ගම්මිරිස්වල ඇති වටිනාකම ඔබ දන්නවානම් ඊළඟ දවසේ එය ඔබේ ආහාරයෙන් ඉවත් කිරීමට පෙර දෙවරක් සිතනු ඇතැයි ගම්මිරිස් සම්බන්ධයෙන් ඇති වැදගත්කම පෙන්වා දෙන එන්ඩීටීවී වෙබ් අඩවිය සඳහන් කරයි.
පිපරේසියා කුලයට අයත්වන ගම්මිරිස් කළු ගම්මිරිස්, සුදු ගම්මිරිස් හා කොළ පැහැ ගම්මිරිස් ලෙස වර්ග කිහිපයක් දැකිය හැකිය.
ගම්මිරිස්වල ඇති වටිනා ගුණාංග 6ක් ඔවුහු පෙන්වා දෙති.
පිළිකා නාශකයක් ලෙස, ආහාර ජීර්ණයට පහසු කරවන්නක් ලෙස, සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස සුවකිරීමේ හැකියාව, ශරීරයේ බර අඩුකළ හැකි ගුණය, සම පැහැපත් කිරීමට හා මානසික අවපීඩනය දුරුකිරීමේ හැකියාව ගම්මිරිස්වල ඇත.
දකුණු ඉන්දියාවේ වැඩි වශයෙන් ප්‍රචලිත ගම්මිරිස් වගාව උෂ්ණ කලාපීය රටවලද සිදුකෙරේ. විශේෂයෙන්ම කුළුබඩුවක් ලෙස ප්‍රචලිත ගම්මිරිස් ඇට අතීතයේදී ග්‍රීසියේ මුදල් වෙනුවට භාවිතා කළ බවද වාර්තාවේ. ඉන්දියාව, බ්‍රසීලය, ඉන්දුනීසියාව වැනි රටවල ගම්මිරිස් අපනයනයද සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නායක්කර් වංශිකයෝ මහනුවර රජවෙන්නට පෙර අපේ මිනිස්සු ආහාරයට යොදාගත්තේ ගම්මිරිස්. නමුත් දකුණු ඉන්දියානු රජපවුලේ කට්ටිය මහනුවරට ආවිට ඒ ගොල්ලන්ගේ ආහාරයට පාවිච්චි කරන්න මිරිස් ඉන්දියාවෙන් ගෙන්නුවා. ඊටපස්සේ අපේ රටේ මිරිස් පැල කළා.අන්තිමට ගම්මිරිස් අභිබවා මිරිස් අපේ ආහාරයට එකතුවුණා (නි)
ඉතා හොඳ ලිපියක්. වටිනාකම ඉහළයි. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ලිපියට. ඒ වගේම විජිත්ගේ අදහසත් ඉතා හොඳයි. (නි)
ලොව හොඳම ගම්මිරිස් ලෙස ලෝක වෙළඳපොලේ අධික මිල දර්ශකයක් සැමදා පවත්වාගන්නේ කාම්බෝජයේ කැම්පොට් ප්‍රදේශයේ වැවෙන ගම්මිරිස්ය. මා ලංකාවේ මීට බොහෝ සමාන වර්ණ ගන්ධ රස ඇති පලදාවක් මාතලේ, කළුගඟ වනගත ප්‍රදේශයක ගෙවතු වගාවක දැක ඇත. (නි)
ගම්මිරිස් වල කැලරි අඩුය. පෝෂණය අතින් ඉහළය. සෑම වර්ගයකම විටමින්, පොටෑසියම් සහ ෆෝලික් ඇසිඩ් වලින් යුක්ත බව සිංහල වෙද පොත්වල සඳහන් කර ඇත. (නි)
