IMG-LOGO

2025 ජනවාරි මස 26 වන ඉරිදා


පේරාදෙණිය ඉංජිනේරුවෝ විදුලි පිම්මත් පනිති

මුහුදුබඩ ප‍්‍රදේශ ආශ‍්‍රිත අධි බල විදුලි රැුහැන්වල විදුලි පුළිඟු ඇතිවී සිදුවන විදුලි විසංධිවීම් කල්තියා හඳුනාගැනීමේ උපකරණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව හඳුන්වාදී තිබේ.

මුහුදුබඩ ප‍්‍රදේශවල තිබෙන අධි වෝල්ටීයතා විදුලි රැුහැන්වල ඇති පරිවාරකවල මුහුදු සුළං හේතුවෙන් ලූණු බැඳීම සිදුවේ. එම පරිවාරක දෙපස ඇති අධි වෝල්ටීයතාව නිසා විදුලි පුළිඟු ඇතිවන අතර එම පුළිඟු වර්ධනයවී විදුලිය විසන්ධිවීම දක්වා වර්ධනයවේ. එවැනි තත්ත්ව පුත්තලම, කල්පිටිය, මන්නාරම සහ දකුණු මුහුදුබඩ ප‍්‍රදේශවල දැකිය හැක. රාත‍්‍රී කාලයේදී මේවා සුලභව දක්නට ලැබෙන අතර මෙම ගැටලූව ලංකාවේ පමණ නොව ඇමෙරිකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවලද බහුලව දක්නට ලැබේ. මෙම ගැටලූවට පිළියමක් ලෙස පරිවාරක මාරු කිරීම, බහු අවයවක පරිවාරක යෙදීම, පරිවාරක ගලවා සේදීම සිදුකරයි. එවැනි පරිවාරක ගලවා හෝ සෝදා මාරු කරන කාලය නිශ්චිතවම තීරණය කිරීම අපහසු කරුණකි. එබැවින් ලංකා විදුලිබල මණ්ඩලයට අධික වියදමක් දැරීමට සිදුවේ. ඊට නිසි විසඳුමක් ලබාදීමටත් විදුලි පුළිඟු ඇතිවීම කල්තියා හඳුනාගැනීමටත් මෙම උපකරණයට හැකියාව තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අනුරාධ අබේසේකර සිසුවා විසින් මෙම නිර්මාණය සිදුකළ අතර මහාචාර්ය මංජුල ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආචාර්ය සරත් කුමාර, ආචාර්ය රොෂාන් ගොඩලියද්ද, ආචාර්ය පරාක‍්‍රම ඒකානයක සහ ආචාර්ය ජනක විජයකුලසූරිය යන මහත්වරු මේ සඳහා මඟ පෙන්වූහ.

‘වසර කීපයක් තිස්සේ සිදුකළ පර්යේෂණවල ප‍්‍රතිඵලයක් ලෙස මෙම නිර්මාණය හඳුන්වන්න පුළුවන්. විදුලි පුළිඟු ඇතිවීමකදී විද්‍යුත් චුම්බක තරංගයක් ඇතිවෙනවා. මෙහි ඇති උපකරණය මඟින් මෙම තරංගය දුරස්ථ සංඥා බවට පරිවර්ථනය කර පරිවාරකයට මීටර 2 ක දුරක් දක්වා අනාවරණය කරගැනීමේ හැකියාව තියෙනවා. මෙහි ක‍්‍රමවේදයට අනුව පරිවාරකයේ ක‍්‍රියාකාරී අවස්ථා, විදුලි පුළිඟු ඇතිවීමට ආසන්න අවස්ථා සහ විදුලි පුළිඟු අවස්ථා ලෙස වෙන් වෙන්ව ඉතා පහසුවෙන් වෙන්කර හඳුනාගැනීමේ හැකියාව තියෙනවා‘

