පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක ඒකනායක මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ආයතනයේ (අයිඊඊඊ) ඉහළම (අධිසාමාක) සාමාජිකයකු ලෙස නම්කර තිබේ.
අයිඊඊඊ ආයතනය ලෝකයේ විශාල කීර්ති නාමයක් දිනාගෙන සිටින මනුෂ්‍යත්වය සහ යහපත් සඳහා තාක්ෂණය ඉදිරියට ගෙනයෑමට කැපවූ කර්මික හා වෘත්තීය සංවිධානයකි.
ලක්ෂ 4 කට ආසන්න සාමාජිකයන්ගෙන් සියයට 0.1 පමණක් මෙවැනි අධිසාමාක සාමාජිකත්වය ලබාදෙයි. මහාචාර්ය ජනක ඒකනායක මහතා ලංකාවේ විශ්ව විද්‍යාලයක සේවය කරමින් එක්සත් රාජධානියේ හා එක්සත් ජනපදයේ ඉංජිනේරු ආයතනවල අධිසාමාක සාමාජිකත්වය දරන එකම ශ්‍රී ලාංකිකයාද වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ පමණක් නොව අැදුරුතුමනි ඔබවන් වීරපුතුන් මේලොවට දයාද කළ දෙමාපියනුත් වාසනාවන්. (බ)
සත්යපාලගේ කතාව හරියට හරි....
අපේ සුබ පැතුම් මහදුරුතුමනි .!!!!! (ම)
ඔබට සුබ පැතුම් (ම)
දීර්ඝායු වේවා! (නි)
ඔබට නිදුක් නිීරෝගී දීර්ඝායුෂ පතන අතර අපේ රටට තව තවත් සේවය කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා (ම)
අපේ රටටම සේවය කරන්න ලැබේවා! ඔබට සුබ පැතුම්! ( ම)
කිසිම වෘත්තිමය සහ අධ්‍යාපන සුදුසුකමක් නොමැති, සාරධර්ම කොහොමටත් නැති කවුන්සිලේ අයව ගරු, ඇති ගරු කියල හඳුන්වන්නට පුලුවන්නම් මේ උත්තමයන්ව හඳුන්වන්න ඕනේ කොහොමද කියන ගැනයි මම කල්පනා කරන්නේ. (බ)
සුබ පතනවා ගුරුතුමනි! (නි)
ඔබ අපට මහත් ගෞරවයක් ජනක. ඔබගේ පැරණි පන්ති සගයින්ගෙන් උණුසුම් සුබ පැතුම්! (නි)
ලංකාවේ ඉන්න විද්වතුන්ට ලංකාවේ කිසිම පිළිගැනීමක් නැහැ. කරන දේවල් වලට කිසිම අගැයීමක් නැහැ. එහෙම වැඩ කරද්දීත් කරන්නෙත් කකුලෙන් අදින එකමයි. පුලුවන් නම් කපලා පාගලා දාලා නැත්තටම නැති කරලා දාන්න බලන අය මිසක පිටරටවල අය වගේ උදව් කරන අය නැහැ. මම හිතන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වල තනතුරු ලබාගන්න අධ්‍යයන කාර්ය මණ්ඩලවල අය අකමැතිත් මෙන්න මේ හේතුව නිසාමයි. (නි)
ඔබ ගැන ආඩම්බරයි. ජයවේවා!! (නි)
ආඩම්බරයි පේරාදෙණිය සරසවිය හැමදාම ඉදිරියෙන් මේ දරණීතලය පුරාම ඔබට දීර්ඝායු (බ)
අපේ රටෙත් ඉන්නවානේ ඉතින් “ආචාර්යතුමාලා“ (නි)
නැවතත් උණුසුම් සුබපැතුම්.ශිෂ්‍ය පිරිසගෙන් ලැබී ඇති ප්‍රතිචාර අනුව ඔබ ඔවුනට දක්වන නිහඩ මගපෙන්වීමට එය හොදම සාක්ෂි යයි හැගේ.(බ)
අපේ සුබ පැතුම් (බ)
ලංකාවේ ඉහළ තැන් ලැබෙන්නේ අට පාස් මෝඩයින්ට නිසා තමයි මේ වගේ උගතුන්ගේ සේවය අපේ රටට අහිමි වෙන්නේ. (නි)
ඔබ විශ්‍රාම ගිය පසු කිසිවෙකු ඔබ ගැන නොසොයවී. පසු ගිය දින විශ්‍රාම ගිය මහාචාර්ය වරයාගේ මරණයට එය සිදුවිය. ඔබට හැකිනම් පිට රට ගොස් රැකියාව කරන්න. හැකිනම් ලංකාවට උදව් කරන්න. (ම)
අපිට සතුටුයි ඔබ ගැන (නි)
හදවතින්ම ඔබතුමාට සුභ පතනවා.. ලංකාවට ඔබතුමා නොවටී.. ඇමෙරිකාවට යන්න.. මෙහෙ ඉන්න කුහක (නො)මිනිස්සුන්ට ඔබතුමා වගේ අයගේ වටිනාකම තේරෙන්නේ නැහැ.. මුන්ට ඕනේ මුන් කියන විදිහට වැඩ කරන්න මිස හොද දේ හරි දේ කරන්න නෙවෙයි.. (බ)
උගතුන් මැද උගතෙකු වෙන , මිනිසුන් මැද නියම මිනිසෙකු වෙන ඔබ අපට ආඩම්බරයක්. ලෝකයටම සේවය කරන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
අපේ රටේ දේශපාලකයින්ට මේ රට හදන්න උවමනාවක් තියෙනවා නම් මේ රටට වැඩක් කරන්න පුළුවන් උගතුන් රට හැර යනතෙක් බලා ඉඳීවිද. (නි)
අපිට හරිම සතුටුයි.(හේ)
උගතුන් මැද උගතෙකු වෙන ඔබ අපට ආඩම්බරයක්. ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
විශිෂ්ටයි සර්! (නි)
ඔබට සුබාසිරි!
