මුහුදුබඩ ප්‍රදේශ ආශ්රිත අධි බල විදුලි රැුහැන්වල විදුලි පුළිඟු ඇතිවී සිදුවන විදුලි විසංධිවීම් කල්තියා හඳුනාගැනීමේ උපකරණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව හඳුන්වාදී තිබේ.
මුහුදුබඩ ප්‍රදේශවල තිබෙන අධි වෝල්ටීයතා විදුලි රැුහැන්වල ඇති පරිවාරකවල මුහුදු සුළං හේතුවෙන් ලූණු බැඳීම සිදුවේ. එම පරිවාරක දෙපස ඇති අධි වෝල්ටීයතාව නිසා විදුලි පුළිඟු ඇතිවන අතර එම පුළිඟු වර්ධනයවී විදුලිය විසන්ධිවීම දක්වා වර්ධනයවේ. එවැනි තත්ත්ව පුත්තලම, කල්පිටිය, මන්නාරම සහ දකුණු මුහුදුබඩ ප්‍රදේශවල දැකිය හැක. රාත්‍රී කාලයේදී මේවා සුලභව දක්නට ලැබෙන අතර මෙම ගැටලූව ලංකාවේ පමණ නොව ඇමෙරිකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවලද බහුලව දක්නට ලැබේ. මෙම ගැටලූවට පිළියමක් ලෙස පරිවාරක මාරු කිරීම, බහු අවයවක පරිවාරක යෙදීම, පරිවාරක ගලවා සේදීම සිදුකරයි. එවැනි පරිවාරක ගලවා හෝ සෝදා මාරු කරන කාලය නිශ්චිතවම තීරණය කිරීම අපහසු කරුණකි. එබැවින් ලංකා විදුලිබල මණ්ඩලයට අධික වියදමක් දැරීමට සිදුවේ. ඊට නිසි විසඳුමක් ලබාදීමටත් විදුලි පුළිඟු ඇතිවීම කල්තියා හඳුනාගැනීමටත් මෙම උපකරණයට හැකියාව තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අනුරාධ අබේසේකර සිසුවා විසින් මෙම නිර්මාණය සිදුකළ අතර මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය සරත් කුමාර, ආචාර්ය රොෂාන් ගොඩලියද්ද, ආචාර්ය පරාක්‍රම ඒකානයක සහ ආචාර්ය ජනක විජයකුලසූරිය යන මහත්වරු මේ සඳහා මඟ පෙන්වූහ.
‘වසර කීපයක් තිස්සේ සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම නිර්මාණය හඳුන්වන්න පුළුවන්. විදුලි පුළිඟු ඇතිවීමකදී විද්‍යුත් චුම්බක තරංගයක් ඇතිවෙනවා. මෙහි ඇති උපකරණය මඟින් මෙම තරංගය දුරස්ථ සංඥා බවට පරිවර්ථනය කර පරිවාරකයට මීටර 2 ක දුරක් දක්වා අනාවරණය කරගැනීමේ හැකියාව තියෙනවා. මෙහි ක්‍රමවේදයට අනුව පරිවාරකයේ ක්‍රියාකාරී අවස්ථා, විදුලි පුළිඟු ඇතිවීමට ආසන්න අවස්ථා සහ විදුලි පුළිඟු අවස්ථා ලෙස වෙන් වෙන්ව ඉතා පහසුවෙන් වෙන්කර හඳුනාගැනීමේ හැකියාව තියෙනවා‘
‘මෙම නිර්මාණයේ විශේෂත්වය වන්නේ එය සරල උපකරණයකින් සහ සරල ක්‍රමවේදයකින් සමන්විතවීමය. එමඟින් මෙම නිර්මාණය වැඩි විශ්වාසයකින් යුතු සහ මිල අඩු විසඳුමක් ලෙස දේශීය මෙන්ම විදේශීය රටවලටද යොදා ගන්න පුළුවන්. දැනට මේ සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමට ලියාපදිංචි කර තියෙනවා. මෙම නිපැයුම වර්ධනය කර ලංකා විදුලිබල මණ්ඩලය සමග එක්ව ප්‍රායෝගික විසඳුමක් ලෙස වැඩි දියුණු කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා‘ යැයි අනුරාධ අප සමඟ පැවැසුවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනෙවි ඔයා ගේ කතාවේ අත්තක් තියනවා විශේෂයෙන් පුද්ගලික අංශයේ සමහර ආයතන වල ලොකු පුටුවල ඉන්න අය ඉංජිනේරු සුදුසුකම් තියන අය නෙමෙයි එයාල ඉංජිනේරුවන් කියන දෙය අහන්න කැමති නැහැ (ප්‍රකට හේතු නිසා ) මේ නිසා සමහර ආයතන අනවශ්‍ය පාඩුත් ලබනවා ඔයාගේ කතාවේ මුල් කොටසේ විදියට දක්ෂ ළමයි ඉන්නේ පේරාදෙණියේ විතරක්ම නෙමෙයි හොඳේ ! (හේ)
