අඟහරු ග්‍රහයාගේ ශිෂ්ටාචාරය සහමුලින් ම විනාශ වුයේ පිටසක්වල ජීවීන් විසින් හෙලනු ලැබූ න්‍යෂ්ඨික බෝම්බයකින් විය හැකියැයි ඇමෙරිකා භෞතික විද්‍යාඥ වෛද්‍ය ජෝන් බ්‍රැන්ඩන්බර්ග් පවසයි.
ඔහුගේ විශ්මිත මතයෙන් කියවෙන්නේ සයිඩෝනියන්ස් සහ උටෝපියන්ස් ලෙස හඳුන්වන ආදි කල්පිත අඟහරුවාසීන් මේ ප්‍රහාරයෙන් කෘෘර ලෙස සමූල ඝාතනය කරනු ලැබ ඇති බයි. මේ ජීවී සංහාරය පිළිබඳ සාක්ෂි අදට ද දක්නට ලැබෙන බව බ්‍රැන්ඩන්බර්ග් පවසයි.
2011 වර්ෂයේ දී පමණ විද්‍යාඥයන් උපකල්පනය කළේ අඟහරු ග්‍රහයාගේ රතු පැහැයට හේතුව ස්වභාවිකව සිදුවූ න්‍යෂ්ඨික පිපිරීමක් වූ බවයි. එතැන්සිට තවදුරටත් සිදුකළ පර්යේෂණයන් මගින් වර්ධනය කරනු ලැබූ මේ අදහස තවදුරටත් ස්වභාවික පිපිරුමක් නොවන බව සොයාගන්නා ලදී.
ඔහුගේ නවතම පර්යේෂණ පත්‍රිකාවෙන් දක්වා ඇත්තේ අඟහරැගේ වායුගෝලයේ ඉහළ සාන්ද්‍රණයක් පවතින සෙනොන්-129 කෙරෙහි ඔහුගේ පර්යේෂණ කේන්ද්‍රගත වූ බවයි. මතුපිට පෘෂ්ඨයේ පවතින යුරේනියම් හා කෝරියම් සාන්ද්‍රණය සම්බන්ධයෙන් ද ඔහුගේ අවධානය යොමුව ඇත.
බ්රැන්ඩර්න්බර්ග් මහතා අවධාරණය කරන්නේ ඒ අඟහරුමත සිදුවූ න්‍යෂ්ඨික පිපිරීම් දෙකේ අවශේෂ බවයි. එක්තරා කාලයක අඟහරුමත පෘථිවියට සමාන දේශගුණික තත්ත්වයක් පවතින්නට ඇතැයි ඔහු අවධාරණය කරයි. සතුන් හා ශාක එහි තිබෙන්නට ඇති බවත් එය ආදි මිසර ශිෂ්ටාචාරය මෙන් දියුණුව පවතින්නට ඇති බවත් බ්රැන්ඩර්න්බර්ග් මහතා සිය පර්යේෂණ වාර්තාවෙන් පවසා ඇත.
මේ පිළිබඳ අදහස් දක්වන විද්‍යාඥයන් පවසන්නේ වර්තමානයේ පෘථිවියේ පවතින න්‍යෂ්ඨික ශක්තිය භාවිතය කෙරෙහි ද මේ අදහස වැදගත්වන බවයි. එසේ ම යම් දිනක පෘථිවියට අප විසින් ම මෙවැනි හානියක් කරගැනීමට ඉඩ ඇතැයි ද විද්‍යාඥයෝ පෙන්වාදෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු ග්‍රහයා කියන්නේ තුන්වෙනි ලෝකයේ රටක්ද කියලා මට හිතෙනවා (නි)
පිටසක්වල ජීවින්ගෙන් පෘථිවියටත් බලපෑම් එල්ලවෙලා තියෙන බව ඔප්පු කරන්න සාක්ෂි තමයි ඊජිප්තුවේ පිරමීඩ සහ ඒවා පිහිටුවා තියෙන හැඩය.හොයලා බැලුවොත් තේරෙයි. කවදාවත් නිමානොවෙන විශ්ව ගවේෂණය අතර මෙහෙම දේවල් උපකල්පනය වෙන එක පුදුම කාරණාවක් නෙමෙයි. (නි)
මේ ගැන විද්‍යාත්මකව සිතන්න. (නි)
මහාචාර්ය කාල් සේගන් සහතික කරලා තියෙනවා පිටසක්වල ජීවින් එක වරක් හෝ අතීතයේ පෘථිවියට පැමිණ ඇති බව. නමුත් ලෝක මහා බලවතුන් න්‍යෂ්ටික අවි නිපදවීම නතර කළොත් ලෝකයටම සැනසිල්ලක් වේවි. (නි)
