IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


විප්ලවය ආපිට හැරවිය නොහැක “

රතු විප්ලවයේ ලෙනින්ගේ අරගලය-04

1922 මාර්තු මස ලෙනින් පක්ෂයේ එකොළොස් වැනි සමුළුව ඇමතීය. මධ්‍යම කාරක සභාව වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සිය දේශපාලන වාර්තාවෙන් ඔහු නව ආර්ථික පිළිවෙතේ ප්‍රථම වසර සමාලෝචනය කළේය. ජාතික ආර්ථිකයේ සියලුම අංශවල ප්‍රගතියක් සිදුවී තිබේ යැයිද, කම්කරු පංතිය හා ගොවි ජනතාව අතර සන්ධානය වඩා ශක්තිමත් වී ඇතැයිද ඔහු ප්‍රීතියෙන් සනිටුහන් කළේය. ඒ සමගම, ඔහු ආණ්ඩුවේ, පක්ෂයේ සහ ව්‍යාපාරික ආයතනවල වැඩකටයුතු දියුණු කිරීමේ අරමුණින්, අඩුපාඩු විවේචනය කරමින් බොල්ෂෙවික් විවේචනය සහ ස්වයං විවේචනය පිළිබඳ ආදර්ශයක් දුන්නේය.
 

පසුබැසීම අවසන් වී ඇති බවත් ධනවාදී කොටස්වලට එරෙහිව ප්‍රහාරයක් සංවිධානය කිරීම දැන් අවශ්‍ය බවත් ලෙනින් ප්‍රකාශ කළේය. නව ජීවිතය ගොඩනැගීමේදී පක්ෂය සතු කාර්යභාරය සමාලෝචනය කරමින් “මෙලොව කිසිම බලවේගයකට ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණ අහිමි කළ නොහැකිය. මක්නිසාද යත් මෙම ජයග්‍රහණ දැන් ලෝක ඉතිහාසයේ කොටසක් බවට පත්ව ඇති හෙයිනි” යනුවෙන් ලෙනින් සිය අනාවැකිය පළකළේය. මෙය ලෙනින්ට ඇමතීමට හැකිවූ අවසාන පක්ෂ සම්මේලනය විය.


ගිම්හානයේදී ලෙනින් මොස්කව් නගරයෙන් බැහැර ගෝර්කි බලා ගියේය. මැයි මස අවසානයේදී ඔහුගේ තත්ත්වය නැවතත් බරපතළ ලෙස නරක අතට හැරුණි. ජූලි මැද හරියේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් හොඳ අතට හැරුණ අතර ඔහු යළි සිය රාජකාරි ලිපි කටයුතු අරඹා ඔහු වෙත පොත් එවන ලෙස ඉල්ලා සිටියේය. ලෙනින් මෙම කාලයේ කියවන ලද විවිධ පුවත්පත් 32 ක්, විවිධ භාෂාවලින් පළ කරන ලද සඟරා 137 ක් සහ බොහෝ පොත්, ඔහුගේ කෞතුකාගාරයේ ආරක්ෂිතව ඇත.


රටෙහි සෑම පෙදෙසකින්ම කම්කරුවෝ සහ ගොවීහු ලෙනින්ට සුබපැතුම් පණිවුඩ එවූහ. ඒවායෙහි, සිය නායකයා කෙරෙහි වූ ගැඹුරු සෙනෙහස ප්‍රකාශ වූ අතර ඔහුට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කර තිබුණි. මොස්කව් හි ප්‍රථම ගොස්නාක් කම්හලේ කම්කරුවෝ ව්ලදිමීර් ඉල්යීච් ට තෙමසක නිවාඩුවක් දිය යුතු යයිද ඔහු වහාම වෛද්‍යවරුන්ගේ උපදෙස්වලට අවනත වී වැඩ කරන ජනතාව වෙනුවෙන් සිය ශරීර ශක්තිය යළිත් ස්ථාපිත කරගත යුතු යයි ද යෝජනාවක් සම්මත කළෝය.


තම්බෝව් ගුබේර්නියාවේ බරිසග් ලෙබ්ස්කි උයෙස්ද් හි, මුච්කප් දිස්ත්‍රික්කයේ ගොවීහු මෙසේ ලිවූහ.


අපේ සදාදරණීය ගුරුවරයා, සහෝදරයා දිස්ත්‍රික් සම්මේලනයේ නියෝජිතයන් වූ අපි ගොවීන් 15,000 ක් වෙනුවෙන්, ඔබට ඉක්මන් හා පූර්ණ සුවය ලැබේවායි අපේ ඉතා උණුසුම් සුබපැතුම් ඔබ වෙත පිරිනමා සිටිමු. ඔබ අපේ හිතසුව පිණිස නැවත ආඥාපනත් අත්සන් කරන්නේ කවදාදැයි දැනගැනීමට අපේ අසල්වැසි ගැමියෝ ඉතා ආශාවෙන් බලා සිටිති. අපි ඔබෙන් ඉතා බැගෑපත් ලෙස ඉල්ලා සිටින්නේ, ඇඳෙන් නැගිටීමට ඉක්මන් නොවන ලෙසයි. අපි ඔබට හොඳ විවේකයක් සහ පූර්ණ සුවය පතමු.


