පානීය ජලය පිළිබඳ පර්යේෂණයන් සඳහා ඇමරිකා ඩොලර් මිලියන 200 ක (රුපියල් මිලියන 29755) වියදමින් ඉදිකෙරන පර්යේෂණාගාරය සඳහා අවබෝධතා ගිවිසුම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්‍ය උපුල් බී දිසානායක මහතා සහ චයිනීස් ඇකඩමි ඔෆ් සයන්ස් විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය යෑන්ෆෙන් වෑන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී අද (16) සිදු කැරිණි.
2014 වසරේ දි චීන සමුහාණ්ඩුව හා ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් අනුව පේරාදෙණිය හා චීන චයිනීස් ඇකඩමි ඔෆ් සයන්ස් සරසවි අතර අධ්‍යයන කටයුතු කිරිම පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය හා ඡල සම්පත් මණ්ඩලය සමග සම්බන්ධව ආරම්භ කිරිමට නියමිතය. පර්යේෂණාගාරයේ වැඩ වසර දෙකකින් වැඩ නිම කිරිමට නියමිත බවද පේරාදෙණි විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්‍ය උපුල් බී දිසානායක මහතා පැවැසිය.



COMMENTS
චීනා වෙනත් රටවල් වල සම්පත් කොල්ලකන්න කලින් ඒ රටවල සම්පත් ගැන සොයාබලන හැටි ගැනත් අන්තිමේදී සිද්ධවෙන නස්පැත්තිය (හම්බන්තොට වරායට වෙච්ච් දේ වගේ) ගැනත් රසවත් බ්ලොග් ආර්ටිකල් එකක් පළවුණා දැන් වසර තුනකට හතරකට කලින්. මට මතක විදියට උගන්ඩාව ගැන විස්තරයක් තිබුනේ. දැන් මට ඒක හොයා ගන්න බැහැ. දන්නා කෙනෙක් ඉන්නවද? (නි)
අතීතයේ භූගත ජලයේ අවශ්‍යතාවක් නොතිබූ නිසා ඒ ගැන සෙවීමේ අවශ්‍යතාවයකුත් නොතිබුණි. නමුත් වර්තමානයේදී පොළොව මතුපිට ඇති බොහෝ ජල ප්‍රභව දුෂණයට ලක්ව ඇති නිසාත් ඒවා ප්‍රමාණවත් නොවන නිසාත් භූගත ජලයද ප්‍රයෝජනයට ගන්න සිදුවී ඇත. නමුත් භූගත ජලය ගැන අප දන්නේ බොහොම අල්ප වශයෙනි. අතීතයේ පැරැන්නන් පරිසරය සමඟම ජීවත්වුවත් දැන් එසේ නොවේ. අපි නොදන්නා සහ සෙවීමට උත්සාහයක්වත් නොගන්නා බොහෝ දේ අප අවට පරිසරයේ සිදුවෙමින් පවතී. එනිසා ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා මෙවැනි දේ ආරම්භ කිරීම අගය කළයුතුය. (නි)
චීන කොම්පැනි ඇෆ්ඝනිස්ථානයේ තඹ හාරන ව්‍යාපාර පටන්අරන්. බටහිර හමුදා ඇෆ්ඝනිස්තාන් වල සටන්කරලා ඉවත්වුණා. බෝර්නියෝ දූපතේ වනාන්තර කපමින් පාම් ඔයිල් වගාකරන ව්‍යාපාර වල වැඩිය ආයෝජයන කරන්නේ චීනය. 1980 බොර්නිෙයා් දුපතේ වනාන්තර 100% වගේ තිබුනත් දැන් එය 40% විතර පහත වැටිලා. චීනුන් වෙනත් බටහිර ජාතීන්ට එහා යන ආශාවක් තියෙන්නේ.
