2010 මහ මැතිවරණයේදී සිදුවුණු අමතක නොවන සිදුවීමක් තමයි මොණරාගල දිස්ත්‍රික් නාම ලේඛනයේ ටිපෙක්ස් කිරීමේ සිද්ධිය. ඒ මැතිවරණයට අපි මුහුණ දුන්නෙත් ගොඩක් අමාරුකම් මැද්දේ. ජනාධිපතිවරණයත් පැරදිලා පක්ෂය අසීරු අඩියක ඒ වෙලාවෙ හිටියේ. ඒක නිසා පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණදීම අපිට අසීරු වැඩක් වුණා.
අපි නාම යෝජනා පත්‍ර සකස් කරන්න යද්දි තමයි ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දුන්නේ. සමහර දිස්ත්‍රික්කවල අහුලල වගේ අපේක්ෂකයො ඉදිරිපත් කළේ. සුදුසු පුද්ගලයො සොයාගැනීම ඒ තරම් අමාරු වුණා ඒ වෙලාවේ. අනෙක් අතට සරත් ෆොන්සේකා වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කිරීමත් අපිට අභියෝගයක් වුණා. සරත් ෆොන්සේකා හංසයා ලකුණ හරහා එකතුකරගත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද.
කොහොම හරි අපි හැම දිස්ත්‍රික්කයකටම නාමයෝජනා එදා හැදුවා. මේකෙදි විවිධ ප්‍රශ්න ආවා. මහනුවර දිස්ත්‍රික්කයේ නාමයෝජනා සකස් කිරීමේදීත් ප්‍රශ්නයක් ඇතිවුණා. මහනුවරට තරග කරන්න ඉඳපු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෝ බොහෝදෙනෙකුගෙන් ඒ වෙලාවෙ ලොකු විරෝධයක් ආවා. ඒ විරෝධයට හේතුවුණේ මහනුවර දිස්ත්‍රික්කයෙන් රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් දෙන්නත් තරග කරන්න ඉදිරිපත් වීම. මොකද ඒ දෙන්නම පිටින් ඇවිත් මහනුවරට තරග කරන්න සූදානම් වුණේ. තිබුණු තත්ත්වය උඩ අපි මහනුවරින් ආසන හතරකට බහින්න පුළුවන් කියලා තමයි පේන්න තිබුණේ.
රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් දෙන්න ජාතික නායකයෝ නිසා ඒ අයට දිනන්න තිබුණු ඉඩ වැඩියි. එතකොට ඒ දෙන්නට අමතරව තවත් දෙන්නෙකුට තමයි චාන්ස් එක තිබුණේ. ඒ ලැයිස්තුවෙ ඊළඟට දිනයි කියලා විශ්වාසයක් තිබුණු අය විදියට මමත් ලක්ෂ්මන් කිරිඇල්ලත් තමයි හිටියේ. ඒක නිසා අනෙක් සියලු සංවිධායකවරු කියා හිටියා රවුෆ් හකීම් සහ මනෝගනේෂන් දෙන්න මහනුවර ලැයිස්තුවෙන් ඉවත් කරන්න කියලා. මේ විරෝධය කොච්චර දුර ගියාද කියනවනම් නාම යෝජනා අත්සන් කරන්නෙත් නැතුව ඒ පිරිස මේක ප්‍රතික්ෂේප කළා. එදා මන්තිලක, ලකී ජයවර්ධන ඇතුළු මේ කණ්ඩායම දිගින් දිගටම කිව්වෙ ඒ අය තරඟ කරන එකේ තේරුමක් නෑ රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් දෙන්නත් තරඟ කරනවනම් කියලා. ඒකෙත් සාධාරණ පැත්තක් තිබුණා.
