වර්ෂාව ඇදහැලෙන අවස්ථාවක ත්‍රීරෝද රථ ඇතුළු මෝටර් රථවල ඉදිරි වීදුරුවේ (වින්ඩ්ස්ක්‍රීනය) ජලය රැඳීම වළක්වන නැනෝ තාක්ෂණික විසඳුමක් ඉංජිනේරු උපාධිධාරී රඛිත බි්රටෝ විසින් හඳුන්වාදී තිබේ.
වර්ෂා කාලවලදී රිය අනතුරු බහුල වීමට එක් හේතුවක් වන්නේ රථයේ ඉදිරි වීදුරුවේ ජලය රැඳීම නිසා රියැදුරාට පැහැදිලි ලෙස ඉදිරිය නොපෙනීමයි. ජලය පිසදැමීමේ ස්වයංක්‍රීය උපකරණ තිබුණද බොහෝ විට ජලය වීදුරුව මත රඳා පැවැතීම නිසා රියැදුරෝ අපහසතාවට පත්වෙති.
‘‘නැනෝ තාක්ෂණයේ බොහෝ උදාහරණ සාමාන්‍ය ජීවිතයේදී අපට දැකගත හැකිවෙනවා. හොඳම උදාහරණය තමයි නෙලූම් කොළේ මත ජලය නොරැඳීම. ඊට හේතුව නෙලූම් කොළය මත කඩතොලූ තිබෙන ප්‍රමාණය ඉතා අඩු බවයි. සාමාන්‍යයෙන් මොටර් රථවල වින්ඩ්ස්ක්‍රීනයේ කඩතොලූ විශාල ප්‍රමාණයක් තියෙනවා. එම කඩතොලූ මත දූවිලි අංශු විශාල ප්‍රමාණයකට රැඳී සිටින්න පුළුවන්. එමෙන්ම වහින වෙලාවට පතිත වෙන ජල බින්දු සහ වාහනවල වින්ඩ්ස්ක්‍රීනය අතර ඇතිවන ඝර්ෂණය නිසා වීදුරුව මත වතුර රැඳෙනවා. මෙයට හොඳම විසඳුම නෙලූම් කොළය මත ජලය නොරැදීමේ සිද්ධාන්තය උපයෝගී කරගැනීමයි.
ඒ අනුව නැනෝ තාක්ෂණය යටතේ සිලිකන් ඩයොක්සයිඩ් මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිත කර එහි රසායනික හා භෞතික ගුණ වෙනස් කිරිම මගින් වීදුරුවේ ආලේපනය කරන දියරයක් නිපදවීමට මට හැකිවුණා. අධික වර්ෂාවකදී ජලය පිස දමන ස්වයංක්‍රීය උපකරණ නොමැතිව වුවද අපහසුවකින් තොරව ගමන් කිරීමට මෙමගින් හැකිවෙනවා. මෙය ඉතා අඩු මුදලකින් නිපදවා ගැනීමට හැකිවීම විශේෂත්වයක්. මෙහි තිබෙන අනෙක් වාසිය වන්නේ වින්ඩ්ස්ක්‍රීනය පිරිසිදු කිරීම සඳහා සබන් අවශ්‍ය නොවීමයි.
ජල වීදුරුවක් පමණක් මේ සඳහා ප්‍රමාණවත් වෙනවා. එමෙන්ම මම ත්‍රිරෝද රථවල ‘ටෙන්ට් එක’ සඳහා භාවිත කිරීමටත් මෙම දියරය අලේපනය තුළින් ත්‍රිරෝද රියෙහි ‘ටෙන්ට්’ එකෙහි ආයු කාලය වැඩි කරගැනීමටත් අවපැහැ ගැන්වීම අවම කරගැනීමටත් හැකිවෙනවා. මෙම නිර්මාණ දෙකම ත්‍රිරෝද හිමියන්ට මහත් රුකුලක් වේයැයි මා සිතනවා. ඉදිරියේදී මෙය ප්‍රවර්ධනය කර ජනතාවට වැඩ දායක යමක් කිරීම තමයි මගේ බලාපොරොත්තුව’’ යැයි රඛිත පැවැසුවේය.