අපිට වඩා මොළේ තියෙන උදවියගේ වැඩක් නිසා මම නම් මොකුත් කියන්නේ නැහැ. (නි)
නොදන්නා අයගේ දැනගැනීම පිණිසයි. මේ ජල පරීක්ෂණය සාමාන්‍ය ජල පරීක්ෂණයක් නොවෙයි (නි)
සිල්වා මහත්තයෝ, නුවර, පේරාදෙණිය මාතලේ, ගම්පොල ආදී පැතිවල ජලය කවදාවත් ප්‍රශ්නයක් වුණේ නැහැ. මම හිතන්නේ මේ ව්‍යාපෘතිය මුළු ලංකාවම වෙනුවෙන් කරන දෙයක්. කොහොම වුණත් බටහිරයන් වගේම චීනත් එක්තරා විදියක 'පොරවල්'. (නි)
චීනා අපේ වතුර ටිකටත් විදින්න වගේ හදන්නේ. පිටරට්ටුන්ගේ උදව් නැතුව පොළව යට තිබෙන වතුර ටික ගැනවත් සොයාගන්න අපේ මහාචාර්යවරුන්ට බැරිද? ඉස්සර අපි අපේ රටේ තිබෙන ජලය ගැන හොඳ දැනුමක් තිබුන ජාතියක්. හොඳම උදාහරණය රජරට තිබෙන වැව් ටික සහ සිගිරි කාශ්‍යප සිගිරි ගල මුදුනට ජලය ගෙන ගිය තාක්ෂණය. (නි)
අබරන් මහතයෝ, චීනය කවදාවත් අනික් රටවල පරිසරය ගැන තැකීමක් කරන ජාතියක් නොවේ (නි)
මෙහි අදහස් දමා ඇති සමහරු ගැන කණගාටුයි (නි)
ද සිල්වා මහත්මයා, ඔබගේ අදහසේ යම් ඇත්තක් ගැබ්වෙලා තියෙනවා. මේ ලොව ඇති ජල සංචිතයෙන් බීමට සුදුසු ජලය ඇත්තේ 1% පමණක් බව අපි කවුරුත් දන්නා කාරණයක්. තුන්වෙනි ලෝක යුද්ධය ඇතිවන්නේ පෙට්‍රෝලියම් ඉන්ධන සදහා බවත්, ඉන්පසු ජීවින් ඉතිරිවේ නම් සිව්වැනි ලෝක යුද්ධය ඇතිවන්නේ බිමට සුදුසු ජලය අත්පත්කර ගැනීමට බවත් කියමනක් තියෙනවා. (නි)
මේ වගේ ව්‍යාපෘති ගැන අවබෝධයෙන් වැඩ කළා නම් හොඳයි. චීනා තමන්ගේ රටත් පාරිසරිකව විනාශ කරගත් අයෙක් නිසා.... (නි)
පේරාදෙණියේ තිබෙන වතුර වල කිසිම ප්‍රශ්නයක් නැත. හොයනවා නම් හොයන්න ඕනෑ රතුපස්වල තිබෙන වතුර. එහෙම නැත්නම් උමාඔය ව්‍යාපාරය නිසා හිඳුන ළිං වල තිබෙන වතුර ගැන (නි)
මහවැලි ගඟේ ජලය හොඳටම අපවිත්‍ර වෙලා. නුවර මිනිස්සු බොන්නේ එ්වා තමා. (නි)
පේරාදෙණියේ තියෙන්නේ හොඳම වතුර. එ්කේ හොයන්න දෙයක් නැහැ. මහවැලි ගඟ ගලායන්නෙත් ඔතනින්නේ. එ්ක නිසා වතුර ප්‍රමාණය ගැන ප්‍රශ්නයකුත් නැහැ. මොකක්හරි ගැටයක් තියෙන බව තමයි පෙනෙන්නේ. (නි)
ගංගා දිගේ ඇති ඉදිකිරීම් වලින් ජලයට බැහැර කරන අපද්‍රව්‍ය සහ ගඟ අසබඩ ඇති ඉදිකිරීම් වලට විරුද්ධව අදාළ අංශ ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ අැයි ? (බ)
කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව උඩින් බලා අපේ මිනිස්සු ප්‍රතිචාර දක්වනවා. වතුර පරීක්ෂා කරන සමහර රසායනාගාර උපකරණ සමහර විශ්ව විද්‍යාල වල නැහැ. (නි)
වතුර වල වැඩේට චීන හෝ වෙනයම් ජාතියක් ගාවා ගැනීම ඉතා භයානකය , (හේ)