1960 ජූලි 20 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 151න් ශ්‍රීලනි පක්‍ෂය ප්‍රමුඛ සන්ධානගත වූ පක්‍ෂ විශිෂ්ට ජයක් අත්කරගන්නේ මාක්ස්වාදී පක්‍ෂ සමග ඇතිකරගත් නිතරඟ ගිවිසුම අනුවයි. ඒ අනුව ශ්‍රීලනිපය මන්ත්‍රී ධුර 75ක්ද, ලංකා සමසමාජ පක්‍ෂය මන්ත්‍රී ධුර 12ක්ද, කොමියුනිස්ට් පක්‍ෂය ආසන 04ක්ද ජයගෙන තිබුණි. ප්‍රධාන විපක්‍ෂය වූ එ.ජා. පක්‍ෂයට හිමිවූයේ ආසන 30 පමණි. එකල ව්‍යවස්ථාව අනුව පත්කළ මන්ත්‍රීවරු 06 දෙනෙක්ද ආණ්ඩුව සමග සිටියහ. ඒ අතර 1964 දී වාමාංශික පක්‍ෂ සමග සභාග ආණ්ඩුවකට යාමටද ශ්‍රීලනි පක්‍ෂය කටයුතු කළ අතර ඒ අනුව ලංකා සම සමාජ පක්‍ෂයට ඇමැති ධුර කීපයක් සමග මුදල් අමාත්‍ය ධුරයද හිමිවිය. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මුදල් ඇමැති ලෙස පත්විය.
එකල පාර්ලිමේන්තු සම්ප්‍රදාය වූයේ වසරක් පාසා අග්‍රාණ්ඩුකාරවරයා රජයේ ඊළඟ වර්ෂයේ වැඩ පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමයි. ඒ අනුව අගමැතිවරයා සකස්කළ ඉදිරි වසර පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශය අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කළ පසු ඊට ස්තුතිය පළකිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරනු ලබයි. එම ස්තුති යෝජනාව පරාජය වුවහොත් රජය කෙරෙහි විශ්වාසයක් නැති බවට ප්‍රකාශ වන හෙයින් එවිට රජය විසුරුවාහැරීමට සිදුවේ.
ඒ අනුව පස්වැනි පාර්ලිමේන්තුවේ හයවැනි සැසිවාරය අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව විසින් 1964 නොවැම්බර් 26 වැනිදා විවෘත කරන ලදී. ඒ පිළිබඳවූ විවාදය 1964 දෙසැම්බර් 03 වැනිදා අවසන්වීමට නියමිතව තිබිණි. අග්‍රාණ්ඩුකාරවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබූ එක් වැදගත් යෝජනාවක් පිළිබඳව මේ වන විට රටපුරා විපක්‍ෂය විසින් දැඩි විරෝධයක් ක්‍රියාත්මක කර තිබිණි. පුවත්පත් මණ්ඩල පණත් ඉදිරිපත් කිරීම හා ලේක්හවුස් සමාගමේ පුවත්පත් ඒකාධිකාරය අවසන්කරමින් සංයුක්ත මණ්ඩලයක් පිහිටුවීමේ යෝජනාව ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ඒකාධිපති පියවරක් ලෙස එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ විපක්‍ෂය හඳුන්වා තිබිණ. පසුව වාර්තා වූ පරිදි විදේශීය ආයතන ගණනාවක්ද විපක්‍ෂයේ මෙම කාර්යභාරය සඳහා සහයෝගය ලබාදී තිබුණ බවට වාර්තා විය.
අග්‍රාණ්ඩුකාරවරයාගේ රාජාසන කථාවට ස්තුතිය පළකිරීමේ යෝජනාව රජය ඉදිරිපත් කළ අතර රටේ ඒකාධිපති තත්ත්වයක් ඇතිකිරීමට පුවත්පත් මණ්ඩල පණතක් හා රා පිළිබඳව මෙම රජයේ ක්‍රියාමාර්ග කෙරෙහි විශ්වාසයක් නැතැයි ගාල්ල මන්ත්‍රී ඩබ්ලිව්. දහනායක මහතා අතුරු යෝජනාවක් ගෙන ආවේය. මේ අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂයේ සිටි අමාත්‍ය සී. පී. ද සිල්වා ප්‍රමුඛ 14 දෙනෙක් එම අතුරු යෝජනායට පක්‍ෂව ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ.