විද්‍යාවේ දියුණූව මත තවත් බොහෝ දෑ අනාගතයේදී සොයාගනු ඇත (නි)
මම නම් විශ්වාස කරනවා අඟහරු ලෝකේ දැනටත් ජීවින් ඉන්නවා කියලා. එයාල ටික දෙනෙක් 2010න් පස්සේ අපේ රටටත් ගොඩ බැහැල මෙතනට අදහසුත් දානවා. හරිම ලස්සනයි බලන් ඉන්න අහන්න දකින්න ආස හිතෙන අදහස් (නදී)
ඔබ දන්නවද දැනට කොපමණ පිටසක්වල ජීවින් පිරිසක් අප අතැර ජීවත්ව චිටිනවද කියල ? මේ ලෝකයට අන්තිමට පැමිණි පිටසක්වල මනුෂ්‍ය ජීවින් තමයි චීනුන් (බ)
මම මොහුගේ මතය බැහැර කරන්නේ නැහැ. හේතුව එසේ විය හැකි නිසා. (නි)
විශ්වයේ ජීවය සොයාගත් දවසට සියලු මතවාද කණපිට හැරෙනවා. (නදී)
ඇමරිකාවට බැන්නට ඒ අය නැතුව විශ්වය ගැන හිතනවා කියන එකත් බොරු. (නි)
විදුර කියල තියෙන එකනම් සහතික ඇත්ත. (ර)
බුද්ධිමත් සංවාදයක් ලිපිය තුලින් ගොඩනැගෙන එක වටිනවා. මෙහි ඉතා තාර්කික අදහස් දකින්න පුළුවන්. විශ්වය අප සිතනවාට වඩා මහා පුළුල් මාතෘකාවක්. අනිකා නොකදින මහා ඝන අන්ධකාර වනයක දල්වපු ඉටිපන්දමක අපට පෙනෙන්නේ ඉටිපන්දම් එළියෙන් එලිය වන කුඩා පෙදෙසක් පමණයි. නමුත් එම එලියට වඩා මහා අඳුරක් ඉන් පිට ඇත. විශ්වයද එසේමයි. (ර)
බන්දුලගේ හරිම පණ්ඩිත කතා තමයි තියෙන්නේ. දන්නා දේවල් ටිකයි. හිතාගෙන ඉන්නේ ආසියාවේ මහා මොළකරු කියලා (නි)
දෙවියන් වහන්සේ හඳුනන්නේ නැති සමහර අය උන්වහන්සේ මැවූ විශ්වය ගැන තේරුම්ගන්නේ කොහොමද? (නි)
විද්‍යාව යනු දෙවියන් වහන්සේ විසින් මවන ලද දේ සොයාගැනීමය. නොපවතින දෙයක් සොයාගන්නට විද්‍යාවට නොහැක. (නි)
රුසියාවේ න්‍යෂ්ටික බලයට ඇමරිකාව බය නිසා කියන බොරු. (ර)
විද්‍යාත්මකව සිතන්න. එකයි ඇත්ත. (ර)
විවිධ වූ අපේ පාඨක ජනතා අදහස් ගැන ආඩම්බරයි (නි)
ඉඩම් තණ්හාවෙන් පෙළෙන අයට අක්කර සිය ගානක් වුණත් නොමිලේම දෙතහැකියි! (නි)
විද්‍යාවෙන් සොයාගන්න බැරි දේවල් අපි අාස්චර්යක් සේ දකින විදිහ වෙනස් කරගන්න අපි මහන්සි ගන්න ඕනේ. විද්‍යාව කියන්නේ බටහිරින් හොයාගන්න දේවල් නොවෙයි. (නදී)