බොහෝ කලක පෙර සිටම අපේ ගෘහණිය දැනගෙන සිටියා ගම්මිරිස් වල තියන ඔෟෂධීය ගුණය. බඩේ අමාරු වලට, දරු ප්‍රසුතියෙන් පසුව අම්මලාට දෙන තැම්බුම් හොද්දට, උණ සෙම්ප්රතිශ්යාවෙන් පෙළෙන්නන්ට ගම්මිරිස් නැතුවම බැරි බව නොදන්නෝ කවරහුද......? මාළු ඇඹුල් තියල් ඇතුළු මෙකී නොකී බොහෝ දේවල් වලටත් ලොව වෙසෙන සියලු දෙනාම ප්‍රියකරන දෙයක් ගම්මිරිස් ඇටය (නි)
ගම්මිරිස් කියනකොට මට මතක්වෙන්නේ අපුරු දෙයක්. සුපවේදී වැඩසටහනක මම දැක්කා කොළපාට ගම්මිරිස් ඉත්තක් මස් හොද්දට දාන කුකරි ප්‍රෝග්‍රෑම් එකක්. ලංකාවට නිවාඩුවට ගිය වෙලාවක,වත්තේ තිබෙන කොළපාට ගම්මිරිස් ඉත්තක් කඩාගෙන කුස්සියේ ඉදෙමින් තිබුන මස් කරියට දාන්න ගිහින් අම්මාගෙන් ගුටිනොකා බේරුනේ අනුනමයෙන්. (නි)
හොඳ ලිපියක් (නි)
ලංකාවේ තාමත් වැඩි දෙනෙක් භාවිතා කරන්නේ කෙන් පේපෙර් .මේක සිහින් දිගටි මිරිස් කරලක්.මිරිස් කරලක් කිව්වට මේක පේපෙර් වර්ගයක් කියලා කියන්නේ....(රේ)
ගම්මිරිස් ගැන ලංකාදීපයේ පළවූ ලිපියට සියලු දෙනාම දක්වා ඇති ප්‍රතිචාර ඉතාම අගයකළ යුතුය. (නි)
ගම්මිරිස් පමණක් නොව අපේ අම්මලා ව්‍යංජන පිසීමේදී අබ,සුදුරු, මාදුරු, කොත්තමල්ලි, අබ, සියඹලා, ගොරකා, කරපිංචා, මිංචි, කුරුදු ආදී කුළුබඩු යෙදුවේ ආහාර රසකිරීම සඳහා පමණක් නොව ඒවායේ ගුණ හොඳින් දන්නා නිසාය. තවද අප රට විදෙස් ආක්‍රමණයටද භාජනය වුයේ මෙම බොහෝ කුළුබඩු අප එකල වගාකළ බැවිනි.එබැවින් මේවා වගාකිරීමට සැමදෙනා උනන්දු කළයුතුය (නි)
හොඳයි. (ස)
ලංකාවෙත් අපනයනය කරනවා. (ස)
විජිත්ගේ ඉතිහාස දැනුම නම් අනර්ඝයි. පළමුව ලිපිය හොඳින් කියවන්න. (නි)
යුරෝපයේ බොහෝ රටවල කෑම බිම සඳහා ඈත අතිතයේ සිටම ගම්ම්මිරිස් ,කුරුඳු,කොත්තමල්ලි,ඉඟුරු,සුදුලුනු,අාදිය පාරිබෝජනයට පටන් ගෙන තිබුනා.මේ නිසාම දෝ ඔවුන් මේරටවල් ආක්‍රමණය කරලා ඉන් නොනැවතී අපේ පසේ සරුබව දැන ගෙන වෙනත් බව බෝග වගාවටත් පටන් ගත්තා.අද මේ රටවල පෙන්වන ජනප්‍රිය කෑම පිලිබඳ රුපවාහිනී වැඩසටහන් වල මේ ගැන පෙන්වන කොට අපි ගැන අපේ රටේ කෑම බීම ගැන ලොකු ආඩම්බරයක් එනවා අපි ගැන.කොතරම් ගුණදායක ආහාර අපි අපේ ආහාරට ගන්නවද කියලා.මේවගේ අදහස් පල කිරීම කාටත් වැදගත්. (බ)