IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දූෂණයට බරවූවන්ට ඇමැති පදවි දෙන්න එපා

ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කර ඇති ‘සෞභාග්‍යයේ දැක්ම’ මගින් ප්‍රකාශිත දේශහිතෛශී වැඩපිළිවෙළ බලගන්වා මහජනතාවගේ යහපත් අභිලාෂයන් සාක්ෂාත් කිරීමට නම් ආදර්ශවත් වියත්, බුද්ධිමත් රටට හා ජනතාවට අවංක දක්ෂ සුපිළිපන් පුද්ගලයන්ගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලයක් පත්විය යුතු යැයි ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ජනතාවද ඒ සඳහා සිය අභිමතය ප්‍රකාශ කර ඇති බව මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන්නේ යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ඉකුත් අගෝස්තු 5 වැනිදා මෙරට සාතිශය බහුතරයක් ජනයා සිය ඡන්දය ප්‍රකාශ කළේ කවර අරමුණකින්දැයි නව පාලකයන් ඉතාම ගැඹුරින් වටහාගත යුතුය. එම ඡන්ද ප්‍රතිඵලය තුළ අන්තර්ගතව ඇත්තේ ඉතිහාසයේ සියලු වැරැදි අකාමකා දැමූ අලුත් රටකි. මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්විය හැකි අලුත් ලංකාවකි. ‘පාර්ලිමේන්තුවේ 225 ටම බෝම්බ ගැසිය යුතුයැයි මතයක් නිර්මාණය වී තිබූ සමාජයෙන්ම තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් බිහිවූයේ අලුත් ගමනක් තුළින් බලවත් ජයග්‍රහණ රටට ලබාගැනීමේ පවිත්‍ර අරමුණෙන්ය.

මෙරට දේශපාලනය බඩ රස්සාවක් බවට පත්වී ඇතැයි යන්න මුසාවක් නොවේ. මන්ත්‍රී ධුරය ද ඇමැති ධුරයද ඇතැමුන්ට සියලුම ආකාරයේ මංපැහැරීම්, කොල්ලකෑම් සඳහා බලපත්‍රයක් පමණි. මැති ඇමති වරප්‍රසාද ඇතැම්විට කිසිදු මිනිසකුට ජීවිතයේ එක් වතාවක් හෝ අත්විඳීමට නොලැබෙන ‘දිව්‍යමය සැපතකි’. ඒ සැපට ලොබ බැඳ වැඩකිරීම නිසා හැත්තෑ දෙවසරක් පුරා රට ගමන් කළේ ආපස්සටය. ජනතාවගේ ඉල්ලීම යළි එබඳු වැරැදි නොකරන ලෙසය.

වැරැදි නොකරන ආණ්ඩුවක් සඳහා වැරැදි නොකරන මිනිසුන් අතට වගකීම් පැවරිය යුතුය. යහපාලන ආණ්ඩුව නියෝජනය කළ එක් සුළු ජාතික පක්ෂයකට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වසරකට එක් මන්ත්‍රීවරයකු වශයෙන් පත්කරනු ලැබීය. එයට හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වන තීරුබදු රහිත අති සුඛෝපභෝගී වාහනයක් ලබාගැනීමට ඇති වරප්‍රසාදය බවද කියැවිණි. එක් වසරක් පාර්ලිමේන්තුව නියෝජනය කර රුපියල් ලක්ෂ 300 ක් ලබා එම පක්ෂයේම තවත් පුද්ගලයකුට එම අවස්ථාව ලබාදී යාම තුළ ජනතාවගේ පරමාධිපත්‍ය සමග මහ දවාලේ කළ මහ හොරකමකි. යහපාලන රජය කාලයේදීම දින දෙකකට මන්ත්‍රීවරයකු බවට පත්වූ පුද්ගලයා කළ එකම දෙය තීරුබදු රහිත අතිසුඛෝපභෝගී වාහනය ලබාගැනීම පමණි.

