IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කුණු ගොඩට දැමූ බස්රථ යළි හදා පාරට දැමීම අගයමු

නරකම - දුක්බර හා කෝප ගැන්වෙන සුළු ප්‍රවෘත්ති අසන්නට දකින්නට ඇති රටක පුරවැසියකු සතුටට පත්විය හැකි මාදිළියේ ප්‍රවෘත්තියක් ඉකුත්දා වාර්තා විය. ඒ අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත්කර තිබූ බස්රථ 200ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කිරීමය. වාහන නියාමන බස්රථ ප්‍රවාහන  සේවා සහ දුම්රිය මැදිරි මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසක් අනුව ප්‍රවාහන ඇමත්‍ිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය හරහා අලුත්වැඩියා කළ බස්රථ 200 ජනගත කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති බව අප පුවත්පත වාර්තා කළේය.

මෙම බස්රථ 200ම ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්කර තිබු ඒවා වේ. එම  බස්රථ එපමණටම අබලන්ව තිබී ඇත. රාජ්‍ය දේපොළ තමන්ට හිමි නැති හෙයින් ඒවා ආරක්ෂා කිරීමට පෙළෙඹෙන්නන් ද හිඟය. බස්රථ ඩිපෝවල දිරා පත්වී යන්නේ ද එහෙයිනි. අමාත්‍යාංශ ඇතුළු බොහෝ රාජ්‍ය ආයතනවල අංගනවල දිරාගිය වාහන ඕන තරම් සොයාගත හැකිය. ඇතැම්විට සුළු අනතුරක් නිසා එසේ ගාල් කර තිබේ. අමාත්‍යාංශ චක්‍ර ලේඛවලට අනුව ඒවා එක්වරම අලුත්වැඩියා කළ නොහැකිය. රාජ්‍ය සේවයේ ඇති අකාර්යක්ෂමතාව නිසා ඒ සම්බන්ධ ඉදිරි පියවර සිදු වන්නේ ඉතා මන්දගාමීවය. ටික දිනක් ගතවනවිට නිලධාරීන්ගේ ‘‘ඔළුවෙන්’’ මේ වාහන හැලි යයි. රාජ්‍ය දේපොළවලට  අත්වන ඉරණම එයය.

‘‘වළක වැටීම මොළයට ලාබයක්’’ බවට කියන්නකි. රටතුළ ඩොලර් අර්බුදයක් ඇතිවිය හැකි බවට ඉඟි පළවීමත් සමඟ වාහන ආනයනය සීමා කෙරිණි. ඒ අනුව බස්රථ ආනයනය ද නතර විය.

මහජනයාගේ ප්‍රවාහනයට එයින් ඇතිවන බලපෑම සම්බන්ධයෙන් නිලධාරීන්ගේ අවධානය යොමුවන්නේ මෙම පරිසරය තුළය. අබලන් බස්රථ අළුගසා නැගී සිටින්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

අප පුවත්පත වාර්තා කළ පරිදි 2020 වසරේ දී බස්රථ 273ක් අලුත්වැඩියා කර ධාවනයට එක්කර තිබේ. දෙවැනි අදියර යටතේ බස්රථ 200 ධාවනයට එක්කර තිබේ. සියල්ලන්ගේම තියුණු අවධානය මෙම පුවත සම්බන්ධයෙන් යොමු වන්නේ නම් වැදගත්ය. මන්දයත් මෙම පුවතෙන් අවසානයේ දී කියැවෙන්නේ ‘‘මේ රට හැදිය හැකි’’ බවය.

රටවල් දියුණු වී තිබෙන්නේ පාලකයන් හා නිලධාරීන් නිසාම පමණක් නොවේ. පාලකයන් නිලධාරීන් හා පොදු මහජනයා සුසංයෝගයෙනි. රට ගොඩ නගන මග නිවැරැදිව පෙන්වාදීම පාලකයන්ගේ වගකීමය. නිසි කලට ඒවා ක්‍රියාත්මක කිරීම නිලධාරීන්ට පැවරුණ කාර්යයකි. අවශ්‍ය සහයෝගය දීම ජනතාව සතු වගකීමකි.

අප රට දීර්ඝ කාලයක් පුරා යටත් විජිතයක්ව පැවැති රටකි. පරපුටු මානසිකත්වය එහි තර්කානුකූල ප්‍රතිඵලයකි. සංවර්ධන සන්නිවේදනයේ දී අවධාරණය වන්නේ පුරපුටු මානසිකත්වය සංවර්ධන සංග්‍රාමයට මාරාන්තික ලෙස බාධා කරන බවය. එහෙයින් මෙම මානසිකත්වය තුරන් කර ගත යුතුය. ඒ  සඳහා ආකල්පමය වෙනසක් ඇති කර ගත යුතුය. ‘‘රට මගේ’’ යන  හැඟීමෙන් කටයුතු කරන්නේ නම් සියලු පුරවැසියන් එකාවන්ව එකට එකතු වන්නේ නම් රට ගොඩනැගීම අසීරු දුෂ්කර කාර්යයක් නොවේ.

අබලන් බස්රථ අලුත්වැඩියා කර යළි ධාවනයට එක්කිරීමේ මෙහෙයුම වඩාත් වැදගත් වන්නේ ‘‘මේ දිරා පත්වන්නේ මහජනයාගේ මුදල්ය යන හැඟීම ඇතිවීම නිසාය. මහජන මුදල් එසේ කාබාසිනියා නොවිය යුතුය, යන හැඟීමෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලය රටට  ජනතාවට වඩාත් වැදගත් වන්නේ එහෙයිනි. ජනතාව තුළ නිලධාරීන් තුළ සේවකයන් තුළ ඒ හැඟීම බලවත්ව මතුවන්නේ නම් ඒවා නොදැක්කා සේ යාමට පාලක පංතියට ද නොහැකිය. රටවල් හැදෙන්නේ එහෙමය. එබඳු බලගතු බලපෑම් එල්ල විය යුතුය.

බස්රථ 200ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කිරීමේ පුවත ඕනෑම පුරවැසියකු තුළ අමන්දානන්දයක් ඇති කරනු නිසැකය. ​හේබාව ගිය මනසක් වෙනුවට රට ගැන ආඩම්බරයක් ඇතිවන ප්‍රීති ජනක මනසක් මෙබඳු පුවත් මගින් ඇතිවේ. යන්න හිතෙන නොව ඉන්න හිතෙන රටක් ලෙස මේ රට තමන්ගේ හදවතට දැනෙන්නේ  පෙර කී ප්‍රීතියත් සමගය.

(***)



අදහස් (0)

කුණු ගොඩට දැමූ බස්රථ යළි හදා පාරට දැමීම අගයමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site