වසර ලක්ෂ 800ක් පැරණි ඩයිනෝසර ෆොසිලයකින් ශිරා රුධිර නාළ සොයාගැනීමට හැකි වූ බව පුරාවිද්‍යාඥයෝ පිරිසක් කියති.
ඉතා සිහින් මේ රුධිර වාහිනී සොයාගන්නා ලද්දේ අඩි 30ක් පමණ දිගැති බ්රැචිලොෆොසාරස් කැනඩෙන්සිස් නම් ඩයිනෝසර විශේෂයට අයත් වූ පාද අස්ථියකිනි.
උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ මෙම සොයාගැනිමෙන් ඩයිනෝසරයන්ගේ සිරුරු අභ්‍යන්තරයේ පද්ධති සැකසී තිබූ ආකාරය පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට උත්සාහ ගන්නා බවයි.
මෙතෙක් කරන ලද පර්යේෂණ අනුව සත්ත්ව පරිනාමයේ දී අතීත ඩයිනෝසරයන්ට වඩාත් සමීපයැයි විශ්වාස කරන කුරුල්ලන්ගේ රුධිර නාළ පද්ධතිය හා මේ හමුවූ රුධිරවාහිනී පද්ධතිය සන්සන්දනය කිරීමට ද ඔවුහු අපේක්ෂා කරති. පර්යේෂණ කණ්ඩායමේ ටිම් ක්ලෙලෑන්ඩ් මහතා පවසන්නේ කුකුළන්ගේ අස්ථිවල ඇති ප්‍රෝටීන හා මේ රුධිර නාළවලින් ලබාගත් ප්‍රෝටීන අතර යම් සමානකමක් ඇති බවයි.
මෙම අධ්‍යයනය ලෝකයේ ඩයිනෝසරයන්ගේ රුධිර වාහිනි සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රථම අධ්‍යයනයයි. එම පර්යේෂණවලින් ප්‍රෝටීන සාම්පල හා පටක සාම්පල නිවැරදිව ලබා ගැනීමට හැකි වුවහොත් ඩයිනෝසරයන්ගේ ෆොසිලගත වූ අතීතයට වඩා වෙනස් යමක් අනාගතයේ දී දැකගත හැකිවේයැයි ද විද්‍යාඥයෝ කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයිනෝසර අවධිය පරිණාමීය යුගය වන අතර තත්කාලීන සත්ව පරිණාමය පිළිබද අවබෝධය වර්ධනය උදෙසා විශේෂාංග තවදුරටත් ඉදිරිපත් කිරිමට මාධ්‍ය අවකාශ ලැබිම සුදුසුය. (කෞ)
රම්සි, ඔබ කිතුදහමේ එන සත්වයාගේ සහ මිනිසාගේ බිහිවීම ගැන කිසිම අවබෝධයක් නැතුව මෙහි ලිවීමෙන් පෙන්වන්නේ ඔබේ නොදැනුවත්කමයි. ඔබට හැකියාවක් තිබේ නම් ශු.බයිබලයේ එන උප්පත්ති කතාව කියවන්න. එවිට ඔබට වැටහෙයි මුලින්ම බිහිවුණේ සත්වයා බව සහ අවසානයේ මිනිසා බිහිවුණ බව. (නි)
ඉහතින් ගොඩ නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු විෂයයන් කිහිපයක් හැදෑරුවනම් යම් යම් අනුමානයන්ට එළඹීමට හැකියාව තිබෙනවා. මට නම් පේන්නේ ඒ ප්‍රශ්න සියල්ලම ආගම් මත පිහිටා ගොඩ නැගූ ප්‍රශ්න විය හැකියි. බුද්ධාගම හැර අනෙක් ආගම් මැවීම් සංකල්පය පිළිගන්නා බව පැහැදිලියි. ඒත් මෙවන් ගැටළු ආගම මත පිහිටා පිළිතුරු සෙවිය නොහැකියි. ඒ නිසා තමයි විද්‍යාවක් බිහි වී ඇත්තේ. පරීක්ෂණ, නිරීක්ෂණ හා සම්පරීක්ෂණ ඔස්සේ යම් යම් නිගමනයන්ට එළඹිය යුතුය.(අ )
දිනෙන් දිනම නව සොයාගැනීම්... (නි)
මංජුල පරිණාමය ගැන අධ්‍යයනයක් කර ඇති බව පෙනේ. (නි)
කුකුළන් ඇතුළු පක්ෂීන් ඩයිනෝසරයන්ගෙන් පරිණාමය වුණ බව මම සිතමි. මිනිසා ජීවත් වී ඇත්තේ සුළු කාලයක්. ඊට වඩා වැඩිකලක් මෙම සතුන් ජීවත්වී තිබෙනවා. පරිණාමය තුලිනුයි ජීවය විකාශනය වුණේ. (නි)
පෘථිවිය මතුපිට තැනින් තැන එක එක දේශගුණ ඇති බව අපි දන්නවා. ඩයිනෝසිරස්ලා ඔරොත්තුදෙන කාලගුණයක් ඇති තැන ජීවත්වන්න ඇති. අනෙක් තැන් වල ඒ ඒ දේශගුණය අනුව ඔරොත්තු දෙන සතුන් වෙනම ජීවත්වුණා. ජල හිඟය, ඔක්සිජන් අඩු වැඩිවීම, ආහාර නොමැතිවීම, ග්ලැසියර ඇතිවීම්, පෘථිවිය භ්‍රමණය වන කෝණය වෙනස්වීම් හා පෘථිවි චුම්භක වෙනස්වීම්, උල්කාපාත වැටීම්, සුර්යාගේ රශ්මිය වැඩි අඩුවීම ආදී නොයෙක් හේතු නිසා එක එක සත්ව වර්ග මුලුමනින්ම නැතුව ගියා. මේ ඉරණම කවදා හෝ අපටද අත්විය හැක.