ව්‍යවස්ථාවේ වගන්තිවලට මුවා වී සිදුකරන මහ හොරකම් නතර විය යුතුය. මහජනයාගේ රුපියලට ශතයට වගවන ගරු කටයුතු මහජන නියෝජිතයන් නිර්මාණය විය යුතුය. මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ සියලු දෙනා සර්ව සුන්දර මිනිස්සු නොවෙති. මහ මැතිවරණයෙන් තේරී පත්වූවෝ සියලු දෙනාද නිවැරැදි මිනිස්සු නොවෙති. විවිධ චෝදනා ඇති ඒ වෙනුවෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත වූවෝද ජයග්‍රාහකයෝ අතර සිටිති. චෝදනා එල්ල වූ පමණින් හෝ යමකු රිමාන්ඩ් බන්ධනාගාරගත වූ පමණින් ඔවුහු වැරැදිකරුවෝ නොවෙති. එහෙත් චෝදනාවලට ලක්වීමට බලපෑ හේතුද සුළුවට ගෙන පහසුවෙන් බැහැර කළ නොහැකිය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු පුද්ගලයන් ඇමති මණ්ඩලයට පත් කළ යුතු බවය. දේශපාලනයේදී තීන්දු තීරණ ගැනීමේදී විවිධ සුදුසුකම් සලකා බැලෙන අතර ඇතැම් සුදුසුකම් වන්නේ ‘අවසන් වරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම’ පක්ෂයක නායකයකු වීම, පක්ෂය වෙනුවෙන් කැපවීම වැනි කාරණාද වෙයි. එම කාරණා ඉහළට එනවිට එම වගකීම දැරීමේ හැකියාව ඔහු සතුව වේද යන්න නොවටිනා කාරණයක් බවට පත්වේ. වසර හැත්තෑ දෙකක් පුරා මෙරට ජනයා අත්විඳි මෙවන් නරුම අත්දැකීම් වෙනස් වන්නේ නම් ජනයා ඉල්ලන අලුත් රට නිර්මාණය කිරීම පහසුය.

මෙරට ජනයා බොහෝ වෙනස් වී තිබේ. කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු දේශපාලනයෙන් ඔවුහු බැහැරවී සිටිති. ඒ වෙනුවට අරාජිකත්වයෙන් තොර සවිමත් රටක් වෙනුවෙන් ඔවුහු ඡන්දය භාවිත කළහ. ඒ ජනයාගේ දිදුලන අපේක්ෂාවන් මුදුන් පැමිණවීමට ලැබුණු ඇතැම්විට අවසන් මෙන්ම මහඟු අවස්ථාව අපතේ නොහරිනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවය.

 



අදහස් (16)

දූෂණයට බරවූවන්ට ඇමැති පදවි දෙන්න එපා

Rata Perata Tuesday, 11 August 2020 06:26 AM

දේශපාලන ස්වරූපය දකින්නේ නැතිනම් සාමාන්‍ය ජනතාවට බැනලා මොකටද? සෞභාග්‍යෙය් දැක්මක් කොහොමද තියෙන්නේ උසාවිවලින් කට්ටි පැනලා..බලය අවභාවිතා කරලා ආපු කෙනෙක්ට?

:       1       124

samira Tuesday, 11 August 2020 06:48 AM

කාටද ආප්ප එහෙනම් දෙන්නේ...

:       1       4

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 11 August 2020 06:57 AM

මෙවර මැතිවරණයේදී මහජනතාව ඡන්දය ප්‍රකාශ කළේ ජනපතිතුමන් සිදුකළ විශිෂ්ට සේවය නිසා බව පෙනේ. කුඩු ඇල්ලීම පාතාල මර්ධනය ආදී දේ මේ මහජන මතය සීඝ්‍රයෙන් ඉහළ දැමීමට හේතු වුණා. මේ මැතිවරණයේදී ජයග්‍රහණයට ප්‍රධාන සාධකය වුනේ ජනපති සාර්ථක ලෙස කොරෝනා මර්ධනය කිරීම නිසාත් බව නොදන්නා කෙනෙක් නැහැ. ඒ නිසා අනෙකුත් අපේක්ෂකයන් මේ ඡන්ද ප්‍රතිඵලයෙන් ප්‍රමාණයට වඩා ආඩම්බර නොවිය යුතු දෙයක්. එමෙන්ම, ජනපතිතුමා කිරීම කෙරෙහි තැබූ විශ්වාසය පළුදු නොවන ආකාරයට ඇමතිවරු පත්කිරීමේදී එතුමා ජනතාවගේ පැත්තෙන් බලා තීරණ ගැනීම අගනේය.

