දියවැඩියාව රෝගීන් සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ යමින් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ලොව ජනගහනයෙන් සෑම එකොලොස් දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියා රෝගය ඇති බවට නව සංඛ්‍යාලේකන තහවුරු කර තිබේ.
මෙම තත්ත්වය බහුලවම බලපා ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට ය . 1980 වසරේ වූ මිලියන 108 2014 වන මිලියන 422 දක්වා වැඩි වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. අධි රුධිර දියවැඩියාව වසරකට ජිවිත මිලියන 3.7ක් බිලි ගන්නා බව ද වාර්තා වෙයි. ඉන් 43%ක්ම වයස 70ට පෙර ජීවිතය අහිමි වුවන් බවට සදහන්ය.
එමෙන්ම මෙම තත්වය පාලනය කිරීමට පියවරක් නොගතහොත් ඉදිරියට මෙම තවත් බරපතල වනු ඇති බවට එම සංවිධානය පවසයි. එමෙන්ම දියවැඩියාව නිසා අන්ධ බව ඇති වෙයි. සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකු තරබාරු තත්ත්වයට පත්ව ඇති බව කියැවේ. මෙම තත්ත්වයත් සමග දියවැඩියාවද වර්ධනය වෙන බවට කියති.
දියවැඩියාව නිහඩ රෝගයක් බවත් එය අනුකම්පා විරහිත ගමනක් යන බවත් එම ගමන අප විසින් නැවැත්විය යුත් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත දොස්තර කෘග් පවසයි.
ලොව අටවෙනි විශාලතම ඝාතකයා ලෙස දියවැඩියා රෝගය හදුන්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවැඩියාව කියන්නේ ශරීරය තුළම ක්‍රියාකාරිත්වයේ වෙනසක් මිස වෛරසය වැනි බාහිර බලපෑමකින් ඇති වෙන දෙයක් නෙමෙයි. බටහිර වෛද්‍ය විද්‍යාව දියුණුයි කිව්වට මේ ශරිරයේ රසායනික සුප් එක ඇතිවෙන, පවතින විදිහ තාම හරියටම දන්නේ නැහැ. (බ)
දියවැඩියාව අද විශාල ප්‍රශ්නයක් වෙලා. මේ සමාජයේ හැම තැනකම හැම දෙනෙකුටම දියවැඩියාව. මෙය කොතරම් ව්‍යාප්ත වූ සමාජ උවදුරක්ද යත් අද කුඩා දරුවන්ට පවා දියවැඩියාව තිබෙනවා. කෘතිම ආහාර රටාව, ව්‍යායාම අඩුකම, අධික තරබාරුව, පාරම්පරික හේතු වැනි දේ නිසා අද සමාජයේ බහුතරයකට දියයවැඩියාව රෝගය පවතියි. (නි)
ඉන්දික මහත්තයෝ, බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු මදි නම් ඒකට නෝක්කාඩු කියන්නේ නැතුව ඔබගේ විද්‍යාවෙන්වත් ඔය රසායනික සුප් එක ගැන හොයාගෙන ඒ නොදන්නා මිනිසුන්ට අනුකම්පා කර කියා දෙන්නකෝ! අපිට ඔය සුප් ගැන දැනුමක් නැතත් සුජිත් නිශාන්ත මහත්තයාගේ කතාව ගැන නම් අපිටත් එකඟ වෙන්න පුළුවන්. (නි)
රොකී තමන්ගේ රසායනික සුප් එක බොහෝදුරකට තමන්ට ඕනෑ විදිහට හදාගන්න පුළුවන්. ඒ සඳහා ඉතාම පැහැදිලි ක්‍රම තියනවා. එ්ත් විවෘත නැති බටහිර මතවාදයන්ගෙන් අන්ධවුණ අයට ඒවා තේරුම් ගන්න අමාරුයි. එයාලට එම ක්‍රම බටහිරින්ම පැහැදිලි කරලා දෙනතුරු තව කල් ඉවසන එක තමා සුදුසු. (නි)
ඉන්දික,ඔය අනවශ්‍ය දේ කපාදමලා අර රොකී කිවුවා වාගේ සුප් එක හරියට හදන හැටි අපටත් කියන්නකෝ (නි)
ගොඩාක් වෙලාවට ශ්‍රී ලාංකිකයන්ගේ ආහාරය විහරණ රටාව අක්‍රමවත් බවට පත්වීම නූතනයේ මෙරට තුළ අති සීඝ්‍රව බාල මහලු හා තරුණ ප්‍රජාව තුළ දියවැඩියා රෝග ව්‍යාප්තවීමට ප්‍රබල ලෙස උපස්ථම්භක වී තිබේ. මෙරට තුළ අතීතයේ පැවති සාම්ප්‍රදායික ආහාර රටාව තුළ පිෂ්ඨය සීනි මේද අධික ආහාර වේලාවක් ලබා ගැනීම සම්ප්රදායක් බවට පත්ව පැවතිනි. නමුත් කෘෂි කාර්මික දිවි පෙවෙතක් ගතකල අතීත ප්‍රජාවට එය ප්‍රශ්නයක් නොවුනේ ඔවුන් අධික ලෙස කායික ශ්‍රමය වගුරවා කටයුතු කළ බැවිනි. නමුත් නූතන තත්වය ඊට වෙනස්ය. (බ)