නාසා ආයතනය විසින් අඟහරුවෙත පසුගිය දා යවන ලද මාවෙන් අභ්‍යාවකාශ යානය අඟහරුගේ ප්‍රථම ඡායාරූප එකතුව පෘථිවියට එවා ඇත. අඟහරු වායුගෝලයේ ඉතා විරලව පවතින ඔක්සිජන් හයිඩ්රජන් හා කාබන් අංශුවල අධෝරක්ත ඡායාරූප මාවෙන් විසින් එවා ඇත. අඟහරුගේ වායුගෝලයේ ඕසෝන් ස්ථරය සම්බන්ධයෙන් විස්තරාත්මක සිතියමක් ද මේ ඡායාරූප අතර වෙයි.
පසුගිය සැප්තැම්බර් 21 වැනි දා අඟහරු වටා කක්ෂගත වූ මාවෙන් යානයේ උකරණ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි තවමත් පරීක්ෂා කරමින් තිබෙන බව නාසා ආයතනයේ පර්යේෂකයෝ කියති. එම පිරික්සුම් කටයුතු සම්පූර්ණ වී සියළු උපකරණ නිසිපරිදි ක්‍රියාත්මක වන්නේ යැයි තහවුරු කැර ගැනීමෙන් පසු මාවෙන් අභ්‍යාවකාශය යානය මගින් අඟහරුගේ වායුගෝලයේ වඩාත් පරිපූර්ණ ඡායාරූප හා දත්ත එවනු ඇතැයි නාසා විද්‍යාඥයෝ බලාපොරොත්තුවෙන් සිටිති.
මාවෙන් යානය යැවීමේ අපේක්ෂාව වූයේ අඟහරු ග්‍රහයා අතීතයේ සිට අද පවතින අජීවී තත්ත්වයට පත්වූයේ කෙසේ ද යන්න එහි වායුගෝලය පරීක්ෂා කිරීමෙන් සොයා ගැනීමයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මින් පෙනෙන්නේ තාක්ෂණය අතින් ලෝකය ලබා ඇති දියුණුව නොවේද? (නි)
මිනිසාගේ විද්‍යාත්මක දියුණුව මනාවට පෙනෙනවා .සතුටු හිතෙනවා ....තවත් බොහෝ දේවල් සොයගනිවී .(හේ)
ටානියා, ලෝකයනම් දියුණුයි. එත් තාම අර මැලේසියානු යානය හොයාගත්තේ නැනේ. ජීවිත කීයක් ද? (ස)
සතුටුයි සතුටුයි. (නදී)
මේ වගේ වැදගත් ඒවටත් ලාක්මාල් වගේ අය උදැල්ල දාන්නේ උප්පත්තියේ වරදක් නිසා. (නදී)
මිනිසා සහයෝගයෙන් ජීවත් වෙන්න ඉගෙන ගත්දාට තමයි අපි දියුණුයි කියන්නේ (නදී)
මෙයාලගේ බයිලා ..මෙයාල හදපු අර නැතිවෙච්ච මැලේසියන් යානය ගැන කටක් අරින්නේ නැහැ. (නදී)
නිල් පින්තූර නම් මෙතන දාන එක හොඳ නෑ නේද? (ස)
නිල අැර ඕනි පාටක්.(හේ)
පොලව මවන්න නං කෙනෙක් හිටියා කියනවානේ.... ඒත් අගහරු මැව්වේ කව්ද? (නදී)
ඇමරිකාව නැත්නම් ඕවා බලන්නත් නැහැ.තමන්ගේ මුදලින් ලෝකයට සේවයක් කරන ඔවුන්ට තුති වේවා! (නි)
අඟහරු ලොවෙත් ජීවින් ඇති බවට මෙයින් ඔප්පු වෙනවා නොවේද? (නි)
නිල් , කොළ , රතු පාට තුනම දැම්ම එක හොදයි. නැත්තම් කියයි දේශපාලන බලවේගයක් කියලා . (දී)
විද්‍යාඥයෝ අගහරු වල ජීවය නැහැයි කියපු කාලේ එහේ ජීවින් ඉන්නවයි කිව්වේ අපේ "ජිප්සීස් "සුනිල් අයියා විතරයි නේද ?බලන්න විද්‍යාඥයා යන්න කලින් කලාකාරය එහේ ගිය හැටි . (ත)
ප්‍රේමකුමාර නිල් විතරක් නොවේ කොළත් හොඳ නෑ. (අ)
අගහරු ග්‍රහයා තුල ජිවින් නැති බවක් තවම ස්ථිරවම කියලා නැහැ.(හේ)