මෙම විශ්වය ගැන අධ්‍යනය කර නිමකළ නොහැක.. එහෙත් මිනිසා විසින් එය කල යුතුය... එවිට තමයි මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තහවුරු වන්නේ.. පෘතුවියේ මිනිසුන්ගේ සමාජ ක්‍රම වර්ධනය වන්නේ සල්පිලාකාර අකාරයෙන්.. එනම් එක සමාජ ක්‍රමයක් බිහිවී එහි අයිතිහාසික කාර්ය භාරය නිමවීමත් සමගම එය ඉදුරාම අර්බුදයට පත්වේ.. එය මිනිස් ඉතිහාසය අධ්‍යයනයෙන් ප්රත්යක්ෂ කරගත හැක.අප සිටින්නේද මෙම ලාභය ලැබීම අරමුණු කොටගත් නිෂ්පාදන ආර්ථික මුලික කරගත් සමාජ ක්‍රමය නොහොත් ධනපති ආර්ථික ක්රමයේ මහලු අර්භුදයට ලක් වී යන අවසාන කාලයේය.. දැන් අපට පෙනෙන්නේ මුළු ලෝකයම විනාශය කරා යන්නක් මෙන් වුවද.. සිදුවන්නේ සිදු විය යුත්තේ මිනිස් සංහතියට මෙන්ම මුළුමහත් පෘතුවියටම හිතකර ඊලග සමාජ ක්‍රමයට යාමටය.. එදාට මිට වඩා නිදහස් හා දියුණු අයුරින් විද්‍යාව දියුණු වනු ඇත.. මිට වඩා විශ්වය තේරුම් ගෙන මිනිසා පිටසක්වල ජය ගැනීම අනිවාර්යයකි... (අ)
විශ්වයේ අපට නොපෙනුනත් බොහෝ ජීවින් සිටිනවා. ඒක මට ඔප්පු කරන්න බැහැ. අපි මේ විශ්වයේ කුමන ස්ථානයකින් හෝ ගමන් කරන්නට පටන්ගත්තොත් කවදාවත් ඒ ගමන අවසන් කරන්නට බැහැ. ඒ මේ විශ්වයේ කෙළවරක් නොමැති නිසයි. මේ විශ්වයට කෙළවරක් නැත්නම් විශ්වයේ සිටින ජීවීන් ප්‍රමාණයට,ජීවීන් වර්ග වලට,ජීවීන් සිටින ස්ථාන වලට කෙළවරක් තිබිය නොහැකියි (නි)
පළමුව අර හොර දේශපාලුවෝ රොත්ත විතරක් විනාශ වෙන්න නියුට්‍රෝන බෝම්බයක් දැම්මා නම් ලංකාවට, කොහොම හිටීද? (නි)
සමහරු නම් කියනවා මේවා බොරු කියල. එත් මගේ පෞද්ගලික අදහස නම් මේ දේ කවද හරි ඇත්ත වෙන්න පුළුවන්. (හේ)
මේ නිමක් නැති විශ්වයේ අනිවාර්යෙන්ම ජීවය තියෙනවා හබැයි අපට කවදාක වත් කිට්ටු වෙන්න බෑ. තව අවුරුදු 1000 වත් යාවි.(අ)
ශාලිත,ඔයා බයිබලය හරියට කියවලා නැතුව කොහොමද දෙවියෝ ගැන දැනගන්නේ? (නි)
මෙතරම් විශාල විශ්වයේ අපි විතරක් කොහොමත් තනිවෙන්න බෑ.ළගදීම අගහරු ප්‍රහාරයට සම්බන්ද යුදකාමී ජීවින් හමුවෙයි (දිල්)
රට ජයගන්න බැරුව මෙතන ඉන්න බහුතරයක් කතා කරන්නේ ලෝකයත් නෙමෙයි, විශ්වය ජයගන්න! (නි)
බන්දුල, මිනිසා විද්‍යාවන් භාවිතා කළයුත්තේ ජීවත්වීම සඳහා වන මූලික අවශ්‍යතා සම්පාදනය කරගැනීම සඳහායි. කාමයන් පසුපස යන ගමනෙහි කෙළවරක් නොමැත. දැඩි ලෙස තව තවත් කාමයන් ලබා ගැනීමේ සහ ඒවා ලබා ගැනීමට එකිනෙකා පරයමින් පොරකෑමේ ප්‍රතිඵලය මිහිතලය දුෂණය වීම සහ වෛරය ක්‍රෝධය පැතිරීමයි. විශ්වය ජයගැනීමේ වරදක් මා නොදකින මුත්, විශ්වය ජයගැනීමට පෙර තමා ජයගැනීම වඩා උතුම් ලෙස සළකමි. (නි)
