IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


බහුතර ජනයාගේ ආදරය දිනූ සුළුතර මිනිසා

ඔළු ගෙඩිය ඇතුළේ තිබෙන මොළය ප්‍රමුඛ මුළු ශරීරයම හිස්වී ඇති ඇතැම් මිනිසුන් තමන්ගේ කුස පුරවා ගැනීමේ පහසු මාර්ගයක් වශයෙන් දේශපාලනය තෝරා ගන්නා අද වැනි සමයක ඔහු වැනි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු කවදා ශ්‍රී ලංකාවේ බිහිවේද? ඔහු ඇතැම් ඊනියා සිංහල බෞද්ධ නායකයින්ටත් වඩා තම උපන් දේශයේ විමුක්තිය හා ආරක්‍ෂාව තකා මුළු දිවියම කැප කළ ශ්‍රේෂ්ඨයෙකි. අද රටට අවශ්‍ය වී ඇත්තේ ඔහු වැනි විශිෂ්ඨයින්ය. රට පෙරට ගෙනයන දෑහිතකාමීන්ය.


අගමැති පුටුවේ වාඩිවීමට ඔන්න මෙන්න කියා තිබිය දී ඊට අවස්ථාව නොලැබුණු සිංහල නොවන එකම ලාංකික ඔක්ස්ෆර්ඞ් විශාරදයා ඔහුය. මේ ලියන්නේ රුදුරු කොටි ප්‍රහාරයකින් 2005 අගෝස්තු 11 වැනිදා සදහටම දෙනෙත් පියාගත් ලක්‍ෂ්මන් කදිරගාමර් ගැනය. හිටපු විදේශ ඇමැති ගැනය.


ඔහු තරම් මිනීමරු කොටින්ටත්, ඔවුන්ගේ ලේ පිපාසිත ඊනියා විමුක්ති අරගලයටත්, කොටි ත්‍රස්තයින්ගේ ජාත්‍යන්තර ප්‍රතිරූපයටත් අභියෝග කළ අයෙකු ශ්‍රී ලංකාව තුළ සිටියේ නැත.


කොටි ත්‍රස්තවාදය සහ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න වෙන්කොට ලොවට හෙළිකරන්නට සමත් වූ මෙම වියතා ශ්‍රී ලංකාභිමානී සම්මානය හිමිකරගත් එකම ලාංකික දෙමළ පුද්ගලයාය. ඔහු ලක් මෑණියන් වෙනුවෙන් මීට වසර 14කට පෙර දිවි පිදූ අවස්ථාවේ ජනතාව ලක්‍ෂ ගණනින් සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව එකාවන්ව සෝ සුසුම් හෙළුවේ කඳුළු සැලුවේ ඔහු වැනි අද්විතීය විරුවන් සදාකාලිකවම ජීවත් වන බව පසක් කරමිනි.


ඔහු දිවි පුදා හරියටම වසර 4කින් ඔහු පැතූ අයුරින්ම කොටි සංවිධානය ශ්‍රී ලංකා ධරණීිතලයෙන් සදහටම සුනු විසු කොට අළු දූවිලි කරනු ලැබීය.
ඔහු ලංකාවේ මෙතෙක් බිහි වූ දූෂණයෙන් තොරව හොර මගඩි හෙළාදුටු, දේශපාලනය අනුසාරයෙන් බඩ වඩා නොගත්, ජනතාව පැවරූ බලය රුපියල් සතවලට යට නොකළ ජනහිතකාමී දේශපාලකයින් අතළොස්සකගෙන් කෙනෙකි. 


1994 සිට 2001 දක්වාත්, 2004 සිට 2005 දක්වාත් ලංකාවේ විදේශ ඇමැති වශයෙන් ලෝකයා හමුවෙහි ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒමට මේ කදිරගාමර් කළ අපරිමිත සේවය අපමණය. නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දී වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කිරීම බෞද්ධයකු නොවන ඔහු සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය තකා ගත් අද්විතීය පියවරකි.