ඔබ අපිට ආඩම්බරයක්. දීර්ඝායුෂ! (නි)
අපිට ඔබ ගැන ආඩම්බරයි. ජයවේවා!! (නි)
සමිතියක සාමාජිකත්වය.... මේකෙන් ලංකාවට ලැබෙන විශේෂ පල ප්‍රයෝජනය කියනවද ?(හේ)
ඔබ අපිට ආඩම්බරයක්. (නි)
උණුසුම් සුභ පැතුම්! (නි)
සුබ පතනවා ගුරුතුමනි! (නි)
අපේ විශ්වවිද්‍යාලයේ මහාඇදුරන් කවදත් ලෝකය දිනුවා (ම)
ඔබ ගැන අවංකවම ආඩම්බර වෙනවා සර් (නි)
මට මගේ රට ගැන ආඩම්බරයි (නි)
ආඩම්බරයි සර්! (නි)
අපේ රටටම සේවය කරන්න ලැබේවා! ඔබට සුබ පැතුම්! (නි)
අපේ රටට මොනතරම් නම් ආඩම්බරයක්ද? (නි)
ඔබට සුබ පැතුම්! (නි)
ඔහුගේ පවුලේ සියලු දෙනාම ඉතාමත් දක්ෂයන් වන අතර සියලු දෙනාම ලෝකය ජයගත් උගතුන්ය. ඔහුගේ පියා සහ මව ගුරුවරුන් ලෙස දහස් ගණන් දරුවන්ගේ නුවණැස පාදා දී ඇත (නි)
මගේ හදපිරි සුබ පැතුම්! (නි)
ලංකාවට විද්‍යාර්තයින් බිහිකරන මාතලේ විද්‍යා ව්ද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් ! (හේ)
ආඩම්බරයි සර්,.......අපෙන් සුභ පැතුම්!!!......(හේ)
මමත් ඔබ ගැන අවංකවම ආඩම්බර වෙනවා සර් (හේ)
ඔබ ගැන ආඩම්බරයි (හේ)
මගේ හදපිරි සුබ පැතුම්! (හේ)
ඔබට හොඳක්ම වේවා මහාචාර්ය තුමනි (හේ)
ඔබට සුභ පැතුම් ..ඒ උනාට ඇමරිකාවට නම් යන්න එපා අපේ රටේ අසරණ දරුවන්ට ...ඒ දැනුම බෙදාහදා දෙන්න ..? ඔබට සුභ අනාගතයක් ..ම වේවා ..!!!(ම)
විවිධ දේශපාලඥයෝ ලංකාවේ විශ්ව විද්‍යාල වලට කළ අපහාස වලට හොඳ අතුල් පහරක් ඔබගේ මෙම ජයග්‍රහණය. ජයවේවා! තෙරුවන් සරණයි සර් ඔබට...! (නි)
මෙවන් විද්වතුන් කොතෙක් බිහිවුණත් ඔවුන්ට උඩින් ඉන්නේ හණමිටි දේශපාලකයන්. ඉතින් ඔවුන්ගෙන් උපරිම ප්‍රතිපල නෙළාගන්න නොලැබෙන බව නම් සිකුරුයි. එහෙත් ඔබ උපන් රටට වාසනාවක්! (නි)
ලෝකය ජයගත් අපේ කාලයේ දක්ෂයෙකු වන ඔබ හට මගේ සුබ පැතුම්! ඔබගේ නිර්මාණයන් තව තවත් සඵල වන්නට අපගේ දිරිගැන්වීම් උපකාරී වේවායි පතමු. (නි)
ලෝකය ජය ගත්තත් අපේ දේශපාලකයෝ ඉන්නකම් ලංකාව ගොඩ ගන්න අමාරුයි. ඔබට ජයෙන් ජය! (නි)
මෙවැනි වටිනා මොළ කොච්චර රටේ තිබුනත් රටේ අධි තාක්ෂණ තීරණ ගන්නේ සා/පෙළවත් සමත් නැති දේශපාලුවෝ (නි)
ලෝකයක් දිනූ අපේ මිණිකැට මේ අයුරින් හෝ සමාජගත කරන ලංකාදීපයටත්, දයාබර ගයාන්ටත් මගේ ආචාරය පුදමි. (නි)
අපේ රටේ දේශපාලුවන්ට මේවා පෙනෙන්නේ නැද්ද...? මෙතුමො අපේ රට දියුණුකරන වැඩපිළිවෙලකට සම්බන්ධ කරගන්න බැරිද (නි)
අපේ සුභ පැතුම්! නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතනවා. (නි)
මෙතුමා පොළොවේ පය ගහලා ඉන්න, අනුන්ට කැපිලි කෙටිලි නැති, ආඩම්බරකම ලොකුකම ඊර්ෂ්‍යාව කියන දේවලුත් නොදන්නා, උගතා නූගතා සියලු දෙනාම මනුෂ්‍යයෝයි කියා හිතන හරිම සරල මානව හිතවාදියෙක්. ඒ අතිනුත් ඔහු මහාචාර්ය. (නි)
ලක් බිමේ අභිමානය , විදෙස් රටවලට ගෙනයන ඔබට සුබපැතුම් මහදුරුතුමනි ....!!!!! (ම)
අපේ සුබ පැතුම්! (ම)
අපේ සුබ පැතුම් සර් (ම)
ජය වේවා! ඔබට සුභ පැතුම් සර්.(හේ)
සුභ පැතුම් ලංකා පුත්‍රයාට! (නි)