ඉංජිනේරු උපාධිධාරී රඛිත





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳපොලේ පවතින ගොඩක් මෙවැනි නිෂ්පාදන මම ගොඩක් අත්හදා බැලුවා. නමුත් ඒ සියලු දේට වඩා මෙය 100% සාර්ථක බව මම කියන්න කැමතියි (බ)
නිරේෂි හරි ,මේක විකුනන්න තියෙනවා (අ)
නියමයි. බලනකොට අපේ රටේ මොනතරම් සුපිරි වැඩකාරයෝ ඉන්නවද? (නි)
ඔබට අපෙන් සුබ පැතුම් සහෝදරයා! (නි)
මෙය සියළුම වාහන වලට යොදන්න (නි)
ඉතාම හොඳයි. ඔබට ජය! (නි)
මේකට ඉක්මණින් පේටන්ට් බලපත්‍රය ගන්න වෙයි (නි)
මේක ඉතාම හොඳ ප්‍රවණතාවක්... එ්ත් මේක ලංකාවට අලුත් වුනාට වෙන රටවල් වල අවුරුදු ගානක් කලින් හොයාගත්ත සොයා ගැනීමක්. තව දෙයක් මේක හරිම පරෙස්සමින් කරන්න ඕන දෙයක් ....මොකද නැත්නම් ඔයාගේ වින්ඩ්ස්ක්‍රීන් එක නාස්ති වෙනවා....ඒවගේම එක එක කාලගුණ වලට චෙක් කරන්නත් ඕන...(බ)
අතීතයේ මේ තාක්ෂණය නොතිබුනත් අපේ පරණ රියදුරු මහත්තුරු වාහනේ වයිපරය හොදින් වැඩ නොකරන අවස්ථාවලදී බුලත් විට කන්න ගන්න දුම්කොළ නැට්ටක් ගෙන මේ විදිහටම වීදුරුවේ අැතුල්ලුවම මේ වගේ කිසිම ජල බින්දුවක් එහි නොබැදී පහතට වැටෙනවා වීදුරුව මේ වගේම පැහැදිලී හොදයි ඔබට ජය (බ)
හොද නිර්මාණයක් ඔබට ජය...(බ)
මේක අලුත් එකක් නෙවෙයි. සුපිරි වෙළදසැල් වල ගන්න තියනවා. සමහර සර්විස් ෂෙඩ් වලත් ගන්න තියනවා. නැනෝ කියන්නේ අලුත්දෙයක් වුණාට මේක මෙයා හොයා ගත්තු එකක් නෙවෙයි.(අ)
ලෝකේ තවත් මෙවැනි නිෂ්පාදන තියෙනවා එ්ක හරි නමුත් වැදගත් වෙන්නේ අපේ කොල්ලෙක් ඒවගේ නිෂ්පාදනයක් කරපු එක. මේ වගේ නිෂ්පාදකයන්ට තව තවත් උදවු උපකාර රජය මැදිහත් වීමෙන් කරනවා විනා එකට අවතක්සේරු කර ඒ පුද්ගලයාව අධෛර්යමත් කරන එක නම් හොද මදි. රකිත ඔබට ජය! (බ)
මෙය අලුත් දෙයක් නොව .. ගොඩක් කාලයක සිට වෙනත් රටවල භාවිත කරන දෙයකි... එහි ගොඩක් වැඩි දියුණු කළ දේවල් තිබේ (බ)
ඇත්තටම මේක හොද ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්. ලංකාවේ දේවල් අපි අගය කරන්න ඕනේ.ඔබට ජය ! (අ)