මේ ප්‍රශ්නය ගැන පක්ෂෙ අය දිගින් දිගට සාකච්ඡා කළා. මනෝ ගනේෂන්ට යෝජනා කළා කොළඹින් හැමදාම තරඟ කරපු නිසා මේ සැරෙත් කොළඹින්ම තරග කරන්න කියලා. ඒත් මනෝ ඒකට කැමති වුණේ නෑ. එයාගෙ සැලසුම වුණේ එයා මහ නුවරින් තරඟ කරද්දි එයාගෙ මල්ලි කොළඹින් තරග කරලා මන්ත්‍රී ධූර දෙකක් අරගන්න. ඒක නිසා මනෝ ගනේෂන් දිගින් දිගටම කියා හිටියා එයාට මහනුවරින් තරඟ කරන්නම ඕනෑ කියලා. අවසානයේ අපිට සිද්ධ වුණා මනෝ ගනේෂන්ට මහනුවරින් තරඟ කරන්න ඉඩදෙන්න. මොකද එයා පක්ෂ නායකයෙක් විදියටත් අපි පිළිගන්නවනේ.
රවුෆ් හකීමුත් දිගින් දිගටම කියා හිටියේ තමනුත් මහනුවරින්ම තමයි තරඟ කරන්නේ වෙන තැනකට යන්න බෑ කියලා. අපිත් එක්ක එකතුවෙලා තරඟ කළත් රවුෆ් හකීමුත් මුස්ලිම් කොංග්‍රස් නායකයා නිසා පක්ෂ නායකයෙක් කියන පිළිගැනීම උඩ හිටියේ. අවසානයේදී රවුෆ් හකීම්ටත් මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන්න අවස්ථාව දෙන්න අපිට සිද්ධවුණා.
මේ ගැන අපි එකතුවෙලා කතාබහ කරන අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ යෝජනා කළා රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් දෙන්නා මහනුවරින් තරඟ කිරීම අනිවාර්යයි නම් ඒකට විරෝධය පළ කරන මහ මහනුවර සංවිධායකයින්ටත් සාධාරණයක් ඉටු කරන්න මොකක් හරි දෙයක් කරන්න ඕනෑ කියලා. එහෙම කියලා එයාම යෝජනා කළා තවත් එක්කෙනෙකුට හරි අවස්ථාවක් දෙන්න ඕනෑ නිසා මට ජාතික ලැයිස්තුවෙන් එන්න කියලා. ඒ යෝජනාවට අනුව තමයි මම ඒ වතාවෙ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වුණේ. 89 ඉඳලා ඒ වෙනතෙක් තිබුණු හැම මැතිවරණයකටම තරඟ කරලා තමයි මම ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තු ආවේ. ඒ වතාවෙ ඇතිවුණු ඒ අර්බුදයට පිළියමක් විදියටයි මම ජාතික ලැයිස්තුවට ගියේ. ඒ ප්‍රශ්නය ඒ විදියට අපි බේරුමක් කර ගනිද්දි තමයි මොණරාගල දිස්ත්‍රික්කයෙන් තවත් ප්‍රශ්නයක් ඇතිවුණේ.
රනිල් වික්‍රමසිංහ යෝජනා කළා රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් දෙන්ණ මහනුවරින් තරඟ කිරීම අනිවාර්යයි නම් ඒකට විරෝධය පළ කරන මහනුවර සංවිධායකයින්ටත් සාධාරණයක් ඉටු කරන්න මොකක් හරි දෙයක් කරන්න ඕනෑ කියලා. එහෙම කියලා එයාම යෝජනා කළා තවත් එක්කෙනෙකුට හරි අවස්ථාවක් දෙන්න ඕනෑ නිසා මට ජාතික ලැයිස්තුවෙන් එන්න කියලා. ඒ යෝජනාවට අනුව තමයි මම ඒ වතාවෙ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වුණේ.
තව කොටසක් ලබන සතියට
ප්‍රියන්ත කොඩිප්පිලි
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”
නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
හකීම්-මනෝ ඇතිකළ යූඑන්පියේ කලබල