IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ශ්‍රීලනිප ලේකම් ජනපති පුටුවට

අත අතට පත් ලේකම්වරු - 07

එක්දහස් නවසිය පනස් හයේ සමාජ පෙරළිය, සිංහලයේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් හඳුන්වනු ලැබුවේ බමුණු කුලයේ බිඳ වැටීම් වශයෙනි. එම ප්‍රකාශයට සමගාමීව සලකන විට එකල දේශපාලන බල අධිකාරයේ මුදුන්පෙත්තේ වැජඹුණේ හුදෙක්ම ප්‍රභූ පන්තියේ සම්ප්‍රදායික ධනේශ්වර පන්තියෙන් පැමිණි බලවතුන්ය. පක්ෂ නායකත්වය පමණක් නොව ලේකම් ධුරය පවා ලැබුණේ බැරිස්ටර්, අධිනීතීඥ ආදී පදවි තනතුරු ලාභීන්ටය. ඔව්හු සිරිතක් වශයෙන්ම මහා සාර ධනවත් පවුල්වල සාමාජිකයෝ වූහ. එහෙත් 1956 න් පසු එම තත්ත්වයන් වෙනස් වී ගම්බද ගොවි කම්කරු ජනතාවට ද සමාජයේ නිසි ස්ථානයක් ලැබෙන්නට පටන් ගත් බව බොහෝ දෙනා විශ්වාස කරති.


වාමාංශික මතවාදී ශිෂ්‍ය ව්‍යාපාරය ඔස්සේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ශ්‍රීලනිප පක්ෂ ලේකම් ධුරය දක්වා පැමිණි ඇස්. බී. දිසානායක, ධර්මසිරි සේනානායක වැන්නෝද ඉහළ ධනපතියෝ නොවූහ.


ඇස්. බී. ගෙන් පසු ලේකම් ධුරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතා ද පීඩිත පන්ති ජනතාවගේ දුක සැප හා අවශ්‍යතා හඳුනන පොදු ජනතාවගේ නායකයෙකි. 1951 සැප්තැම්බර් මස 03 වැනි දින උපත ලද සිරිසේන මහතා පාසල් අධ්‍යාපනයෙන් පසු රාජ්‍ය සේවයට එක්වූවේය. එයින් පසුව පොදුජනතා සටන් රැල්ල මගින් පොදුජන සේවයට එක්වූවේය. ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරකම් හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙමින් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආශිර්වාදය මත පක්ෂ ක්‍රියාකාරීත්වයේ විවිධ වගකීම් දැරුවේය. 1989 පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා තරග වැදුණු එතුමා මනාප ඡන්දයෙන් පක්ෂ ලැයිස්තුවේ ප්‍රථමයා බවට පත්වෙමින් ව්‍යවස්ථාදායකයට පත් වූවේය.


ඉන්පසු 1994 පොදුජන එක්සත් පෙරමුණ (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුතු) බලයට පත්වීමෙන් පසු වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති ධුරයට පත්කර ගන්නා ලදී. ඉතා කාර්යක්ෂමව ඉටුකරනු ලැබූ  සේවාව සැලකිල්ලට ගත් රාජ්‍ය නායකත්වය 1997 ජූනි මස 09 වැනි දින සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී වාරිමාර්ග ඇමැති ධුරයට පත්කරනු ලැබීය. තමා නියෝජනය කරන ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීම සඳහා මෙය කදිම අවස්ථාවක් කර ගත්තේය. පුළුල් වැඩසටහනක් යටතේ රටේ වාරිමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට ඔහු ඇප කැපව ක්‍රියා කළේය. නොයෙකුත් ඇමති තනතුරු දරමින් ඕනෑම භාරදූර කාර්යයක් ඉටු කිරීමට තමා සතු ශක්තිය පෙන්නුම් කළ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයටද තෝරා පත්කර ගන්නා ලදී.


පසුව සෞඛ්‍ය ඇමැති ධුරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සඳහා ඇපකැපව ක්‍රියා කළේය.