ඔක්තෝබරයේ ලෙනින් යළි වැඩකටයුතුවල නිරත විය. ඔහු මහජන කොමිසාර් මණ්ඩලයේ මුලසුන හෙබවීය. පක්ෂ මධ්‍යම කාරක සභාවේ වැඩවලට සහභාගි විය. කථා පැවැත්වීය.


1922 නොවැම්බර් 13 වැනි දින කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සිව්වන සම්මේලන සභා වාරයේදී ලෙනින් රුසියන් විප්ලවයේ වසර පහක් සහ ජගත් විප්ලවයේ අනාගත අපේක්ෂාවන් යන හිසින් යුතු වාර්තාවක් ඉදිරිපත් කළේය. නව ආර්ථික පිළිවෙත පදනම් කොටගෙන සෝවියට් බලය ලබා ඇති ජයග්‍රහණ මොනවාදැයි ලෙනින් නියෝජිතයන්ට කීය. සෝවියට් සමූහාණ්ඩුව, නව ආර්ථික පිළිවෙත පදනම් කොටගෙන පොදු ආර්ථික වර්ධනයක් දිනා ගැනීමට සමත් වීම පිළිබඳව කොමියුනිස්ට් පක්ෂයේ පිළිවෙතට හා කම්කරුවන්ගේ වීරෝදාර ශ්‍රම ප්‍රයත්නයට ප්‍රශංසා හිමි විය යුතු යයි ඔහු කීය. මූල්‍ය ක්‍රමය ශක්තිමත් කරනු ලැබ තිබුණි. වෙළඳාම සංවිධානය කරනු ලැබ තිබුණි. ගොවීන්ගේ වගාවේ ප්‍රගතියක් සිදුවී තිබුණි. ලුහු කර්මාන්තය පුනරුත්ථාපනය කිරීම් වස් පියවරක් ගෙන තිබුණි. බැර කර්මාන්තයේ තත්ත්වය පිළිබඳ වර්ධනයක් දක්නට ලැබුණි. කම්කරුවන්ගේ තත්ත්වය දියුණු වී තිබුණි. එසේම සංස්කෘතික ක්ෂේත්‍රයේ වර්ධනයක් සිදුවී තිබුණි. මෙම ජයග්‍රහණ කොමියුනිස්ට් පක්ෂයේ හා සෝවියට් ආණ්ඩුවේ නිවැරදි ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයකැයි ලෙනින් පෙන්වා දුන්නේය.


බොල්ෂෙවික් පක්ෂයේ අත්දැකීම් සහ රුසියන් විප්ලවයේ පාඩම් උකහා ගත යුත්තේ නිර්මාණාත්මක සහ ආධානග්‍රාහී නොවූ (පොතේ ගුරුවාදී නොවූ) ජීවගුණයකින් යයි නියෝජිතයින්ට පවසමින් ඔහු සිය කථාව අවසන් කළේය.


1922 නොවැම්බර් 20 වැනි දින ලෙනින් මොස්කව් සෝවියට් සභාවේ පූර්ණ රැස්වීම අමතා කථාවක් පැවැත්වීය. එම කථාවෙන් ඔහු ධවල හමුදා සහ ආක්‍රමණිකයන් පරාජය කිරීමෙන් පසු රටෙහි තත්වය සමාලෝචනය කළේය. ජනතාවගේ කර්තව්‍යයන් විස්තර කළේය. එම කර්තව්‍යයන් ඉටුකරන ආකාරය පෙන්නුම් කළේය. එසේම ජාතික ආර්ථිකය පවත්වාගෙන යාමේදී සකසුරුවමෙහි සහ යහපත් කළමනාකරණයේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. සමාජවාදී සමාජය ගොඩනැගීමේදී පක්ෂයේ කාර්යභාරය ඔහු විශේෂයෙන් අවධාරණය කළේය. නව ආර්ථික පිළිවෙකින් රුසියාව, සමාජවාදී රුසියාව වනු ඇතැයි ඔහු දැඩි විශ්වාසය පළ කළේය. මෙය ලෙනින්ගේ අවසාන ප්‍රසිද්ධ කතාව විය.


ජනතාවන් අතර මිත්‍රත්වයේ බැමි ශක්තිමත් කිරීම්වස් ලෙනින් ඉමහත් අවධානයක් යොමු කළේය. සූරා කන්නන්ගේ බලවත් වාසියට හේතුවූ ජාතික පීඩනයට හා අසමතාවන්ට එරෙහිව ඔහු නිතරම සටන් කළේය. ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහණයෙන් පසුව ලෙනින් ජාතික සමූහාණ්ඩු සංවර්ධනය කිරීම පිණිස නිරන්තරවම අවධානය යොමු කළේය. සෝවියට් රාජ්‍යයෙහි ශක්තිය රඳා පැවති පදනම ජනතාවන් අතර මිත්‍රත්වය යයි ඔහු සැලකූ හෙයිනි.

 

 


මතු සම්බන්ධයි.

 

 

එම්. තාරික්



අදහස් (1)

විප්ලවය ආපිට හැරවිය නොහැක “

චමින්ද Tuesday, 30 August 2022 08:37 AM

සෝවියට් පාලනය ගොඩනන්වන ආකාරය විස්තරාත්මක පැහැදිලි කරන්න

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13573 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 971 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site