මාෂි, පිටරටවල ඇති නමුත් මේක කළේ ලංකාවෙ කොල්ලෙක්. මේක ඉතා සාර්ථකයි. එමනිසා ඔබට මෙය අගය කිරීමට නොහැකි නම් මෙවැනි ආත්මාර්ථකාමී අදහස් පළනොකරන්න. අප ජාතියක් වශයෙන් සැමදාම විදෙස් රටවල් මත යැපීමක් සිදු නොකළයුතු අතර රකිත වැනි සොයුරන් අපි රැකගත යුතුවෙනවා (නි)
අපේ ගම වලට අලි ඇවිත් කරන විනාශය දකිනකොට පපුව දනවා. අනේ කරුණ කරලා හිංසාවකින් තොරව අලි එළවීමට දෙයක් සොයල දෙන්නකෝ (අ)
මේකෙ හැමදාම ළිඳේ ඉන්න ගෙම්බො වගේ අදහස් දාන අය ඉන්නවා. කවුරුත් කොපි නොකර ලාංකීය දේවල් හදන දවසක අපි රටක් හැටියට සතුටු වෙමු. (නි)
මගේ නාන කාමරයේ තිබෙන ෂවර් කැබින් එකේ තිබෙන වීදුරුවත් නිපදවා ඇත්තේ මෙම තාක්ෂණයට අනුවයි
අපි මේ වගේ දේවල් දැකලා සතුටුවෙනවා. ප්රශ්නය තියෙන්නේ ගොඩක් උදවිය කකුලෙන් අදින එක (නි)
වෙළඳ පොලේ ඇති බ්ලීච් දියර පාවිච්චි කර බලන්න . ක්ලොරෝච්ක්ස් යන වෙළඳ නාමයෙන් විකිණීමට ඇත (බ)
වාහනේ වයිපර්ස් වැඩ කරන්නේ නැති උනාමත් ඇතැම් රියදුරන් ෂැම්පු ඉසිනවා වීදුරුවට. එවිට ජලය රැදෙන්නේ නෑ. මේ වගේ දෙයක්ම තමයි වෙන්නේ.(රේ)
පුංචි අපි ගැන හිතලා, ලොකු වැඩ කරන ,මෙවැනි දරුවෝ දැයට මහත් වාසනාවක් , විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තව දස්කම් දක්වන්න ලැබේවා ! (බ)
අපේ කොල්ලගේ මේ සොයාගැනීමට සාපේක්ෂව හෙට වනවිට ජපානයේ, යුරෝපයේ හරි අැමෙරිකෙවේ හරි පේන්ට් බලපත්‍රය හදාළ තියේවි. ඉක්මනට මේකට එම බලපත්‍රය හදා ගත්තොත් තමා හොදයි.(හේ)
පළපුරුදු රියදුරුන් වැස්ස එන වෙලාවට වාහනේ ඉදිරිපස වීදුරුවට ෂැම්පු පැකට් එකක් කඩලා දාන්නෙත් මේ නිසා තමයි. එහෙම නැත්තම් වාහන වල ඉදිරිපස වීදුරුව සේදීමට අවශ්‍ය ජලය ගබඩා කරන ටැංකියට දාන්න පුළුවන් විවිද සේදුම් දියර වර්ග තියෙනවා. ඒවායින් එකක් රුපියල් 150 ක් විතර වෙන්නේ. එකක් දැම්මා නම් සැහෙන කාලයක් භාවිතා කරන්න පුළුවන්. මේ දේම තමයි වෙන්නේ.(හේ)
ඇයි ත්‍රීරෝද රථවලට විතරක් අනික් රථ වලට බැරිද නැතිනම් වෙන හේතුවක්ද? (හේ)