දෙයියෝ ඉස්සෙල්ලම මැව්වේ ඩයිනෝසර්ලා විතරයි. ඔය ඩයිනෝසර්ලාගෙන් පරිනාමවෙලා මිනිස්සු වෙච්ච ටිකදෙනක් ශ්‍රීලංකාව කියන රටේ උත්තරීතර සභාවක කාලයක ඉදන් යහාතින් වැඡබෙනවා.(කෞ)
මම ඔය ප්රශ්නය ඇසුවා ආගම් කර්තෘ කෙනෙකුගෙන් . උත්තරය වූයේ එම පොසිලයන් (ඩයිනොසර) ද මිනිසා මවන වෙලේ මැවුණු වගයි. (බ)
ආගම් වලට ගරුකරන්න. කාටවත් කරදරයක් නොකර හෝ තමන් කරන දේ හරිහැටි හිතා කරන්න. බලකරන්න එපා කාටවත්. විද්‍යාවට වෙනම යන්න ඉඩදෙන්න. (බ)
රම්සි, මිනිසා මැව්වේ සියල්ල අවසානයේදී. එමනිසා මෙතන ප්‍රශ්නයක් ඇතිකරගන්න කිසිම හේතුවක් නැහැ. ප්රශ්නය තියෙන්නේ ඔබ දන්නවා කියා හිතාගෙන නොදන්නා දේ කතාකිරීමයි (නි)
රම්සි, ඔබගේ ප්රශ්නය සාධාරණයි. එහෙත් මෙහෙම හිතුවොත්. අවුරුදු මිලියන ගණනකට පෙර ඩයිනෝසරයන් ඉන්න ඇති. පෘථිවියේ වෙනස්කම් නිසා ඔවුන් සියල්ල විනාශ වෙන්න ඇති. ඉන්පසු කලක වානරයා බිහිවෙන්න ඇති. පරිණාමවාදය අනුව සැබෑ මිනිසා අනුවර්තනය වෙන්න ඇති. මේ මගේ සිතුවිල්ලයි. මම වැරදි ඇති. (නි)
හොඳ සොයාගැනීමක් (නි)
හරියට හරි රමසි. (ර)
රම්සි ඔබේ ප්රශ්නය නම් නියමයි. (හේ)
මට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. විද්‍යාත්මකව ඔප්පුකර තිබෙනවා පෘථිවියේ ඩයිනොසර යුගයක් තිබුන බව. ඒ කාලේ මිනිසුන් සහ අනිත් ක්ෂීරපායි සතුන් මේ ලෝකේ ඉඳලා නැහැ. නමුත් මේ ලෝකේ මුලින්ම මැව්වේ මිනිසා නම්, මිනිස්සු නැතුව ඩයිනෝසර්ලා විතරක් හිටපු කාලයක් තිබුනේ කොහොමද? (නි)
"ජුරාසික් පාර්ක්" චිත්‍රපටිය ළඟදීම ඇත්තක් වේවි. (නි)
විමල් , අපිට කරන්න බැරි දේ කවුරුහරි කරනවා නම් ඒක අගය කරනවා වෙනුවට ඔය මන්තරය ජපකිරීමෙන් තමා අපි එක තැන සිටියදී ලෝකය ඉදිරියට යන්නේ (නි)
මේ සොයාගැනීම ලෝකයේ වඩාත් වැදගත් සොයාගැනීමක්. මෙතුලින් සත්ව පරිණාමයේ සිදු වී පවතින වෙනස්වීම් නුදුරු අනාගතයේදී අපිට දකින්න ලබේවි. හැබැයි හොඳදේකට මේක යොදාගන්න ඕනෑ (නි)
ඩයිනෝසෝරයන් හදල ඉල්ලගෙන කන්න තමයි ඔය කට්ටිය ලැස්තිවෙන්නේ (බ)
ඇමෙරිකන්කාරයෝ මේවායේ තිබෙන ඩීඑන්ඒ පාවිච්චි කරලා ඩයිනෝසෝරයෙක් ඉක්මනින්ම හදලා ලෝකයට පෙන්නයි , ඒ වුනත් දෙදහස් පන්සීයක ඉතිහාසයක් තියෙන්නේ අපිටයි. (බ)
ඇමෙරිකන්කාරයෝ මේවායේ තිබෙන ඩීඑන්ඒ පාවිච්චි කරලා ඩයිනෝසෝරයෙක් ඉක්මනින්ම හදලා ලෝකයට පෙන්නයි (නි)
හොඳ සොයාගැනීමක් (නි)