කදිරගාමර් ලෝක ත්‍රස්තවාදයට එරෙහිව මීට වසර 16කට පෙර එක්සත් ජාතීන්ගේ විශේෂ සමුළුව හමුවෙහි පැවැත්වූ දේශනය දැනුත් මගේ මතකයට නැගේ. ලෝකයට ශ්‍රේෂ්ඨ විද්වතුන් රාශියක් බිහි කළ ලන්ඩන්හි ඔක්ස්ෆර්ඞ් සරසවියේ ප්‍රධාන ශාලාවෙහි ඔහුගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කර ඇත්තේ එහි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුර දැරූ ඔහුට සිදු කරන ගෞරවයක් වශයෙනි. ලොව පුරා කොටි සංවිධානය තහනම් කිරීමට ඔහු තරම් වෙහෙසුණ අයෙක් ඇද්ද?


මැතිවරණයකට ඉදිරිපත් නොවී, රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට සම්බන්ධ වී ක්‍රියා කළ ඔහු ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට යැවීම එදා ගත් කාලෝචිත පියවරකි. ඡන්දවලින් පැරදී ජනතාව ප්‍රතික්ක්‍ෂේප කළ පුද්ගලයින් සහ මෙලෝ හසරක් නොදන්නා නරුමයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම අනුවණ හා අදූරදර්ශී ක්‍රියාවන් බව පැහැදිලි වන්නේ කදිරගාමර් වැනි අය හා සසඳා බලද්දීය.


ඔහු ගම්බද පරිසරයට බෙහෙවින් ඇලුම් කළ නිහතමානී පරිසර හිතකාමියෙකු බව පවසනුයේ ඔහුගේ දියණියක වූ මාධ්‍යවේදිනි අජිතා කදිරගාමර්ය. නීතිවේදියෙකු වූ ඔහු අසරණ ජනතාවගේ සාක්කුවලට බැස්ස කළු කෝට්කාරයෙකු නොවීය. ජනතාව රවටන දේශපාලකයෙකු නොවීය.


ඔහුගේ එක් සහෝදරයෙකු වූ රියර් අද්මිරාල් රාජන් කදිරගාමර් හිටපු නාවික හමුදාපතිවරයෙකි. තවත් සහෝදරයෙකු වූ මේජර් සෙල්වනාදන් කදිරගාමර් යුද හමුදාවේ ඉහළ නිලධාරියෙකි. ද්‍රවිඩ ජාතිකයින් වුවත් මේ කදිරගාමර් පවුලම ශ්‍රී ලංකාවටම සිදුකර ඇත්තේ අති විශිෂ්ට වූ උදාර සේවයකි. 


අතීතයේ දී ලංකාවේ දමිළ ජාතිකයින් රටේ ඉහළම ස්ථානවලට පත්වූ අයුරු අපට මතකය. ඔවුන් අතර සිවා පසුපති (හිටපු නීතිපති), රුද්‍රා රාජසිංහම් (හිටපු පොලිස්පති), ආර්. පාස්කරලිංගම් (හිටපු මහා භාණ්ඩාගාර අධිපති) ආදීන්ගේ නම් සඳහන් කළ හැක. එහෙත් මොවුන් සියලුදෙනා අබිබවමින් ජාති භේදයකින් තොරව ජනතා හදවත දිනාගත් මේ නීති විශාරදයා හැමවිටම මාතෘ භූමියට අභිමානයක් ගෙන දුන්නේය.


ඔහු දෙමළ ජනතාවගේ ද්‍රෝහියෙකු බව සඳහන් කළේ එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයයි. එහෙත් ඔහු ද්‍රෝහි වූයේ දෙමළ ජනතාවට නොවේ. කොටි සංවිධානයටය. රටට අද අවශ්‍ය, ජාතිභේදය එකහෙළා ප්‍රතික්ෂේප කළ ඔහු වැනි මධ්‍යස්ථ මතධාරීන්ය.


2004 අප්‍රේල් 6 වැනිදා චන්ද්‍රිකා ජනපතිනිය මේ කදිරගාමර් අගමැති තනතුරට පත් කිරීමට තීරණය කළේ ඔහු මාර්ගයෙන් කොටි සංවිධානය විනාශ කිරීමේ අපේක්‍ෂාවෙනි. එම තනතුරට ඇය අවසාන මොහොතේ මහින්ද රාජපක්‍ෂ පත් කරනු ලැබීය. මහින්ද ඊට වසර 4කට පසු එනම් 2009 ඇයගේ අපේක්‍ෂාව ඉටු කළේය.

 

 

සිරී හීන්පැල්ල
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

බහුතර ජනයාගේ ආදරය දිනූ සුළුතර මිනිසා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 154 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 365 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site