දෙපසට පා පහර එල්ල කරමින් අපූරු රංගනයක යෙදෙන මකුළු විශේෂයක් ඕස්ට්‍රේලියාවේ ඇල්බැනි සමීපයේ පිහිටි කේප්රිචී හි දී හමුවූ බව විද්‍යාඥයන් පිරිසක් පවසයි.
මැරටස් පසෙර්නාටස් ලෙස සත්ත්ව විද්‍යාත්මකව නම්කැර ඇති මේ සත්ත්වයා දිගින් මිලි මීටර තුනත් පහත් අතරය. පැත්තෙන් පැත්තට චලනය වෙමින් දෙපසට පා පහර එල්ල කරමින් කරණ රංගනයෙන් සිය සහකාරිය වසඟයට ගැනීමට මේ මකුළුවා සමත්වෙයි. මොණරකු වැනි වර්ණයෙන් යුක්ත ඔවුන් පා පහර එල්ලකරණ විට අත්පොලසන් දෙන හඬක් වැනි සියුම් හඬක් මතුවන බව ද විද්‍යාඥ ජජෙන් ඕටෝ පවසයි.
සත්ත්ව විශේෂය සොයාගත් විද්‍යාඥයන් පවසන්නේ මේ මකුළුවා ලෝකයේ වාර්තාවන වඩාත් ආකර්ශනීයම හා දැකුම්කළුම මකුළුවා ද යන්න ගැන කතාබහට ලක්වනු ඇති බවයි.
සාමාන්‍යයෙන් මකුළුවන් සම්බන්ධයෙන් මිනිසුන් දක්වන්නේ බිය හා පිළිකුල මුසු හැඟීමකි. එසේ වුව ද මේ මකුළුවා එවැනි පිළිකුල් සහගත සත්ත්වයකු නොවන බව ද ඔවුහු පෙන්වාදෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් පුළුවන් වුණා නම් (අ)
අනේ ගීතා, ඔයා කොහෙද ඉන්නේ? (නි)
අපේ ලංකාවේ කොල්ලොත් ටිකක් වැඩිපුර ගත්තහම මකුළුවෝ වගේ නටනවා විතරක් නොවෙයි, කකුළුවෝ වගෙත් නටනවා (නි)
හරිම ලස්සනයි නේද (බ)
අනේ! මෙහෙ ඉන්න මකුළුවෝ ගැන කියලා වැඩක් නැහැ කෑවොත් එහා ලෝකේ. (නි)
අපිත් උත්සාහ කරමු (නි)
නියමයි (නි)
මකුළුවන්ට දැන් කාලේ පිස්සු හැදිලා වාගේ (ම)
අනග රැඟුම් - කළ විපරම් (නි)
මොනයම් සතෙකුගේවත් සහකාරිය හිතුමනාපෙට සහකාරයා ළඟට එන්නේ නැහැ. සහකාරයා වැඩ පෙන්වන්නම ඕනෑ ඇය කැන්දා ගන්න. හැබැයි මිනිසුන්ගේ හැසිරීම ටිකක් වෙනස්. සහකාරිය හැඩ පෙන්නන්න ඕනෑ සහකාරයා කැන්දා ගන්න. (නි)
කලන,රූපවතී හිතලා තියෙන්නේ මේ මකුළුහාමි එයාගේ ගමේ හිටපු නිල්හාමි වගේ ඇති කියලයි. (නි)
රුපවති අක්ක සුදු මකුළුවෝ එහෙම නැතුව ඇති නේ ?වුණ්නා නම් එයාල තමයි ශ්‍රේෂ්ඨයි.(අ)
රූපවතියේ, ඒ අතින් මිනිස්සු මොනතරම් වටිනවද නැද්ද හා ? (නි)
මම දැක්කා මෙයා රංගනය කරද්දී , කෙල්ල ළඟට වෙලා බලා ඉඳලා එකපාරටම ඇඟට කඩා පැනලා අඩු වලින් දිගට හරහට පහර දීලා යන්න ගියා. (වීඩියෝ එකේ) පව් මකුළුහාමි (නි)
ධම්ම, වැඩ නැතත් කමක් නැහැ සල්ලි තියනවා නම්. අපේ කට්ටිය උඩ පැනගෙන යනවා. බොරුද මම කියන්නේ (නි)
මේ මකුළුවා නම් අනිත් මකුළුවන්ට වඩා ලස්සනයි තමයි,එ වුණත් බොහෝ කාන්තාවන් මෙන්ම සමහර පිරිමි පාර්ශයේ අයත් මකුළුවන්ට බයයි. දියුණු රට වල මේ ෆොබියාවට ප්රතිකර්මත් තියනවා.මාත් හිතාගෙන ඉන්නේ මගේ දුවයි පුතයි දෙන්නාවම අරන් යන්න මොවුන්ට තියන බය නැති කිරීමට. (ම)
රූපවතී,අහිංසකයා මකුළුවාද, වාරියපොළ නංගිද.........? (නි)
අනේ පව් අහිංසකයා! අර වාරියපොළ අපේ නංගිව මතක්වුණා මට මේක බලද්දී. (නි)