IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ආණ්ඩුව දෙදරයි

ඔක්තෝබර් 26 ‘හඳපානේ විප්ලවයේ’ නොපළ කතා-02

 

 

ඔක්තෝබර් 26 සිදු වූ දේශපාලන පරිවර්තනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගෙන් එන විවරණයකි. ඔක්තෝබර් 26 වැනි දින මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීම දේශපාලන ලෝකය සසල කළ විමතියට ලක් කළ සිදුවීමක් විය. එයට හේතුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ පිහිටවනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වීමය. 


මෛත්‍රීපා සිරිසේන යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇමැති මණ්ඩලයේ සිටි ප්‍රබල ඇමැතිවරයෙකි. එහෙත් 2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිවාදියා වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. මහින්ද විරෝධි සියල්ලන්ටම තෝරා ගැනීමට තිබු එකම සාධකය මෛත්‍රීපාල සිරිසේන සාධකයම විය. 


ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ මා පරා ද වුණා නම් අද සිටින්නේ අඩි හයක් පොළොව යට බවය. තවත් වරෙක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමයි මමයි හොදි හලා ගන්නේ නැතිව ගැටය ලෙහා ගන්නා බවය. 
තත්ත්වය එසේ තිබියදී ඉතාම හදිසියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා වෙත අගමැති ධුරය බාර දුන්නේ ඇයි? පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරන්නේ එය එක් වරම ගත් තීරණයක් නොව දිගු කාලයක් පුරා ගැඹුරින් කල්පනා කර බලා ගත් තීරණයක් බවය. 2015 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් මාස ගණනාවක් යන්න මත්තෙන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතර ගැටුම් මතු වෙන්න පටන් ගත්තා. ඒවා පෞද්ගලික ගැටුම් නොවෙයි. ප්‍රතිපත්ති කාරණා මත ඇති වෙච්ච ගැටුම්. විශේෂයෙන්ම ජනාධිපතිතුමා දේශීයත්වයට නැඹුරු ජාතිකත්වය මත පදනම් වුණු ගමනක් ගියේ. නමුත් අගමැතිතුමා බටහිරට ගැති ගමනක් ගියේ අපේ රටේ සාර සම්පත් පිටරැටියන්ට විකුණමින් යන ගමනක් ගියේ. ජනාධිපතිතුමාට අවශ්‍ය වුණේ ඒ ගමන නවත්වන්නයි. අගමැතිතුමාට එරෙහි විශ්වාසභංග යෝජනාව එහි තීරණාත්මක අවස්ථාවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කීවේය. 


විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අගැමැති රනිල් වික්‍රමසිංහ මහතා සමත් විය. විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි, ඒ වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ කැරලි ගසමින් සිටි කණ්ඩායම නිහඬ කර ඔවුන්ගේ සහයෝගය තමන්ට ලබා ගැනීමට අගමැතිවරයා සමත් විය. මෙහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇති වීම ද බලපෑවේය. 


 

ඒක බෙදීමක් කියලා හඳුන්වන්න අමාරුයි. පක්ෂය තීන්දුවක් ගත්තේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ගන්නයි. එතැන දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් එක කණ්ඩායමක් විශ්වාසංභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා. තව පිරිසක් ඡන්දය නොදී මඟ හැරියා. ඒක විශ්වාසභංග යෝජනාවට විරුද්ධවීමක් හැටියට අර්ථ දක්වන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කියයි. 


කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතිකත්වයක් නොවීම එක්සත් ජාතික පක්ෂය තුළ සිටි අගමැති රනිල් විරෝධින් තුළ පසුබෑමක් ඇති කළේය. එමෙන්ම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂය නියෝජනය කළ අගමැති රනිල් විරෝධින්ට ද තම තීරණය වෙනස් කර ගැනීමට හේතුවක් විය. මෙම කාරණා නිසා විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමත් විය. 


විශ්වාසභංග යෝජනාව අපි පරාජයට පත් වුණත් ඒ තුළ ඉතා දියුණු බලගතු දේශපාලන ජයග්‍රහණ රාශියක් තිබුණා. ප්‍රධානම දේ තමයි ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තිබුණු තුනෙන් දෙකේ බලය අහිමි වීම. ඒක වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක ලෙස ආණ්ඩුවෙන් ඉවත් වීම තුළයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇමති ධුර, රාජ්‍ය ඇමැති ධුර, නියෝජ්‍ය ඇමැති ධුර දරපු සියලුදෙනා ඉන් ඉවත් වුණා. මම ඒ වෙන කොට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක. මමත් ඉවත් වුණා. අපි ආණ්ඩුවෙන් ඉවත් වීම තුළ විපක්ෂයේ ගොඩ වැඩි වුණා. ආණ්ඩුවේ ගොඩ අඩු වුණා. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තිබුණු තුනෙන් දෙකේ බලය ආණ්ඩුවට නැති වුණා. 


ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය නැති වීම සරල කාරණාවක් නොවෙයි. විශේෂයෙන්ම ඒ තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා ආණ්ඩුව කරන්න හිතාගෙන හිටපු සැලසුම් කරපු සියලු දේ අකුළා ගන්න ආණ්ඩුවට සිද්ධ වුණා. බොහෝ භයානක අණ පනත් ආණ්ඩුව ගෙනාවේ නෑ. ඒකට හේතුව ඒ පනත් සම්මත කර ගන්න බැරි නිසා. ඒක තමයි මේ රටේ ප්‍රගතිශීලී ජනතාව ලැබු ලොකුම ජයග්‍රහණය පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කියයි. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් තීරණාත්මකව ගැලවී පැමිණීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුව අතර දියුණු දේශපාලන සම්බන්ධයක් ගොඩ නැගීමට හේතු විය.

 


අනුත්තරා සේනාරත්න
ඡායාරූප අන්තර්ජාලයෙනි

 

 



අදහස් (0)

ආණ්ඩුව දෙදරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site