වර්තමානයේ පාද හතරක් උපයෝගී කරගෙන පැන පැන යන කැන්ගරුවාගේ අතීත මුතුන් මිත්තෝ දෙපයින් ඇවිද ගිය යෝධයන් පිරිසක් බව පරීක්ෂණයකින් තහවුරු වී ඇත.
මේ කැන්ගරුවන් අදින් වසර 30,000ට පමණ පෙර මෙළොවින් සමුගෙන ඇත. පර්යේෂකයන් පවසන්නේ අද සිටින කැන්ගරුවන්ට වඩා විශාල මේ යෝද කැන්ගරුවන්ට පැන පැන යාමේ කිසිදු හැකියාවක් නොතිබූ බවයි.
බරින් කිලෝ ග්‍රෑම් 240ක් පමණ විය හැකියැයි අනුමාන කරන මේ කැනගරුවකු හොඳින් වැඩුණු සිංහයකුට වඩා විශාල ඉතා ශක්තිමත් සතුන් විශේෂයක් බවත් පර්යේෂකයෝ කියති.
ස්තිනුරිනස් ලෙස නම්කැර ඇති මේ කැන්ගරු විශේෂය කෙටි හොම්බක් සහිත විශේෂයකි. ඔවුන්ගේ පාද ඇඟිලි හොඳින් විකසනය වී තිබූ බවත් වත්මන් කැන්ගරුවන් මෙන් තණ උලාකෑමට අනුවර්තනය නොවී ගස් පොතු සහ පඳුරු උලා කෑමට සුදුසු පරිදි සිරුර හැඩගැසී තිබූ බවත් පර්යේෂකයන්ගේ මතයයි. ඔවුන් මේ මතය සනාථ කිරීමට උපයෝගී කරගෙන ඇත්තේ යෝද කැන්ගරුවාගේ ඉදිරි පාද දෙක සැකසී තිබූ ආකාරයයි.
මෙම අධ්‍යනයේ ප්‍රධානි ඇමරිකාවේ බ්‍රවුන්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්ටින් ජැනිස් පවසන්නේ ආදි කැන්ගරුවන්ගේ භෝජන ලීලාව වෙනස් වු එකක් බවයි.
‘‘ ඔවුන්ට ශක්තිමත් පිටකොන්දක් හා කොට සිරුරක් තිබුණා. ඒ නිසා පාද හතරෙන් ඇවිද යා නොහැකියි. වත්මන් කැන්ගරුවන් කෙටි දුරක් දෙපයින් ගියත් අතීත යෝද කැන්ගරුවා සම්පූර්ණ ගමන ගොස් ඇත්තේ දෙපයින්. ඒ වගේම මේ සත්වයාගේ බාහු සමග දිගැති ඇඟිලි කොළ අතු ආහාරයට ගැනීමට මනා ලෙස හැඩගැසී තිබෙන බව පෙනෙනවා. “

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැනි ආකාරයේ පුවත් ගැන ලංකාදීපයට මගේ ස්තූතිය! සාමාන්‍ය දැනීම නැති නිසා ඇතැම් අවස්ථාවල විවිධ වෘත්තීන් වල නිරත උදවිය අමාරුවේ වැටෙනවා මා දැක තිබෙනවා. (නි)
කැන්ගරු වගේම තවත් සතෙක් ඉන්නවා වොලබි කියල. මේ දෙන්න වෙන්කරලා හඳුනා ගන්න අමාරුයි. (ස)
මම දැකල තියෙන්නේ අදටත් කැන්ගරුවා පාද දෙකෙන් පැන පැන යනවා (නදී)
ලංකාවෙත් ඉන්නවා උදේට දෙපයින් ගොස් හැන්දෑවට සතරපයින් එන දෙපා පිරිසක් මත්පැන් හල් ගාව. (නදී)
හොඳ ලිපියක් (නි)
අපේ රටේ ඕක අලුත් ආරංචියක් නෙමෙයි. ගිය ශත වර්ෂයේ දෙපයින් ඇවිද්ද නිර්ධනයෝ මේ ශත වර්ෂේ ඇවිදින්නේ හතර ගාතෙන් තමයි.(අ)
කබරයෝ තලගොයි නැති උන කාලෙක හුනෝ ගැන පර්යේෂණ කරලා ත් මේ ටිකම කියයිද ? (නදී)
මම අහලා තියෙනවා කැන්ගරුවෙක් ඉපදනු ගමන් කොච්චර විශාලද කියලා...තේ හැන්දකට තුන්දෙනෙක් දාන්න පුළුවන්ලු... (අ)