තිස්සගේ මතක වත-65
2010 වසරේ මැද හරියේදී රනිල් වික්‍රමසිංහ නායකතුමා ඇතුළු පිරිසක් විශේෂ චාරිකාවක් සංවිධානය කළා යාපනයට. අපි ඒ ගමන සූදානම් කළේම ඉදිරියට නියමිත මැතිවරණවලට මුහුණ දෙන්න ඕනෑ නිසා උතුරේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම අරමුණු කරගෙන.
මේ සංචාරයට පක්ෂ නායකතුමා එක්ක මම රවී කරුණානායක, දයා ගමගේ, ජයලත් ජයවර්ධන, ඇතුළු පිරිසක් එකතු වුණා. අපිට නවතින්න යාපනයේ සංචාරක බංගලාවක් වෙන් කරලා තිබුණා. ඒ ගමනේදී විජයකලා මහේෂ්වරන් අපිට ගොඩක් සහයෝගය දුන්නා. අපි යාපනේට ගිහින් එහේ ඉන්න දෙමළ මන්ත්‍රීවරු කීප දෙනෙක් එක්ක සාකච්ඡා කළා. යෝගේෂ්වරන් වගේ අය මේ සාකච්ඡාවලට සම්බන්ධ වුණා.
මේ සංචාරයේදී අපි ඩෙල්ෆ් දූපත්වලටත් ගියා. අපි බෝට්ටුවකින් තමයි ඩෙල්ෆ් දූපත්වලට ගියේ. නාවික හමුදාව අපිට පහසුකම් සැලසුවා මේ ගමනට.
අපිට ඒ ගමනේදී තේරුම් ගියා ඒ පළාත්වල මිනිස්සු කොයි තරම් දුෂ්කර ජීවිතයක් ද ගෙවන්නේ කියලා. අපේ රටට අයිති වුණත් වෙනම ජන කොටසක් වගේ තමයි ඒ අය ජීවත් වුණේ. ඒ පැත්තෙ දේශපාලන බලය පවත්වාගෙන ගියේ ඩග්ලස් දේවානන්ද. එතකොටත් ඩග්ලස් දේවානන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහුගේ පක්ෂයට තවත් මන්ත්‍රීධුර කීපයක් තිබුණා.
ඔවුන් තමයි මේ දූපතේ දේශපාලන බලය පතුරුවාගෙන හිටියේ. ඒ උදවිය ඡන්දෙ දුන්නෙත් ඩග්ලස් දේවානන්දලගෙ පක්ෂයට විතරයි. ඒ අයට වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඒ අය හිතාගෙන හිටියේ ඒ අයගේ එකම දේශපාලන ගැලවුම්කරුවා ඩග්ලස් දේවානන්ද කියලා. අඩුම තරමේ ඒ වෙද්දි ටී.එන්.ඒ. එකටවත් ඒ පැත්තට කිට්ටු කරන්න බැරි තත්ත්වයක් තිබුණේ.
අපි ගිහින් ඩෙල්ෆ් දූපතේ ජනතාවට කතා කළාම ඔවුන් ඉතා හොඳ ප්‍රතිචාරයක් අපිට දැක්වුවා. ඩෙල්ෆ් දූපතේ සංචාරයට පහුවෙනිදා අපි කිලිනොච්චියේ සංචාරය කළා.
ඒ ගමනේදී අපි ගියා. ප්‍රභාකරන් ජීවත්වෙලා හිටියා කියලා කියපු භූගත බංකරය බලන්න. හමුදාව ඒවට අපිට උදව් කළා. තට්ටු කීපයක් පහළට බැස්සම තමයි ප්‍රභාකරන් ඉඳපු තැන තියෙන්නේ.