‘මෙම නිර්මාණයේ විශේෂත්වය වන්නේ එය සරල උපකරණයකින් සහ සරල ක‍්‍රමවේදයකින් සමන්විතවීමය. එමඟින් මෙම නිර්මාණය වැඩි විශ්වාසයකින් යුතු සහ මිල අඩු විසඳුමක් ලෙස දේශීය මෙන්ම විදේශීය රටවලටද යොදා ගන්න පුළුවන්. දැනට මේ සඳහා පේටන්ට් බලපත‍්‍රයක් ලබා ගැනීමට ලියාපදිංචි කර තියෙනවා. මෙම නිපැයුම වර්ධනය කර ලංකා විදුලිබල මණ්ඩලය සමග එක්ව ප‍්‍රායෝගික විසඳුමක් ලෙස වැඩි දියුණු කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා‘ යැයි අනුරාධ අප සමඟ පැවැසුවේය.

Pic-2 Pic-3Anuradha-Abesekara

Manjula-Fernando

 

 



අදහස් (0)

පේරාදෙණිය ඉංජිනේරුවෝ විදුලි පිම්මත් පනිති

සුමුදු Monday, 19 September 2016 12:42 AM

හොඳට මතක තියාගන්න, දියුණු වූ හැම රටකම ලොකුම කාර්යබාරය කරලා තියෙන්නේ ඉංජිනේරුවන්. මේ රටත් මේ තත්වයෙන් හරි තියෙන්නේ ඔවුන් නිසා. මේ රට කන්නේ දේශපාලකයන් සහ ඔවුන් දෙවිවරු ලෙස සළකන මෝඩ ජනතාව. ඉංජිනේරු සේම විද්‍යා අංශයද රටට ගැළපෙන අයුරින් දියුණු කිරීමට ලංකාවේ ඉන්න අතලොස්සක්වූ බුද්ධිමත් මිනිසුන්වත් වැඩ කළයුතුයි. (නි)

:       0       0

ටෙස්ලා Friday, 16 September 2016 01:19 AM

සුභ පැතුම්! කුමාර්, ධනවත් නොවන දක්ෂ දරුවකුට වුවද විදුලි ඉංජිනේරු දැනුම ලබාගෙන මෙවන් පර්යේෂණ වල නියැලෙන්නට අවකාශ ලැබෙන්නේ ඔබ කියූ සේ සටන්කර රැකගනු ලබන නිදහස් අධ්‍යාපනයට පින්සිද්ධ වෙන්න බව අමතක නොකරන්න. දැන් දැන් එය අපේ ඉදිරි පරම්පරාවෙන් උදුරාගන්නට මානබලනු දුටුවිට කට වසා සිටීම ආත්මාර්ථකාමී ක්‍රියාවකි. (නි)

:       0       0

සමන් Friday, 16 September 2016 02:39 PM

මගේ සුබ පැතුම්! (නි)

:       0       0

කුමාර් Thursday, 15 September 2016 11:04 AM

පාරවල් ගානේ වර්ජන කර කර පිස්සු නටන්නේ නැතිව මේ වගේ වැඩ කරනවානම් කොච්චර අගේද. (හේ)

:       0       0

ජයාත් Friday, 16 September 2016 03:07 AM

හැමදාමත් කියනවා වගේ ලංකාදීපයට ස්තුතියි මේ වගේ ලිපි වලට. ඒ වගේම මේකට තව ඌණපූර්නයක් දෙන්න කැමතියි. මේකට විදුලි ඉංජිනේරු විද්‍යාවේ කියන්නේ කොරෝනා ආචරණය කියලා. (නි)

:       0       0

සෙනෙවි Friday, 16 September 2016 04:32 AM

පේරාදෙණිය ඉන්ංජිනේරු පීඨයේ ළමයි කවදත් දක්ෂයෝ .ඉංජිනේරුවරු කවදත් සැප පහසුකම් ඉල්ලා ජනතාව පෙලන වැඩ වර්ජන කරන්නෙ නෑ .අමාතයාංශවල ලොකු පුටු වල ඉන්නේ පරිපාලන සේවයේ අය ඉංජිනේරුවන්ට නිසි තැන ලබාදීමට ඉඩ දෙන්නෙ නෑ (හේ)

