කවදාවත් ගන්න බැහැ. අනික මේක මාර රටක්නේ...වයිද්ය විශේෂඥයින්ගෙන් සමන්විත වෛද්‍ය සභාව බැහැයි කියනවා. අධිකරණය හොඳයි කියනවා. අධිකරණය මොනවාද වෛද්‍ය විද්‍යාව ගැන දන්නේ...? (නි)
සමන්ත, ඉතින් විද්‍යා සභාවට බැරිද ඔය සයිටම් එකේ තියන අඩුපාඩු පෙන්නල ඒක යහ මගට ගන්න? (බ)
මේ ලෝකේ ඉන්න එක උගත්තු ටික ඉන්නේ ලංකාවේ වෛද්‍ය සභාවේද දැන්? එකද හෙදියන්ට පඩි වැඩි කරන එකට,සුතිකාගාර පුහුණුව දෙන එකට එහෙම විරුද්ධ වෙන්නේ? අධිකරණය තීන්දුවක් දුන්නේ රටේ ජනතාවටත් නීතියටත් අනුකුලව. එක පිළිගන්න බැරිනම් වෛද්‍ය සභාව බැරිනම් ඕනෑ ම ත්‍රස්තවාදී සන්විධානයකට වෙන රටකට ගිහින් තමන්ට ඕනේ දේවල් කරගන්න බාධාවක් නැති බව මතක තබා ගත යුතුයි. (බ)
මහරගම ජනාධිපති විද්‍යාලයීය ආදිසිසු ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
ශ්‍රී ලාංකික අපිට අාඩම්බරයි. ඉදිරි වැඩ කටයුතු වලට මෙගන් සුභ පැතුම්. (නි)
ලංකාවේ හොඳම මොළවලින් ප්‍රයෝජන ගන්නේ පිටරටවලින් තමයි (ර)
සමහර විට මෙය ලංකාවට ලැබෙන පළමුවෙනි නොබල් ත්‍යාගය විය හැකි. මෙම විද්‍යාඥ පිරිසට සුබ පතමු. (ම)
ජයවේවා ! (ම)
මොනවා වෙන්ටද කමනි ස්ට්‍රයික් කරකර ඉඳි. එක්කෝ දේශපාලකයෙක්ගේ කටු ලෙවකයි. මොනවා වුණත් සබැ ලාංකිකයෙක්. ජයවේවා....(බ)
ලංකාවේ හිටියනම් කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ පෝස්ටරයකුත් උස්සගෙන රැකියා විරහිත උපාධිධාරින්ගේ උද්ඝෝෂණයක දී දකින්න තිබුණා (බ)
මෙතුමා පිටරට ගිය එක හොඳයි ඕක මෙහෙදි කළානම් අපේ උසාවියකින් දඩයක් ගහලා මාස ගාණක් හිරේට දායි (බ)
ලංකාවේ හොඳම මොළවලින් ප්‍රයෝජන ගන්නේ පිටරටවලින් තමයි (බ)
හොඳ සොයා ගැනීමක්.(හේ)
ලංකාවේ දී මේ සොයාගැනීම කළා නම් අනෙක් ඉංජිනේරුවන්ගෙන් ප්‍රවේශම් වෙලා තමයි ඉන්න වෙන්නේ (නි)
ලාංකිකයෝ වැඩි දෙනෙකු ප්‍රසිද්ධ වන්නේ පිටරටවලට ගිය නිසා තමයි. ලංකාවේ හිටියා නම් එකතැනම තමයි...... (නි)
මේ දැනුම අපේ රටේ සමාගම් වලට ලැබුනොත් අපේ රටත් ලෝකේ ගොඩක් ඉස්සරහට එයි.(ම)
පිට රට නොගිහින් ලංකාවේ හිටියනම් මොන වගේ කලක් යන්න තිබුණාද? (ම)
මෙයින් පැහැදිළි වන්නේ ශ්‍රී ලාංකික සරු බීජ වර්ධනය සඳහා මෙරට නොමැති වුවද, විදේශයන්හි යහපත් පසක් ඇති බවයි..(ම)
නව සොයා ගැනීම් හා නව නිපැයුම්කරුවන්ට ලංකාවේ තැනක් දුන්නේ කවදාද? නව නිපැයුම් සමග ඔවුන් ගෙයි මුල්ලේ අසරණ කරලා (ම)
අපෙන් සුබ පැතුම්! (නි)
බුදු දහම ඉදිරියේ සියලු සොයාගැනීම් ලෞකිකයි, ප්‍රාථමිකයි (නි)
අහනකොටත් සතුටුයි (නි)
මේකේ අදහස් දක්වපු කට්ටිය ගැන හරිම සන්තෝෂයි. මොකද ලංකාවේ ජීවත්වෙන අය ගැන සැබෑම ආවබෝධයක් තමයි තියෙන්නේ. ලක්පුතාට ජයවේවා! (නි)
රජයේ විශ්වවිද්‍යාල වලින් කොයි තරම් උගතුන් බිහි කරනවද ලෝකයට (බ)
සේරම් , ඔබේ කතාව ඇත්ත ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තියෙන්නේ ලංකාවට වැඩක් වෙන විදිහට නෙමේ ...හොඳම පිරිස තෝරලා ලෝකේ වැඩට එහෙම නැත්තන් දියුණු රටවල වැඩට යවන එක .... (බ)