:       103       52

sharm warn Tuesday, 11 August 2020 06:58 AM

2/3 බලයක් ජනතාවට දුන්නා... එහෙම හිතාගමුකෝ... හැබැයි ඉතින් කතුවැකියේ මාතෘකාව හැටියටම කරයි. බලාගෙන ඉන්නකෝ...

:       1       22

siri Tuesday, 11 August 2020 07:32 AM

ඕක කරන්න පුළුවන් වැඩක් නොවේ. ජෝසප් පරරාජසිංහම්ගේ ඝාතනයට සම්බන්ධයි කියා රිමාන්ඩ් භාරයේ ඉන්න කෙනෙකුටත් ඇමැතිකමක් දෙන්න යනවා කියන්නේ ඇත්තද?

:       1       8

Nuwan Tuesday, 11 August 2020 07:42 AM

ඔහොම හිතලා වැඩකළොත් පාර්ලිමේන්තුවට කාටවත් යන්න වෙන්නේ නැහැ.

:       0       22

Buddika Tuesday, 11 August 2020 07:53 AM

එහෙනම් ඇමැති මණ්ඩලේ පත්කරන්නම බැරිවෙනවා. ඒ තරමටම ඔය හැම කෙනෙක්ම දූෂිතයි.

:       8       158

girigoris Tuesday, 11 August 2020 08:52 AM

එහෙමනම් මේ තනතුරුවලට මනුස්සයින් පිටරටවල් වලින් ගෙන්වන්න සිද්ද වෙයි නේද?

:       7       36

kamal Tuesday, 11 August 2020 08:59 AM

බීරන්ට වීණා වාදනය කිරීමෙන් වැඩක් නැති බව අපි තේරුම් න්නේ කවදාද?

:       0       30

විජේ Thursday, 13 August 2020 12:18 PM

ඒකෙත් හැටි, ඒ කියමනෙනුත් අලියා හැලිලා කියපල්ලකෝ...

:       0       0

අතුල Tuesday, 11 August 2020 12:02 PM

ඔබ වහන්සේලාගේ ඉල්ලීම ඉතාම කාලෝචිතයි. රටට අත්‍යාවශ්‍යම ඉතාමත් ප්‍රයෝජනවත් ඉල්ලීමක්. ඒක තමයි බහුතරයකගේ අභිලාෂය. හැබැයි ඒක නොවුණොත් ත්‍රෛනිකායේ ඔබ වහන්සේලා 3 දෙනා කැමතිද, ඉල්ලීම ඉටු නොවෙනවා නම් "සිවුරු හෑරලා" හරි විරෝධය ප්‍රකාශ කරන්න.

:       0       24

Prabha Tuesday, 11 August 2020 12:11 PM

එහෙම නම් රට කරන්න වෙන්නේ ඇමැති මණ්ඩලයක් නැතිවයි.

:       0       13

බද්රානි Wednesday, 12 August 2020 10:04 AM

මගේ අදහසේ හැටියට මහජනතාවගේ බුද්ධිමත් ඡන්දයෙන් පත් වුණු කිසිවෙක් දූෂිතයින් නොවෙයි. මේ රටේ ඉහළම පුටුවේ සිට පහළම මන්ත්‍රී දක්වාම හැම දෙනාගේම සුළු සුළු අඩුපාඩුකම් තියෙන්න ඇති. එ්ත්, ඔවුන් මහජන නියෝජිතයින් ලෙස මේ රටේ සංවර්ධනයට බොහෝ සෙයින් දායක වී තිබෙනවා. මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් කැපවී තිබෙනවා. මඩ ප්‍රචාර හමුවේ මහජනතාව, සමහර මහජන නියෝජිතයින් ගැන වැරදි තීරණ එළඹ තිබුණත්, අප රටේ විශිෂ්ඨ මාධ්‍යවාර්තාකරණය මේ රටේ ජනතාව, වෙනත් දුරදර්ශී දිශාවකට මග පෙන්වා තිබෙනවා. එවන් වාතාවරණයක් තුළ ජනතාව මේ ලබා ගැන තුනෙන් දෙකේ ජනවරමට කිසිම දූෂිතයෙකුට ඡන්දය ලබාදී නොමැති බව අවධාරණය කල යුතුයි. මොනවා නැතත්, අපට ජීවත් වීමට රටක් අවශ්‍ය බව මේ රටේ බුද්ධිමත් ජනතාව වටහාගෙන තිබෙනවා.

