ඕල්කොට් මැතිතුමා සිහි කිරීමේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් ගුණානුස්මරණ උත්සවයක් 1967 පෙබරවාරි 17 වැනි දින කොළඹ ආනන්ද විද්‍යාලයීය ශාලාවේ දී පවත්වන ලදී. මාගේ මතකය අනුව කොළඹ නෝරිස් පාර ඕල්කොට් මාවත ලෙස නම්කර ඩඞ්ලි සේනානායක අගමැතිතුමා විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට එතුමාගේ ප්‍රතිමාව විවෘත කරන ලද්දේ එදිනය. ඉහත කී උත්සවයේ මුලසුන ඩඞ්ලි. සේනානායක මහතා විසින් හෙබවූ අතර ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න, ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ඩී. බණ්ඩාරනායක හා ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා වූ සිසිල් බී. ලයන් යනාදී ප්‍රභූවරු එම උත්සවයට සහභාගි වූහ. එසේම එවකට සිටි මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූන් රාශියක් එම උත්සවයට සහභාගි වූ බව මාගේ මතකයේ රැඳී ඇත. එදින ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක කරුණාරත්න අබේසේකර මහතා විසින් එම උත්සවයේ නිවේදන කටයුතු සිදු කරන ලදී.
ඕල්කට් තුමා ගොවිතැන් දියුණු කිරීමට ඇල්මක් දැක්වූයේ ඒ සඳහා වූ න්‍යායයන් ගැනම සැලකීමෙන් පමණක් නොව ඒවායේ ක්‍රියාත්මකභාවය ගැන ද සැලකීමෙනි. ඒ ගැන එතුමා ළඟින් ඇසුරු කළ කෙනෙකු වන ලෙඞ් පීටර් මහතා විසින් මෙසේ ලියා තිබේ. “අතේ තිබූ කැඩුන මුද්දක් පෙන්වූ එතුමා එය කැඩුණේ ඇත්ත වශයෙන්ම සී සෑමට නගුලක් ඇල්ලීම නිසා යයි කීවා මට මතකය”
2025 දෙසැම්බර් මස 16
105
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
908
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජාතික වීරයකුගේ සොදුරු මතකය
Senarath Wednesday, 06 December 2017 03:38 AM
එතුමා අපේ රටේ බෞද්ධ අද්‍යාපනය නාග සිටුවීමට කල මෙහෙය අතිවිශාලයි. එසේ නොවන්නට අපේ රටේ අද තියෙන තත්වය මෙයටත් වඩා අදුරුවෙන්නට තිබුනා. එතුමාට නිවන්සුව පතනවා.!
Bandara Thursday, 07 December 2017 02:03 PM
ඕල්කට්තුමාට පින් සිදු වන්න අපි එතුමාගේ ගුණ ධර්ම වැපුරු, පාසලක ඉගන ගෙන අවංකවම රටට මා සේවය කරනවා. එතුමාට බුදු බව ලැබේවා.