වර්තමාන සමාජයේ අඩි උස සපත්තුව කාන්තා විලාසිතාවක් බවට පත්වී ඇත්තේය. එසේ වී නමුදු මෙහි මූලාරම්භය පිරිමින් විසින් ආරම්භ කර ඇත. පුරාණ ඊජිප්තුවේ වැසියෝ කකුලට පාවහන් භාවිතා කර නොමැත. එකල වැසියෝ ගමනා ගමනයේ යෙදී ඇත්තේ පාවහන් නොමැතිවය.
එම වකවානුවේ ඊජිප්තුවේ වෙළඳාම් කටයුතු වල නිරත මස් වෙළෙන්දෝ බිමට වැටෙන රුධිරය කකුල් වල නොගෑවෙන ලෙස ආරක්ෂා වීම සඳහා ලී වලින් සදා නිම කළ පතුල උස පාවහන් වර්ගයක් පාවිච්චි කිරීමට පුරුදුවී සිටියහ.
ඉන්පසු පුරාණ පර්සියා ජාතික අශ්වාරෝහකයෝ අශ්වයන් පිට ගමන් කිරීම සඳහාත් එයින් ආරක්ෂා වීම සඳහාත් පතුල උස සපත්තු භාවිතා කිරීමට පුරුදුව ඇත. ඊට අමතරව පුරාණ ඊජිප්තුවේ ගොඩ නැගුණු පිරමීඩ ආශ්‍රිතව සමහර සොහොන් කොත්හී බිත්ති මත නිර්මාණය කරන ලද රූප අතර පාවහන් සහිත රූප රාමු දැකීමට ලැබීම හා එය අනුකරණය කිරීම තුලින් පුරාණ ඊජිප්තු මස් වෙළෙන්දෝ ප්‍රථමයෙන් අඩිය උස සපත්තු භාවිතය ආරම්භ කර ඇත.
පසු කාලීනව ඉතාලියේ විසූ රජ පරම්පරාව මෙවැනි පාවහන් භාවිතා කිරීමට පුරුදුවී ඇති අතර එකල විසූ සාමාන්‍ය වැසියන්ට වඩා උසින් වෙනස් වීම සඳහාත් රජ පවුලේ තරාතිරම ආරක්ෂා කිරීම නිමිති කොට රජ පවුල හා එයට බැදුනු ප්‍රභූවරුන් මෙම පාවහන් භාවිතා කොට ඇත.
ඉන්පසු 1533 දී ඉතාලියේ සිටි කැතරින් මෙඩිසීස් රැජිණ ප්‍රංශයේ දෙවැනි හෙන්රි රජු සරණපාවා ගත්තේය. එම විවාහයට ඉතාලියේ කැතරින් රැජිණ සහභාගිවී ඇත්තේ අඩි උස සපත්තු පැළඳ ගැනීමෙනි. එයින් පසු කාලීනව කලින් කලට අනුකරණය කරමින් එම ප්රවනතාවය වර්තමානය වන විට කාන්තාවගේ රුව වඩන විශේෂ විලාසිතාවක් බවට පත්වී ඇත්තේය. වසර දහස් ගනනකට පෙර පිරිමින්ගේ පය ආරක්ෂා කළ සපත්තුව අද කාන්තා විලාසිතාවක් වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ලිපියක් (නි)
හැත්තෑව දශකයේ අඩි උස සපත්තු දාලා පශ්චාත් භාගය හිරවූ ඉණටත් ඉහළින් අඳින හයිවේස්ට් බෙල්බොටම් ඇඳලා කොන්ඩෙත් කණට උඩින් වවපු සොකරි වගේ ඇඹරි ඇඹරි ඇවිදින පිරිමි ලංකාවේ බහුලව හිටියා. මම හිතන්නේ මේ අය අනුකරණය කළේ එක්තරා ස්වීඩන් ජාතික සංගීත කණ්ඩායමක ඇඳුම් විලාශය. (නි)
පිටිගල, ඒ දවස්වල ඔයත් අල්මාරියට හිරවුණා වගේ කලිසමක් ඇඳගෙන ඇඹරි ඇඹරි යනවා නුවර පැත්තේදී අපි දැකලා තියෙනවා. (නි)
ඒක වෙන්න පුළුවන්.(හේ)
අපේ අය අපේම සල්ලි වලින් බාල් දමමින් මේ කාලෙත් කොහොමත් උඩින් යනවා වගේ තමයි යන්නේ. (නි)
මේකට මොකක්ද ලියන්නේ කියලා දැනට නම් ඔලුවට එන්නේ නැහැ. අාවොත් ලියන්නම් (නි)
රූපලාවන්‍ය හා විලාසිතා කාලයෙන් කාලයට විවිධ තාලයට එනවා. ගැහැණු පිරිමි බේදයක් නැතුව විලාසිතාවලට පැටලෙනවා. නමුත් කාලය අාවාම මාරයාගේ පණිවිඩය ආවාම කොයි කාටත් යන්න සිදු වෙනවා. (බ)
මේ තියෙන්නේ රුපවතී ආච්චිගේ කකුල් දෙකද? (බ)
සුමිත්‍රා ,හිනා වෙලා පණ ගියා .ඔව් එහෙම වෙන්නත් පුළුවන්.! (බ)
විලාසිතා ලෝකේ කැපීපෙනෙන්න ඉස්සරහට යන්න, සමාජයේ අනිත් අය පරයා ජනප්‍රිය ලේබල් එක අලවාගන්න සමහරුන්ට කියෙන්නේ පුදුමාකාර අමාරුවක්. ඇයි පොඩ්ඩක් හිතන්න බැරි අපි සදාකාලිකව මේ ලොකේට ආපු අය නෙවෙයි කියලා. ඒ කුණු කය පරිහරණය කරනවා කියන හැඟීමෙන් ජීවත්වනවා නම් මිනිස්සුන්ට ගැහැණුන්ට වරදින්නේ නැහැ. නමුත් මිනිස්සු මේ ලොකේ ජීවත්වන්නේම කවදාවත් තමන් මැරෙන්නේ නැති අමරණීය සත්ව කොට්ඨාශයක් වගේ. මම හිතනවා එය නිවැරදි වියයුතුයි කියලා (නි)
ඉතාමත් වැදගත් ලිපියක්