IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මංගලට සැර කනේ පාරක්

ලෝකයේ හැම රටකම පාහේ වෙසෙන තරුණ තරුණියන් කාලයෙන් කාලයට බිහිවන විවිධ විලාසිතාවන් අනුගමනය කිරීමට කැමතියි. එය ලෝකයේ කවර රටක වූවද වෙසෙන තරුණ පිරිසට එකසේ බලපාන පොදු ධර්මතාවකි. 


එහි ඇති විශේෂත්වය වන්නේ කලින් කලට තරුණ පෙළ අතර පැතිර යන එවැනි විලාසිතා ටික කාලයක දී අතුරුදහන් වී ගොස් වසර ගණනාවකට පසු සුළු සුළු වෙනස්කම් ද සහිතව යළිත් තරුණ පෙළ අතර ප්‍රචලිතවීමය. ඒ අනුව කිව හැක්කේ වත්මන් තරුණ පෙළ අතර පවතින බොහොමයක් විලාසිතා මීට වසර ගණනාවකට ඉහත විසු තරුණ පෙළ අතර ද සුළු සුළු වෙනස්කම් සහිතව පැවැති බවයි.


වත්මන් තරුණයන් අතර පවතින කොණ්ඩා වැවීම, කොණ්ඩය බැඳීම පමණක් නොව හිසකෙස් බූ ගෑම ද මීට කලකට ඉහත විසූ තරුණ පෙළ අතර ඉතා ජනප්‍රියව පැවැති විලාසිතාවක් බව ඒ සඳහා දැක්විය හැකි කදිම උදාහරණයකි. එලෙස 1970 දශකයේ විසූ අපේ තරුණ පෙළ අතර අතිශය ජනප්‍රිය කොණ්ඩා මෝස්තරයක් වූයේ ගෙල පසුපසට වැටෙන සේ කොණ්ඩය වැවීමය. එ හැර මුහුණේ කම්මුල් දෙපසින් කොණ්ඩය වැවෙන්නට හැරීමද එකල තරුණයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ තවත් විලාසිතාවක් විය.


වත්මන් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර එකල කොළඹ රාජකීය විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලැබුවේය. 


එකල ගැටවරයෙකු වූ තමන් ද සමවියේ වෙනත් ළමුන් මෙන් විවිධ මෝස්තර කිරීමට දැඩි රුචිකත්වයක් දැක් වූ බව හෙතෙම පවසයි.


ඒ කාලේ අපේ පාසල් නිල ඇඳුම වුණේ සුදු කලිසමයි, සුදුපාට අත්කොට කමීසයයි. ඒ හැර කිසිම පාට ඇඳුමක් ඇඳන් ගේට්ටුවෙන් ඇතුළට එන්න බෑ. හැබැයි රෝයල් - තෝමියන් බිග් මැච් එකදාට පාසලෙන් පිට ඔය ඕනෑම ඇඳුමක් අඳින්න පුළුවන්. ඒ නිසා අපි ඒකට ලක ලෑස්තිවුණේ කලින් අවුරුද්දෙ දෙසැම්බර් නිවාඩුවේ ඉඳලයි....


ඔහු එසේ කියන්නේ සෑම වසරකම මාර්තු මාසයේ පැවැත්වෙන රාජකීය - ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරඟය වෙනුවෙන් තමන් වැනි සිසුන් කල් තියා සූදානම් වූ ආකාරය ගැනය. ලොකු මල් හෝ කොටු සහිත කමිස, බතික් කමිස කල් තියා මසාගෙන සිටි ඔවුන් එදිනට හිස පැලඳීම සඳහා ඉඳිකොළ තොප්පි හෝ කැප් තොප්පි සූදානම් කර ගත්තේ විවෘත ජීප් රථ හෝ ලොරිවල නැගී පපර බෑන්ඞ් ගසමින් නගරය පුරා සැරිසරණ විට අව් රශ්මියෙන් ගැලවීමේ මාර්ගයක් වශයෙනි.


“ඉඳිකොළ තොප්පි හෝ කැප් තොප්පි නොපලඳින අය තමන්ගේ නළලත් වැහෙන විදියට හිස වටා රතුපාට පීත්ත පිටියක් බැඳ ගත්තම අමුතුම ආකර්ෂනයක් ලැබුණා. හැබැයි කොණ්ඩය පසුපසින් පිම්බෙන විදියට වැවිලා තියෙන කොට තමයි ඒ ආකර්ෂනය තවත් වැඩි වෙන්නේ.... යි කියන මංගල සමරවීරලාට එකල තිබුණු ලොකුම ප්‍රශ්නය වූයේ ඒ සඳහා අවශ්‍ය කොණ්ඩය වවාගෙන පාසලට ඒමයි.


