නූතන මානවයන් වසර 60,000ට පමණ පෙර අප්‍රිකාවෙන් ව්‍යාප්තවූ බවට වැදගත් තොරතුරු රැසක් සොයා ගැනීමට ඊශ්‍රායලයෙන් හමුවූ මානව හිස්කබලක් හේතු වූ බව විදයාඥයෝ කියති. මානවයාගේ පර්යටනය හේතුවෙන් හෝමෝ සේපියන්ස් සේපියන්ස් නූතන මානවයා ලොව පුරාම ව්‍යාප්තවූ බවත් නියැන්ඩතාල් මානවයා තුරන් වී ගිය බවත් මේ පරීක්ෂණ වාර්තාවේ දක්වා ඇත.
මේ මානව හිස්කබල හමුවී ඇත්තේ මැනොට් ගුහාවෙනි. හිස්කබල වසර 55,000ට වඩා පැරණිය. පර්යේෂණය සිදුකළ ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හරෂ්කොවිට්ස් පවසන්නේ නූතන් හිස්කබලකින් මේ හිස්කබල වෙන්කිරීමට හේතු සාධක නොමැති බවයි.
මහාචාර්යවරයා තවදුරටත් පවසන්නේ සහරා සහ නුබියන් කාන්තාර හරහා නැගෙනහිර අප්‍රිකාවෙන් විශාල ලෙස ජනයා මධ්‍යධරණී පෙදෙසට සංක්‍රමණය වී මීට අවුරුදු 55000 කට පෙර ජනාවාස ඇති කරගත් බව පෙන්වා දීමට හැකි පළමු වැදගත් සාක්ෂිය මෙම හිස්කබල බවයි. එය නූතන මානවයාගේ පරිනාමය පිළිබඳ තොරතුරු පෙන්වාදිය හැකි යතුරක් ලෙස හැඳින්විය හැකි බව ද පර්යේෂකයෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව පරිණාමයත් පුනරුත්පත්තියත් ගැටෙන අවස්ථාවක් ලෙසයි දකින්නෙ. ඔප්පුකළ නොහැකි කථා පිළිබදව මැනවින් විමර්ශනය කළයුතු කාලය එළඹ ඇත. (නි)
ඒ කොහොමද ඒ විදියට ගැටෙන්නේ මෙතනදි? අනේ අපිටත් කියා දෙන්න. (නි)
නිමල්, බාගෙට ලියන්නේ නැතුව විස්තර කරන්න එය පරිණාමයත් එක්ක ගැටෙන්නේ කොහොමද කියලා (නි)
පුනරුත්පත්ති සංකල්ප වලට ගැටළු ඇති නොවුවද බණකතා සහ දෙවියන්ගේ මැවීම සම්බන්ධ සංකල්ප වලට නම් නොගැළපීම් තිබෙනවා කියා මට හිතෙනවා. (නි)
පරිනාමය සහ පුනරුප්පත්තිය එකට බැඳී ඇති බව නම් විශ්වාසයි. එක් එක් ඈත භව වලදී ටිකෙන් ටික දියුණු වන විඥ්ඥානය පුනරුප්පත්තිය හරහා මේ වන විට දියුණු වී ඇත. මේ වන විට දියුණු වූ විඥ්ඥාණය ඇති පුද්ගලයින් ඉදිරි භව වලදී තව තවත් නව සොයා ගැනීම් කරනු ඇත. (නදී)
බන කතා කියන්නේ බුද්ධාගම. බෞද්ධ දර්ශනය කියන්නේ කිසිදා බොරු කළ නොහැකි සත්‍යයක්. බණක තා බෞද්ධ දර්ශනය සමග පටලවා ගන්න එපා. (නදී)
අද විද්‍යාඥයන්ට කතා කරන්න පුළුවන් වී තිබෙන්නේ පරිනාමවාදයේ (බයලොජිකල් ඉවොලුෂන්) කොටසක් හැටියට මිනිසා ඇතිවීම ගැන පමණයි. මිනිසා මිනිස් පරිනාමයෙන් (හියුමන් ඉවොලුෂන්) එහාට ගොස් ඇතිවන මානසික පරිනාමයේ (සයිකොලොජිකල් ඉවොලුෂන්) උපරිමය වන 'නිවන' මගින් මෙම මිනිස් පරිනාමනය නවතා දමනවා කියලා අප මහා බුදුන් වහන්සේ සොයා ගත්තේ මීට අවුරුදු දහස් ගණනකට පෙර.(හේ)
අපේ සුමනදාස ගෙන් ඇහුවා නම් ඔයිට වඩා හොඳට පරිණාමය ගැන විස්තර කියයි.(නදී)
අනේ අපේ දෙවියන් වහන්සේට මොකද වෙන්න යන්නේ. (බ)