ෂැම්පු ගාන්නේ ඇතුල් පැත්තේ ජලවාෂ්ප බැදෙනවට වීදුරුවේ ඇතුල් පැත්තේ එළියෙන් ගෑවොත් වෛපර් දැම්මම පෙන ගහනවා, සේදුම් දියර දන්නේ දුවිලි වගේ දේවල් යවලා පිරිසිදු කරගන්න, මේකෙන් කෙරෙන්නේ ඒ දේ නොවේ ජලය රැදෙන්නේ නැතුව ගලා යන්න ක්‍රමයක්, ජයසේකර මහත්තයෝ පටලවගන්න එපා, මේක හොද නිර්මාණයක් මේ වගේ දේවල් දිරිමත් කරන්න අනුග්‍රහයක් ලබාදෙන එක තම වැදගත් (හේ)
ඉතාම සතුටු දායක ආරංචියක්. අපේ කොල්ලෝ බොහොම දක්ෂයි.(හේ)
ජයසේක ඔයා කියනදෙයින් මේක වෙන්නේ නැහැ (හේ)
පුතේ , ඔබට ජයම වේවා. (හේ)
හොදයි ඔබට සුබපැතුම්, අපිනන් ඉස්සර උඩරට පැත්තේ යනකොට අල පෙත්තක් කපලා වීදුරුව පිසදමනවා එහාකොට මිදුම ජලය බැඳෙන්නේ නෑ. (අ)
ජයම වේවා...අපේ ළමයි ගැන සමහර වෙලාවට හරි සතුටක් දැනෙනවා.....(හේ)
ඔබට ජයම වේවා ! (ම)
ජයසේකර මහත්තයා පටලවාගෙන. නැනෝ තාක්ෂණයෙන් ඇතිවන ප්‍රතිපලය වෙනස්. රඛිත බි්රටෝ ඔබට සුබ පැතුම්. (ම)
රකිතට ජය. මෙවන් නිර්මාණ තත්ත්ව පරික්ෂාවට, තහවුරු කිරීමට හා ඇගයීමට රජය වෙනම ආයතනයක් පිහිටුවන්න ඕන. එවිට සාමාන්‍ය ජනතාවට හරි දේ දෙන ගන්නත් මිලදී ගන්නත් පුළුවන්. (ම)
මහින්ද, හෝමාගම පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතයෙන් මෙවැනි සොයාගැනීම් ඉදිරිපත් කරලා තියෙනවා. මේ වීඩියෝ එක බලන්න (අ)
ඔය ෂැම්පු කියනා ජාතිය හෝ නැනෝ තාක්ෂනය එන්න කලින් ලංකාවේ රියදුරන්ට (විශේෂයෙන් ලංගම රියදුරන්ට ) මේ සඳහා අධි තාක්ෂණික ස්වාභාවික විසඳුමක් තිබුනා . වහින කොට පාර අයිනේ වැටකින් එඬරු නැටි කිහිපයක් කඩලා වින්ඩ්ස්ක්රින් එකේ ගාපුවාම වතුර අල්ලන්නේ නැහැ. නමුත් දැන් එඬරු තියා වැටවල් වත් නැති රටේ නැනෝ තාක්ෂනය මේ සඳහා යොදාගත් තරුණයාට සුභ පැතුම් .! (ර)
කෝ ඔබතුමාගේ වදුරන් එලවන යන්තරය ? මා කීප වාරයක් මිලදී ගෙනිමට විමසුවා. (ර)
මේ හොයා ගත්ත දේ හොදයි.(හේ)
රකිත මහත්මය ඔබට කතාකරල රිලව් එලවන යන්ත්‍රයක් ගන්න පුදුම ට්‍රය් එකක් දුන්න තම බැරි වුණා. කරුණාකර එක දෙන්න ඔබට ජයෙන් ජයම වේවා. මේවා තව තව කරන්න සක්තියව ධෛය ලැබේවා. (අ)
මම දන්නවා සමහර පරණ වාහන වල රියදුරන් ඉදිරිපස වීදුරුවේ දුම්කල උලනවා. එයින් සිද්ධ වෙන්නෙත් ඔය දේමයි. මේ නව සොයා ගැනීම අව තක්සේරු කරන්න එහෙම නෙමෙයි මම මේ ගැන කිව්වේ. (අ)