තිස්සගේ මතක වත-80
එක්සත් ජාතික පක්‍ෂයේ අතීත ක්‍රියාකාරි නායකයෙක් විදිහට රන්ජන් විජේරත්නගේ භූමිකාව විශේෂ එකක්. ඔහු එක්සත් ජාති පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වෙන්නේ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ භීෂණකාරි කටයුතු තදින් ක්‍රියාත්මක වෙච්ච අවදියේ. ඒ වෙද්දි රන්ජන් විජේරත්න රාජ්‍ය අංශයේ වැඩ කළේ ඔහු එක්සත් ජාතික පක්ෂයේ 77 ආණ්ඩුව කාලේ ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයා විදියටත් කටයුතු කළා. ඊටත් කලින් ඔහු සුප්‍රසිද්ධ වැවිලිකරුවෙක්. වැවිලි අංශයේ නමක් දිනාගත්තු චරිතයක්. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙනුත් වැඩකළා. කෘෂිකර්ම සංවර්ධන අධිකාරියේ සභාපති වෙලා හිටියා. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් වෙලා හිටියා. මේ විදියට කටයුතු කරල තමයි ඔහු එක්සත් ජාතික පක්ෂයත් එක්ක සෘජු ලෙසම දේශපාලන වැඩට හවුල් වෙන්නේ.
ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ සමීප සම්බන්ධතා උඩ එක්සත් ජාතික පක්ෂයේ පසුබිමේ රන්ජන් විජේරත්න කාලයක් තිස්සේ කටයුතු කළා.
රන්ජන් විජේරත්න එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති ධුරයට පත්වීමත් අහඹු සිදුවීමක්. ඔහුත් සමහරවිට බලාපොරොත්තු වෙන්න නැතුව ඇති ඒ වෙලාවේ ඔහු ඒ තනතුරට පත්වෙයි කියල. හර්ෂ අබේවර්ධනගේ ඝාතනයත් එක්ක තමයි රංජන් විජේරත්නට එක්සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයා විදියට කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නේ. රංජන් විජේරත්නගේ චරිත ස්වභාවය අනුව ඔහු ටිකක් දැඩි පුද්ගලයෙක්. යකාටවත් බය නැති ජාතියේ චරිතයක්. මුලින්ම යු.ඇන්.පී. එකේ සභාපති විදියට ඔහුව පත් කරපු අවස්ථාවෙත් ඔහුට දැඩි ආරක්‍ෂාවක් දීලා තිබුණා.
රන්ජන් විජේරත්න සිරිකොතට ඇවිත් වැඩ බාර අරගෙන කටයුතු කරන්න සූදානම් වෙලා ඔහුගේ සහායට දෙන්නෙක් පත්කර ගත්තා. එයින් එක්කෙනෙක් මම. රන්ජන් විජේරත්නගේ පුද්ගලික සහකාරවරයෙක් විදියට තමයි මට වැඩ කරන්න ලැබුණේ. රාහුල සිරිවර්ධනත් මමත් එක්ක රංජන් යටතේ වැඩකළා. මට විශේෂයෙන් පැවරුණු වැඩ කොටස වුණේ වෘත්තීය සමිති ව්‍යාපාරය සහ පක්ෂ සංවිධාන බාරව කටයුතු කිරීම. රාහුල ඔහුගේ ලිපි ලේඛන කටයුතු භාරව වැඩ කළා.
මේ කාලේ රංජන් විජේරත්න දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයට බය නැතුව මුහුණ දුන්නු කෙනෙක්. ඔහුගේ දැඩි ස්වභාවයත් ඔහුට තිබුණු හමුදා පසුබිමත් මේ තත්ත්වයට හේතු වෙන්න ඇති. රංජන් විජේරත්න ස්වේජ්ඡා හමුදා සේවයේ කර්නල්වරයෙක් විදියට කලක් වැඩකරලා තියෙනවා. ඒක නිසා ඔහු කාටවත් බය නැති නිර්භීත පුද්ගලයෙකු විදිහට ප්‍රකට වෙලා හිටියේ.
පක්‍ෂ සභාපති ධුරයට පත්වුණාට පස්සේ අපි රංජන් විජේරත්න එක්ක රට පුරා සංචාරය කරමින් පක්‍ෂ සංවිධාන කටයුතු පිළිබඳ හොයා බැලුවා. ඔහුට ඕන වුණා අඩාලවෙලා තිබුණු එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධාන ජාලය ශක්තිමත් කරලා නගා සිටුවන්න. ඒ වෙලාවේ පක්‍ෂ දේශපාලන කටයුතු විධිමත් විදියට කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් නොවෙයි රටේ පැවතුණේ. උතුරෙත් දකුණෙත් භීෂණය රජකරපු ඒ කාලයේ කවුරුවත් දේශපාලන වැඩකටයුතුවලට එළියට බැස්සේ නෑ. එහෙම එළියට බැස්සනම් ජීවිත අවදානමකට මුහුණ දෙන්න තමයි සිද්ධ වුණේ

තව කොටසක් ලබන ලබන සතියට
ප්‍රියන්ත කොඩිප්පිලි
2025 දෙසැම්බර් මස 04
644
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
533
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
439
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එජාපයේ බයනැති සභාපති