කොණ්ඩය වවාගත් සිසුන් එකල රාජකීය විද්‍යාලයට වැද්ද නොගැනීමට විදුහල්පතිතුමා, මෙන්ම නියෝජ්‍ය විදුහල්පතිතුමා ද දැඩි තීරණයක් ගෙන තිබීම ඒ සඳහා මුල් වූ ප්‍රධානතම හේතුව විය. එහෙයින් රාජකීය - ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය දා මහපාරේ විනෝදවීම සඳහා කල්තියාම තම කොණ්ඩා වවාගෙන සිටි සිසුන් විදුහල්පතිතුමාගෙන් සහ නියෝජ්‍ය විදුහල්පතිතුමාගෙන් වසංවී සිටියේ ඔවුන්ගේ අතට අසුවුවහොත් වේවැල් පාරවල් හත අටක් සැර කනේ පාරක් කෑමට සිදුවීම නොවැළැක්විය හැකි බව නියත වශයෙන්ම දැන සිටි බැවිනි. 


“කොහොම නමුත් එක අවුරුද්දක මටත් හිතුණා කොණ්ඩය ටිකක් වවන්න. දැන් ඔන්න දෙසැම්බර් මාසෙ ඉදළම මමත් කොණ්ඩය නොකපා වැවෙන්න ඉඩ ඇරියා....
මංගල සඳහන් කරන අන්දමට තම පුත්‍රයා මෙලෙස කොණ්ඩය වවාගෙන සිටින අයුරු දුටු ඔහුගේ මව අවස්ථා කීපයකදීම ඒ ගැන අසා තිබුණාය. එවිට ඔහු කළේ මොනව හෝ කටට ආ දෙයක් කියා එම අවස්ථාවෙන් ගැලවී යාමයි.


අම්මාගෙන් එලෙස ගැලවුණ ද මංගල දිනක් තම නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ අතටම අසුවී තිබුණේ නොසිතූ අයුරිනි. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ එදින තමන්ගේ පන්තියේ සියලුම සිසුන් හමුවේ තම නියෝජ්‍ය විදුහල්පතිතුමාගෙන් සැර කනේ පාරක් කෑමට ඔහුට සිදුවීමය. ගුටි කෑවාට අමතරව ඊට පසුදාම කොණ්ඩය කපාගෙන පැමිණ තමන් වෙත වාර්තා කළ යුතු බවට ද නියෝජ්‍ය විදුහල්පතිතුමා ඔහුට නියෝග කර තිබුණේය.


“මගේම වෙලාවෙයි කියන්නේ එදා මුළු පන්තියෙන්ම ගුටි කෑවෙ මම විතරයි. කොණ්ඩය වවාගත්ත කොල්ලො දෙතුන් දෙනෙක්ම අපේ පන්තියේ හිටියත් උන් හැංගිලා බේරුණා...යි කියන මංගල එදින ගෙදර ගිය විට ද මුහුණ පෑවේ තවත් බරපතළ ප්‍රශ්නයකටය.


“මල්ලි දැන් හවසට ගිහින් කොණ්ඬේ කපා ගන්නව ද? නැත්නං හෙටත් ඔය විදියටම ගිහින් තවත් කනේ පාරක් කනව ද?” යි ඇසූ මංගලගේ වැඩිමහල් සොහොයුරිය කොණ්ඩය කපා ගැනීම සඳහා තම මලණුවන් අතට මුදල් දී තිබුණේ මුවට නැගුණු සිනාව වෑයමෙන් වළක්වා ගනිමිනි. 


අන්තිමේදී බලන විට සිදුවී තිබුණේ.” අන්න අද ඔයාගේ මල්ලී වයිස් ප්‍රින්සිපල්ගෙන් හොඳ කනේ පාරක් කෑවා...යි කවුදෝ නැහැදිච්ච කොල්ලෙකු විසින් මංගලගේ අක්කාට කේලමක් කියා තිබීමය.

 

 

නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

මංගලට සැර කනේ පාරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 273 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 389 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site