එම 14 දෙනා නම්,
1. ඉඩම් වාරිමාර්ග හා විදුලිබල අමාත්‍ය පාර්ලිමේන්තුවේ සභානායක සී. පී. සිල්වා (මින්නේරිය)
2. පී. පී. වික්‍රමසූරිය (දෙවිනුවර)
3. විජේබාහු විජේසිංහ (මීරිගම)
4. එඞ්මන් විජේසූරිය (මස්කෙළිය)
5. ඒ. එච්. ද සිල්වා (පොළොන්නරුව)
6. ඉන්ද්‍රසේනද සොයිසා (අම්පාර)
7. චන්ද්‍රසේන මුණවීර (රත්තොට)
8. ඩබ්. ජී. ඇම්. ඇල්බට් සිල්වා (මොනරාගල)
9. සර්. රසීක් ෆරීඞ් (මැද කොළඹ)
10. ඇස්. බී. ලේනව (කැකිරාව)
11. ලක්‍ෂ්මන් ද සිල්වා (බළපිටිය)
12. මහානාම සමරවීර (මාතර)
13. ඩී. ඊ. තිලකරත්න (රත්ගම)
14. ආර්. සිංගල්ටන් සැමන් (පත්කළ මන්ත්‍රී)
පත්කළ මන්ත්‍රීවරු 06 දෙනෙත් සිටි අතර ඉතිරි පස් දෙනාගෙන් දෙදෙනෙක් වූ ඇස්. තොන්ඩමන් හා දොස්තර ඇල්. ඕ. අබේරත්න යන අය ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ඡන්ද විමසීමේදී එක් වැඩි ඡන්දයකින් ආණ්ඩුව කෙරේ විශ්වාසය නැති බවට වූ යෝජනාව සම්මත විය. මේ වන විට මුදල් අමාත්‍ය ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ශල්‍යකර්මයකට භාජනව එංගලන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතර බර්නාඞ් සොයිසා මහතා විදේශ සංචාරයක නිරතවෙමින් සිටියහ. එක් මන්ත්‍රීවරයෙක් වූ අමරනන්ද රත්නායක ඡන්දය විමසීම සඳහා එමින් සිටියදී වාහනයේ රෝදයක හුළං යාම නිසා ඒමට ප්‍රමාද විය. තවත් දෙදෙනෙකු සභාගැබට ඇතුළු වූයේ ඡන්දය විමසීම අවසන් වන විටමය.
මේ නිසා පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණද ආණ්ඩුව ඡන්ද විමසීමේදී පරාජයට පත්වූයේ බලාපොරොත්තු නොවූ අවස්ථාවකදීය. එබැවින් විදේශගතව සිටි මන්ත්‍රීන් හා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි මන්ත්‍රීන් ගේද සහය ලබා රජය කෙරෙහි සම්පූර්ණ විශ්වාසය පළකිරීමේ යෝජනාවක් සම්මතකිරීමට පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ලංකා සම සමාජ පක්‍ෂයේ මන්ත්‍රීන් හා අනෙකුත් විවිධ කොටස් ඉදිරිපත් කළ අදහසට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එකඟ නොවූ අතර පාර්ලිමේන්තු පරාජය පිළිගත් ඇය පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාට උපදෙස් දුන්නාය.
ඒ අනුව 1964 දෙසැම්බර් 08 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරී අතර නාමයෝජනා භාර ගැන්ම 1965 ජනවාරි 11 වැනිදාත් මැතිවරණය 1965 මාර්තු 22 වැනිදාටත් නව පාර්ලිමේන්තුව රැස්වීම 1965 අප්‍රේල් 05 වැනිදාටත් නියම විය. රාජාසන කථාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ සී. පී. ද සිල්වා ඇතුළු පිරිස ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්‍ෂය නමින් නව පක්‍ෂයක් පිහිටුවා මැතිවරණයට මුහුණදුන්නේ එජා පක්‍ෂය හා නිතරඟ ගිවිසුමක් සමගිනි. නමුත් ජයගත හැකි වූයේ ආසන්න 05ක් පවතී.
බණ්ඩාරගම සමරසේන මුදලිගේ
ඡායාරූප අන්තර්ජාලයෙනි
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බහුතරය තිබියදීත් පැරදුණු ආණ්ඩුව