ලොකු ආඩම්බරයක්. (නි)
මගේ සුභ පැතුම්! මෙවැනි තවත් දේවල් ලෝකයට ලබාදීමට ඔබට වාසනාව ලැබේවා! (නි)
බොහොම සතුටුයි. ඉදිරියටම යමු ලංකා. (අ)
හොඳට මතක තියාගන්න, දියුණු වූ හැම රටකම ලොකුම කාර්යබාරය කරලා තියෙන්නේ ඉංජිනේරුවන්. මේ රටත් මේ තත්වයෙන් හරි තියෙන්නේ ඔවුන් නිසා. මේ රට කන්නේ දේශපාලකයන් සහ ඔවුන් දෙවිවරු ලෙස සළකන මෝඩ ජනතාව. ඉංජිනේරු සේම විද්‍යා අංශයද රටට ගැළපෙන අයුරින් දියුණු කිරීමට ලංකාවේ ඉන්න අතලොස්සක්වූ බුද්ධිමත් මිනිසුන්වත් වැඩ කළයුතුයි. (නි)
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු පුතුන්ට අපි සළකනවා මදි. ඔවුන් ලොකු දේවල් බලාපොරොත්තු නොවී රට වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන කොට්ඨාශයක්. (නි)
ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
ජයාත්, එ්ක ඇත්ත දක්ෂ ළමයි ඉන්නේ පේරාදෙණියේ විතරක් නොවෙයි (නි)
මගේ සුබ පැතුම්! (නි)
මෙය තමයි වෙන්න ඕනේ.(හේ)
අපේ කොල්ලෝ එන්න එන්නම වැඩකරුවෝ වෙනවා. සතුටුයි. හරියාකාර මඟපෙන්වීමක් තියෙනවා. ජයම වේවා (නි)
හොද අනාගතයක් (හේ)
හොද හොයා ගැනීමක්.(හේ)
පේරාදෙණිය ඉන්ංජිනේරු පීඨයේ ළමයි කවදත් දක්ෂයෝ .ඉංජිනේරුවරු කවදත් සැප පහසුකම් ඉල්ලා ජනතාව පෙලන වැඩ වර්ජන කරන්නෙ නෑ .අමාතයාංශවල ලොකු පුටු වල ඉන්නේ පරිපාලන සේවයේ අය ඉංජිනේරුවන්ට නිසි තැන ලබාදීමට ඉඩ දෙන්නෙ නෑ (හේ)
හැමදාමත් කියනවා වගේ ලංකාදීපයට ස්තුතියි මේ වගේ ලිපි වලට. ඒ වගේම මේකට තව ඌණපූර්නයක් දෙන්න කැමතියි. මේකට විදුලි ඉංජිනේරු විද්‍යාවේ කියන්නේ කොරෝනා ආචරණය කියලා. (නි)
සුභ පැතුම්! කුමාර්, ධනවත් නොවන දක්ෂ දරුවකුට වුවද විදුලි ඉංජිනේරු දැනුම ලබාගෙන මෙවන් පර්යේෂණ වල නියැලෙන්නට අවකාශ ලැබෙන්නේ ඔබ කියූ සේ සටන්කර රැකගනු ලබන නිදහස් අධ්‍යාපනයට පින්සිද්ධ වෙන්න බව අමතක නොකරන්න. දැන් දැන් එය අපේ ඉදිරි පරම්පරාවෙන් උදුරාගන්නට මානබලනු දුටුවිට කට වසා සිටීම ආත්මාර්ථකාමී ක්‍රියාවකි. (නි)
බොරු සෝබන නැතුව, කුහක කම් නැතුව ,ලොකු කම් නැතුව ලොකු වරප්‍රසාද නැතුව ඇත්තටම රටට වැඩක් කරන නිහතමානී පොළොවේ පය ගහල ඉන්න පිරිසක් ඉංජිනේරුවෝ කියන්නේ. ඇත්තටම මේ රටේ මිනිස්සු එයාලට දෙන පිළිගැනීම මදි. පිටට නොපෙනුනන්ට ඔව්න් රටට ආඩම්බරයක් වගේම සම්පතක්. (හේ)
පාරවල් ගානේ නටන එක නවත්තලා මේවා කරනවා නම් කොච්චර හොඳද?
පාරවල් ගානේ වර්ජන කර කර පිස්සු නටන්නේ නැතිව මේ වගේ වැඩ කරනවානම් කොච්චර අගේද. (හේ)
මේ උපකරණය මඟින් ඒ පුළිඟු ඉවත්කර හෝ විනාශකර, අඛණ්ඩ විදුලි සේවාවක් ලබාදීමට පුළුවන්ද? (නි)