ඉරාකයේ මොසුල් නගරයට දකුණින් පිහිටි හම්මාන් අල්-අලීල් නගරයේ පාසල් භූමියකින් හිස ගසා මරාදමන ලද සාමාන්‍ය වැසියන් 100කගේ පමණ සිරුරු හමු වී ඇත.
ඉරාක හමුදා විසින් නැවත අත්පත් කරගත් ප්‍රදේශයේ මෙම පාසල පිහිටා තිබෙන අතර එය කෘෂිකාර්මික පාසලක් බව ඉරාක ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරීන් පවසයි. ඔහු නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ මේ සම්බන්ධ පරීක්ෂණ කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යැවූ බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරාකයේ, සිරියාවේ,ලිබියාවේ වගේම පලස්තීනයේත් ඕවා සුලභ දසුන්. ඇමරිකාවේ වගේම ඊශ්‍රාලයේ වගේ වුණානම් තමයි පුදුම වෙන්න ඕනෑ. මොකද, ලෝකෙටම ගිනි තිබ්බත්, මොවුන්ගේ රටවල් සාමකාමීයි. (නි)
හුසේන්, ඊශ්‍රායලය සාමකාමිව ගොඩනැඟුන රටක් තමා. රටවල් එකතුවෙලා ඊශ්‍රායලය අල්ලන්නඩ ගිහින් ඉල්ලන් කාපු කෑමට අනිත් රටවල් දුවලා පලස්තීනය විතරක් තවම කනවා. (නි)
බලනකොට මේවා ලෝකේ හැමතැනම වගේ තියෙනවනේ (නි)
71 එකක්ද, 89 එකක්ද දන්නේ නැහැ. (නි)
රොෂේන්, ඊශ්‍රායලය කොහොමද බිහිවුණේ? ඔවුන් කොහොමද මැදපෙරදිගට අාවේ? ඔවුන්ගේ ඉතිහාසය මොකද්ද කියලා හොයලා බලන්න. ඔයාටම තේරේවි ඔවුන් කොච්චර සාමකාමීද කියලා. අවසානයේදී තම මාතෘ භූමිය වෙනුවෙන් සටන්කරන පලස්තීන වැසියන් ත්රස්තවාදීන් වුණා? පලස්තීනය ආක්‍රමණය කර පිහිටවූ ඊශ්‍රායලය සාමකාමි රටක් වුණා? (නි) (නි)