IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මුහුදු පතුල ගවේෂණයට රොබෝ මත්ස්‍යයෙක්

මැසචුසෙට් තාක්ෂණික ආයතනයේ පර්යේෂකයන් පිරිසක්   මුහුදු පතුල ගවේෂණයට යොදා ගතහැකි රොබෝ මත්ස්‍යයෙකු නිර්මාණය කිරීමට සමත් වී  ඇත.
 
 “සොෆී” ලෙස නම් කර ඇති මෙම රොබෝ මත්ස්‍යයා ෆීජී දූපත් ආශ්‍රිත මුහුදේදී පරික්ෂාවට ලක්කර බව පර්යේක්ෂකයෝ පවසති.
 
මෙම රොබෝ මත්ස්‍යාට ජලය මතුපිට සිට අඩි 50 ක් තරම් වන ගැඹුරේ දී විනාඩි 40 ක කාලයක් පුරා අඛණ්ඩව පිහිනීමේ හැකියාවක් ඇත. සැබෑ මත්ස්‍යයෙකුගේ චලනයට සමාන වන අයුරින් නිර්මාණය කර ඇති මෙම රොබෝ මත්ස්‍යයා සෘජුව පිහිනීමට, කිමිදීමට සහ නැවත ඉහළට පැමිණීමට හැකි අයුරින් නිපදවා තිබේ.
 
නම්‍යශීලී ප්ලාස්ටික් සහ සිලිකන් රබර්  භාවිත කර නිපදවා ඇති මෙම රොබෝ මත්ස්‍යා තුළ දැකිය හැකි විශේෂත්ව වන්නේ බොහෝ අංග නිපදවීම සඳහා ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය යොදාගෙන තිබීමයි.  රොබෝ මත්ස්‍යයාගේ ඉදිරිපස සවිකර ඇති කැමරාව මඟින් ඉහළ ගුණාත්මක භාවයකින් යුතු අධි විභේදන ඡායාරූප ලබාගත හැක.
 
පර්යේෂකයින් පවසන්නේ මේ ඔස්සේ මුහුදු පතුලේ මිනිසුන්ට ළඟාවීමට අපහසු ස්ථාන වෙත රොබෝ මත්ස්‍යයන් යවා පර්යේෂණ කිරීමේ තාක්ෂණය දියුණු කිරීමට අවස්ථාව උදාවන බවයි. මෙම රොබෝ මත්ස්‍යයාට වේගයෙන් පිහිනීමට හැකි වන ලෙස සිරුරේ හැඩය සහ වර්ල් වැඩිදියුණු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් පර්යේෂකයින් මේ වන විට අවදානය යොමුකරමින් සිටී.
 
එමඟින් මුහුදු පතුල ගවේෂණය සඳහා යොදා ගත හැකි වඩාත් සාර්ථක රොබෝ මත්ස්‍යයෙකු නිපදවීම පර්යේෂකයින්ගේ අරමුණ වී ඇත. 
 
ඩේලි මේල් ඇසුරෙනි 
209



අදහස් (1)

මුහුදු පතුල ගවේෂණයට රොබෝ මත්ස්‍යයෙක්

w.l.a.b.k senavirathna Thursday, 29 March 2018 05:38 AM

මෙය තව වැඩි දියණු කර වැඩ ගන්න

:       14       90

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 251 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site