IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෙරළිකාරයාට මංගල වරම්

‘රාජ්‍ය ඇමැති අපට එපා
ආණ්ඩුවත් අපට එපා’


මෙසේ කියමින් පඹයන් පිළිස්සූ බව පොලිසිය පුන පුනා කීවේය. පහළ උසාවියේදීම නඩුව ජය ගැනීමට සරත් උත්සාහ කළත් ඉහළ උසාවියට නඩුව තැබිණ. පහළ උසාවියෙ ්දී සැකකරුවන්ගේ නිදොස් බව මැනවින් ඔප්පු කර ඇතැයි පිළිගත් උසාවිය ඔවුන් සියල්ලන් නිදහස් කළේය.


සරත්ගේ හපන්කම් නිසා කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ මුල් පුටුව ඔහුට පිරිනැමිණ.


1967 දී සරත්ගේ සටන්කාමී දිවියට නව පන්නරයක් ලැබිණ.


‘පුතාගෙ කලදවසත් බලාගන්න එපායැ. මං හිතන් ඉන්නෙ අපට ගැළපෙන උඩරට වලව්වක මැණිකේ කෙනෙක් කතා කරන්නයි’


රටේ මහත්මයා පුතාට නොයෙක් වර යෝජනා කළේය. රදල පරපුරටත් වලව් පෙළපතටත් පිටුපා සරත් පුතා එයාගේ ඒ තීන්දුවටත් පයින් ගැසුවේය. එදා ගේට්ටුව දෙබෑ කළ ලෙසය.


සරත්ම තෝරාගත් ජීවන කොටස්කාරිය ඔහුට හමුවූයේ ලන්ඩන්හි නීති උපාධිය ලබා කොළඹ මහේස්ත්‍රාත් උසාවියේදීය. ඇය නමින් මනෝරි කෝකිලාය. ඇය සිල්වා කෙනෙකි. මෙරට වාමාංශික ව්‍යාපාරයේ මෙන්ම ලංකා සම සමාජ පක්ෂයේ පුරෝගාමියකු වූ නීති වේදී කොල්වින් ආර්. ද සිල්වා ඇගේ පියාණන්ය.


ජනතාවගේ විමුක්තිය ඉටුකරදීම යුවතිපති දෙදෙනාගේම පරමාර්ථය විය.


තරුණ පෙරළිකාරයාගේ මංගල්‍යය තරු පහේ හෝටලයක ඉහළ මාලයේ පැවැති එකක් නොවිණ. හාන්සි පුටුවේ වැතිර ආඩම්බරකාර පියා බලා සිටිය දී මුළු රත්නපුරේ දුප්පත් ප්‍රගතිශීලී ජනතාව තමන් උයා පිහාගත් මංගල භෝජන දෙපළට පිළිගැන්වූහ. රතිඤ්ඤා දැල්වූහ. සරත්ගේ ගුණ වර්ණනා කළහ. ඇත්තෙන්ම එය ජනතාවගේ පමණක් චාම් මංගල්‍යයක් විය.


වාමවාදී පක්ෂ තුනම පොදු ප්‍රතිපත්තියකට එකඟවීම වැඩකරන ජනතාව ලැබූ ජයග්‍රහණයක් විය. 1968 ජුනි 05 වැනිදා කොළඹ දී එම ඓතිහාසික පොදු වැඩ පිළිවෙළට අත්සන් තැබිණ. සරත්ගේ ද වගකීම් වැඩිවිය.


කොමියුනිස්ට් තරුණ සම්මේලනය හත්හවුල් රජයට එරෙහිව රටපුරා උද්ඝෝෂණ මාලාවක් ඇරඹීය. 1969 ජුලි 20 වැනිදා සරත් තම රත්නපුර බළකාය රැගත් පෙළපාළියෙන් කොළඹ ගොල්ෆේස් පිටිය අසල ගෝල්ඩන් උද්‍යානයට ආවේය. තුන් දින පෙළපාළියට සිව් දිගින්ම ජන බලවේග එක් වූහ.


ඔවුන්ට අවිස්සාවේල්ල, කොස්ගම, බොරලුගොඩ, කළුඅග්ගල, හංවැල්ල හා වැල්ලම්පිටියේදී ගල් ගසා පලවා හැරීමට ප්‍රතිගාමීන් සැරසි සිටියත් පුවත්පත්වලින් ලද සහාය නිසා එම කුමන්ත්‍රණ ලත් තැන ලොප් විය.


සරත්ගේ සටන් සගයා
මිණිපුර සිරිසේන


සරත් මුත්තෙට්ටුවේගම පිළිබඳ තොරතුරු සහ ඔහුගේ යුග කාර්යභාරය පිළිබඳ සටහන් සොයා යාමේ දී සමකාලීන සටන් සගයකු හා ගත්කතුවරයෙකු වූ මිණිපුර සිරිසේන මහතා ලියූ තිස්වසරක දේශපාලන සටන් ඉතිහාසය නමැති ග්‍රන්ථය පරිශීලනය කිරීමට මට ලැබුණු අවස්ථාව අගය කරමි.


1987 අප්‍රේල් මස 29 වැනි දිනට යෙදුණු සරත් මුත්තෙට්ටුවේගමයන්ගේ 52 වැනි ජන්ම දිනය නිමිත්තෙන් නිකුත් වූ මේ ග්‍රන්ථය නිවැරදි තොරතුරු නව පාඨක පරපුරට පිරිනැමීම සඳහා මහත් රුකුලක් විය.


60 ගණන්වල මුල්යුගයේ සරත් නීතිය හදාරද්දී ඔහු පෙනී සිටියේ වැදගත් නඩුවාර්තා ඔහුට සකස් කර දවස පත්‍රයේ පළකිරීමට බාරදුන්නේ මිණිපුරට වන අතර ඔහු සමග එක්වී පළවූ දේශපාලන පුවත්පත වන රුවන් තරුව පළකරන ලදී.


සරත් රත්නපුරට හා කලවාන අසුනට තරග වදින සමයේ ප්‍රගති මුද්‍රණාලයේ මුද්‍රිත මිණිපුර පහන හා කලවාන තරුව දේශපාලන පත්‍ර පළ කෙරිණ. සරත්ගේ ආශිර්වාදයෙන් 1971 මාර්තු 03 වැනිදා පැවැති රත්නපුර මහ නගර සභාවේ කොටුව කොට්ඨාසයේ අතුරු මැතිවරණයත් මිණිපුර සිරිසේන ජයග්‍රහණය කළේය.


පියා පිළිබඳව අප දැනුම්වත් කළ අඩවි වන නිලධාරී ජගත් සිරිසේන මහතාට අපේ ප්‍රණාමය.

 

 

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි



අදහස් (0)

පෙරළිකාරයාට මංගල වරම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site