ඇත්තටම න්‍යෂ්ටික පිපිරීමක් සිදුවෙලා තිබෙන නිසා තමා විනාශවෙන්න ඇත්තේ. නැත්නම් ස්වභාවික විපත් සිදුවුණත් ඒක දරාගන්න පුළුවන් ඕනෑම ග්රහයෙකුට. අඩුමගානේ ජීවින් තව පරම්පරාවක් හරි බිහිවෙනවා. වායුගෝලයේ තිබෙන හිතකරකම නිසා. න්‍යෂ්ටික පිපිරීමකින් නම් ඔක්කොම නැත්තටම නැතිවෙනවා (නි)
මොන බොරුද ? කතන්දරවලට හොඳයි (ස)
හිරාන් වගේ කෙනෙකුට ඔහොම අදහසක් නිකන් වත් පහල වෙන්නේ නෑ නේද ? ලංකාවේ පොල් බුරුවො ඉතින් සාස්තර කාරයෝ කියන ඒවා විතරනේ විශ්වාස කරන්නේ. (ස)
බටහිර කුමන්ත්‍රණ නිසා තමයි තිබුනේ (නදී)
ඉතාම වටිනා ලිපියක්. (නි)
මේ අය කරන අලුත් අදහස්,සොයාගැනීම්,මතවාද නිසා දෙවියන් පවා මේ වෙලාවේ පුදුමවෙලා ඇති. (නි)
හිරාන් ඔව් ඉතින් ඒ ඇර එයාට කරන්න පුලුවන් දෙයක් නැහැනේ. ඔහේ බලං ඉන්නව ඇති.(අ)
මේක පිළිගන්න තරම් ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරලා නැහැ. රතු ග්‍රහයා මිය යාමට හේතුව තමයි අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරය ගණ වීම නිසා චුම්භක ක්ෂේත්රය හීන වීම හේතුවෙන් සුර්යාගේ පාරජම්බුල කිරණ සෘජුවම පතිත වීම නිසා අඟහරු ග්‍රහයාගේ වායුගෝලය ක්‍රමයෙන් ක්ෂය වුනා. මේ හේතුවෙන් අඟහරු මතුපිට උෂ්ණත්වය රඳා පවත්වා ගැනීමට තරම් කාබන් ඩයොක්සයිඩ් නොමැති වී ගියා. මේක තමයි විද්‍යානුකූල ඔප්පු කල හැකි ලොවම පිලගන්නා මතය (නදී)
විද්‍යාත්මක ලෙස සිතන සියලු දෙනාට මගේ ප්‍රණාමය!(හේ)
ඇමෙරිකාව තමයි අනෙත් යට පාඩුවේ ඉන්න නොදී න්‍යෂ්ඨික යුද්දයකට පටලවන්න හදන්නේ. අනේ එයාලගේ මානව හිමිකම්. (නදී)
බොහෝ අයට මත ඉදිරිපත් කල හැකි නමුත් ඊට ප්‍රබල සාක්ෂි තිබිය යුතුයි.(හේ)
උඩ පින්තුරේ නම් හරියට සෞදි අරාබියේ කාන්තාරයක ගත්ත පොටෝ එකක් වගෙයි... මේ කතාවත් 1970 ඇපලෝ 11 හදට ගියා වගේ බොරුවක් වෙන්නත් පුළුවන් ....අනේ අපිත් ඉතින් මෝඩයෝ වගේ 70 වේ රොකට් එක හදට ගොඩ බානකම් හද දිහා බලන් හිටිය අදවගේ මතකයි ...(ස)
අසාම් හරි. සුළු නිවැරදි කිරීමක්. රතු ග්‍රහයා ගේ වායුගෝලය ක්ෂය වුනේ සූර්ය සුළඟ නිසා. (ස)
බයියා, අසාම් ඔයාල කියන දේ ඇත්ත. නමුත් ඒ දැනට පිළිගත්ත මතය, ඒක අදහසක් එ් උනත් මේ ඊට ප්‍රතිවිරුද්ධ මතයක්. අපි බලමු මේක පිළිගන්න තරමේ ප්‍රබල සාක්ෂි තියනවද කියලා. ඕක ඉතින් විද්‍යාවේ හැටි නෙව මතකද පහුගිය දවස් වල "දේව අංශුව " හොයා ගත්ත කාලේ තිබිච්ච සද්දේ. කෝ දැන් ඒවා ? (නදී)