:       15       0

අතුලThursday, 13 August 2020 11:36 AM

ඔයත් දේශපාලන වහලෙක් වගෙයි. තමන්ගෙ එකා හොරකම්, වංචා, වැරදි කළා නම් ඒක පිළිගන්න, කියන්න කොන්දක් තියෙන්න ඕනෑ. එහෙම නැතුව ඒක සාධාරණීය කරනවා නම් ඒක තමයි "වහල් කම". "බුද්ධිමත් ජනතාව" විසින් තෝරාගන්නා ලද "බුද්ධිමත්, උගත් මෙන්ම 4 වසර දක්වා පමණක් පාසැල් ගිය" අයගේ ඉදිරි වැඩ පිලිවෙල අපිට බලාගන්න පුලුවන්. සමහර මාද්‍ය වාර්තාකරණ මෙම තීරණයට හොඳින්ම බලපෑබව මම කියනවා. හෙට අනිද්දාට අපිට බලාගන්න පුලුවන්, නීතිපති විසින් ගොනුකරණ ලදුව දැනට උසාවියේ විභාග වෙමින් තියෙන නඩු වලට, නීතිපති දෙපාර්තමේන්තුවේ දැනට පරීක්ෂණ සිදුවෙම්න් තිබෙන ගොනු වලට සහ දැනට දඬුවම් විඳිමින් සිටින වැරදි කරුවන්ට මොකක්ද වෙන්නේ කියලා. ඒ වගේ "මල්වානේ මෙතෙක් හිමිකරුවෙකු නොවූ ගෙදර" ජය වේවා!

:       0       0

බද්රානිFriday, 14 August 2020 07:33 AM

අතුල මහත්තයාට ටිකක් වැරදිලා වගෙයි... මේ රටේ බහුතර ජනතාව "වහල්ලු" යයි සිතා ඔවුන් වහල් බවින් මුදා ගැනීම වෙනුවෙන් යමක් ලිව්ව මට දැනුයි අවබෝධ වුනේ, ඔවුන් වහලුන් නොව, "මන්ද බුද්ධිකයින්" බව.. යමෙකුව වහල් බවින් මුදවා ගත්තත්, ජාන වලින්ම ගෙනා මන්ද බුද්ධිකයින්ට බුද්ධිය දෙන්න මට නම් බැහැ. ඒ නිසා ඔවුන් වෙනුවෙන් මම මෙතන කාලය නාස්ති කරමින් නාහෙන් හඬන එකේ ඵලක් නැහැ. ඒ නිසා, මේ මන්ද බුද්ධිකයින්ව පාලනය කරන පාලකයින් වෙනුවෙන් යමක් කියන එක වඩා වැදගත් යයි මට හැඟුණා. අනික මේ මන්ද බුද්ධිකයින්ව පාලනය කරන එක අපි හිතනතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. ඒ අපහසු කාර්යය කරගැනීමට මේ රටේ පාලකයින්ට සහයෝගය දැක්වීම අපේ යුතුකමක්...

:       0       0

Bamunuarachchi Thursday, 13 August 2020 06:05 AM

ලක්ෂ ගණන් වියදම් කරගෙන පාර්ලිමේන්තු ආවේ මොකටද? අඩුම ගානේ වියදම් කළ මුදල පොලී සමග සොයාගන්න වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 323 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 76 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 653 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 309 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 128 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 340 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site