:       0       0

ධනුෂ්ක Friday, 16 September 2016 04:33 AM

හොද හොයා ගැනීමක්.(හේ)

:       0       0

සම්පත් Friday, 16 September 2016 04:39 AM

හොද අනාගතයක් (හේ)

:       0       0

අබය Thursday, 15 September 2016 07:06 AM

අපේ කොල්ලෝ එන්න එන්නම වැඩකරුවෝ වෙනවා. සතුටුයි. හරියාකාර මඟපෙන්වීමක් තියෙනවා. ජයම වේවා (නි)

:       0       0

අන්වර් Thursday, 15 September 2016 12:17 PM

පාරවල් ගානේ නටන එක නවත්තලා මේවා කරනවා නම් කොච්චර හොඳද?

:       0       0

අබය Friday, 16 September 2016 10:39 PM

ජයාත්, එ්ක ඇත්ත දක්ෂ ළමයි ඉන්නේ පේරාදෙණියේ විතරක් නොවෙයි (නි)

:       0       0

නිරාෂා Monday, 19 September 2016 04:58 AM

බොහොම සතුටුයි. ඉදිරියටම යමු ලංකා. (අ)

:       0       0

දිමුතු Monday, 19 September 2016 05:40 AM

මගේ සුභ පැතුම්! මෙවැනි තවත් දේවල් ලෝකයට ලබාදීමට ඔබට වාසනාව ලැබේවා! (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 15 September 2016 07:53 AM

මේ උපකරණය මඟින් ඒ පුළිඟු ඉවත්කර හෝ විනාශකර, අඛණ්ඩ විදුලි සේවාවක් ලබාදීමට පුළුවන්ද? (නි)

:       0       0

ටිකිරි Saturday, 17 September 2016 03:39 AM

ඔබට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ජයාත් Friday, 16 September 2016 08:31 AM

සෙනෙවි ඔයා ගේ කතාවේ අත්තක් තියනවා විශේෂයෙන් පුද්ගලික අංශයේ සමහර ආයතන වල ලොකු පුටුවල ඉන්න අය ඉංජිනේරු සුදුසුකම් තියන අය නෙමෙයි එයාල ඉංජිනේරුවන් කියන දෙය අහන්න කැමති නැහැ (ප්‍රකට හේතු නිසා ) මේ නිසා සමහර ආයතන අනවශ්‍ය පාඩුත් ලබනවා ඔයාගේ කතාවේ මුල් කොටසේ විදියට දක්ෂ ළමයි ඉන්නේ පේරාදෙණියේ විතරක්ම නෙමෙයි හොඳේ ! (හේ)

:       0       0

කසුන් Thursday, 15 September 2016 03:05 PM

බොරු සෝබන නැතුව, කුහක කම් නැතුව ,ලොකු කම් නැතුව ලොකු වරප්‍රසාද නැතුව ඇත්තටම රටට වැඩක් කරන නිහතමානී පොළොවේ පය ගහල ඉන්න පිරිසක් ඉංජිනේරුවෝ කියන්නේ. ඇත්තටම මේ රටේ මිනිස්සු එයාලට දෙන පිළිගැනීම මදි. පිටට නොපෙනුනන්ට ඔව්න් රටට ආඩම්බරයක් වගේම සම්පතක්. (හේ)

:       0       0

නවෝදා Sunday, 18 September 2016 11:53 AM

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු පුතුන්ට අපි සළකනවා මදි. ඔවුන් ලොකු දේවල් බලාපොරොත්තු නොවී රට වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන කොට්ඨාශයක්. (නි)

:       0       0

අතුල Friday, 16 September 2016 10:25 AM

මෙය තමයි වෙන්න ඕනේ.(හේ)

:       0       0

අබේකෝන් Sunday, 09 October 2016 01:14 PM

ලොකු ආඩම්බරයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2342 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2199 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6116 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7157 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3557 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4271 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 20 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 560 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 653 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site