මෙම සියලු දේවල් ඉබේ සිදෙවීමට හැකියාවක් කිසිසේත්ම නැහැ .(හේ)
පිටසක්වල ජීවින් අමු බොරුවක්. මෙය මනහ්කල්පිත දෙයක්. පෘතුවිය ඇරන්න වෙන කිසි තැනක ජීවින් නොමැත. මෙය මම කරන අබියෝගයක් (අ)
මේ තමා දවල් හීන (නදී)
කෙළවරක් නැති විශ්වය ගැන හොයනවට වඩා තමන් ගැන සෙවීම වැදගත් බව බුදු දහමේ උගන්වනවා (නදී)
අවසානය තමා ඔය. මුලදර්ම වාදයේ ප්‍රතිපලය (නදී)
මේ විකාර අදහස කිසිම පිළිගත් විද්‍යාත්මක ප්‍රකාශයක පලවී නැති අතර කිසිම පිළිගත් පර්යේෂකයෙකුගේ පිළිගැනීමට ලක්වී නැහැ. මොකක් හරි පිටරට බාල වෙබ් අඩවියක පළවූ පමණින් එය වැදගත් දෙයක් වෙන්නේ නැහැ. අනෙක ඔබ මෙය ලියා ඇති ආකාරයට අනුව කෙනෙකුට සිතන්නේ මෙය විද්‍යාත්මකව තහවිරු කරන ලද දෙයක් ලෙසයි. (ර)
මට නම් තේරෙන්නේ නෑ මේගොල්ලෝ මොනවා හිතාගෙන ඉන්නවද කියල. (ර)
රාම රාවණ යුද්ධයේදී රාවණා පැන්නේ රතු ග්රහයාටයි. එයාට භාරතයෙන් එල්ලවූ න්‍යෂ්ටික ප්‍රහාරයක් නිසා මෙසේ සිදුවිය. රාවණාගේ දඩුමොණරය මෙහිදී කුඩුපට්ටම් විය. එය සාදා ගැනීමේ මෙහෙයුමක ඔහු නිරත වී සිටී. (නදී)
රතු ග්‍රහය ළඟ තිබෙන යුරේනියුම් සහ තොරියුම් ටික ගන්න බලමු (නදී)
හසන් මහත්තයා අභියෝග කරන්න කලින් මොනවද තියෙන සාධක ඔයා ලග ඔප්පු කරන්න පිට කිසිම සක්වලක ජීවීන් නැති බවට.(නදී)
හසන්,කුමාර් ඔහෙලා තාමත් ගල් යුගයේ! (ස)
හසන්,ලෝකේ මැව්වේ දෙවියෝ නෙමේ! (අ)
න්‍යෂ්ටික පිපිරීමක් සිදුවුනොත් මේ ලෝකෙත් ඉවරයි . (හේ)
ඔයාල හැමෝටම මට කියන්න තියෙන්නේ ජීවින් ඉන්නේ තුන්වැනි ග්‍රහයාගේ විතරක් නෙමෙයි කියලා.අපි ඔක්සිජන් හුස්ම ගන්නවා වගේම අනිත් අයටත් ඒ ඒ වායුන් පාවිච්චි කරන්න පුළුවන්.මේ විශ්වය ගැන මීට වැඩිය ගැඹුරින් හිතුවොත් ගොඩක් ඉගෙනගන්න දේ තිබෙනවා. (නි)
ඒ කියන්නේ මීටපෙර අඟහරු මත ජීවයක් තිබිලද? (නි)
මේ විශ්වයේ තියෙන දේවල් තේරුම් ගන්න තරම් අපේ දැනුම පොහොසත් නැහැ .අපි මොන තරම් අඳ බාලයෝද? (නදී)
අඟහරු ලොව විනාස වෙන්න ප්‍රථම, දැන් පෘතුවිය තියෙන තත්වයට දුෂිත වී තියෙන්න ඇති. ඉතින් දෙවියන් වහන්සේ තීරණය කරන්න ඇති විනාසකර දමන්න. පෘතුවියෙත් මේ සිදුවෙන දේවල් දකිනවිට අවසාන කාලය එළබිලා වගේ ? (ර)
අපිට කිසිම දෙයක් සම්පුර්ණයෙන්ම බැහැර කරන්න බැහැ (ම)
කෝකටත් ගල් ගුහාවක් හොයාගන්න ඕනේ හැංගෙන්න .(හේ)
ගුණේ ඔයා මොනවා හරි විස දෙයක් කාලද ඉන්නේ? (දී)