මේ භූගත බංකරය උඩු ගුවනේ ඉඳන් බලනකොට පේන්නේ නැති වෙන්න තමයි හදලා තිබුණේ. ඉතාම සූක්ෂම සැලසුමකට ඒක හදලා තිබුණා. බංකරය උඩ සම්පූර්ණ ගස්කොලන් වවලා තිබුණේ. බොහෝ දෙනා කිව්වේ ප්‍රභාකරන් වැඩි කාලයක් මේ බංකරයේ ගත කරපු බව. හැබැයි මේභූගත බංකරය ඒ කාලේ ප්‍රචාරය කෙරුණු තරම් මහා සුඛෝපභෝගී එකක් නෙවෙයි. ඒකෙ ලොකු පහසුකම් තිබුණු බවක් අපිට පෙනුණේ නැහැ.
ඒක සාමාන්‍ය කාමරවලින් සමන්විත වෙලා තිබුණ ගෙදරක් වගේ එකක්. ඒ අසලම වගේ තිබුණා ප්‍රභාකරන්ගේ දේශපාලන කාර්යාලය. ඒක තමයි තමිල් චෙල්වම්ලා එහෙම පාවිච්චි කළේ. ඒක මහා කැලෑබද ප්‍රදේශයක් අපිට හිතාගන්නත් අමාරු වුණා. ඒ වගේ දුෂ්කර ප්‍රදේශයක දෙපිරිසක් සටන් කරද්දී ඔවුන් මුහුණ දීපු කටුකත්වය ගැන.
අපි සංචාරය කරන කාලේ ඒ ප්‍රදේශවල ජනතාව ටිකක් සැහැල්ලුවකින් තමයි හිටියේ. අවුරුදු ගණනාවක් යුද්දෙට මැදිවෙලා ලොකු පීඩනයක ඉඳපු ඔවුන් යම් නිදහසක් භුක්ති වින්දා. ප්‍රභාකරන් ඒ ප්‍රදේශවල ජනතාවට නියෝගවලින් දඬුවම්වලින් දැඩි පීඩනයකට පත් කරමින් ඔවුන්ව පාලනය කරගෙන ගියපු ආකාරයක් තමයි ඔවුන් එක්ක කරපු කතා බහෙන් අපිට පැහැදිලි වුණේ.
අපිත් එක්ක පවා ඔවුන් අදහස් හුවමාරු කර ගන්න මුලින් මුලින් අදි මදි කළා. ප්‍රභාකරන් ඔවුන් ඒ තරම් මර්දනයකට ලක් කරගෙන ඉඳලා තියෙන්නේ. ඒ වෙනකොට පුනරුත්ථාපන කටයුතු ඒ ප්‍රදේශවල ආරම්භ වෙමින් තිබුණේ. ඒත් ඒ කාලේ තිබුණු ආණ්ඩුවට සැලසුමක් තිබුණේ නෑ ඒ ජනතාව දිනාගන්න.
අපි මේ සංචාරය අතරතුර යාපනේ වීරසිංහම් ශාලාවේ විශේෂ රැස්වීමක් සංවිධානය කළා. ඒකට අපි බලාපොරොත්තු නොවූ තරම් පිරිසක් සහභාගි වුණා. විවිධ දේශපාලන මතවල ඉඳපු පිරිස් ඒ අතර හිටියා. ඒක සංවිධානය කළේ විජයකලා මහේෂ්වරන්. මේ සංචාරයේදී තමයි ප්‍රථම වතාවට මම නල්ලූර් කෝවිලට ගියේ. ඒ සංචාරයේදී රනිල් වික්‍රමසිංහට ඉතා හොඳ පිළිගැනීමක් උතුරෙ ජනතාවගෙන් ලැබීමත් විශේෂත්වයක්. මේ සංචාරයේ ලොකුම බලාපොරොත්තුව වුණේ ඊළඟ ජනාධිපතිවරණයේදී උතුර දිනා ගැනීම.
තව කොටසක් ලබන සතියේ.
ප්‍රියන්ත කොඩිප්පිලි
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
රනිල් ප්‍රභාකරන්ගේ මාලිගයට