දෙදහස් දාහතරේ නොවැම්බර් වන විට මෙරට ජනාධිපතිවරණයේ උණුසුම රට පුරා පැතිරෙමින් තිබුණි. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා වශයෙන් නොයෙකුත් නම් කතා බහට ලක්වෙමින් පැවතුණි. එහෙත් කිසිවෙකු බලාපොරොත්තු නොවූ මොහොතක එම රජයේම සෞඛ්‍ය ඇමති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාවද සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් ප්‍රකාශයට පත් වීම මහත් ආන්දෝලනාත්මක සහ බොහෝ දෙනා විමතියට පත් කිරීමට හේතු වූ සිදුවීමක් විය. ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඒ මහතා 2015 ජනවාරි අටවැනි දින පැවති ජනාධිපතිවරණයේදී ජනතා වරමින් බලයට පත්වීම දීර්ඝ කාලයක් පැවති ශ්‍රීලනිප රජයේ වෙනසක් අපේක්ෂා කළ බහුතර ජනතාවගේ අපේක්ෂා ඉටුවීමක් ලෙස සලකන ලදී. පක්ෂයේ සාමාජිකයෙකු ජනාධිපති ධුරය දරන්නේ නම් ඔහු හෝ ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා (නායකයා) ලෙස පත්විය යුතු යැයි කියැවෙන පක්ෂ ව්‍යවස්ථා ප්‍රතිපාදනයකට අනුව එම පදවිය ද භාර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට අවස්ථාව ලැබුණි.


රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අතර සන්ධාන රජයක් පිහිටුවා ගෙන මතභේදකාරී හා අසීරු දේශපාලන ගමනක් යන රජයකට නායකත්වය දෙන මෛත්‍රීපාල සිරිසේන මහතා සාධනීය දේශපාලන පියවරයන් රැසක් ගැනීමට ද සමත් විය.


මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු ඊළඟ ලේකම්වරයා ලෙස පත්වීම් ලැබුවේ දුමින්ද දිසානායක මහතාය. ඔහු උතුරු මැද පළාත් සභාවේ මහ ඇමැතිවරයෙකු එම පළාතේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, නියෝජ්‍ය ඇමැතිවරයෙකු සහ කැබිනට් ඇමැතිවරයෙකු ද ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පුත්‍රයාය. රජරටින් බිහිවූ කීර්තිමත් දේශපාලනඥයෙකු වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ ආභාසය මත දේශපාලන පොර පිටියට පිවිසි දුමින්ද දිසානායක මහතා සිය පියා පළාත් සභාවට යද්දී ව්‍යවස්ථාදායකයට  පැමිණියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ නායකයා වශයෙන් ද පත්වූ මෙම තරුණයා දිගු දේශපාලන ගමනකට මුල පිරුවේය. 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී එම සටන ආරම්භයේදීම පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය ගනිමින් ඔහුට මහත් ශක්තියක් සැපයුවේය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව මහින්ද රාජපක්ෂ මහතා කරළියෙන් ඉවත් වූ පසු මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකත්වයට පත් වීම නිසා හිස් වූ මහලේකම් ධුරයට පත් වූයේ දුමින්ද දිසානායක මහතාය. කෘෂිකර්ම ඇමැති ධුරයට ද පත් කරනු ලැබූ ඒ මහතාට පක්ෂ ලේකම් ධුරය දැරීමට සිදුවූයේ පක්ෂය ඉතා අරබුදකාරී හා ව්‍යාකූල තත්ත්වයකට මුහුණ පා සිටි අතිශය අසීරු සහගත අවස්ථාවකදීය. නොබෝදා පක්ෂ ප්‍රතිසංවිධාන මඩුපිළිවෙළ යටතේ පක්ෂයේ ජාතික සංවිධායක ධුරය භාරගත් අතර ලේකම් ධුරයට පත්වූවේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාය.

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ

 



අදහස් (0)

ශ්‍රීලනිප ලේකම් ජනපති පුටුවට

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12244 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6820 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14517 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14904 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2779 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 434 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 169 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site